Tuesday, July 26, 2016



මුරලිගෙ ප්‍රශ්නය (හැඟීමෙන් ඔබ්බට.....)


        ක්රිකට් තරඟ උණුසුම අතර ක්රිකට් ලෝලීන්ගෙ මුහුණුපොත් ගිනියම් වී තිබේ. මුරලි අරඹයාය.ශ්රි ලංකා තරඟාවලිය සඳහා ඕස්ට්රේලියානුවන් මුරලිව උපදේශකයකු කරගෙන ඇත.මෙයට පෙරද ඔහු ඕසී කණ්ඩායම සමඟ මෙසේ සම්බන්ධ වී තිබේ. 2014 වසරේ පාකිස්ථානය සමඟ  හිදී පැවති තරඟාවලියටයි.
        මුරලි වෘත්තීය ක්රිකට් ක්රීඩකයෙකි,ව්යාපාරකයෙකි.එබැවින් ඔහු දන්නා අටමගලක් කරගෙන කීයක් හෝ හරි හම්බ කර ගැනීම වරදක් නොවේ.නැත්නම් ඔහුටද දේශපාලන බෝල් ගැසීමට පැමිණ සනත් අන්කල්ට මෙන් තිබුණු බෝල ටිකත් නැතිකරගෙන පට්ට පීචන් වීමටද පුළුවන.
         2014 පාකිස්ථාන සංචාරය දිහා බලමු.එහීදී මුරලි කරපු ලබ්බක් නැත.ඕසිලා පකිස් කාරයන්ගෙන් මදි නොකියන්නට කෑවෝය.එහෙම කාලත් මුරලිව නැවත  Spin Bowling Consultant කර ගැනීම ඕසිලගෙ කුමන්ත්රණයක් වීමටද බැරි නැත (තුම්මුල්ලෙ විමලගෙ ගොම්මන්පිලගෙ ඒවනම් නොවේ).ඕස්ට්රේලියනු කාරයෝ ඕවට රුසියෝ වෙති.මෙහේ උන් ඕසී ටුවර් ගියාම කාමරේට ඉටිකිරිස් ස්ත්රී ශරීර එවන එක ප්රසිද්ද වැඩකි. අන්තිමට පිටියෙදි අතට එන Catch  අතහැරීම පුදුමයක් නොවේ.ඕසිලා එහෙමය.උන් හොඳින් හෝ නරකින් Matchඑක ගොඩ දා ගනී.
     මුරලි ඕසිලට බැරිනම් කජුවත්ත එක්සත් එකට set  උනත් අපිට අදාල නැත.උගෙන් වැඩක් ගත හැකි නම් එහෙම දෙයක් කර ගැනීම Cricket Board  එකට අදාළ වැඩකි.ලෝක පූජිත බැට්ටෝ බෝල්ලෝ කවදත් හොඳ පුහුණුකරුවෝ වුයේ නැත.උනානම්  කලාතුරකිනි.අරවින්ද කාලයක්  U19 පුහුණුකරු විය.කිසිවක් සිදු නොවුනි.දක්ශ පුහුණුකරුවන් බොහෝමයක් අඩුම තරමේ ජාත්යන්තර තරඟයකට හෝ ක්රීඩා කර නැත.
  දැන් ක්රිකට් පරිපාලනය සුමතිපාලත් මෙන්ම මුරලිද බබ්බු වීමට හදති.තරඟාවලියේ නම Warne-මුරලිය.මීට ප්රථම ලංකා-ඕසි තරඟාවලියක්ද නමින් පැවැත්වුනි.නම එසේ තිබියදි මුරලි ඕසි පැත්තේ සිටීම සැබවින්ම Ethical නැත.මුරලි මොනවා කියන්න හැදුවද වෙනස් වන්නේ නැත.එය මුරලිද දනී. Border- Gavaskar ට්රොපියෙ මෙහෙම චාටර් case නැත. Hadly-lilie ට්රොපියෙද මෙහෙම case නැත.
    එතකොට අවුල කාගේද?
 මේක සුමතිපාලගේවත් මුරලිගේ වත් අවුලක් නොවේය. මේක අපේ අවුලකි. 96 පස්සේ ක්රිකටර්ස්ලගෙ සාරයක් සොයන අපිට ලොක්කා කියන්නා වගේ මඩු වලිගෙන් තැලිය යුතුය.උන්ට ඇති සාරයක් නොමැත.මුරලි කෝටුවෙන් ඇන ඇන මහ දවල් අපිට කිය දෙන්නේ යාථාර්තයයි.තවම අප එය පිළිගැනීමට කැමැත්තක් නැත.
2002-2003 VB Series Australia,England, ශ්රී ලංකාව තරඟ වැදුණි.තරඟාවලිය අතරතුරදී මුරලි ආබාධයකට ලක් වූ අතර එහිදී සිදු වූ නොයෙක් අකටයුතුකම් මැද තමා නැවත ඕස්ට්රේලියාවෙදි තරඟ නොකරන බවට මුරලි ප්රකාශ කරන ලදි.(හිතේ කනස්සල්ලට එසේ කිවුවා වීමට ඉඩ හැක.) නමුත් ඊට පසු අවුරුදු වල මුරලි අපූරුවට ඕස්ට්රේලියව තුල ක්රීඩා කරන ලදි.

හිතට ගැනීමට: අප ක්රීඩකයන්ට වන්දනා කළයුතු නැත.පිටියේ මහා චරිත සැබෑ ලොවේ ලිලිපුට්ටෝ වෙති.ඔවුන් කරන කියන දෑ අපිට කියයුතු නොවේ.සියල්ල මුදලට යටය.එහෙව් ලෝකෙක අපි හෙටත් ක්රිකට් ලෝලියෝ වෙමු.වෙන බලන්නට ක්රීඩා නැත.