Saturday, April 2, 2016

අම්මගෙ මාලෙ ටවුමෙ උගස් කඩේ

මාල ටික දැක්කම දුක හිතුනද රත්තරනේ
හිත පහදවා ගනින්
අඩු පාඩුවට සාදු කාරයකුත් දීපන්
පෙර පින පින්වතුනේ
ස්වර්ණමහල් එකෙන් නෙවේ ගත්තෙ
කැරට් 22ක් කියා අල 500ක් තරම් වත් නෑ
පිටකොටුවෙන් ගත්තෙ
පහේ කාසි මාල set එකක්
රජ වෙලා හිටියට කොහෙද වෙලාවක්
අපෙ උන්දැට
ළ්මයි වඩා ගන්නයි
මළ ගෙවල් වඳින්නයි හැර

අම්මගෙ මාලේ ටවුමෙ උගස් කඩේ
සමනල කාලේ මොකටද කඳුලු මේ
petrol ගිනි ගන්න flight එක උඩ යන්න
මොහොත ආවා.....

අම්මගෙ මාලේ ටවුමෙ උගස් කඩේ
සමනල කාලේ මොකටද කඳුලු මේ
ඔය දෙතොල් සිප ගන්න
ජීවිතයට පණ දෙන්න
මොහොත ආවා
තව චුට්ටක් ඉවසන්න
යළුවෙක් වගේ ඉන්න
මොහොත ආවා........
               මෝටර් බයිසිකල් Film එකෙන්
               ගායනය තනුව පද රචනය; අජිත් කුමාරසිරි
https://www.youtube.com/watch?v=zD2FGBrAY-k