Tuesday, October 10, 2017

සිරසයි පාර කියන්නේ

ජවිපෙ කලක් සිරසට ප්‍රහාර එල්ල කළේය.
සිරස ජවිපෙට ඊටත් වඩා ප්‍රහාර එල්ල ක⁣ළේය.
දැන් සිරස සහ ජවිපෙ යාලුවො වෙති.
මර්වින් සිල්වද සිරස සමඟ ගැටුණි.
සිරස මර්වින් සිල්වට එලව එලවා පහර දුනි.
දැන් මර්වින් සහ සිරස අමනාපයක් නැත.
රනිල් සහ සිරස අතීතයේ මිතුරන් වූහ.
දැන් රනිල් සහ සිරස පසමිතුරන් වෙති.
සිරස සහ බැසිල් කෙස්වලු පටලවගනිමින් සිටිති.
ඔවුන් හෙට මිතුරන් වනු ඇත.
අප හෙටත් tv තිර දිහා බලන් සිටුනු ඇත.
සිරස පාර කියනු ඇත.

3 comments:

  1. සිරසා නමාමී.....

    ReplyDelete
  2. සිරසක් නැති හින්දනෙ මේ ඔක්කොම කචල් !

    ReplyDelete