Wednesday, October 18, 2017

Coffee with ගංඟා මෑණියෝ

  හැම සතියකම වගේ මේ සතියෙත් අපේ කතා බහට රටේ නම ගිය චරිතයක් එකතු වෙනවා. මේපාර එකතු වෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි රටේ ජයග්‍රහණයන් කීපයක් පිටුපස සිටි ඒ විශ්මිත චරිතය ගංඟා මෑණියන් .ඔවු අපි අපේ කතාබහ මේ විදියට ආරම්භ කරා.

හායි ගංඟා මෑණියෝ
හායි හූයි කියන්ඩ එපා පුතේ හෙළ ක්‍රමයට ආයුබෝවන් කියමු අපි.

ආයුබෝවන් මෑණියනේ ඉතින් කොහෙමද සැප සනීප ?
සැපේ නම් වරදක් නෑ කොල්ලො, ඔය ඉතින් වශීයක් දෙකක් නූලක් දෙකක් පන්නගෙන හූනියමක් කරගෙන දෙයියනේ කියල ඉන්නවා.

මොකද්ද මෑණියෝ ඔබතුමියගේ රහස?
හෑ පුතේ උඹලා ගමට ආපු විනාඩි පහට ඕකුන් ඔය ටිකත් කනේ තිබ්බද. නොදකින් මේ ගම්වල උන් .

නෑ නෑ මෑණියනේ ඒ රහස් නෙවෙයි මම ඇහුවේ ඔබතුමියගේ සාර්ථකත්වයේ රහස?
ආ ඒක මිසක්. මේකනේ පුතේ මම කාලයන් මනාලියන් ඇන්ඳුවා . මනාලියන් විතරක් නෙවෙයි ඕනෙනම් මනාලයෝ වුනත් අන්ඳනවා. ඉස්කෝලේ  යන කාලෙත් මං එහෙම දෙතුන් දෙනෙක් ඇන්ඳුවා. අම්මපා.ඉතින් පුතේ ඒක හරි අමාරු ජොබ් එකක්. Measurements ගන්න ඕනෙ , ඇඳුම හදන්න ඕනේ .උදේ පාන්දරම යන්ඩ ඕනෙ.

නෑ නෑ මෑණියෝ මම ඇහුවේ ඔබතුමියගේ ගුරුකම් වල සාර්ථකත්වයේ පළමු පියවර මොකක්ද කියලා
ඒ ප්‍රශ්නේ වැරදි පුතේ . උදේ නැඟිටිලා මම කරන්නේ පියවර පහක් තියෙල දෙවාලෙට යන එක. එක පියවරක් තිබ්බොත් නානකාමරේ පුතේ.

හරි හරි මනාලයන් ඇන්ඳුවා ඊටපස්සේ?
ඔව්. මම කිව්වනේ පුතේ ඒක හරි අමාරුයි කියලා. අපිම measurements අරගෙන රෙදි හොයල අන්ඳනවට වඩා මේක ලේසියි. එන උන් මහගෙන ඇඳගෙනමයි එන්නෙ.මට අන්ඳනවා කියල ඒ හැටි දෙයක් ඉතිරිවෙලා නෑ.

එතකොට කොහොමද ඒ එන අයව අන්ඳන්න පටන් ගන්නෙ ඔබතුමී?
අයියෝ හරි ලේසිනේ පුතේ ඔය අවුරුදු 25වගේ කොල්ලෙක් අවොත් එක්කෝ ලව් කේස් එකක් එක්කෝ ජොබ් කේස් එකක්. ඌ හොඳට ඇඳල කාරිය නැත්නම් අනිවා ජොබක් නෑ. මං ඉතින් ඌට රට රස්සාවක් වගේ අදහසක් දාලා පොඩි යන්තරයක් හෙම දාලා ඔය 5000ක් වගේ පොඩි ගානක් ගන්නවා.දෙය්යන්ගෙ charges හරි ඉහළයි පුතේ dollar එක නඟිද්දි සට සට ගාලා දෙයියන්ටත් නඟිනවා. එතකොට ඔය තරුණ කපල් එකක් ආවොත් කිරිගහට මෝල් ගහෙන් ගැහුවා වගේ කියන්නම් එක්කො කසාදෙට ගෙදරින් කචල්. නැත්නම් ළමයි නෑ. ෂේප් එකේ බැලුවම මුදු දාලා නම් ළමයි නැති කේස් එකක්.

එතකොට ඔබතුමි ළමයි හදල දෙනවද?
පිස්සුද ළමයෝ.මගේ මිනිහනම් හදල දෙයි. හා හා කට කට මේවා දෙයියන්ගේ කාරණා.
ඔය එන කපල් එකට තැඹිලි ගෙඩියකට කුටු කුටු ගාලා රැපියල් 20000ක් වගේ ගන්නවා. තැඹිලි හරි මිලයිනේ පුතේ.

එතකොට ළමයා හම්බෙනවද?
ඒකනම් දන්නෑ පුතේ මට ගාන නම් හම්බෙනවා.

එතකොට මෑණියෝ අර චන්දිමාල් එහෙමත් අාවද?
නැතිව . හරි සීදේවි කොලු පැටියා. ඇවිල්ලා වැලහින්නක් වගේ ඇඬුවා හැමදාම ඉක්මනින් අවුට් වෙනවය. එයාට වැඩිය වෙලාවක් pitch report දෙන commentators ලා ground එකේ ඉන්නවය කියලා. ඉතින් මම පොඩි ගුරුකමක් කරල දුන්නා.ඒක ඉතින් හරි ගියා.

ඒ වුනාට මෑණියෝ test match ගොඩගියාට මිනිහා oneday matches හාලා දානවනේ. බොල් ටික කාලා දානවනේ. ගුරුකමේ රැස් බැහැලද?
  නෑ නෑ මගේ වැඩේ මං කරා. ඒ ළමයාගේ වැඩේ කරේ නෑ  ඒකනේ.

ඒ කියන්නේ practice යන වැඩේද?
පිස්සුද ළමයෝ . මම කිව්වා හරක් මස් කන්න එපාය කියල. ඉතින් චන්දිමාල් ළමයා කිව්වා හරක් මස් කියා හරකෙක් ළඟින්වත් යන්නෑ කියල. ඊට පස්සෙ මං කිව්වා බල බිඳෙන වැඩ ඒ කියන්ටන කිලි අහුවෙන දේ කරන්ඩ එපාය කියල.ඒ ළමයත් හා කිව්වා. හා කිව්වට ඉතින් test match ඉවරවෙලා oneday පටන් ගන්න දවස් තුනට ෂුවර් එකට අර ගෑණු දැරිවි ඒ පැත්තෙ ගිහින් තියෙනවා. ඒකට මම මොනා කරන්නද පුතේ. මුන්ට සතියක් ඉවසන්න බැරිවට.

6 comments:

  1. හා.. හා.. මරු මචෝ

    ReplyDelete
  2. ගංගා මැණියනී
    ගංගා මැණියනී අපට සාමය දෙනු මැන
    අපට සමෘද්ධිය සෞභාග්‍යය ලඟා කර දෙනු මැන
    ගංගා මැණියනී නපුර පරදා අපව යහපත දෙනු මැන
    අප ඔබගේ නාමයෙන් දෙවොලක් ගොඩ නගන්නෙමු
    අප ඔබට තිස් තුන් පැයේ වැඳ නමස්කාර කරන්නෙමු
    මැණියනී කුසීත අපට සඑලත්වය ලඟා කර දෙනු මැන
    අප පිදුරු කමින් ඔබව වන්දනා මාන කරන්නෙමු
    අප පුන්නක්කු බොමින් ඔබගේ ගුණ ගායනා කරන්නෙමු

    ReplyDelete