Monday, December 30, 2019

2020 වසරටත් කෙස් කෙළින් වන අනාවැකි

(2019සහ 2018 වසරට මා ඉදිරිපත් කළ අනාවැකි සියල්ල 100% සනාථ වූ බව ඔබ සියල්ල ඉතා හොඳින් දන්නා බව මම දනිමි.එම අනාවැකි මෙම ලිංකුවෙන් කියවිය හැක. http://hadenakoluwa.blogspot.com/2017/12/2018.html       http://hadenakoluwa.blogspot.com/2018/12/2019_29.html
    2020 වර්ෂයටත් එලෙසම අනාවැකි පළ කරන අතර අනාවැකි සියල්⁣ලෙහි වගකීම දරමි)
රාවණා සිද්ධම්!


* රථ වාහන අනතුරු තවදරටත් අධික වසරකි.
* ඟං වතුර තත්ත්වයක් ඇතිවන ලකුණු
* නායයාම් වලින් මිනිස් ජීවිත අහිමිවීම්
* රටේ⁣ කොටසකට නියං තත්වයක්
* දේශපාලන පැති මාරුවීම්
* ජීවන වියදමේ අධික ඉහළ යෑම්
* ඉන්දුනීසියාවට භූමිකම්පාවක්
* වසර අවසානයේ ඕස්ට්රේලියාවට Heat waves
* ඩොනල්ඩ් ට්රම්ප් ගෙන් තවදුරටත් පිස්සු කෙළීම්
* මැද පෙරදිග කලාපයේ අර්බුද
* වසර අගදී  ක්රිකට් උණුසුමක්
* ⁣තෙල් මිළත් තවදුරටත් ඉහළටම
* 69ලක්ෂයක් ජනතාව ලජ්ජාවෙන් විලිලජ්ජාවට
* වටිනා ඉඩම් වි⁣⁣දෙස් සමාගම් අතට
(පුරාණ සෘෂිවරුන් ගේ පුස්කොළ පොත් අධ්යනයෙනි)

Wednesday, October 16, 2019

ජනාධිපතිවරණය, කවුද දිනන්නේ?

ජනාධිපතිවරණය ට  තවත් හරියටම මාසයයි. රැල්ල කොහේටද? වෙන්නෙ මොනවද? තමන් කැමති අපේක්ෂකයා දිනයිද?  මේ දවස්වල හැමෝම කතා කරන වගේම දැන ගන්න කැමති ප්‍රශ්න ටික. මේ හදන්නේ එ් ප්‍රශ්න වලට මගේ පැත්තෙන් මට ඇහෙන දකින දේ අනුව මම හිතන දේ.

  මුලින්ම ගමුකෝ පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය මහත්තයා. ගෝටා තමයි පළවෙනියට ම කැම්පේන එක පටන් ගත්ත අපේක්ෂකයා. ලොකු බූස්ට් එකක් එක්ක පටන් ගත්ත කැම්පේන් එක අතරමඟදි පොඩ්ඩක් හැලුනා වගේ තියෙද්දි වියන්ගොඩ සහ තේනුවර මහත්වරුනට ස්තූති ⁣වෙන්න ආයෙමත් ලොකු මොරාල් බූස්ට් හම්බ වුනත් රැල්ල තමන්ගේ පැත්තෙ තියාගැනීමේ ලොකු දුර්වලකමක් ගෝඨා පාර්ශවයට තියෙනවා. මේක හයිලයිට් වුනා මාර්තු 12 ව්‍යාපාරය කරපු ප්‍රජෙක්‍ට් එකේදි වගේම ඊයේ තිබුණ ගෝඨාගේ අපේක්ෂකයෙක් හැටියට කරපු කුළුඳුල් press conference එකේදිත්. ගෝඨාගේ communication වගේම body language එකත් අන්තිමයි එතනදි. Nervous ගතියක් (පෑන කරකව කරකව) පෙන්නුවා වගේම දේශපාලනයෙදි  මහින්ද නැතිව ගෝටාට කිසිම ගමනක් නෑ කියලත් ඔප්පු ⁣වුණා.  ගෝඨව තවදුරටත් expose වෙන්න මාසයක් තියෙනවා.අපි බලමු එයා එතනදි react කරන විදිය. මගේ තක්සේරුව නම් ⁣ගෝටා ඉදිරියටත් නා ගැනීමට නියමිතයි.ඒ ව⁣ගේම ටයි කෝ්ට් දාගෙන පිළිවෙළකට කරන් ආපු එළිය, වියත්මඟ වෙනුවට දැන් ගෝඨා කරන්නේ සජිත් කරන දේමයි. රෝල් එක මාරු කරාට වඩා කලින් දේම කරන් ආවානම් effective කියන එකයි මගේ හැඟිම.

   සජිත් පාර්ශවය ගත්තම ජනාධිපතිවරණ අපේකෂකකම ගත්තෙත් ලොකු ගේමක් දීලා. රනිල්ට තග දාලා දිනපු අපේක්ෂකත්වයක්.සජිත් ආවාම ගමේ UNP කාරයා ආයේ්මත් මතුවෙයි කියල කිව්වට ඇල්පිටියෙන් නම්  එහෙම දෙයක් පෙනුනේ නෑ. ඇත්තටම ගමේ Unp කාරයා නැගිටිලාද කියල බලන්න තව මාසයක් ඉන්න වෙනවා. සජිත් ට ගම්වල මිනිස්සු කැමති  කියන එක බොරුවකුත් නෙවෙයි. මම පුද්ගලිකව කතා කරපු සාමාන්‍ය රැකියා කරන ගම්වල මිනිස්සු සජිත්ට කැමතියි.මිනිහා කියන ගොන් කතා වුනත් අපිට ගොන් වුනාට ඒ තමයි රටේ බහුතරයකට සෙට් වෙන නිලය.ගෝටාට වුනත් දැන සජිත් ලෙවල් එකට ටයි කෝට් එකේ ඉඳල බහින්න වුනෙත් ඒකයි . මේ චන්ද ගොඩට දෙමළ මුස්ලිම් චනදත් එකතු වුනාම 50% ආසන්නයට එයි


  අනුර දිසානායක ගත්තම පුද්ගලිකව මම කැමතිම අපේක්ෂකයා. දේශපාලන වේදිකාවේ වුනත් සාධනීය දෙයක් කියනවා නම් ඉතින් අනුර විතරයි ප්‍රධාන අපේක්ෂකයෙකුට ඉන්නෙ. අනුරල හැමදාම හිරවෙන්නෙත් මේ උගත් බුද්ධිමත් චන්ද දායකයන්ට ආමන්ත්‍රණය කරන්නට යන එකෙන්. එයාලට සජිත් ගෝටා මට්ටමට පහළට ඇවිල්ලා සීනිබෝල ටෝක්ස් issue කරන්නත් බෑ.එහෙම නොකර චන්දයක් දිනන්නත් බෑ. අනුරලට ජාතිවාදි වෙන්නත් බෑ.මේ ප්‍රශ්න වලට විසඳුමක් නැතිව අනුරට 10% Margin එකට එන්න අමාරුයි කියන එක තමයි මගේ තක්සේරුව.


Conclusion එක:
 මට හිතෙන විදියට මේ පාර චන්දෙදි 50% Margin එකට එන්න ගෝටට වගේම සජිත්ටත් බැරිවෙයි. ඉතිහාසේ පළවෙනි වතාවට දෙවෙනි මනාපය count කරන්න වෙයි කියන එක තමයි මගේ ගණනය.
එහෙම වුනොත් මිනිස්සු මොන විදියට ප්‍රතික්‍රියා කරයිද? දෙවෙනි මනාපෙන් එන ප්‍රතිඵලය පරදින අපේක්ෂකයා සහ අනුගාමිකයන් කැමැත්තෙන් පිළිගනීද?
පාරට බැහැල ගමේ ඉන්න විරුද්ධ පාක්ෂිකයන්ගේ ඔලු නොපලා ඉඳිද? ගෙවල් වලට ගල් නොගහ ඉඳිද? තමන්ගේ අපේක්ෂකයට ආධාරයට එන එකාට හූ කියන ජනතාවක් කොහොම ඒ වගේ දෙයක් බාර ගනීද. හිතමුකෝ පළවෙනි පාර ගෝඨා ඉදිරියෙන් ඉඳලා දෙවන මනාප ගණනයෙන් සජිත් ඉදිරියට ආවොත් මොනව වෙයිද?

තමන්ගේ දේශපාලන නායකයින් ආගමික නායකයන් විදියට සළකන ජනතාවක් මෙවැනි සිද්ධියකට දවස් තුන හතරක් ඇඳිරිනීතිය වුනත් වැටෙන මට්ටමේ මෝඩකම් නොකර ඉන්න බැරි නෑ. 
අවසානයට මගේ තක්සේරුව නම් සජිත්  දිනයි කියන එක.
සජිත් කැමති නම් තව චන්දෙට සති දෙකක් විතර තියල පාඨලී තමයි අගැමැති කිව්වනම් ලොකු රැල්ලක්  හැදෙයි.
ගෝටට ලොකු රැල්ලක් අලුතෙන් හැදෙන්න නම් ඉතින්⁣ කොහේහරි බෝම්බයක් පිපිරෙන්න වෙයි.

Monday, July 22, 2019

දහම්පාසලට වර







සාදු කෙනෙක් ඉරිදා ටියුෂන් එකකට ආතල් එකක් දෙන්න ගිහින් චාටර්  වෙන වීඩීයෝ එකක් මේ දවස්වල viral වෙනවනේ. ඒක බැලුවම නම් තේරේන්නෙ සාදුතුමා කැමරාකාරයෙකුත් එක්කගෙනම එතනට යන්නේ පොරක් වෙලා චරිතයක් වෙන්න හිතාගෙනම තමයි කියලා. නැත්නම් කවුද යකෝ ප්‍රදේශීය වාර්තා කාරයොත් එක්කගෙන වලියකට යන්නේ. සාදු හිතන්න ඇති එතනට ගිහින් ගේම ඉල්ලුවම අර ගුරුතුමිය දමණය වෙලා දණින් වැටිල වැරැද්ද පිළිඅරන් ළමයි ටිකවත් වන්දවලා ඊළඟ දවසේ ඉඳන් ළමයි දහම්පාසල් එවන්න පොරොන්දුවක් එහෙමත් දෙයි කියලා. ඊට පස්සේ මීඩියා වලින් පොඩි ලාබ ප්‍රචාරයකුත් අරන් සාදුට පුලුවන් එක රැයෙන් සුපර්ස්ටාර් සාදු කෙනෙක් වෙන්න. හැබැයි උනේ ඒකේ අනෙක් පැත්ත. ගැහැණිය ඉස්සරහ සාදු දමණය වෙනවා. සිවුර කියන uniform එක ඇඳගත්තම ඕනෙ දේටයි එපා දේටයි හැම මඟුලකටම රිංගන්න ලයිසන් හම්බවෙනවා කියල හිතන් ඉන්න කහකඩයන්ට හොඳ පාඩමක් මේක.( හෙට අනිද්දා දිහාට ඒ ගැහැනුකෙනාම  පන්සලට ගිහින් වැඳ වැටිලා සමාව ගයිද දන්නෙත් නෑ. මොකද මේක එහෙම රටක්. එහෙම වුනත් ක්ෂණිකව අර වෙලාවේ ප්‍රතික්‍රියා කරපු විදිය ගැන respect. )
ඇත්තටම ඔහොම නෙවෙයි කරන්න තිබුම. හොම්බට දෙක තුනක් අැනල යවන්න තිබුණේ අනුන්ගෙ මඟුල් වලට හොට දාන්න එනවට.

   හැදෙන කොලුවත් 7 වසරට යනකල් දහම්පාසල් ගියා. හැමදාම පන්තියේ පළවෙනියත් වුනා .7 වසරේ ඉඳලා දහම්පාසල් ගමන පැත්තකින් තියල ඉරිදා උදේට ඉංග්‍රීසි පන්ති ගියා. ඒ කරපු වෙනසේ ප්‍රතිලාභ අදටත් විඳින ගමන්. මේක කියවන උන්ටත් කියන්න තියෙන්නේ දහම්පාසලකට ගියා කියල ඔය මෝඩයන්ගෙන් ගන්න තියෙන දැනුමක් නෑ. පූජ්‍ය පූජකයෝ දවස ගානේ අපිට තහවුරු කරල තියෙන්නේ ඒක.ඔය ගොන්වහන්සේල⁣ට resistance එකක්  පෙන්නුවේ නැත්නම් ඔය යක්කු ආගමික පොලිසියක් ගානට හැදිල තමයි නතර වෙන්නේ. තැනකට ගිහින් හැසිරෙන්න දන්නැති කතා කරන්න දන්නැති හරකෙක් ගාවට තමන්ගේ ළමයව යවලා ඌ හැදෙයි කියල හිතන දෙමව්පියෝ තාමත්  ඉන්නවා නම් Good luck.

Sunday, May 12, 2019

ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ සංවාදය අල කිරීම

ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මධ්‍යස්ත මුස්ලිම් මිනිස්සු, උගතුන් අදහස් දක්වද්දි තියෙන ලොකුම හෙනේ තමයි මෝඩයෝ සෙට් එකක් ඇවිත් වඳ පෙති කතා ටිකයි මුස්ලිම් කඩ වර්ජනය කරනවා වගේ ප්‍රාථමික තැනකින් ප්‍රශ්නේ අල්ල ගන්න එක. හලාල් ප්‍රශ්නෙදි වුනත් වුනේඒක. අන්තිමට මහපොළවෙ ඇත්තටම තියෙන ප්‍රශ්නෙට උත්තර හොයනවා වෙනුවට වෙන වෙන පැති වලට ගිහින් සිරා ප්‍රශ්නෙ යට යනවා. ඒත් එක්කම අර ඇච්වො බැච්චො ඇවිල්ලා අර තිබුණු සංවාද සියල්ල හයිජැක් කරනවා.  අන්තිමට හෙනම ප්‍රගතිශීලී විදියට සංවාදයෙන් පටන් ගත්ත ව්‍යාපෘතිය අන්ත ප්‍රතිගාමී තැනකින් කඩ කැඩීම වගේ තැන්වලින් කෙළවර වෙනවා. ඒ වගේම අර හයිජැක් කරන උන් ටික ඊළඟට කරන්නෙ මුස්ලිම් අන්තවාදීන් පැත්තක තියල වැදගත් විදියට සංවාදය ඇතුලේ හිටපු ඩයල් ටික හතුරා කර ගන්නවා.මේක ලෝකේ බොහෝ දේශපාලන සමාජ ව්‍යාපාර වලට වෙන අකරතැබ්බයක්. අනෙක් කාරණය තමයි ආගමික නායකයන් මෙවැනි සංවාද වලට එක්වීමේ තියෙන බරපතල කම. ඔවුන් මෙහෙම සංවාදයකට ආවම ඔවුන්ට⁣ නොමිලේම මුලසුන අයිති වෙනවා. එතැන ඉඳන් ඔවුන් සංයමයකින් තොරව කරන ප්‍රකාශ හේතුවෙන් මුලු සංවාදයම අල වෙන්න පුලුවන්.

දැන් ලංකාවේ තියන්නේ ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නයක්. මේකට හොයන්න ඕනේ දිගුකාලීන විසඳුම්. කෙටිකාලීනව hate preachers ලා extremist ලා අත්අඩංගුවට ගන්නවා වගේ දේවල් කරන්න පුලුවන්. නැතිව මුස්ලිම් කඩ වර්ජනය කියන්නේ විසඳුමක් නෙවෙයි. මේ තමයි ඉතාම හැඟිම්බර පිරිසක් බුද්ධිය පැත්තක තියල කරන විසඳුම් වල ප්‍රතිඵල. හරියට කාසියක් නැතිවුන තැන හොයනවා වෙනුවට එළිය තියෙන තැනක කාසිය හොයනවා වගේ වැඩක්. ආයේත් හලාල් ප්‍රශ්නෙට ආවොත් අර මහසෝන් ඩයල් හිටියේ හලාල් හින්ද සිංහල බහුතරයක් වැඩි මිළක් ගෙවන්නෙ ඇයි වගේ සීනීබෝල ප්‍රශ්න. ඇත්තටම ඊට වඩා බරපතල කාරණා තිබුණට ඔය යක්කුන්ට කොහොමත් ඒ තරම් දේවල් trigger වෙන්න⁣ නෑ. හලාල් සහතිකය ගන්න තමන්ගේ නිෂ්පාදනවල Recipe එක උලමා එකට දිය යුතුව තිබුණා. මේකේ තියෙන අවුල තමයි අර recipe ටික පහසුවෙන්ම මුස්ලිම් නිෂ්පාදකයෙක් අතට පත්වීමේ ඉඩ. ඇත්තටම එහෙම දේවල් වෙලත් තිබුණා. කතා කළ යුතුව තිබුණේ ඒ වගේ කාරණා නමුත් ගැලරිය චූන් කිරීමේ සිඟිති ආශාව සහ ඒ ව්‍යාපෘති කරගෙන ගියපු ඈයන්ගේ මොළේ දිග පළල මත සාකච්ඡා වුනේ ඉතාම ලාමක ටින් ටින් දේවල්.

අන්තිමට බලමු සමාජ සංවාද කඩාකප්පල් කාරයන්ගේ hijack කිරීමේ තියෙන බරපතලකම. වැඩි කාලයක් යන්න ඕනේ නෑ ISIS හැදුන විදිය බැලුවම අැති. අරාබි වසන්තය එක්කම ලිබියාව ඊජිප්තුව ටියනීසියාව වැටෙද්දිම තමයි සිරියාවේ ත් Bashar al- asad ට එරෙහිව සිවිල් විරෝධතා පටන් ගත්තේ. ඊළඟට මේ සිවිල් විරෝධතා කරුවන් FSA නැත්නම් Free Syrian Army විදියට එක තැනකට ගොනු වුනා. FSA එක සාර්ථකව බටහිර කඳවුරේ අනුග්‍රහයත් එක්ක ඉදිරියට යද්දි තමයි අල් කයිඩා එක සහ ඒ වෙද්දි ඉරාකයේ හිටපු IS කාරයෝ  සිරියාවට ඇතුල් වෙන්නේ. FSA එක කරන් ආපු ආණ්ඩු විරෝධය සම්පූර්ණයෙන්ම ISIS එක යටතට පත්වෙනවා. FSA එ⁣කට මැරුම් කන්න වුනේ මේ මඟින් හයිජැක්  IS කාරයන්ගෙන්. 

Wednesday, May 8, 2019

1998 ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාර සහ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය

1998 අගෝස්තු 7 වැනිදා කෙන්යාවේ Nairobi සහ ටැන්සානියාවේ Dar es salaam නගරවල ඇ⁣මෙරිකානු තානාපති කාර්යාල දෙකට බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා(Truck bombs). මේ ප්‍රහාර වලින් 200+ මිය යනවා. ප්‍රහාර වල වගකීම Al-quida වට බැරවෙද්දි , ප්‍රහාරයට සති කීපයකට පෙර ආපු බුද්ධි වාර්තා "False alarm" හැටියට බැහැර කරපු විදිය ගැනත් හෙළි වෙනවා.


හැබැයි,

*ප්‍රහාරය වෙලාවේ  කෙන්යාවේ ඇමෙරිකානු තානාපති තානාපති කාර්යාලයේ ඉඳල නෑ.

*ටැන්සානියාවේ ඇමෙරිකානු තානාපති මාස ගණනිකින් තානාපති කාර්යාලයට  ගිහිල්ල නෑ.

*බෝම්බ සඳහා භාවිතා කරපු එක truck එකක් තානාපති කාර්යාලයේ පාවිච්චියට ගත්ත water truck  එකක්.

*Dar es salaam වල ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය ඊට කලින් ඊශ්‍රායලය පාවිච්චි කරපු තැනක්.

මේ සිදුවීම් සියල්ල coincidence වෙන්නත් පුලුවන්..

බෝම්බ ප්‍රහාර ගැන intelligence reports තියෙද්දි ඒවා මඟහැරෙන විදි ටිකක් අමුතුයි. ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ වැඩේ පහසුවෙන් කර ගන්නට ඉඩ දීමෙන් දිගු කාලීන වාසියක් කවුරුහරි ගන්නවද? එහෙම ගන්නවා නම් සිවිල් වැසියො රඟ දක්වන්නේ බිලි පිත්තක අමුණපු පණුවගේ චරිතයද?


 April 21 easter attack එක ගැනත් මේ විදියටම intelligence reports ඇවිල්ල තිබුණ කියන එක අපි හැමෝම දන්න කාරණයක්. එතනදිත් ප්‍රසිද්ධ දේශපාලනඥයෝ බොහොමයක්ට පල්ලි මඟ හැරිලා තියෙනවා.

සමහරවිට තව අවුරුදු ගාණකින් පස්සේ මේ සිදුවීම් සම්බන්ධයෙන් අයවලුන් ආයතන හෙළිදරව් වෙයි. මේවාගේ වාසි නෙළාගත්ත පිරිස හෙළිවෙයි. සමහරවිට ඒ අපි කිසිම විටෙක නොසිතන මිනිසුන් ආයතන වෙන්නට බැරිකමකුත් නෑ..

ලෝක බල දේශපාලනය හරිම විෂමයි. සමහරවිට ඔබ අපි නොදන්න නමුත් කාගෙ හරි වුවමනවකට පාලනය වන ඉත්තෙක් වෙන්න පුලුවන්.

Saturday, April 27, 2019

Religious Extremist ලා හැමෝම නරකද?

Religious Extremism කිව්ව ගමන්ම අපිට මැවෙන චිත්‍රය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි . ඒත් මම යෝජනා කරොත් religious extremism කියන්නේ හැමවෙලාවකම භයානක දෙයක් නෙවෙයි කියල.......

අපි ජෛන extremist කෙනෙක් ගමු. මිනිහා වැඩිම වුනොත් ඇඳුමක් නැතිව, ඇවිදයි. වට පිට නොබලා කූඹයෙක්වත් පෑගෙයිද කියල වොරි වෙන ගමන් ,වතුර කෝපපයක් බිව්වත් රෙදි කෑල්ලකින් පෙරලා බොන වෙජිටේරියන් ඩයල් එකක්...
Buddhist extremist කෙනෙක් බලමු. මිනිහා වුනත් කැලේකට ගිහින් භාවනාවක් කරයි, පිළිකුල් භාවනාවක් කරයි. ශීලයක් සමාදන් වෙයි.ඒක එතනින් ඉවරයි. හොඳ නරක ටික පුද්ගලිකයි. සමාජයට බලපෑමක් , තර්ජනයක් නැති තරම්.


හැබැයි islamic extremist කෙනෙක් කියන්නෙම ස්වයං විනාශකාරි මිනිස් බොම්බයක්. ඒක ඉස්ලාමයේ තියෙන අවුලක් . ලොකු අවුලක්. සමහර මුස්ලිම් අය කියනවා මේක ඉස්ලාමයේ අවුලක් නෙවෙයි වැරදි මිනිසුන් කිහිපදෙනෙක් කුරාණය වැරදියට කියවීම නිසා වෙන දෙයක් කියලා. නෑ ඒක වැරදියි. ඉස්ලාමය බිහිවෙන්නෙම violent background එකකින්. මහම්මත් තුමා ඉන්න කාලේත් infidels ලට  නැත්නම් අවිශ්වාසකරුවන්ට වුනේ එක්කෝ මරණය වැළඳ ගැනීමට නැත්නම් ඉස්ලාමය පිළිගැනීමට. තිඹිරිගෙයිදිම මතුවෙන්නේ තර්ජනාත්මක ස්වරූපයකින්.අවුරුදු 1000කට පස්සෙත් මේ නැඹුරුවේ කිසිම වෙනසක් වෙලා නෑ. වෙනසකට තියෙන්නේ කඩුව තියෙන තැනට බෝම්බ replace වුන එක විතරයි.

අනෙක් හැම ආගමක්ම ක්‍රමානුකූලව වෙනස්කම්වලට ලක් වෙලා තියෙනවා.  අපි බැලුවොත් මැද පෙරදිග මූලික කරගෙන බිහිවුන තවත් ආගමික ග්‍රන්ථයක් වුන බයිබලෙත් අර වගේම violent readings තියෙනවා.

"පොළවට සමාදානය පමුණුවන්ට ආයෙමියි නොසිතල්ලා;කඩුව මිස සමාදානය පමුණුවන්නට නොයෙමි"
                            (ශු. මතෙව් x-34)

"මක්නිසාද මනුෂ්‍යනු ඔහුගේ පියා සමඟද දුව ඇගේ මව් සමඟද ලෙහෙළි ඇගේ නැන්දා සමඟද බේදකරවන පිණිස ආයෙම්."
                             (ශු.මතෙව් x-45)


" කඩුවක් නැත්තා තමාගේ සළුව විකුණා ඒක ගනීවා."
                             (ශු.ලූක් xxii-36)

මේ ප්‍රතිවිරෝධතා මඟ හැරලා ඉදිරියට යන්න කතෝලිකයන්ට නැත්නම් ක්‍රිස්තු භක්තිකයන්ට පුලුවන් වුනා. තවදුරටත් දැඩි මතධාරී කතෝලිකයා සමාජයට ඒ තරම් හානියක් නෙවෙයි. ඒ්ත් ඇයි ඉස්ලාමයට තමන්ගේ ආගමේ ප්‍රතිවිරෝධතා මඟහරින්නට බැරි වුනේ???

Wednesday, April 24, 2019

ඉස්ලාමය හැදුන හැටි


මහම්මත් නබි තුමා නැත්නම් ඉස්ලාමයේ අවසාන දූතයා ඉපදුනා කියල පිළිගැනෙන්නේ වර්ෂ 570 මක්කම දී. ඔහු ඉපදෙනවිටත් මක්කම යනු වෙළඳ කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම විවිධ ආගම් ඇදහීම් වලට තෝතැන්නක්. කලු පෙට්ටියක් වගේ අපි දකින කබා පූජ්‍යස්ථානය ඒ වෙද්දිත් මිනිසුන්ගේ පිදුමට ලක්වෙන තැනක්. යුදෙව් දහම ක්‍රිස්තියානිය ඒ වෙද්දිත් මක්කම ඇදහෙමින් තිබුණ ආගම්.

  අබ්දුල්ලා නැමැති පියාටත් අමීනා නැමැති මවටත් දාව ඉපදෙන මහම්මත් පසුකාලීනව තමන්ගෙ මාමා වුන තාලීම්  සමඟ වෙළඳාම සඳහා විවිධ ප්‍රදේශ වලට ගමන් කරනවා. එ් අතරදි තමයි ඔහු කදීජා නැමැති ධනවත් ⁣ව්‍යාපාරීක කාන්තාවක් ළග රැකියාවට යන්නේ. ව්‍යාපාරයේ සාර්ථක මහම්මත් කෙතරම් ඉක්මනින් කදීජා ගේ සිත දිනාගන්නවාද කිව්වොත්   තමන්ට වඩා වසර ගණනාවත් වැඩිමහල් කදීජා සමඟ විවාහයක් දක්වා  එම සබඳතාව දිගු වෙනවා. ඒ වෙනකොට කදීජා ට වයස 40ක් මහම්මත් ට 25ක්.  සාමාන්‍ය මහම්මත් ට ධනවත් කදීජා නිසාම ඔහුට මක්කම යම් පිළිගැනීමක් ඇතිවුනා යැයි සිතන්න පුලුවන්.  වයස 40දී පමණ තමයි මහම්මත් තුමාට හීරා ගල්ලෙනකදී Gabriel තුමා දර්ශනය වෙලා අල්ලාගේ පළමු පණිවිඩය ලැබෙන්නේ.  ඉන් පසු වසර ගණනාවක් මේ විදියට අල්ලාගේ පණිවිඩ මහම්මත්ට ලැබෙනවා . මේ පණිවුඩ හැටියට ලැබුණ දේව වාක්‍යය තමයි පසුකාලීනව කුරාණය බවට පරිවර්තනය වෙන්නෙ. කුරාණය පරිච්ඡේද 114 කින් සහ සුරා 6616 කින් සමන්විතයි. හැබැයි කියවෙන විදියට මහම්මත් නබිතුමාට අකුරු ලියන්න කියවන්න බෑ.

  මහම්මත් ගේ පළමු අනුගාමිකයන් පිරිස වෙන්න කදීජා ඇතුළු ඔහුට සමීප පිරිස. ඔහුගේ මුල් දේශනා මක්කම වෙළඳ ප්‍රජාවගෙ හිත් වලට ඇල්ලුවේ නැහැ. විවිධාකාර දේව ඇදහිලි තිබුණ මක්කම ට මහම්මත් ගේ  " එකම දෙවියා අල්ලා ය." සහ පිළිම සංකේත ඇදහීමට විරුද්ධව ඔහුගෙ අදහස් හේතුවෙන්ම ගුටි නොකා බේරුණා.  කබා පූජ්‍යස්ථානය වැඳ ගන්නට පැමිණි වන්දනා කරුවන් තරහ කර ගැනීමට වෙළඳ ප්‍රජාව මෝඩ වුනේ නැහැ.


මහම්මත් මදීනාවට පලා යන්නේ එහෙම.Hijra යනුවෙන් හඳුන්වන්නේ මෙන්න මේ ගමන.ගෝත්‍රික කණ්ඩායමම්වල  ගැටුම් වලට ලක්වුණු මදීනාවේදි මහම්මත් ට යම්තැනක් ලැබෙනවා. ඔහුට එම ගෝත්‍රික කණ්ඩායම් සමඟි කිරීමට හැකි වෙනවා. ඉස්ලාමයේ ව්‍යාප්තිය පටන් ගන්නේ එතැනින්. එතැන් පටන් මදීනාව මහම්මත් ගේ බලපෑමට ලක්වෙනවා. මදීනාවට එක නීතියක්, වෙළඳ සහ සමාජ නීතී ඇතිවෙනවා  . මත්ද්‍රව්‍ය ,ගණිකා වෘත්තිය සහ සූදුව තහනම් වෙනවා. බෙදී තිබුණ මදීනාව 'එක විදියක්' වුනේ එහෙමයි. ඒ විදියට මුළු මදීනාවෙම බලය මහම්මත් අතට යෑමට ගතවුනේ වසර කීපයයි. ඉස්ලාම් රාජ්‍ය සංකල්පය බිහිකරන්නේ එතුමා මදීනාවේදි. බලවත් මහම්මත් වර්ෂ 629 දී ඔහුගේ ඉස්ලාමය හමුදා මක්කමට මෙහෙය වනවා.ඔහු මක්කම අල්ලගන්නවා පමණක් නොවෙයි මක්කම ඉස්ලාමයට බලෙන්ම පරිවර්තනය කරනවා. සුප්‍රකට  කබා දේවස්ථානය මුස්මානුවන්ට හිමි වුනේ එහෙමයි.

Sunday, March 3, 2019

ලාභ කිරිපිටි බොන හිඟන්නො

අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි.
ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා.
ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්‍රමණය කරද්දි හයිලන්ඩ් වලට තිබුනේ හරිම දුප්පත් පොල්තීන් ඇසුරුම. ඝනකම් පොලිතීන් ඇසුරුමේ නිරුවත කඩදාසී පෙට්ටියෙන් වැහෙන තරමට Modify වෙන්නත් හයිලන්ඩ් වලට අවුරුදු වලින් බර ගාණක් ගියා.

කාලයක් තිබුණා අපි කඩයකට ගිහින් හයිලන්ඩ් පිටි තියෙනවද ඇහුවම අනෙක් පාරිභෝගිකයො අපි දිහා කිණ්ඩියට බලන.

"ලාභ කිරිපිටි  බොන හිඟන්නෝ...."

අනෙක් උන් බහුතරයක් හිතන්නෙ එහෙමයි.

"සල්ලිකාර ගෙවල් වල ඔය ලා⁣⁣භ කිරිපිටි දෙන්නෙ බල්⁣ලන්ටලු...."

ඇත්තද දන්නෙ නෑ.
බල්ලොනම් කවදාවත් එහෙම කියල තිබුණේ නෑ.
හැබැයි මිනිස්සු කියල තිබුණා.

දුප්පත් ගෙවල්වල බල්ලො කන්නෙ බොන්නෙත් මිනිස්සු  කන ඒවාමයි.
ආයේ අමුතුවෙන් උයන එකක්යැ.

ඒ කතාව මෙහෙම කියන්නත් ඔට්ටුයි

දුප්පත් ගෙවල්වල මිනිස්සු කන්නෙ   බොන්නෙත්   බල්ලො කන ඒවාමයි.

තර්කයක් හැටියට හරි ඉතින්....


.............................


දැන් ආයේම මිනිස්සු හයිලන්ඩ් පැල්වත්ත හොයනවා.
සුපර් මාකට් වල පිටරට කිරිපිටි වේලෙනවා.
ඇයි ඇහුවම පිටරට කිරිපිටි වල වස විෂලු.
ඇත්ත ද දන්නෙ නෑ.
එයාලා කියනවා අපි අහනවා.

ඉස්සර ලංකාවේ කිරිපිටි මාකට් එකේ රැඟුවේ NESPRAY.
දෙකට හිටියේ LAKSPRAY.
ඇන්කර් පොඩිහිට්යෙක්.

චර්නොබිල් බලා⁣ගාර කාන්දුවෙන් පස්සෙ  යුරෝපයෙන් එන කිරිපිටි වල විකිරණ තිබුණලු.
විකිරණ එක්ක ආපු යුරෝපයේ කිරිපිටි මාකට් එක වැටිලා.
සල්ලි දීලා කවුද Two in one විදියට කිරිත් එක්ක විකිරණ බොන්නේ.
NESPRAY මාකට් එකත් වැටුනා.

NESPRAY  වැටෙද්දි " නවසීලන්තයෙන් පමණයි"  පාඨය එක්ක ඇන්කර් කාරයා මාකට් එක අල්ල ගත්තා.

දැන් එයා⁣ගෙත් ඌරු තෙල් ලු. පාම් ඔයිල් ලූ.
ඇත්තද දන්කෙ නෑ. එයාලා කියනවා අපි අහනවා.

දැන් ඇන්කර් කාරයත් වැටෙන සයිස්.හයිලන්ඩ් ලට පැල්වත්තලට චාන්ස් එක.
දැන් එයාලටත් පුලුවන් "දේශීය එළදෙනුන්ගෙන් දොවාගත්ත කිරි වලින් නිෂ්පාදිතයි" වගේ ලයින් එකකට යන්න.

එහෙම කිව්වම අපි අහනවා.
අහගෙන ඉඳලා බොනවා.
එයාලත් අපිට වස පොවනකල්.....






Friday, February 15, 2019

අසහාරා ලා මධූෂ්ලත් සිටුවරු තමයි

ෂෝකෝ අසහාරා කියන ජපන් ත්‍රස්තවාදීයා වරක් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මුණ ගැසීමට ලංකාවට එනවා. ඒ මුණ ගැසීම කෙළවර වෙන්නෙ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ආරාමයකුත් හදල ඉවරවෙලා. වැඩේ කියන්නෙ පස්සෙ කාලේක උන්වහන්සේ ගැන පොත් ලියන අයියලා කියන විදියට ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ටෙලිපති ක්‍රමයට පණිවිඩ හුවමාරු කරගන්න පුලුවන්ලු, හිත් කියවන්න පුලුවන්ලු හැබැයි අසහාරා කියන අපරාධකාරයාගේ හිත කියවන්න මිස් වෙලා. එහෙම බලද්දි මධූෂ් උදව් කරපු පන්සලේ හාමුදුරුවෝ පව්.එ් හාමුදුරුවන්ට නම් අර කියපු talent මොකුත්ම නැතිව ඇති. .

(ජායාරූප ගත කරේ: " ඉසිවරුන් දුටු මගේ  බව ගමන 2" - බදුල්ලේ මෛත්‍රී රත්නායකගේ සංස්කරණයක්)

ඉතිහාසය පුරාවටම පන්සල් පල්ලි කෝවිල් වලට උදව් කරලා තියෙන්නේ මධූෂ් ලා අසහාරාලා තමයි. වෙනසකට තියෙන්නේ ඔවුන් රජ මැති ඇමතිවරු සිටුවරු වෙළෙන්දේ විදියට ලේබල් වෙලා තියෙන එක. උන්ගෙන් දැහැමෙන් සෙමෙන් සල්ලි හම්බ කරපු උන් තුන් හතර දෙනෙක් ඇති.

Sunday, January 20, 2019

සිරියහනේ ඇත සහනේ


ඔබගේ ලිංගික ජීවිතය අතෘප්තිමත්ද?
ඔබගේ ලිංගික ශක්තිය පිළිබඳ නිවැරදි තක්සේරුවක් සමඟ ලිංගික ගැටලුවලට ක්ෂණික විසඳුම්.
රජ සිටු මැදුරුවල නොබිඳෙන විශ්වාසය සමඟින්
නව අැසුරුමක පෙරටත් වඩා සුවඳින්
විශ්වාසයි කල් පවතී. වගකීමට බැඳී සිටී.
30 Day money back guarantee

Thursday, January 10, 2019

සිරස ට අත නොතබනු

සිරසට අත තියන්න එපා . මෙහෙම කියන්නෙ අපි නෙවෙයි සිරසෙ අයම. මෙයාලට ගොඩක්ම තරහ ගිහින් තියෙන්නේ කලු මාධ්‍ය කියන වචනයටයි ඊයේ සිවිල් සංවිධාන කලු ඇඳගෙන මූණ වහන් සංකේතාත්මකව කරපු විරෝධය හින්දා. මුණ වහන් කරපු ව්රෝධයේ සංකේතාත්මක අදහස වත් සිරස තේරුම් ගත්තේ නෑ.

සිරස, ලංකාවේ මාධ්‍යවල වෛරයේ සංකේතය   ⁣. සිරස එක දෙයක් හොඳට දන්නවා ඒ තමයි තමන්ට පහර වැදුනම තමන්ගේ විකාශන කාලය ලෝබ නැතිව වියදම් කරලා ප්‍රති ප්‍රහාර එල්ල කරන්න. මෑතකදි බැසිල් රාජපක්ෂ ට වුනෙත් එහෙම දෙයක්. මේ ලිස්ට් එක දිගයි. අපි  ඒ ගැන පස්සෙ කතා කරමු. සිරස මේ වෙලාවේ කියනවා එයාලගේ ආයතනය නිර්මාණය කරපු කලා කටයුතු වලට හිටපු නළු නිළියොත් මේ විරෝධයට ඇවිල්ලලු. සිරසට හරියට දුක හිතිලා. අනාගෙතේ සිරස produce කරන නිර්මාණ වලට එකතු වන කලා කාරයන්ට සිරසට විරුද්ධව වැඩ කරන් නෑ කියල agreement ගහන්න වුනත් පුදුම වෙන්න දෙයක් නෑ. පහුගිය යුද්ධෙ කාලේ තහනම් වුන මව්බිම පුවත්පතේ තිබුණා AK47 කියල පත්තරේ කොටසක්. දවසක් මේකේ දාලා තිබුණ sirasa superstar තරඟයට ඉදිරිපත් වෙන තරඟකරුවන් එකඟ විය යුතු agreement එක. මට මතක විදියට ඒකේ මෙහෙම කොටස් වගයක් තිබුණා

* වැඩසටහන පුරාවට වෙන හැම දෙයක්ම සිරස විසින්  පටිගත කරන අතර ආයතනයේ අභිමතය පරිදි විකාශය කරනවා

* අවසන් තරඟකරුවන් 200 ඇතුලට එන අය M entertainment හැර වෙන කිසිදු ආයතනයක් හරහා ගීත එළිදක්වන්න බෑ.

වචන වෙනස් වුනත් මෙහෙම අදහස් එන conditions දෙකක් තිබුණා. AK 47 කරපු අය අන්තිමට අහල තිබුණා මානව හිමිකම් ගැන කතා කරන අය මේකට මොකද කියන්නෙ කියන ප්‍රශ්නය. සුපර්ස්ටාර් තරඟයක 199 වෙනි එකා කවුද කියල අපි දන්නෙවත් නෑ. අඩුම තරමේ 100, 50 වත්. හැබැයි උන්වත් කාලකණ්ණි විදියට agreement එකකට හිර කරලා දාන්න සිරස සමත්. සුපිරි හීනයක ඉන්න මිනිස්සු තමනුත් නොදැනීම හිරේ වැටිලා.  දශකයකට පස්සෙත් සුපර්ස්ටාර් Agreement එක වෙනස් වෙලා නැද්ද දන්නෙ නෑ. සුපර් ස්ටාර් පළවෙනි සීසන් එකේ හිටපු දර්ශන ප්‍රමෝද රන්සිළු එක්ක ඇල්බම් එකක් කරනවා. ඒත් එක්කම ඒ තරුණයගේ සිරස එක්ක තිබුණ දීගය එතනින් ඉවර වෙනවා.

සිරස එයාගේ බල පුලුවන් කාරකම මී වඩා පෙන්නලා තියෙනවා. 2005 2006  2007 කා⁣ලේ කියන්නෙ සිරසයි ජවිපෙ යි attack කාලයක්. ලංකා පත්තරේ හෙඩිමට කොටි සිරස කියල වැටෙන පෝස්ටර් තාප්ප පුරවද්දි සිරස හතේ ප්‍රවෘත්ති වලින් විනාඩි 10ක් ලෝබ නැතිව වෙන් කරනවා ජවිපෙට ගහන්න. කොහේදෝ මනුස්සයෙක් ගිනි තියාගෙන මැරුන එකකට මළ ගෙදරට ගිහින් voice cut ගන්නවා. මැරුන කෙනා ජව්පෙ අදහස් වලට කැමති කෙනෙක්, voice cut දෙන අය කියනවා.සිරස මේක ප්‍රවෘත්ති වලට ගහනවා. දේශපාලනික නොවන දෙයකට  Suicide කර ගත්ත මරණය සිරසට දේශපාලනය වෙනවා. විමල්ට සාහිත්‍ය පොතක කතුවරයා වැරදීම සිරසට නිව්ස් වෙනවා. ⁣සෝමවංශ ගේ ස⁣හෝදරියගේ කුලියට දීපු නිවස ගණිකා නිවාසයක් වීමේ කුණු රස  සිරස දවස් ගාණකට නිව්ස් වලින් බෙදා ගන්නවා. ජාතික රෑපවාහිනීයෙදි මට්ට වුනු මර්වින් ගේ වීඩියෝ breaking news වෙලා සිරස පෙන්නනවා. යටින් දානවා දර්ශන අනුග්‍රහය - ජාතික රෑපවාහිනීය . මර්විනගේ අලකලංචිය එදා දවස පුරාම නැවත නැවත සිරස තිරය සරසනවා. එතනින් එහාටත් ගියපු සිරස හතේ ප්‍රවෘත්ති වෙලාවට තිරය යටින් මර්වින්ගේ කාටූන් එකකුත් පෙන්නලා විනෝදයක් විඳිනවා. එහෙම මරා ගත්ත සිරස යි මර්විනුයි පස්සෙ ආයේමත් සෙට් වෙනවා. රනිල්ව උඩ දාපු සිරස රනිල් එක්ක තරහා වෙනවා.  ඒ තරහ වෙන්නෙ ත් ජාතික ලැයිස්තු මනත්‍රීකම් බෙදාගන්න බැරිව. ඒක මහාරාජාගේ ආශාව. තමන්ගෙ කීකරු සේවකයන් රාජ්‍ය පාලනයට යොමු කරවන එක. රනිල්ගෙන් පස්සෙ මහාරාජා ට මෛත්‍රී ජනපති සෙට් වෙනවා.එදා ඉඳන් මෛත්‍රී ළඟ ඉන්නේ මහාරාජා ගේ කට්ටිය. ඉස්සරහට සිරස ට මෛත්‍රී තරහ  වෙලා රනිල් හොඳ වෙන්නත් පුලුවන්. ඒ සිරසෙ හැටි. ඒක තකකඩිකමක්. සිරස ආසයි බලය තියෙන මිනිස්සු පාලනය කරන හස්තය වෙන්න. තමනගේ පොයින්ට් එක හරි කියල පෙන්නන්න ඕනෑම කණු ගොඩක එක්ක නිදි වදින්න සිරස දෙපාරක් හිතන් නෑ. තමන්ගේ පාලනය කාලය තුළ ක්⁣ලේමෝ ගහන්න තරම් වෙස්සන්තර වෙච්ච මහින්ද ගෙන් පවා මාධ්‍ය නිදහස ගැන පාඩම් කියල දෙන්න සිරස ලැහැස්තියි. සිරස ට විරුද්ධයි නම් පුදමාකාර තර්ක ගොඩනඟන්නත් ඔවුන් දක්ෂයි. ඊයේ සිරස විදර්ශන කන්නංගරව  ජවිපෙ සාමාජිකයෙක් කරෙත් ඒ විදියට. ලාල්කාන්ත එක්ක එකම වේදිකාව හිටපු නිසාම විදර්ශන ජවිපෙ වුනා. වේදිකාව මොකක්ද කියන එක සිරස ට අදාළ නෑ. එහෙම බැලුවොත් 2005 ජනාධිපතිවරණෙ මහින්ද එක්ක ජවිපෙ එක වේදිකාවේ හිටපු හින්දා හෙට අනිද්දට මහින්දත් සිරසට ජවිපෙ වෙන්න ඉඩ තියෙනවා. ඒ සිරසෙ හැටි. සිරස අද ඉඳලම ඊයේ විරෝධතාවයට ආපු අයගේ පෙර වැරදි හොයන්න පුලුවන්. ඉස්කෝලේ යන කාලේ දණ ගහගෙන එහෙම හිටියනම් පරෙස්සමින්. සිරසට එ්කත් ඇති.

ඔක්තෝබර් කුමන්ත්‍රණය ගැන පසුවදනක්

2018 ඔක්තෝබර් 26 හෙවත් සිරිසේන track මාරු කරපු දවස. ඉතිහාසයට  විහිළු පරිච්ඡේදයන් කිහිපයක් එකතු කරපු මාස දෙකක ආරම්භය. මේ සිදුවීම් අරභයා විවිධාකාර අර්ථකථන ඉදිරිපත් වුනා .මේ ඒ සම්බන්ධව මගේ පසුවදන.

1. මෛත්‍රීපාල සිරිසේන.

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ පියා. මෛත්‍රී එකපාරටම රනිල්ව කපලා මහින්දට අගමැතිකම දෙන්න පෙබරවාරි චන්ද ප්‍රතිඵලය ලොකුම හේතුවක් වෙන්න ඕනේ. මීළඟ ජනාධිපතිවරණයට UNP එක ඔවුන්ගේම අපේක්ෂකවෙක් ඉදිරිපත් කරන බව පැවසීමත් පැවති මැතිවරණයෙන්  නිදහස් පක්ෂය පසුකර පොහොට්ටුව ලොකු පිම්මක් පැනීමත් එක්කම මෛත්‍රී වෙන choice එකක් නෑ.මෛත්‍රී මේ තීරණය ගත්තෙ නැත්නම් මීළඟ ජනාධිපතිවරණයෙන් කූජීතවෙන එක අනිවාර්යයි. තමන්ට ලැබුණ ජනවරමට පස්ස පෙන්නීම එක්කම මෛත්‍රී⁣ට තමන් කරපු දේ සාධාරණීකරණය කරන්නට පුද්ගලික ලිංගික කාරණා පවා වේදිකාව උඩට තලු මරන්නට වීමෙන් පෙනෙන්නේ ඔහුට තමන් කරපු දේ ගැන කුණු කතා , සංස්කෘතික නොගැළපීම් කතා හැරෙන්න වෙන සාධනීය හේතු දැක්වීමක් නෑ කියන එක. බැඳුම්කර වංචාව ගැන පොඩි පොඩි නහයෙන් ඇඬිලි තිබුණත් චෝදිත දේශපාලනඥයින්ගේ නම් එළියට නොදෙන්නේ ඔහු ළඟ සිටිනා නිදහස් පක්ෂ දේශපාලනඥයින්ගේ නම් මේ චෝදනාවට ගෑවී තියෙන නිසා බව පැහැදිලියි. මෛත්‍රීගේ එකම අරමුණ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ ඒ සඳහා මහින්දගේ කඳවුර පාවිච්චි කරන එක. මෛත්‍රී ගේ මේ බලාපොරොත්තු යම් පමණකට සාර්ථක වෙන්න පුලුවන් . ඒ තමයි  මහින්ද අගමැතිකමට කියන කැරට් අලය ඉස්සරහට දාගෙන මැතිවරණය මෙහෙයවන එක.

02.ගෝඨාභය රාජපක්ෂ
මට පේන විදියට ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් ලොකුම හානීය වුන පාර්ශවය තමයි ගෝඨා . එළිය , වියත්මඟ ඉස්සරහට දාගෙන ඔහුත් සැරසුණේ මීළඟ ජනාධිපතිවරණයට ⁣. ඊට හරහට තිබුණ එකම කාරණය ඇමෙරිකානු පුරවැසිභාවය පමණයි. මාධ්‍ය වාර්තා හැටියට නම් ඔහු තාම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන නෑ.ඒ වගේම ඒක හිතන තරම් ලේසිත් නෑ.ඔහු අඩුම තරමින් පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලීමක් වත් කරලා නැත්නම් අපිට හිතන්න පුලුවන් එකම දේ එළිය , වියත්මඟ වගේ වැඩසටහන් ඉස්සරහට දාගෙන ඔහු ක⁣රේ තමන්ට විරුද්ධව විභාග වෙමින් පවතින නඩු තීන්දු වලට යම් බලපෑමක් කරන එක විතරයි කියන එක. ඒ වගේම මහින්දගේ නාමල් project එකට  ගෝඨා කියන්නෙ බාධාවක්. ගෝඨා ජනාධිපතිවරණ රේස් එකට ඇවිල්ලා ඔහු බලය තහවුරු කර ගත්තොත් මහින්ද පාර්ශවයෙන් නාමල් සාධකය අඩුම තරමෙන් තවත් දශකයකින් පස්සට යනවා.සමහරවිට නාමල්ට ආයේ no chance වෙන්නත් පුලුවන් . ඉතින් මේ වෙලාවේ මහින්දටත් ගොඩ යන්න ලැබුන chance එකක් තමයි  මෛත්‍රී එක්ක එකතු වීම.මේත් එක්කම තරඟෙන් මුලින්ම කැපුණේ ගෝඨා. කුමන්ත්‍රණයෙන් මාස තුනකට පස්සෙත් පැහැදිලි එක දෙයක් තමයි ගෝඨාගේ දේශපාලනයේ අපැහැදිලි බව.දැන් දැන් දේශපාලන සාකච්ඡා වල ගෝඨා ගැන සඳහනක් නෑ. ගෝඨා project එකේ හිටපු විමල්ලා ගම්මන්පිලලත් දැක් කතා කරන්කේ මෛත්‍රී මහින්ද සුසංයෝගයක් ගැන. ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් ගෝඨා ට ඉගෙන ගන්න තියෙන හොඳම දේ තමයි ලංකාවේ තියෙන දේශපාලන අවස්ථාවාදය. තමන් එහි ගොදුරක් වී සිටිය බව.

03. රනිල් වික්‍රමසිංහ

ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් වාසි වුන කෙනෙක් තමයි රනිල්. ළඟ එන මැතිවරණ වලින් නියත පරාජයක් අත්වෙන්න තිබුණ රනිල්ට UNP එක තරඟයක් දිය හැකි පක්ෂයක් තත්වෙට ගෙන ඒමට මෙම කුමන්ත්‍රණය දායක වුනා. කුමන්ත්‍රණ සාර්ථක වුනා නම් රනිල්ට පක්ෂ නායකත්වයත් නැතිවෙන්න තිබුණා.යම් විදියකින් මීළඟ  ජනාධිපතිවරණය ට රනිල්ට සමඟ නිදහස් පක්ෂය අැතුලු මහින්ද පාර්ශවයෙන්  මෛත්‍රී ඉදිරිපත් වුනොත් රනිල්ට දිනන්න වුනත් ඉඩක් තියෙනවා කියන එකයි මගේ හැගීම.තමන් විශේෂ යමක් නොකරම දේශපාලන ශක්තියක් ළඟා කර ගන්නට ඔක්තෝබර් කුමන්ත්‍රණය අවසානයේ රනිල් සමත් වෙනවා. මීට මාස තුනකට කලින් කවුද හිතුවේ UNP එක ගොල්ෆේස් පිට්ටනියේ රැළියක් පවත්වයි කියල?

04.සජිත් ප්‍රේමදාස
ඔක්තෝබර් කුමන්ත්‍රණයත් එකක මටනම් ඔහුගෙන් පේන්නේ කපටි හැසිරීමක්. මේ කුමන්ත්‍රණය පිටුපස සජිත් හිටියද කියන සාධාරණ සැකයක් පේන්නේ මෛත්‍රී එක්ක ඔහු දිගින් දිගටම පවත්වන ආශ්‍රයත් එක්ක. මෛත්‍රී රනිල්ට නැවත අගමැතිකම ⁣දුන්න වෙලාවේ කරපු කුප්‍රකට කතාවට පස්සෙ වුනත් ඔහුගෙන් ශ්‍රීමත් ජනපති කතාව නැති වෙන්නෙ නෑ. අනෙක් UNP මැත් ඇමැතිවරුන් මෛත්‍රී සම්බන්ධව නිශේධාත්මක අදහස් දරද්දි සජිත් ඊට විරුද්ධ විදියට හැසිරෙනවා.  මෛත්‍රී විසින් මහින්දට අගමැතිකම දෙන ගමන් සජිත්ට පක්ෂ නායකත්වය තහවුරු කරගෙන ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඔහුගෙන් ඉල්ලුවා වෙන්නත් පුලුවන්. අනෙක් කාරණය ඒ දවස්වල දෙතුන් වතාවක් පැති මාරු කරපු මන්ත්‍රීවරු සියල්ලම නැවත UNP යට සහයෝගය පළ කරපු අවස්ථා කිහිපයේම නැවත එන්නෙ සජිත් සමඟ වීම. ඒ වගේම සජිත් කියන්නේ මහාරාජා ගෙ ඉත්තෙක් වීමත් මෛත්‍රී ළඟ සිටින බහුතරයක් දෙනා මහාරාජා හිතවතුන් හෝ ඔහුගේ ආයතනවලින් පැමිණි පුද්ගලයන් වීමත් මේ සැකයට තව හේතුවක්.

05. මහින්ද රාජපක්ෂ
කුමන්ත්‍රණයෙන් නම කැත කර ගත්තු තවත් කෙනෙක් තමයි මහින්ද. ඉදිරි  මැතිවරණ වලින් පැහැදිලි ජයග්‍රහණයක් පෙනි පෙනී තියෙද්දි හදිසියේ අගමැතිකම ගන්න නම් මහින්දට මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්නම ඕනේ. දශක ගාණක් දේශපාලනයෙන් තෙම්පරාදු වෙච්චි මහින්දට මාස 10ක් 12 ක් ඉවසන්නට නොහැකි වුනේ ඇයි.?
සමහරවිට ඒ ගෝඨාභය සාධකය තරඟයෙන් ඉවත් කරන්නට වෙන්නත් පුලුවන් . නැත්නම් තියෙන නඩු හබ වලින් ගොඩ යෑමේ හදිසි තීරණයක් වෙන්නත් පුලුවන්. පුද්ගලිකව මටනම්  පේන්නේ ගෝඨාභය සාධකය අයින් කරන එක වැදගත් වෙලා කියන එක.කුමන්ත්‍රණය සාර්ථක වුනානම්  මේකෙන් මහින්දයයි මෛත්‍රීටයි දෙන්නටම win -win situation එකක්.මීළඟ ජනාධිපතිවරණෙන්  මෛත්‍රීට නැවතත් ජනාධිපතිකම එක්කම මහින්දට අගමැතිකම. කුමන්ත්‍රණය අසාර්ථක වුනත් ගෝඨා සාධකය දැනටමත් සැළකිය යුතු ප්‍රමාණයකින් තරඟෙන් කැපිලා. ගෝඨා රැල්ල නතර වෙලා විතරක් නොවෙයි එළිය වියත්මඟත් අතරමඟ නතර වෙලා. ගෝඨාව ඕනේ කියපු විමල්ලා ගම්මන්පිලලත් මෛත්‍රී - මහින්ද සුසංයෝර ගැන බණ කියනවා.