Sunday, September 4, 2016

මහින්ද පාක්ෂිකයො හිටියට මෛත්‍රී පක්ෂිකයො නැත්තෙ ඇයි?



 

මහින්ද පාක්ෂිකයො හිටියට මෛත්රී පක්ෂිකයො නැත්තෙ ඇයි?

පසුගිය දිනක ජනාධිපති මෛත්රීපාල සිරිසේන හට ඕස්ට්රේලියනු මාධය්යක් මඟින් අල්ලස් චෝදනාවක් එල්ලවිය. 2009 වසරේදි සිදුවූවායැයි සැළකෙන ගනුදෙනුවක් සම්බන්ධයෙනි.එය ඇත්තක් වීමට හෝ නොවීමට ඇති සම්භාවිතාවය කෙසේ වෙතත් මෙරට දේශපාලුවන් පිළිබඳ ඇති ඇල් වතුරත් නිවල බොන ගම්මන්පිළ පන්නයේ හොරු අතරට වත්මන් ජනධිපතිතුමන් එක්වනු හෝ නොවනු ඇති.
පසුගිය දිනවල එම අල්ලස් චෝදනාව පිළිබඳ දැකගත හැකි නිරීක්ෂණ කීපයක් විය.
   01. මහින්ද පාක්ෂිකයන් අමන්දානන්දයට පත්ව තිබීම
   02.මෛත්රී ජනාදිපති වෙනුවෙන් සුදු හුණු ගෑමට හන්ස චන්ද ඉදිරිපත් නොවීම



මහින්ද පාක්ෂිකයන් අමන්දානන්දයට පත්ව තිබීම
එකක් පිට ඒකක් දූෂණ චෝදනා එල්ලවන තම නායකයන් හමුවේ මහින්ද පාක්ෂිකයන්ට මෙය මහත් අස්වැසිල්ලක් විය.මහින්ද පාක්ෂිකයන්ගේ සුවිශේෂි ලක්ෂණයක් ඇත.මොවුන් ඇදහිලි කණ්ඩායමකි.මෙවැනිම ඇදහිලි කණ්ඩායමක් උතුරු කොරියාවේ දක්නට ලැබේ.මෙම පිරිසට අනුව මහින්ද යනු ජාතියේ පිනට පහළ වූ නයකයෙකි.එවැන්නෙක්ගෙන් වරදක් සිදුවීමට ඉඩ නැත.කිසිම සොරකමක් සිදු වී නැත.එවැනි චෝදනා තම අසාහය නායකයා අපකීර්තිමත් කිරීමට ගෙතූ චෝදනා වේ.මේ සෑම චෝදනාවක් පිටු පසම ඉන්දියාව බටහිර බලවතුන් සහ කොටි ඩයස්පෝරාව සිටී..රාජපක්ෂ පුතුන්ගේ වත්කම් එකිනෙක හෙළි වුවද ,ඩේසි ආච්චිගේ කථා වස්තුව කොමඩියක් වුවද එය ඔවුනට ගෝචර නොවේ. තවත් පිරිසකට මහින්ද හිටපු ජනධිපති ජාතික ධනය සොරකම් කළද කම් නැත,මන්ද ඔහු යුද්ධය නිම කළ නායකයා වේ.මෙවන් පිරිසකට මෛත්රී අල්ලස් චෝදනාව ඇස ගැටීම කෙතරම් මානසික සහනයක් ඇති කරාද යන්න තවදුරටත් කතා කළ යුතු නොවේ.අපේ එකා විතරක් නොවේ උඹලගේ එකත් හොරෙක් , මහින්ද හොරා කියපු තොපේ ඒකත් හොරෙක්, ඇද්ද රාජපක්ෂ වරුන්ට හොරු කියාගෙන ආවා... දැන් ඔවුනට පැවසිය හැක.මෙම චෝදනාවම මහින්දට එල්ලවුණි නම් එය බටහිර කුමණ්ත්රණයක් වීමට ඉඩ තිබුණි.

මෛත්රී ජනාදිපති වෙනුවෙන් සුදු හුණු ගෑමට හන්ස චන්ද ඉදිරිපත් නොවීම
චෝදනාව එල්ල වූ විට මෛත්රී වෙනුවෙන් කිසිවකු කෙස් පැළෙන තර්ක ඉදිරිපත් නොකීරීම විශේෂයක් විය.කෙටි මාධය් නිවේදනයක් නිකුත් විය.දැන් වත්මන් ජනපති තුමාට ස්වර්ණමය අවස්ථාවක් උදා වී තිබේ.විදෙස් රටක් මඟින් සිදු කෙරෙන් දූෂණ චෝදනාවක් හමුවේ තම නිර්දෝෂිබව පෙන්වීමට ඔහුට අවස්ථාවක් තිබේ.ගොඩ යෑම හෝ අපකීර්තිමත් දූෂකයෙකු වීමේ මං සන්ධියට ඔහු පැමිණ තිබේ.මෛත්රී එක්දෙයක් සිහිතබා ගත යුතුය. මහින්ද වෙනුවෙන් මෙන් මරාගෙන මැරෙන්නට තරම් මෝඩයන් පිරිසක් ඔහුට චන්දය නොදුන් බවයි.ඉහත චෝදනාව සම්බන්ධයෙන් වුව සමාජ මාධය්යන් හී මහින්ද පාක්ෂිකයන් බඩ පිනුම් ගසන විට ඔහු වෙනුවෙන් සුදු හුණු ගෑමට තරම් මෛත්රී පාක්ෂිකයන් නොමැති බවයි. තමන්ට චන්දය දුන් පිරිස සැබවින්ම වෙනසක් අපේක්ශා කළ බවයි.ඔවුන් කිසිදිනෙක්  තවත් "අප්පච්චි" කෙනෙක් ,තවත් "රජ" කෙනෙක් බලාපොරොත්තු නොවන බවයි.
අප කැමති වුව හෝ නොවූවද යම් සතය්යක් පිළිගත් යුතුව තිබේ. 2016 තරම් නූතන යුගයක පවා තමා වෙනුවෙන් මැරෙන්නට වුව ඉදිරිපත් විය හැකි වහලුන් පිරිසක් ගොඩන්ඟා ගැනීමට තරම් මහින්ද සමත් විය.මෙය තවත් වසර දෙක තුනක් පවතිනු ඇත.වඳවී යන කුලයකට අයත් ඒම පිරිස සමාජයට කරන හානිය සුළු පටු නොවේ.සැබවින්ම මොවුන් යම් ඇදහිලි කණ්ඩායමකි.ඔවුන් යම් ආගමක් බිහිකරගෙන තිබේ. මහින්දාගමයි. ඔවුන්ට විරුද්ධ වන්නන් ද්රෝහින් වනු ඇත.

1 comment:

  1. මේ කාරණා මගහැරියේ ඇයි...
    මහා බලගතු FCID රාජයාට ඔය කියන ගණුදෙනුව පෙනුනේ නැත්තේ ඇයි?

    එසේ පෙනුනේ නම් ලංකාවේ මුලින්ම විසදිය යුත්තේ පළමු පුරවැසියාගේ මේ හොර අවනඩුව නොවේද?

    එය මගහරිමෙන් ඔය කියන හංසයා යන මග පැහැදිලි නොවේද?

    එලි වුනාම සුදු හුණු ගාගන්නේ "පසුගිය රජයේ" කියන වචනයෙන් පටං අරං නේද හිටං? ඒකට සාපේක්ෂව මේක සාධාරණයි කියන්න ලිපියක් ලියන්න ලැජ්ජා නැද්ද හිටං?

    ලිපි ලේඛන කෙස් ගහටම අරං එන ජේවිපි හිතාමතාම මේ ලිපි ලේඛන අතුරු දහන් කරාද?

    ReplyDelete