Monday, January 25, 2016

පෝරුව උඩ මනාලයා







අද උඹේ මූනේ සිරියාව සුදුමැණිකේ
උඹ විතරයි හරියට හිනහෙන්නේ...
යට ඉන්න උන් වගේ නෙවේ
බලපන් මැණිකේ උන්ගෙ Fake හිනා ගොඩ
මාත් හිනැහෙන්නේ අද විතරයි මැණිකෙ
හිනැහෙන්නේ කෝම?
හෙට ඉඳන් ණය ගෙවන්ඩත් එපැයි මැණිකේ..


ඉස්සර වගේ 5ට එන්ඩත් බැරිවෙයි මැණිකෙ
OT පාරක් නැතිව අමාරුවෙයි
මූණ පුලුටු කරන් බලන් ඉන්නව එහෙම නෙවෙයි මැණිකෙ


ලැපයි Bike කට්ටයි දුන්නෙ හිතකින් නෙවේ මැණිකෙ
මොනව උනත් උඹ සතුටින්නෙ මැණිකෙ
හෙට ඉඳන් අපි දෙන්නම වෙස් මූණක් දාමු මැණිකෙ
Makeup දාපු හිනැහෙන වෙස් මූණක්

Wednesday, January 20, 2016

ඉන්දියාවට ආදරෙන් (උම්ම්ම්ම්ම්ම්මාමාමාමාමා)

        








ඉන්දියන් ක්‍රිකට්-  අපිට එපා
ඉන්දියාවට පාලමක් - අපිට එපා
සීපා - මැරුම් කන්ඩ එපා යකෝ ලේ කකියනවා
ඉන්දියන් වාහන - පපඩම්නේ අපිට එපා
ඉන්දියාවෙන් ආපු බුද්ධාගම - හා හා ආගම ගාවගන්ඩ එපා
 එතකොට..........
ෂාරුක් - අනේ ඉතින් ඕකනෙ බැරි
සනී අක්කි- ආහ් ගියාද කොහෙද ආආආආආහ්හ්හ්හ්

(හූ පරිප්පු අමතක උනානෙ උඹලට )

Wednesday, January 13, 2016

භික්ෂූන්ට Driving තහනම්(පුවතක්)






              හෑ.........
              එතකොට Car එක වඩම්මන්නේ කවුරුයි?

              කොලුවෙක් ගන්ඩත් වෙනවා
              ඌට පඩි දෙන්ඩත් වෙනවා
              පඩි දෙන්ඩ මට සල්ලි කොහෙන්ද බොලව්?
              එතකොට Teaching ?
              Teaching කියන්නෙත් "ගුරුකම්" නෙ බොලව්

              Cheating ගුරුකම් උනාට........
              හම්මේ..........
              පන්සලේ තියෙන ප්‍රශ්නවල හැටියට
              මහණ වෙන්ඩ හිතෙනවා

Tuesday, January 12, 2016

ඩිල්ශාන්ගෙ කුණු-හරඹය

   




  ජීවි භාෂාවක කුණුහරුප තියෙනවාය.පාලි වල එව්වා නැතිය.ඒ කියන්නේ පාලි යනු මළ භාෂාවක්ය.කුණුහරුපත් ඕනෑවෙන වෙලාවන් තියෙනවාය.හොඳ වචන 1000කින් කළ නොහැක්ක එක කුණුහබ්බෙන් කළ හැකිය.එවිට කළ නොහැක්කක් නොමැතිය.
  ඒ හව් අස්සේ ඩිල්ශාන් ගොයියත් කුණුහබ්බ ඉගෙනගෙනය.මේ සතියේ hit එක ඩිල්ෂන්ය.ඩිල්ශාන් යනු සචින් වත් සන්ගාවත් මහානාමවත් මඩුගල්ලවත් නෙවේය.එහෙම විනයක් ඇත්නම් ඌ තාමත් ක්‍රිකට් ගසන්නේ නැතිය.සනත් අන්කල්ට වුනදේ ඩිල්ශාන් ගොයියටත් වෙනු ඇතිය.
ක්‍රිකටර්ස්ලා යනු නැෂොනල් අයිකොන්ය.උන් කන බොන එක විතරක් නොව මලපහ කිරිල්ල පවා පිලිවෙලකට කළ යුතුය,එහෙව් රටක ඩිල්ශාන් මීට වඩා සැලකිලිමත් විය යුතුය.ක්‍රිකටර්ස්ලා බේබද්දෙකු මෙන් හැසිරිය යුතු නැතිය.හැම බේබද්දාමත් එහෙම නැතිය.

 ඩිල්ශාන්ගෙන් ප්‍රශ්නයක් ඇසූ කොලුවාටද thank කළ යුතුය.ඌ එළ කොල්ලෙකිය. මෙහේ media කාරයොත් අහන් නැති දේ ඌ ඇසුවාය.
 කුණුහබ්බ හෙටත් පවතිනු ඇතිය,අපිත් කියනු ඇතිය.අපට කුණුහබ්බ වෙනස් කළ නොහැකිය, අපට වෙනස් විය හැකිය....

Monday, January 11, 2016

කෝටිපතියෙක් වෙන හැටි..........



                                                    ඔයා ගැන හිතන
                                                    කප්පරක් සිතුවිලි වලට
                                                    පඩි දුන්නනම්
                                                    මම දැන් කෝටිපතියෙක් සුදු හාමිනේ.........

                                                    මට ETF එපා
                                                    OT ත් එපා, බටාත් එපා
                                                    මොකෝ මන්
                                                    කෝටිපතියෙක්...........

Thursday, January 7, 2016

සත්‍යය සොයන්නෙ, ආතල් ලැබෙන්නෙ.......(ආතල් නොකඩන සමාජයක් උදෙසා...)






ලොව පරම සතය්‍ය ආගම් නම්
ලොව එකිනෙක  වෙනස් ආගම් බොහෝමයක් ඇත්තේ ඇයි?
සිදුහත් කුමරා ගුරුවරු වෙනස් කරේ ඇයි?
ආලාරකාලාම,උද්දකරාමපුත්ත.......
ඔහු සෙවූ දේ නොලැබූ නිසා......


ඔබට ලැබෙන්නේ ඔබ සොයන දෙයයි
(සතය්‍ය = ආතල් එක් = ෆන් එක ) ලෙස සිතමු.....


ක්ලැසිකල් අහන ඔබට රොක් සින්දුවෙන් ආතල් නැත
හොලිවුඩ් බලන ඔබට කොලිවුඩ් රහක් නැත
ඉතින්,
සිදුහත් ට ඔහු සෙවූ දේ ලැබුණි
ජීසස් ට ඔහු සෙවූ දේ ලැබුණි
මොහොමඩ් නබි ට ඔහු සෙවූ දේ ලැබුණි.......


අප සොයන දේ අපටද ලැබෙනු ඇත...
මගේ ආතල් එක ඔබේ ආතල් එකට වෙනස් වෙනු ඇත
ඒ වෙනුවෙන්
මගේ ආතල් නොකඩන්න............

ගම්මන්පිලගේ කොඩිය හිට් වෙයිද





                                           කලු කොඩි දාමු කිව්වෙ සිරාවටම
                                           නෙවෙයි බන්,
                                           මට ඕනෙ 'මුදුනා' වෙන්ඩ
                                           ඉස්සර ඉඳම්ම.....
                                           එහෙම කොහොමද
                                           මට වඩා දේශප්‍රේමි වුනොත්
                                           විමලා, දිනේශයා.......

                                           උන්ටත් තේරිලද කොහෙදො
                                           කිසි සප් එකක් නෑ කලු කොඩියට
                                           අම්මපා මුන්ට මොකො වෙන්නෙ
                                           රෙද්දක් ඉස්සුවට.......
                                           චීත්ත රෙද්දකුත් නෙවෙයි කලු පාට
                                           හිතුනොත්
                                           හැමෝටම උණ ගැනෙන්ඩ
                                           මාත් යනවා
                                              "යහපාලන"
                                            දීග කන්ඩ..........................

Wednesday, January 6, 2016

සිංහ------ලේ






                                                             පළමුව මුහුණු පොතේ
                                                                   දෙවනුව වාහනේ
                                                             තෙවනුව කමිසයේ
                                                                   අවසන මරක්කල බිත්තියේ
                                                             එහෙමලු සින්හලේ.........

කොලු හදවත

සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
අනෙකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතැයි
මා හද බියවී, සැලී සැලී යයි........

මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙමි
හිරු රැස් බිඳෙකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද.......

සොමි සඳවත ලෙස රුසිරු නොවී නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදි ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත..........

ගායනය: වික්ටර් රත්නායක