Wednesday, July 12, 2017

මරණය කියන්නෙ Non Return Valve එකක්

   Non return valve එකක් කියන්නෙ එක  පැත්තකට විතරක් යන්න ඉඩ දෙන ගැජමැටික් එකක්. ඒ කියන්නෙ ගියපු පා⁣රේ නම් ආයේ no coming back. මටත් මරණය ගැන තියෙන්නේ අන්න ඒ වගේ හැඟීමක්.
   මිනිස්සුන්ට ස්වභාවයෙන්ම මරණය ගැන තියෙන්නෙ බයක්. ඒ තමන් නොදන්නා කලාපයකට තනියම යන ගමනක් නිසාවෙන් වෙන්න ඇති. මෙහේ ඉද්දි පිරිවර සමඟ හිටියට මැරෙන්නෙ තනියෙන්. මට හිතෙන්නේ මිනිසුන් කලුවරට ,තනිකමට බය වෙන්නෙත් ඒ වගේ තැන් වලදි මරණය ගැන යම් මතක් වීමක්දැනෙන නිසාවෙන් කියලා. ලෝකෙ තියෙන ප්‍රධාන ආගම් කීපයම බැලුවත් ආගම් කතෘවරු සියල්ලම තොරොම්බල් කරන්නෙ මනුස්සයාට ස්වභාවිකව ඇති වෙන මරණය ගැන තියෙන කුතුහලය සහ ඊළඟ step එකේදිවත් මීට වඩා සැපපහසුව ඉන්නෙ කොහොමද කියන කාරණය.ඒක එක අතකට හොඳ marketing strategy එකක්. තියෙන දෙයක් විග්‍රහ කරල අනුගාම්කයෝ හදාගන්නවට වඩා නොපෙනෙන දෙයක් විග්‍රහ කරන එක පට්ට ලේසියි.

   ඉස්ලාමය දිහා බැලුවොත් ඔවුන් කතා කරනවා මළවුන් නැගිටවන දවසක් ගැන. ක්‍රිස්තියානිත් එහෙමයි. මේ ආගම් දෙකේම උප්පත්ති කතාවත් එකමයි. ආදම් එ්වා නම් ගම් එහෙමත් එකමයි. අවසානයත් ටිකක් එක වගේ. දෙකේම තියෙනව අවසාන විනිශ්චයක්. ඊට පස්සෙ පාරාදීසයක සදාකල් ජීවිතයක්. ක්‍රිස්තියානි ආගමේ මේ පාරාදීසේ රජු  යෙහෝවා කියන දෙවියෙක්. ඉස්ලාමයේ නම් කොහොමත් one god show නිසා අල්ලා. ඒ මදිවට ඉස්ලාමය කියන හැටියට ජේසු කියන්නෙ මොහොමඩ් නබිතුමාට කලින් ආපු messenger. මොහොමඩ් නබි තමයි අන්තිම messenger.ඒ කියන්නෙ මේ ආගම් දෙකට අනුවත් මරණට පස්සෙ යම් ජීවිතයක් තියෙනවා.අර පාරාදීසෙට යන්න බැරි අය කෙළින්ම අපායට . ඒ කියන්නෙ අපාය සංකල්පයත් හැම ආගමකම වගේතියෙනවා හරිය.
   හින්දුන්ට අනුව නම් ඔබ මැරුනම කර්ම වලට අනුව තමයි ඊළඟ ආත්මය තීරණය වෙන්නෙ. එයාලට පාත් දෙකක් තියෙනවා. Bright path සහ dark path. ජීවත් වෙද්දි හොඳ කර්ම කරල තියෙනව නම් bright path එකේ ගිහින් මෝක්ෂය ළගා කර ගන්ඩ පුලුවන්. නැත්නම් ආයෙත් ඉපදෙනවා.
    බෞද්ධයෝ නම් කතා දෙකක් නෑ නිවන් දැක්කෙ නැත්නම් ආයේ ඉපදෙනවා. ඒ කියන්නෙ මරණය කියන්නෙ ඔවුන්ටත් changing point එකක්. මේ හැම ආගමකම වගේ තම තමන්ගේ life style එකට එකඟ නම් ගොඩ. නැත්නම් අපායේ. (ආගම් කි⁣යන්නෙ life style එකක්.ඒක හොඳටම ප්‍රකට වෙන්නෙ මුස්ලිම් අයගෙන්) තමන් එක්ක එකඟ නම් හොඳයි. නැත්නම් කෙළවෙනවා. හරියට මහින්ද එක්ක නම් දේශප්‍රේමී වගේ. ඒ කියන්නෙ ඔබතුමන්ලා මොන ආගම ඇදහුවත් වෙන එකෙක්ගෙ අපායක වැටෙනවා.
   අපි බැලුවොත් ඇයි ඉන්දියාවෙ බිහිවෙච්ච ආගම්වලට නැවත නැවත ඉපදෙන චක්‍රයක් තියෙන්නෙත් ඉස්ලාම් ක්‍රිස්තියානි යුදෙව්වන්ට එක්කො පාරාදීසේ නැත්නම් අපාය වෙනනෙත් කියල, එතන තියෙන්නෙ පරිසරයත් එක්ක ඒ මිනිස්සු ගැටුන ආකාරයක්. ඉන්දියාවෙ තියෙන්නේ කාලයකට ගංඟාවල් දෙගොඩතලා යන්ඩ වහිනවා. ඊට පස්සෙ වැඩිය රස්නෙ නැති සුන්දර කාලයක්. ඊටත් පස්සෙ පායනවා අර දරවැන්ත ගංඟාවල් හිඳෙන්නම. අවසානේ අායේ වහිනවා. මිනිස්සු දිගින් දිගටම දකින්නේ මේ සංසිද්ධිය .ඒ නිසයි ඉන්දියානුවන්ට කාලය චක්‍ර්රීය වෙන්නෙ . ඔවුන් මේක ජීවිතේට ආගම් වලට දර්ශනයට හැම දේටම apply කරනවා. ඉතින් ඉන්දියානු ආගම් ඉපදෙනවා මැරෙනවා නැවත ඉපදෙනවා.
    ඉන්දියාවෙන් එපිට මැදපෙරදිග ඇතිවුණ යුදෙව් ඉස්ලාම් ක්‍රිස්තියානි වලට තියෙන්නෙ choice දෙකයි. එහෙම වෙන්න හේතුව ඒ කලාපය පැත්තෙන් ආර්යයන් සංක්‍රමණය වීම. ආර්යයන් කියන්නෙ එඬෙරුන් නිසා ඔවුන් තැනකින් තැනකට සංක්‍රමණය වෙනවා. ඔවුන්ගෙ ඉලක්කය ඉන්න තැනට වඩා හොඳ තණ ප්‍රදේශයක්. ඉතින් ඔවුන්ට සංක්‍රමණය වෙද්දි හම්බ වෙන්නෙ වඩා හොඳ ප්‍රදේශයක්  හෝ හිටියටත් වඩා අවුල් තැනක්. එහෙම බලද්දි ඒ ආගම් වලට අනුව මරණයට පස්සෙත් තියෙන්නේ ඒ වගේ choice දෙකක්.
 
   (මේක ඉවර කරන්ඩ පොටක් එන්නෙම නෑ අයිසේ)
    අපි වගේ නිරාගමික උන්ටනම් මරණය කියන්නෙ ඇත්තටම සුව නින්දක්, good bye එකක්. ආගමික උන්ට අනුව නම් අපි වගේ නියත මිත්‍යාදෘෂ්ටි උන් කොහෙමටත් අපායේ. හැබැයි මට අනුව නම් ඒ ඒ ආගම් වලට අනුව හැම එකම මිත්‍යාදෘෂ්ටි නිසා අපි හැමෝටම යන්ඩ වෙන තැනක් තමයි අපාය. ආයෙමත් කියන්නේ මරණය කියන්නෙ non return valve එකක්, කළු කුහරයක්. මේ අපි හමුවන අවසන් අවස්තාව.නැවත ඉපදීම් නැත.

එහෙනම් මිත්‍රවරුනි අපායෙදි හම්බ වෙමු, beer එකක් බිබී කතා කරමු. සුභ ගමන්.

6 comments:

  1. එකඟ නැත.. දිග උත්තරයක් පසුවට

    ReplyDelete
  2. හැමෝටම තමන්ගෙ මෙසෙන්ජර් තමයි හරිම මෙසේජ් එක දෙන්නේ
    https://en.wikipedia.org/wiki/Joseph_Smith

    ReplyDelete
  3. පූජ්‍ය පක්ෂයට ආගම හොඳ බිස්නස් එකකි.
    දේශපාලකයින්ට හොඳ අතකොලුවකි
    අදහන්නන්ට හොඳ මානසික සුවයකි.

    මං ආගම් නොඇදහුවාට ඒවා සංසන්දනය හා ඒවාගේ ඉතිහාසය හැදෑරීමට කැමතියි.
    මට ආගම් විරෝධියෙක් වී දත් මිටි කන්නේ වෙන්නේ උන් ලවුඩ් ස්පීකර් දැම්මවිටය!!

    ReplyDelete
  4. බුදු සාදු නම් කිවලු සත්ය අවබෝධ කරගත් තැනැත්තා නම් ආයේ උපදින්නේ නෑ, අනෙක් උන්ට මොලේ පැහැදෙන තුරාවට පන්සල් වලට කඹුර කඹුරා ඉන්නය කියල. සමහර වෙලාවට මරණින් පස්සේ වෙන්ට මගුලක් නෑ කියන එක තේරුම් කරලා දෙන්ට බැරිම වුණාම මල පැනල තමයි ඕක කියන්නට ඇත්තේ.

    ReplyDelete