tag:blogger.com,1999:blog-13594543523092337692024-03-19T14:30:24.656-07:00හැදෙනකොලුවාමොකුත් නැත්නම් කට වහන් හිටුහැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.comBlogger136125tag:blogger.com,1999:blog-1359454352309233769.post-12048390541238393002022-03-13T06:32:00.000-07:002022-03-13T06:32:33.297-07:00ප්රභාකරන් ට මිස්වුන බස් එක

ප්රභාකරන් සටන් විරාමය ඉස්සරහට අරන් ගිහින් උතුරු පළාත් සභාවට චන්දෙ ඉල්ලුවනම්,

* සිංහල දෙමළ තරුණ ජීවිත විශාල ප්රමාණයක් විනාශ නොවෙන්න තිබුණාා.

* 90% පැනල චන්දෙ අරන් උතුරේ මහ ඇමති වෙන්න තිබුණා.

* ඩයස්පෝරාවෙනුත් හෙල්ප් අරන් උතුර හදන්න තිබුණා.

* පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමන්ට් එකට පැන ගන්න තිබුණා.

* මේ වගේ අර්බුදයක් වෙනකල් අල්ලගෙන හිටියනම් සිංහල උන්ම මිනිහව රටේ නායකයා කරන්න තිබුණා.

* රටෙන් බාගයක් වෙනුවට මුළු රටේම නායකයා වෙන්න තිබුණා.

* මෝඩ ගංකබර පවුලක් රට පාලනය කරන එක පටන් ගත්ත තැනින්ම නතර වෙන්න තිබුණා.
හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com7tag:blogger.com,1999:blog-1359454352309233769.post-47761389311553366332020-05-28T08:34:00.002-07:002020-05-28T08:37:35.780-07:00රාවණා මෙතැනින් කොතැනටද?

මේ දවස්වල රාවණා උන්මාදයක් පැතිරෙනවනේ. ඒ උන්මාදයට පොඩි ඉතිහාසයකුත් තියෙනවා.මිරැන්ඩෝලා සූරිය ගුණසේකරලා කාලයක් තිස්සේ ලංකාවේ සිංහල පත්තර එයාලගේ ෆැන්ටසි වලින් පුරවලා දැම්මා.දැන් ඒක රූපවාහිනී ගුවන්විදුලි මාධ්යවලටත් බෝවෙලා.ඒ අතරින් සියත, දෙරණ වගේ මාධ්ය ආයතන විශේෂයි. මට හිතෙන විදියට නම් රාවණා පිස්සුව නැඟලම යන්න පටන් ගත්තෙ 2009 යුද්ධෙ ඉවර වුනාට පස්සෙ. ඊට කලින් එහෙම රැල්ලක් තිබුණේ නෑ.මට මතකයි මීට අවුරුදු 25 කට විතර කලින් රාමායණය ටෙලි නාට්යයක් හැටියට විකාශය වුනා (චැනල් එක මතක නෑ.ඒ කාලේ තිබුණේ ITN, රූපවාහිනී සහ TNL). රාමායණය බලන පන්තියේ කොල්ලො ඊළඟ දවසෙ ඉස්කෝලේ ඇවිල්ලා කලින් දවසෙ රෑ විකාශය වුන නාට්යය ගැන කතා කරනවා.ටීවී චැනල් වැඩිපුර නැති හින්දම වෙන්ඩැති ඒ කාලේ අහන්නෙ 'මචං ඊයේ කතාව බැලුවද' කියල. කොහොම හරි ඒ කාලේ දැන් වගේ රාවණා සීන් එකක් පත්තරවල ගුවන්විදුලිවල තිබ්බෙම නැති තරම්.

රාවණා පිස්සුව ටික ටික ඇදෙන්න පටන් ගත්තෙ 2012 ලෝක විනාශය හිස්ටීරියා එක කාලේ. මට මතකයි මගෙ යාලුවෙක් කිව්වා මචං රාවණා රජ්ජුරුවෝ මැරිලා නෑ බං සිහිය නැතිව ඉන්නෙ 2012 දෙසැම්බර් නැඟිටිනවලු කියල කතාවක්. කතාව ඇහුවම මූ මොන පිස්සෙක්ද කියල හිතුනත් කට වහන් නිකන් හිටියා ටයිම් පාස් කරන්න මරු කතා ටික හින්දා.මෑන් අන්තිමට කිව්වා මචං internet ගිහින් වර්ඝපූර්ණිකාව කියල search කරල බලපන් ගොඩක් විස්තර තියෙයි කියල.මාත් ගෙදර ගිහින් වර්ඝපූර්ණිකාව search කරල බැලුවම අර කුප්රකට පැරඩි blog එක. ඒකත් සිරා ගත්ත මනුස්ස පරාණ ඒ කාලේ හිටියා.

කොහොමහරි ඔය කාලේ ඉඳලා වැඩි දියුණු වෙලා ආපු රාවණා පිස්සුව තමයි දැන් ආගමක් ගාණට ඔඩු දුවල තියෙන්නේ. දැන් තත්වෙ බරපතලකම කොච්චරද කියනවා නම් ලෝකේ හැමදේම බලපුවම රාවණාගේ නිරමාණ.රාවණා අඟහරුගේ න්යෂ්ටික අවි හංඟලා (හැබැයි ඌ වඳුරු හමුදාවකින් අමා මහ කෑමක් කනවා Dawn of the planet ape වගේ සීන් එකක්ද දන්නෙ නෑ). දැන් රාවණා අයියල මොන තරම් දුර ගිහින්ද කිව්වොත් පුරාවිද්යා කොමසාරිස් ගෙනුත් ගේම ඉල්ලන ලෙවල් එකට ඇවිල්ලා.රාවණා නමින් facebook groups, pages වැහි වැහැලා වගේම හරිම සක්රීයයි.

මේ ගැන ලියන්න හිතුනේ පුද්ගලික සිදුවීමක් හින්දා.සිද්ධිය මේකයි, පුංචිඅම්මගේ පුතා ඉස්කෝලේ ඉන්නෙ 6 වසරේ. ඒ කියන්නේ වයස අවුරුදු 11යි. මිනිහා අද මගෙන් අහනවා

'අයියා දන්නවද රාවණා රජ්ජුරුවෝ තාම ඉන්නවා'

කියලා. මං මිනිහට කිව්වම පිස්සුද මිනිහො මොන ගොන් කතාවක්ද ඒක ,කවුද කිව්වේ ,රාමයණය කියන්නෙ කතන්දරයක් කියල මිනිහා පිළිගන්නෙම නෑ.

' අනේ ඔයා බොරු කියන්න එපා TV එකේ කිව්වේ'

කියල මිනිහා කියනවා. කොච්චර කිව්වත් පිළිගන්නෙ නෑ. මිනිහට TV එකේ කියපු කතාව 'Fact' එකක්.මං ඔලුවෙන් හිටන් කිව්වත් මං කියන දෙයට වඩා රූපවාහිනීයෙන් ඇහුණ දේ ප්රබලයි. කවදාහරි මිනිහා තේරේන වයසට ඇවිල්ලා පත පොත කියෙව්වෙත් හැර වෙන ක්රමයකින් ගොඩ එනවා නම් තියෙන්නේ ඒ වගේම රූපවාහිනී ජනප්රිය වැඩසටහනකින් ප්රතිවිරුද්ධ අදහසක් එන එක විතරයි. මට තියෙන ප්රශ්නය ඒ වගේ රාවණා පිස්සු විකාර පෙන්වන රූපවාහිනී චැනල් හේතුවන් තරුණ පිරිස් සහ පාසල් ළමුන් මොනතරම් ඔලු කුරුවල් කරන් ඇද්ද කියන එක.Ratings වලට ඕනෑම කුණු ගොඩක් මාකට් කරවන මාධ්ය ආයතන වලට වගේ වගක් නැති හැටි.සහ ඒවායේ පෙන්වන හැම දෙයක්ම කිසිම විමසිල්ලක් නැතිව ප්රේක්ෂකයන් පිළිගන්න හැටි. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි,

පැරඩියක් ගිය දුර

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com8tag:blogger.com,1999:blog-1359454352309233769.post-80196536416863364432020-05-09T23:29:00.002-07:002020-05-09T23:33:24.493-07:00අබ්බගාත පිළිම වලට ටටා බායි

හැදෙන කොලුවටත් ආගමික කාලේ තිබුණ ලොකුම ප්රශ්නයක් තමයි ගෙදර තියෙන ඔළු බෙලි කැඩුන බුදු දේව පිළිම වලට මොනවද කරන්නේ කියන එක. මට විතරක් නෙවෙයි ආගමික ගොඩක් අයට (පිළිම අදහන) තියෙන ප්රශ්නයක්.කුඩු කරල දාන්නත් මොකක්දෝ වගේ. බයත් තියෙනවා අපායේ යයි දෙයියෝ කෝප වෙයි වගේ,කුඩු කරල දාන්න බැරි තරමට ශ්රද්ධා සීන් එකකුත් තියෙනවා.

හැබැයි අපිට නම් පස්සෙ කාලේක soluition එකක් ලැබුණා.ඒ තමයි පාරේ අයිනෙ තිබුණ කාක බෝ ගහක්..මුලින්ම කවුරුහරි පින්වතෙක් පිළිම කොටස් ගෙනත් දාලා start එක අරන් දීලා තිබුණා.අපිත් දෙවනුව වැඩේට සෙට් වුනා. පිළිමයක් වුනත් දැන ගන්න ඕනේ එයාලගේ වටිනාකම තියෙන්නේ අංගවිකල නොවී තියෙනකල් විතරයි කියන එක.කොහොම හරි කාක බෝ ගහට පුලුවන් වුනා දැවෙන ප්රශ්නයකට උත්තරයක් දෙන්න. එන්න එන්නම බෝ ගහ වටේට කැඩුණු බුදුපිළිමයි දෙවි පිළිමයි පැටව් ගහල තිබුණා.

ඔන්න දැන් සාදුලා සෙට් එකක් අලුතෙන් වැඩක් පටන් අරන් ආබාධිත පිළිම වලට ගෞරවනීය මරණයක් දෙන්න. පේන හැටියට ඒකත් ලොකු marketing event එකක් කරන් වගේ. මිනිස්සුත් ඔය වගේ ඒවාට කැමති . උන්ට වදයක් වෙච්ච අබ්බගාත පිළිම වලින් ගැලවෙන්නත් චාන්ස් එකත් එන හින්දා.කොහොමහරි ඔය වැඩේ ඉස්සරහට හොඳට නැඟල යයි. ඔය අස්සෙ ආදාහනයෙන් පස්සෙ සමහර පිළිම එර්දි වෙලා වගේ කතන්දර එහෙමත් ඉස්සරහට එයි.අාගමික වැඩ ඉස්සරහට යන්න එ් වගේ කතන්දර හරිම වැදගත්. පිස්සො මොන පිස්සුව නැටුවම අපට මොකද.එයාලගේ සල්ලි එයාලගේ ආබාධිත පිළිම එයාලගෙම කාලය. මට කරන්න පුලුවන් එකම දේ ඕකට තව අයිඩියා එකක් දෙන එක විතරයි. ඒ තමයි ඔය ආගමිකයන්ගෙ ගෙවල්වල පරණ බුදුසරණ පත්තරයි වෙසක් කාඩ් එහෙමත් ඔය විදියටම තියෙනවා.ඔය යක්කු බයටම ඕවා ගොඩ ගහගෙන ඉන්නේ. ඒ හින්දා මං යෝජනා කරන්නේ ඔය ගිනි මංගල්යයට ඔය රෑප පින්තූර එහෙමත් එකතු කර ගන්න කියන එක. එතකොට ආතල් එක සම්පූර්ණයි.

(කතෝලික අයටත් පුලුවන් එයාලගෙ ක්රමයට මේ වැඩසටහන ඉදිරියට අරන් යන්න.)

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com3tag:blogger.com,1999:blog-1359454352309233769.post-6425535382187818312020-04-22T23:15:00.001-07:002020-04-22T23:15:31.846-07:00සල්ලි අච්චු ගහල රට ගොඩ දාමු

පසුගිය මාර්තු 14 වෙනිදා සිට අප්රේල් 14 දා වන මාසය තුළ රජය විසින් රුපියල් බිලියන 200ක මුදලක් අච්චු ගසා ඇති බවට හිටපු අමාත්ය චම්පික රණවක චෝදනා කරනවා. සල්ලි අච්චු ගැහුවම තියෙන අවුල මොකක්ද කියල සාමාන්ය ජනතාව අසනවා. ඇත්තටම මුදල් අච්චු ගහන එක අවුල්ද?

රටේ ඉන්න සෑම පවුලකටම රුපියල් ලක්ෂ 10 ගානේ අච්චු ගහල දුන්නොත් මොනව වෙයිද?

එක රැයෙන්දු ප්පත්කම නැති වෙයිද?

රටක් ද්රව්ය හෝ සේවා විකුණලා සල්ලි උපයන්නේ නැතිව සල්ලි අච්චු ගහල විතරක්ම දියුණු වෙලා තියෙනවද?

මේ විදියට හිතූ මනාපෙට සල්ලි අච්චු ගහලා අමාරුවේ වැටුන රටක් තමය මුගාබේගේ සිම්බාබ්වේ. 2008 නොවැම්බර් වෙද්දි සිම්බාබ්වේ උද්ධමනය:

6500000000000000000000% යි.

සෑම පැය 24කටම සැරයක් භාණ්ඩ මිළ දෙගුණයක් වෙනවා.

සිම්බාබ්වේ one hundred trillion note එකකුත් අච්චු ගහන තරමට දුරදිග යනවා.අන්තිමට පාන් රාත්තලක් ගන්න විල්බැරෝ එකක් පුරවන් සල්ලි අරන් යන්න ඕනෙ මට්ටමට වැටෙනවා.2009 වෙද්දි 'සිම්බාබ්වේ ඩොලර්' එක අතහැරලා දානවා.

හිතූමනාපෙට සල්ලි අච්චු ගහන

බරපතලකම ට තියෙන හොඳම උදාහරණය තමයි මුගාබෙ ගේ සිම්බාබ්වේ.

සල්ලි අච්චු ගහන එකත් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ පන්නයේ වැඩක්. අවුල තියෙන්නේ අපි දැන දැනම අතරමඟ යන එක.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com3tag:blogger.com,1999:blog-1359454352309233769.post-2041844366506648932020-04-05T01:38:00.000-07:002020-04-05T01:38:24.611-07:00එන්න කොරෝනා මා හා යන්න පියාඹා

පළමු කොරෝනා

ගැහැණිය චීනා

සූදානම වානා

මැතිවරණය ඕනා

එක දෙකා වෙන්නා

තුන හතර වෙන්නා

ඉතාලි කාරයෝ

පැතිරුවා කොරෝනා

තොපි කුමට ආවෝ

ජහමනයා ඇසුවෝ

ඉතාලි කාරයෝ සැර නොවෙත්

අවශ්යයි කලක් පවතින එකෙක්

ස' රැකුමට යමක්

කෝ එන්න ඉදිරියට මොහොමඩ්

කොරෝනා පැතිරුණා

මෝඩයෝ අහුවුණා

ගොඩ ගියොත් අපේ ස'

කෙළවුනොත් මොහොමඩ්

කොරොනා සමයේ

ජාතිය ආයෝජනයේ

පසුව ඇති හැකියේ

Cash කර ගනු හැකිය රිසිසේ

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com2tag:blogger.com,1999:blog-1359454352309233769.post-62801835800402753522019-12-30T19:03:00.001-08:002019-12-30T19:03:04.754-08:002020 වසරටත් කෙස් කෙළින් වන අනාවැකි

(2019සහ 2018 වසරට මා ඉදිරිපත් කළ අනාවැකි සියල්ල 100% සනාථ වූ බව ඔබ සියල්ල ඉතා හොඳින් දන්නා බව මම දනිමි.එම අනාවැකි මෙම ලිංකුවෙන් කියවිය හැක. http://hadenakoluwa.blogspot.com/2017/12/2018.html http://hadenakoluwa.blogspot.com/2018/12/2019_29.html

2020 වර්ෂයටත් එලෙසම අනාවැකි පළ කරන අතර අනාවැකි සියල්ලෙහි වගකීම දරමි)

රාවණා සිද්ධම්!

* රථ වාහන අනතුරු තවදරටත් අධික වසරකි.

* ඟං වතුර තත්ත්වයක් ඇතිවන ලකුණු

* නායයාම් වලින් මිනිස් ජීවිත අහිමිවීම්

* රටේ කොටසකට නියං තත්වයක්

* දේශපාලන පැති මාරුවීම්

* ජීවන වියදමේ අධික ඉහළ යෑම්

* ඉන්දුනීසියාවට භූමිකම්පාවක්

* වසර අවසානයේ ඕස්ට්රේලියාවට Heat waves

* ඩොනල්ඩ් ට්රම්ප් ගෙන් තවදුරටත් පිස්සු කෙළීම්

* මැද පෙරදිග කලාපයේ අර්බුද

* වසර අගදී ක්රිකට් උණුසුමක්

* තෙල් මිළත් තවදුරටත් ඉහළටම

* 69ලක්ෂයක් ජනතාව ලජ්ජාවෙන් විලිලජ්ජාවට

* වටිනා ඉඩම් විදෙස් සමාගම් අතට

(පුරාණ සෘෂිවරුන් ගේ පුස්කොළ පොත් අධ්යනයෙනි)

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com4tag:blogger.com,1999:blog-1359454352309233769.post-32810826567743909272019-10-16T05:17:00.000-07:002019-10-16T05:17:00.084-07:00ජනාධිපතිවරණය, කවුද දිනන්නේ?

ජනාධිපතිවරණය ට තවත් හරියටම මාසයයි. රැල්ල කොහේටද? වෙන්නෙ මොනවද? තමන් කැමති අපේක්ෂකයා දිනයිද? මේ දවස්වල හැමෝම කතා කරන වගේම දැන ගන්න කැමති ප්රශ්න ටික. මේ හදන්නේ එ් ප්රශ්න වලට මගේ පැත්තෙන් මට ඇහෙන දකින දේ අනුව මම හිතන දේ.

මුලින්ම ගමුකෝ පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය මහත්තයා. ගෝටා තමයි පළවෙනියට ම කැම්පේන එක පටන් ගත්ත අපේක්ෂකයා. ලොකු බූස්ට් එකක් එක්ක පටන් ගත්ත කැම්පේන් එක අතරමඟදි පොඩ්ඩක් හැලුනා වගේ තියෙද්දි වියන්ගොඩ සහ තේනුවර මහත්වරුනට ස්තූති වෙන්න ආයෙමත් ලොකු මොරාල් බූස්ට් හම්බ වුනත් රැල්ල තමන්ගේ පැත්තෙ තියාගැනීමේ ලොකු දුර්වලකමක් ගෝඨා පාර්ශවයට තියෙනවා. මේක හයිලයිට් වුනා මාර්තු 12 ව්යාපාරය කරපු ප්රජෙක්ට් එකේදි වගේම ඊයේ තිබුණ ගෝඨාගේ අපේක්ෂකයෙක් හැටියට කරපු කුළුඳුල් press conference එකේදිත්. ගෝඨාගේ communication වගේම body language එකත් අන්තිමයි එතනදි. Nervous ගතියක් (පෑන කරකව කරකව) පෙන්නුවා වගේම දේශපාලනයෙදි මහින්ද නැතිව ගෝටාට කිසිම ගමනක් නෑ කියලත් ඔප්පු වුණා. ගෝඨව තවදුරටත් expose වෙන්න මාසයක් තියෙනවා.අපි බලමු එයා එතනදි react කරන විදිය. මගේ තක්සේරුව නම් ගෝටා ඉදිරියටත් නා ගැනීමට නියමිතයි.ඒ වගේම ටයි කෝ්ට් දාගෙන පිළිවෙළකට කරන් ආපු එළිය, වියත්මඟ වෙනුවට දැන් ගෝඨා කරන්නේ සජිත් කරන දේමයි. රෝල් එක මාරු කරාට වඩා කලින් දේම කරන් ආවානම් effective කියන එකයි මගේ හැඟිම.

සජිත් පාර්ශවය ගත්තම ජනාධිපතිවරණ අපේකෂකකම ගත්තෙත් ලොකු ගේමක් දීලා. රනිල්ට තග දාලා දිනපු අපේක්ෂකත්වයක්.සජිත් ආවාම ගමේ UNP කාරයා ආයේ්මත් මතුවෙයි කියල කිව්වට ඇල්පිටියෙන් නම් එහෙම දෙයක් පෙනුනේ නෑ. ඇත්තටම ගමේ Unp කාරයා නැගිටිලාද කියල බලන්න තව මාසයක් ඉන්න වෙනවා. සජිත් ට ගම්වල මිනිස්සු කැමති කියන එක බොරුවකුත් නෙවෙයි. මම පුද්ගලිකව කතා කරපු සාමාන්ය රැකියා කරන ගම්වල මිනිස්සු සජිත්ට කැමතියි.මිනිහා කියන ගොන් කතා වුනත් අපිට ගොන් වුනාට ඒ තමයි රටේ බහුතරයකට සෙට් වෙන නිලය.ගෝටාට වුනත් දැන සජිත් ලෙවල් එකට ටයි කෝට් එකේ ඉඳල බහින්න වුනෙත් ඒකයි . මේ චන්ද ගොඩට දෙමළ මුස්ලිම් චනදත් එකතු වුනාම 50% ආසන්නයට එයි

අනුර දිසානායක ගත්තම පුද්ගලිකව මම කැමතිම අපේක්ෂකයා. දේශපාලන වේදිකාවේ වුනත් සාධනීය දෙයක් කියනවා නම් ඉතින් අනුර විතරයි ප්රධාන අපේක්ෂකයෙකුට ඉන්නෙ. අනුරල හැමදාම හිරවෙන්නෙත් මේ උගත් බුද්ධිමත් චන්ද දායකයන්ට ආමන්ත්රණය කරන්නට යන එකෙන්. එයාලට සජිත් ගෝටා මට්ටමට පහළට ඇවිල්ලා සීනිබෝල ටෝක්ස් issue කරන්නත් බෑ.එහෙම නොකර චන්දයක් දිනන්නත් බෑ. අනුරලට ජාතිවාදි වෙන්නත් බෑ.මේ ප්රශ්න වලට විසඳුමක් නැතිව අනුරට 10% Margin එකට එන්න අමාරුයි කියන එක තමයි මගේ තක්සේරුව.

Conclusion එක:

මට හිතෙන විදියට මේ පාර චන්දෙදි 50% Margin එකට එන්න ගෝටට වගේම සජිත්ටත් බැරිවෙයි. ඉතිහාසේ පළවෙනි වතාවට දෙවෙනි මනාපය count කරන්න වෙයි කියන එක තමයි මගේ ගණනය.

එහෙම වුනොත් මිනිස්සු මොන විදියට ප්රතික්රියා කරයිද? දෙවෙනි මනාපෙන් එන ප්රතිඵලය පරදින අපේක්ෂකයා සහ අනුගාමිකයන් කැමැත්තෙන් පිළිගනීද?

පාරට බැහැල ගමේ ඉන්න විරුද්ධ පාක්ෂිකයන්ගේ ඔලු නොපලා ඉඳිද? ගෙවල් වලට ගල් නොගහ ඉඳිද? තමන්ගේ අපේක්ෂකයට ආධාරයට එන එකාට හූ කියන ජනතාවක් කොහොම ඒ වගේ දෙයක් බාර ගනීද. හිතමුකෝ පළවෙනි පාර ගෝඨා ඉදිරියෙන් ඉඳලා දෙවන මනාප ගණනයෙන් සජිත් ඉදිරියට ආවොත් මොනව වෙයිද?

තමන්ගේ දේශපාලන නායකයින් ආගමික නායකයන් විදියට සළකන ජනතාවක් මෙවැනි සිද්ධියකට දවස් තුන හතරක් ඇඳිරිනීතිය වුනත් වැටෙන මට්ටමේ මෝඩකම් නොකර ඉන්න බැරි නෑ.

අවසානයට මගේ තක්සේරුව නම් සජිත් දිනයි කියන එක.

සජිත් කැමති නම් තව චන්දෙට සති දෙකක් විතර තියල පාඨලී තමයි අගැමැති කිව්වනම් ලොකු රැල්ලක් හැදෙයි.

ගෝටට ලොකු රැල්ලක් අලුතෙන් හැදෙන්න නම් ඉතින් කොහේහරි බෝම්බයක් පිපිරෙන්න වෙයි.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com5tag:blogger.com,1999:blog-1359454352309233769.post-82210738333390453602019-07-22T20:03:00.001-07:002019-07-22T20:03:10.651-07:00දහම්පාසලට වර

සාදු කෙනෙක් ඉරිදා ටියුෂන් එකකට ආතල් එකක් දෙන්න ගිහින් චාටර් වෙන වීඩීයෝ එකක් මේ දවස්වල viral වෙනවනේ. ඒක බැලුවම නම් තේරේන්නෙ සාදුතුමා කැමරාකාරයෙකුත් එක්කගෙනම එතනට යන්නේ පොරක් වෙලා චරිතයක් වෙන්න හිතාගෙනම තමයි කියලා. නැත්නම් කවුද යකෝ ප්රදේශීය වාර්තා කාරයොත් එක්කගෙන වලියකට යන්නේ. සාදු හිතන්න ඇති එතනට ගිහින් ගේම ඉල්ලුවම අර ගුරුතුමිය දමණය වෙලා දණින් වැටිල වැරැද්ද පිළිඅරන් ළමයි ටිකවත් වන්දවලා ඊළඟ දවසේ ඉඳන් ළමයි දහම්පාසල් එවන්න පොරොන්දුවක් එහෙමත් දෙයි කියලා. ඊට පස්සේ මීඩියා වලින් පොඩි ලාබ ප්රචාරයකුත් අරන් සාදුට පුලුවන් එක රැයෙන් සුපර්ස්ටාර් සාදු කෙනෙක් වෙන්න. හැබැයි උනේ ඒකේ අනෙක් පැත්ත. ගැහැණිය ඉස්සරහ සාදු දමණය වෙනවා. සිවුර කියන uniform එක ඇඳගත්තම ඕනෙ දේටයි එපා දේටයි හැම මඟුලකටම රිංගන්න ලයිසන් හම්බවෙනවා කියල හිතන් ඉන්න කහකඩයන්ට හොඳ පාඩමක් මේක.( හෙට අනිද්දා දිහාට ඒ ගැහැනුකෙනාම පන්සලට ගිහින් වැඳ වැටිලා සමාව ගයිද දන්නෙත් නෑ. මොකද මේක එහෙම රටක්. එහෙම වුනත් ක්ෂණිකව අර වෙලාවේ ප්රතික්රියා කරපු විදිය ගැන respect. )

ඇත්තටම ඔහොම නෙවෙයි කරන්න තිබුම. හොම්බට දෙක තුනක් අැනල යවන්න තිබුණේ අනුන්ගෙ මඟුල් වලට හොට දාන්න එනවට.

හැදෙන කොලුවත් 7 වසරට යනකල් දහම්පාසල් ගියා. හැමදාම පන්තියේ පළවෙනියත් වුනා .7 වසරේ ඉඳලා දහම්පාසල් ගමන පැත්තකින් තියල ඉරිදා උදේට ඉංග්රීසි පන්ති ගියා. ඒ කරපු වෙනසේ ප්රතිලාභ අදටත් විඳින ගමන්. මේක කියවන උන්ටත් කියන්න තියෙන්නේ දහම්පාසලකට ගියා කියල ඔය මෝඩයන්ගෙන් ගන්න තියෙන දැනුමක් නෑ. පූජ්ය පූජකයෝ දවස ගානේ අපිට තහවුරු කරල තියෙන්නේ ඒක.ඔය ගොන්වහන්සේලට resistance එකක් පෙන්නුවේ නැත්නම් ඔය යක්කු ආගමික පොලිසියක් ගානට හැදිල තමයි නතර වෙන්නේ. තැනකට ගිහින් හැසිරෙන්න දන්නැති කතා කරන්න දන්නැති හරකෙක් ගාවට තමන්ගේ ළමයව යවලා ඌ හැදෙයි කියල හිතන දෙමව්පියෝ තාමත් ඉන්නවා නම් Good luck.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com6tag:blogger.com,1999:blog-1359454352309233769.post-57384850828241643872019-05-12T19:03:00.000-07:002019-05-12T19:25:20.142-07:00ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ සංවාදය අල කිරීම

ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මධ්යස්ත මුස්ලිම් මිනිස්සු, උගතුන් අදහස් දක්වද්දි තියෙන ලොකුම හෙනේ තමයි මෝඩයෝ සෙට් එකක් ඇවිත් වඳ පෙති කතා ටිකයි මුස්ලිම් කඩ වර්ජනය කරනවා වගේ ප්රාථමික තැනකින් ප්රශ්නේ අල්ල ගන්න එක. හලාල් ප්රශ්නෙදි වුනත් වුනේඒක. අන්තිමට මහපොළවෙ ඇත්තටම තියෙන ප්රශ්නෙට උත්තර හොයනවා වෙනුවට වෙන වෙන පැති වලට ගිහින් සිරා ප්රශ්නෙ යට යනවා. ඒත් එක්කම අර ඇච්වො බැච්චො ඇවිල්ලා අර තිබුණු සංවාද සියල්ල හයිජැක් කරනවා. අන්තිමට හෙනම ප්රගතිශීලී විදියට සංවාදයෙන් පටන් ගත්ත ව්යාපෘතිය අන්ත ප්රතිගාමී තැනකින් කඩ කැඩීම වගේ තැන්වලින් කෙළවර වෙනවා. ඒ වගේම අර හයිජැක් කරන උන් ටික ඊළඟට කරන්නෙ මුස්ලිම් අන්තවාදීන් පැත්තක තියල වැදගත් විදියට සංවාදය ඇතුලේ හිටපු ඩයල් ටික හතුරා කර ගන්නවා.මේක ලෝකේ බොහෝ දේශපාලන සමාජ ව්යාපාර වලට වෙන අකරතැබ්බයක්. අනෙක් කාරණය තමයි ආගමික නායකයන් මෙවැනි සංවාද වලට එක්වීමේ තියෙන බරපතල කම. ඔවුන් මෙහෙම සංවාදයකට ආවම ඔවුන්ට නොමිලේම මුලසුන අයිති වෙනවා. එතැන ඉඳන් ඔවුන් සංයමයකින් තොරව කරන ප්රකාශ හේතුවෙන් මුලු සංවාදයම අල වෙන්න පුලුවන්.

දැන් ලංකාවේ තියන්නේ ඉස්ලාම් අන්තවාදී ප්රශ්නයක්. මේකට හොයන්න ඕනේ දිගුකාලීන විසඳුම්. කෙටිකාලීනව hate preachers ලා extremist ලා අත්අඩංගුවට ගන්නවා වගේ දේවල් කරන්න පුලුවන්. නැතිව මුස්ලිම් කඩ වර්ජනය කියන්නේ විසඳුමක් නෙවෙයි. මේ තමයි ඉතාම හැඟිම්බර පිරිසක් බුද්ධිය පැත්තක තියල කරන විසඳුම් වල ප්රතිඵල. හරියට කාසියක් නැතිවුන තැන හොයනවා වෙනුවට එළිය තියෙන තැනක කාසිය හොයනවා වගේ වැඩක්. ආයේත් හලාල් ප්රශ්නෙට ආවොත් අර මහසෝන් ඩයල් හිටියේ හලාල් හින්ද සිංහල බහුතරයක් වැඩි මිළක් ගෙවන්නෙ ඇයි වගේ සීනීබෝල ප්රශ්න. ඇත්තටම ඊට වඩා බරපතල කාරණා තිබුණට ඔය යක්කුන්ට කොහොමත් ඒ තරම් දේවල් trigger වෙන්න නෑ. හලාල් සහතිකය ගන්න තමන්ගේ නිෂ්පාදනවල Recipe එක උලමා එකට දිය යුතුව තිබුණා. මේකේ තියෙන අවුල තමයි අර recipe ටික පහසුවෙන්ම මුස්ලිම් නිෂ්පාදකයෙක් අතට පත්වීමේ ඉඩ. ඇත්තටම එහෙම දේවල් වෙලත් තිබුණා. කතා කළ යුතුව තිබුණේ ඒ වගේ කාරණා නමුත් ගැලරිය චූන් කිරීමේ සිඟිති ආශාව සහ ඒ ව්යාපෘති කරගෙන ගියපු ඈයන්ගේ මොළේ දිග පළල මත සාකච්ඡා වුනේ ඉතාම ලාමක ටින් ටින් දේවල්.

අන්තිමට බලමු සමාජ සංවාද කඩාකප්පල් කාරයන්ගේ hijack කිරීමේ තියෙන බරපතලකම. වැඩි කාලයක් යන්න ඕනේ නෑ ISIS හැදුන විදිය බැලුවම අැති. අරාබි වසන්තය එක්කම ලිබියාව ඊජිප්තුව ටියනීසියාව වැටෙද්දිම තමයි සිරියාවේ ත් Bashar al- asad ට එරෙහිව සිවිල් විරෝධතා පටන් ගත්තේ. ඊළඟට මේ සිවිල් විරෝධතා කරුවන් FSA නැත්නම් Free Syrian Army විදියට එක තැනකට ගොනු වුනා. FSA එක සාර්ථකව බටහිර කඳවුරේ අනුග්රහයත් එක්ක ඉදිරියට යද්දි තමයි අල් කයිඩා එක සහ ඒ වෙද්දි ඉරාකයේ හිටපු IS කාරයෝ සිරියාවට ඇතුල් වෙන්නේ. FSA එක කරන් ආපු ආණ්ඩු විරෝධය සම්පූර්ණයෙන්ම ISIS එක යටතට පත්වෙනවා. FSA එකට මැරුම් කන්න වුනේ මේ මඟින් හයිජැක් IS කාරයන්ගෙන්.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com4tag:blogger.com,1999:blog-1359454352309233769.post-76328426629876571192019-05-08T21:21:00.000-07:002019-05-08T21:38:24.048-07:001998 ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්රහාර සහ අප්රේල් 21 පාස්කු ප්රහාරය

1998 අගෝස්තු 7 වැනිදා කෙන්යාවේ Nairobi සහ ටැන්සානියාවේ Dar es salaam නගරවල ඇමෙරිකානු තානාපති කාර්යාල දෙකට බෝම්බ ප්රහාර එල්ල වෙනවා(Truck bombs). මේ ප්රහාර වලින් 200+ මිය යනවා. ප්රහාර වල වගකීම Al-quida වට බැරවෙද්දි , ප්රහාරයට සති කීපයකට පෙර ආපු බුද්ධි වාර්තා "False alarm" හැටියට බැහැර කරපු විදිය ගැනත් හෙළි වෙනවා.

හැබැයි,

*ප්රහාරය වෙලාවේ කෙන්යාවේ ඇමෙරිකානු තානාපති තානාපති කාර්යාලයේ ඉඳල නෑ.

*ටැන්සානියාවේ ඇමෙරිකානු තානාපති මාස ගණනිකින් තානාපති කාර්යාලයට ගිහිල්ල නෑ.

*බෝම්බ සඳහා භාවිතා කරපු එක truck එකක් තානාපති කාර්යාලයේ පාවිච්චියට ගත්ත water truck එකක්.

*Dar es salaam වල ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්රය ඊට කලින් ඊශ්රායලය පාවිච්චි කරපු තැනක්.

මේ සිදුවීම් සියල්ල coincidence වෙන්නත් පුලුවන්..

බෝම්බ ප්රහාර ගැන intelligence reports තියෙද්දි ඒවා මඟහැරෙන විදි ටිකක් අමුතුයි. ත්රස්තවාදීන්ට ඔවුන්ගේ වැඩේ පහසුවෙන් කර ගන්නට ඉඩ දීමෙන් දිගු කාලීන වාසියක් කවුරුහරි ගන්නවද? එහෙම ගන්නවා නම් සිවිල් වැසියො රඟ දක්වන්නේ බිලි පිත්තක අමුණපු පණුවගේ චරිතයද?

April 21 easter attack එක ගැනත් මේ විදියටම intelligence reports ඇවිල්ල තිබුණ කියන එක අපි හැමෝම දන්න කාරණයක්. එතනදිත් ප්රසිද්ධ දේශපාලනඥයෝ බොහොමයක්ට පල්ලි මඟ හැරිලා තියෙනවා.

සමහරවිට තව අවුරුදු ගාණකින් පස්සේ මේ සිදුවීම් සම්බන්ධයෙන් අයවලුන් ආයතන හෙළිදරව් වෙයි. මේවාගේ වාසි නෙළාගත්ත පිරිස හෙළිවෙයි. සමහරවිට ඒ අපි කිසිම විටෙක නොසිතන මිනිසුන් ආයතන වෙන්නට බැරිකමකුත් නෑ..

ලෝක බල දේශපාලනය හරිම විෂමයි. සමහරවිට ඔබ අපි නොදන්න නමුත් කාගෙ හරි වුවමනවකට පාලනය වන ඉත්තෙක් වෙන්න පුලුවන්.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com0tag:blogger.com,1999:blog-1359454352309233769.post-13303372948384731062019-04-27T20:44:00.000-07:002019-04-27T20:44:26.153-07:00Religious Extremist ලා හැමෝම නරකද?

Religious Extremism කිව්ව ගමන්ම අපිට මැවෙන චිත්රය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි . ඒත් මම යෝජනා කරොත් religious extremism කියන්නේ හැමවෙලාවකම භයානක දෙයක් නෙවෙයි කියල.......

අපි ජෛන extremist කෙනෙක් ගමු. මිනිහා වැඩිම වුනොත් ඇඳුමක් නැතිව, ඇවිදයි. වට පිට නොබලා කූඹයෙක්වත් පෑගෙයිද කියල වොරි වෙන ගමන් ,වතුර කෝපපයක් බිව්වත් රෙදි කෑල්ලකින් පෙරලා බොන වෙජිටේරියන් ඩයල් එකක්...

Buddhist extremist කෙනෙක් බලමු. මිනිහා වුනත් කැලේකට ගිහින් භාවනාවක් කරයි, පිළිකුල් භාවනාවක් කරයි. ශීලයක් සමාදන් වෙයි.ඒක එතනින් ඉවරයි. හොඳ නරක ටික පුද්ගලිකයි. සමාජයට බලපෑමක් , තර්ජනයක් නැති තරම්.

හැබැයි islamic extremist කෙනෙක් කියන්නෙම ස්වයං විනාශකාරි මිනිස් බොම්බයක්. ඒක ඉස්ලාමයේ තියෙන අවුලක් . ලොකු අවුලක්. සමහර මුස්ලිම් අය කියනවා මේක ඉස්ලාමයේ අවුලක් නෙවෙයි වැරදි මිනිසුන් කිහිපදෙනෙක් කුරාණය වැරදියට කියවීම නිසා වෙන දෙයක් කියලා. නෑ ඒක වැරදියි. ඉස්ලාමය බිහිවෙන්නෙම violent background එකකින්. මහම්මත් තුමා ඉන්න කාලේත් infidels ලට නැත්නම් අවිශ්වාසකරුවන්ට වුනේ එක්කෝ මරණය වැළඳ ගැනීමට නැත්නම් ඉස්ලාමය පිළිගැනීමට. තිඹිරිගෙයිදිම මතුවෙන්නේ තර්ජනාත්මක ස්වරූපයකින්.අවුරුදු 1000කට පස්සෙත් මේ නැඹුරුවේ කිසිම වෙනසක් වෙලා නෑ. වෙනසකට තියෙන්නේ කඩුව තියෙන තැනට බෝම්බ replace වුන එක විතරයි.

අනෙක් හැම ආගමක්ම ක්රමානුකූලව වෙනස්කම්වලට ලක් වෙලා තියෙනවා. අපි බැලුවොත් මැද පෙරදිග මූලික කරගෙන බිහිවුන තවත් ආගමික ග්රන්ථයක් වුන බයිබලෙත් අර වගේම violent readings තියෙනවා.

"පොළවට සමාදානය පමුණුවන්ට ආයෙමියි නොසිතල්ලා;කඩුව මිස සමාදානය පමුණුවන්නට නොයෙමි"

(ශු. මතෙව් x-34)

"මක්නිසාද මනුෂ්යනු ඔහුගේ පියා සමඟද දුව ඇගේ මව් සමඟද ලෙහෙළි ඇගේ නැන්දා සමඟද බේදකරවන පිණිස ආයෙම්."

(ශු.මතෙව් x-45)

" කඩුවක් නැත්තා තමාගේ සළුව විකුණා ඒක ගනීවා."

(ශු.ලූක් xxii-36)

මේ ප්රතිවිරෝධතා මඟ හැරලා ඉදිරියට යන්න කතෝලිකයන්ට නැත්නම් ක්රිස්තු භක්තිකයන්ට පුලුවන් වුනා. තවදුරටත් දැඩි මතධාරී කතෝලිකයා සමාජයට ඒ තරම් හානියක් නෙවෙයි. ඒ්ත් ඇයි ඉස්ලාමයට තමන්ගේ ආගමේ ප්රතිවිරෝධතා මඟහරින්නට බැරි වුනේ???

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com4tag:blogger.com,1999:blog-1359454352309233769.post-37554806734765407522019-04-24T21:55:00.001-07:002019-04-24T22:11:43.701-07:00ඉස්ලාමය හැදුන හැටි

මහම්මත් නබි තුමා නැත්නම් ඉස්ලාමයේ අවසාන දූතයා ඉපදුනා කියල පිළිගැනෙන්නේ වර්ෂ 570 මක්කම දී. ඔහු ඉපදෙනවිටත් මක්කම යනු වෙළඳ කේන්ද්රස්ථානයක්. ඒ වගේම විවිධ ආගම් ඇදහීම් වලට තෝතැන්නක්. කලු පෙට්ටියක් වගේ අපි දකින කබා පූජ්යස්ථානය ඒ වෙද්දිත් මිනිසුන්ගේ පිදුමට ලක්වෙන තැනක්. යුදෙව් දහම ක්රිස්තියානිය ඒ වෙද්දිත් මක්කම ඇදහෙමින් තිබුණ ආගම්.

අබ්දුල්ලා නැමැති පියාටත් අමීනා නැමැති මවටත් දාව ඉපදෙන මහම්මත් පසුකාලීනව තමන්ගෙ මාමා වුන තාලීම් සමඟ වෙළඳාම සඳහා විවිධ ප්රදේශ වලට ගමන් කරනවා. එ් අතරදි තමයි ඔහු කදීජා නැමැති ධනවත් ව්යාපාරීක කාන්තාවක් ළග රැකියාවට යන්නේ. ව්යාපාරයේ සාර්ථක මහම්මත් කෙතරම් ඉක්මනින් කදීජා ගේ සිත දිනාගන්නවාද කිව්වොත් තමන්ට වඩා වසර ගණනාවත් වැඩිමහල් කදීජා සමඟ විවාහයක් දක්වා එම සබඳතාව දිගු වෙනවා. ඒ වෙනකොට කදීජා ට වයස 40ක් මහම්මත් ට 25ක්. සාමාන්ය මහම්මත් ට ධනවත් කදීජා නිසාම ඔහුට මක්කම යම් පිළිගැනීමක් ඇතිවුනා යැයි සිතන්න පුලුවන්. වයස 40දී පමණ තමයි මහම්මත් තුමාට හීරා ගල්ලෙනකදී Gabriel තුමා දර්ශනය වෙලා අල්ලාගේ පළමු පණිවිඩය ලැබෙන්නේ. ඉන් පසු වසර ගණනාවක් මේ විදියට අල්ලාගේ පණිවිඩ මහම්මත්ට ලැබෙනවා . මේ පණිවුඩ හැටියට ලැබුණ දේව වාක්යය තමයි පසුකාලීනව කුරාණය බවට පරිවර්තනය වෙන්නෙ. කුරාණය පරිච්ඡේද 114 කින් සහ සුරා 6616 කින් සමන්විතයි. හැබැයි කියවෙන විදියට මහම්මත් නබිතුමාට අකුරු ලියන්න කියවන්න බෑ.

මහම්මත් ගේ පළමු අනුගාමිකයන් පිරිස වෙන්න කදීජා ඇතුළු ඔහුට සමීප පිරිස. ඔහුගේ මුල් දේශනා මක්කම වෙළඳ ප්රජාවගෙ හිත් වලට ඇල්ලුවේ නැහැ. විවිධාකාර දේව ඇදහිලි තිබුණ මක්කම ට මහම්මත් ගේ " එකම දෙවියා අල්ලා ය." සහ පිළිම සංකේත ඇදහීමට විරුද්ධව ඔහුගෙ අදහස් හේතුවෙන්ම ගුටි නොකා බේරුණා. කබා පූජ්යස්ථානය වැඳ ගන්නට පැමිණි වන්දනා කරුවන් තරහ කර ගැනීමට වෙළඳ ප්රජාව මෝඩ වුනේ නැහැ.

මහම්මත් මදීනාවට පලා යන්නේ එහෙම.Hijra යනුවෙන් හඳුන්වන්නේ මෙන්න මේ ගමන.ගෝත්රික කණ්ඩායමම්වල ගැටුම් වලට ලක්වුණු මදීනාවේදි මහම්මත් ට යම්තැනක් ලැබෙනවා. ඔහුට එම ගෝත්රික කණ්ඩායම් සමඟි කිරීමට හැකි වෙනවා. ඉස්ලාමයේ ව්යාප්තිය පටන් ගන්නේ එතැනින්. එතැන් පටන් මදීනාව මහම්මත් ගේ බලපෑමට ලක්වෙනවා. මදීනාවට එක නීතියක්, වෙළඳ සහ සමාජ නීතී ඇතිවෙනවා . මත්ද්රව්ය ,ගණිකා වෘත්තිය සහ සූදුව තහනම් වෙනවා. බෙදී තිබුණ මදීනාව 'එක විදියක්' වුනේ එහෙමයි. ඒ විදියට මුළු මදීනාවෙම බලය මහම්මත් අතට යෑමට ගතවුනේ වසර කීපයයි. ඉස්ලාම් රාජ්ය සංකල්පය බිහිකරන්නේ එතුමා මදීනාවේදි. බලවත් මහම්මත් වර්ෂ 629 දී ඔහුගේ ඉස්ලාමය හමුදා මක්කමට මෙහෙය වනවා.ඔහු මක්කම අල්ලගන්නවා පමණක් නොවෙයි මක්කම ඉස්ලාමයට බලෙන්ම පරිවර්තනය කරනවා. සුප්රකට කබා දේවස්ථානය මුස්මානුවන්ට හිමි වුනේ එහෙමයි.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com6tag:blogger.com,1999:blog-1359454352309233769.post-36525813905962060332019-03-03T21:03:00.000-08:002019-03-03T21:03:44.800-08:00ලාභ කිරිපිටි බොන හිඟන්නො

අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි.

ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා.

ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්රමණය කරද්දි හයිලන්ඩ් වලට තිබුනේ හරිම දුප්පත් පොල්තීන් ඇසුරුම. ඝනකම් පොලිතීන් ඇසුරුමේ නිරුවත කඩදාසී පෙට්ටියෙන් වැහෙන තරමට Modify වෙන්නත් හයිලන්ඩ් වලට අවුරුදු වලින් බර ගාණක් ගියා.

කාලයක් තිබුණා අපි කඩයකට ගිහින් හයිලන්ඩ් පිටි තියෙනවද ඇහුවම අනෙක් පාරිභෝගිකයො අපි දිහා කිණ්ඩියට බලන.

"ලාභ කිරිපිටි බොන හිඟන්නෝ...."

අනෙක් උන් බහුතරයක් හිතන්නෙ එහෙමයි.

"සල්ලිකාර ගෙවල් වල ඔය ලාභ කිරිපිටි දෙන්නෙ බල්ලන්ටලු...."

ඇත්තද දන්නෙ නෑ.

බල්ලොනම් කවදාවත් එහෙම කියල තිබුණේ නෑ.

හැබැයි මිනිස්සු කියල තිබුණා.

දුප්පත් ගෙවල්වල බල්ලො කන්නෙ බොන්නෙත් මිනිස්සු කන ඒවාමයි.

ආයේ අමුතුවෙන් උයන එකක්යැ.

ඒ කතාව මෙහෙම කියන්නත් ඔට්ටුයි

දුප්පත් ගෙවල්වල මිනිස්සු කන්නෙ බොන්නෙත් බල්ලො කන ඒවාමයි.

තර්කයක් හැටියට හරි ඉතින්....

දැන් ආයේම මිනිස්සු හයිලන්ඩ් පැල්වත්ත හොයනවා.

සුපර් මාකට් වල පිටරට කිරිපිටි වේලෙනවා.

ඇයි ඇහුවම පිටරට කිරිපිටි වල වස විෂලු.

ඇත්ත ද දන්නෙ නෑ.

එයාලා කියනවා අපි අහනවා.

ඉස්සර ලංකාවේ කිරිපිටි මාකට් එකේ රැඟුවේ NESPRAY.

දෙකට හිටියේ LAKSPRAY.

ඇන්කර් පොඩිහිට්යෙක්.

චර්නොබිල් බලාගාර කාන්දුවෙන් පස්සෙ යුරෝපයෙන් එන කිරිපිටි වල විකිරණ තිබුණලු.

විකිරණ එක්ක ආපු යුරෝපයේ කිරිපිටි මාකට් එක වැටිලා.

සල්ලි දීලා කවුද Two in one විදියට කිරිත් එක්ක විකිරණ බොන්නේ.

NESPRAY මාකට් එකත් වැටුනා.

NESPRAY වැටෙද්දි " නවසීලන්තයෙන් පමණයි" පාඨය එක්ක ඇන්කර් කාරයා මාකට් එක අල්ල ගත්තා.

දැන් එයාගෙත් ඌරු තෙල් ලු. පාම් ඔයිල් ලූ.

ඇත්තද දන්කෙ නෑ. එයාලා කියනවා අපි අහනවා.

දැන් ඇන්කර් කාරයත් වැටෙන සයිස්.හයිලන්ඩ් ලට පැල්වත්තලට චාන්ස් එක.

දැන් එයාලටත් පුලුවන් "දේශීය එළදෙනුන්ගෙන් දොවාගත්ත කිරි වලින් නිෂ්පාදිතයි" වගේ ලයින් එකකට යන්න.

එහෙම කිව්වම අපි අහනවා.

අහගෙන ඉඳලා බොනවා.

එයාලත් අපිට වස පොවනකල්.....

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com4tag:blogger.com,1999:blog-1359454352309233769.post-85934876122368401742019-02-15T18:51:00.002-08:002019-02-15T19:02:57.724-08:00අසහාරා ලා මධූෂ්ලත් සිටුවරු තමයි

ෂෝකෝ අසහාරා කියන ජපන් ත්රස්තවාදීයා වරක් ආනන්ද මෛත්රී හාමුදුරුවෝ මුණ ගැසීමට ලංකාවට එනවා. ඒ මුණ ගැසීම කෙළවර වෙන්නෙ ආනන්ද මෛත්රී හාමුදුරුවන්ට ආරාමයකුත් හදල ඉවරවෙලා. වැඩේ කියන්නෙ පස්සෙ කාලේක උන්වහන්සේ ගැන පොත් ලියන අයියලා කියන විදියට ආනන්ද මෛත්රී හාමුදුරුවන්ට ටෙලිපති ක්රමයට පණිවිඩ හුවමාරු කරගන්න පුලුවන්ලු, හිත් කියවන්න පුලුවන්ලු හැබැයි අසහාරා කියන අපරාධකාරයාගේ හිත කියවන්න මිස් වෙලා. එහෙම බලද්දි මධූෂ් උදව් කරපු පන්සලේ හාමුදුරුවෝ පව්.එ් හාමුදුරුවන්ට නම් අර කියපු talent මොකුත්ම නැතිව ඇති. .

(ජායාරූප ගත කරේ: " ඉසිවරුන් දුටු මගේ බව ගමන 2" - බදුල්ලේ මෛත්රී රත්නායකගේ සංස්කරණයක්)

ඉතිහාසය පුරාවටම පන්සල් පල්ලි කෝවිල් වලට උදව් කරලා තියෙන්නේ මධූෂ් ලා අසහාරාලා තමයි. වෙනසකට තියෙන්නේ ඔවුන් රජ මැති ඇමතිවරු සිටුවරු වෙළෙන්දේ විදියට ලේබල් වෙලා තියෙන එක. උන්ගෙන් දැහැමෙන් සෙමෙන් සල්ලි හම්බ කරපු උන් තුන් හතර දෙනෙක් ඇති.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com2tag:blogger.com,1999:blog-1359454352309233769.post-82371794951688678632019-01-20T18:24:00.003-08:002019-01-20T18:24:45.081-08:00සිරියහනේ ඇත සහනේ

ඔබගේ ලිංගික ජීවිතය අතෘප්තිමත්ද?

ඔබගේ ලිංගික ශක්තිය පිළිබඳ නිවැරදි තක්සේරුවක් සමඟ ලිංගික ගැටලුවලට ක්ෂණික විසඳුම්.

රජ සිටු මැදුරුවල නොබිඳෙන විශ්වාසය සමඟින්

නව අැසුරුමක පෙරටත් වඩා සුවඳින්

විශ්වාසයි කල් පවතී. වගකීමට බැඳී සිටී.

30 Day money back guarantee

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com1tag:blogger.com,1999:blog-1359454352309233769.post-43387717579124239802019-01-10T20:43:00.000-08:002019-01-10T21:59:16.907-08:00සිරස ට අත නොතබනු

සිරසට අත තියන්න එපා . මෙහෙම කියන්නෙ අපි නෙවෙයි සිරසෙ අයම. මෙයාලට ගොඩක්ම තරහ ගිහින් තියෙන්නේ කලු මාධ්ය කියන වචනයටයි ඊයේ සිවිල් සංවිධාන කලු ඇඳගෙන මූණ වහන් සංකේතාත්මකව කරපු විරෝධය හින්දා. මුණ වහන් කරපු ව්රෝධයේ සංකේතාත්මක අදහස වත් සිරස තේරුම් ගත්තේ නෑ.

සිරස, ලංකාවේ මාධ්යවල වෛරයේ සංකේතය . සිරස එක දෙයක් හොඳට දන්නවා ඒ තමයි තමන්ට පහර වැදුනම තමන්ගේ විකාශන කාලය ලෝබ නැතිව වියදම් කරලා ප්රති ප්රහාර එල්ල කරන්න. මෑතකදි බැසිල් රාජපක්ෂ ට වුනෙත් එහෙම දෙයක්. මේ ලිස්ට් එක දිගයි. අපි ඒ ගැන පස්සෙ කතා කරමු. සිරස මේ වෙලාවේ කියනවා එයාලගේ ආයතනය නිර්මාණය කරපු කලා කටයුතු වලට හිටපු නළු නිළියොත් මේ විරෝධයට ඇවිල්ලලු. සිරසට හරියට දුක හිතිලා. අනාගෙතේ සිරස produce කරන නිර්මාණ වලට එකතු වන කලා කාරයන්ට සිරසට විරුද්ධව වැඩ කරන් නෑ කියල agreement ගහන්න වුනත් පුදුම වෙන්න දෙයක් නෑ. පහුගිය යුද්ධෙ කාලේ තහනම් වුන මව්බිම පුවත්පතේ තිබුණා AK47 කියල පත්තරේ කොටසක්. දවසක් මේකේ දාලා තිබුණ sirasa superstar තරඟයට ඉදිරිපත් වෙන තරඟකරුවන් එකඟ විය යුතු agreement එක. මට මතක විදියට ඒකේ මෙහෙම කොටස් වගයක් තිබුණා

* වැඩසටහන පුරාවට වෙන හැම දෙයක්ම සිරස විසින් පටිගත කරන අතර ආයතනයේ අභිමතය පරිදි විකාශය කරනවා

* අවසන් තරඟකරුවන් 200 ඇතුලට එන අය M entertainment හැර වෙන කිසිදු ආයතනයක් හරහා ගීත එළිදක්වන්න බෑ.

වචන වෙනස් වුනත් මෙහෙම අදහස් එන conditions දෙකක් තිබුණා. AK 47 කරපු අය අන්තිමට අහල තිබුණා මානව හිමිකම් ගැන කතා කරන අය මේකට මොකද කියන්නෙ කියන ප්රශ්නය. සුපර්ස්ටාර් තරඟයක 199 වෙනි එකා කවුද කියල අපි දන්නෙවත් නෑ. අඩුම තරමේ 100, 50 වත්. හැබැයි උන්වත් කාලකණ්ණි විදියට agreement එකකට හිර කරලා දාන්න සිරස සමත්. සුපිරි හීනයක ඉන්න මිනිස්සු තමනුත් නොදැනීම හිරේ වැටිලා. දශකයකට පස්සෙත් සුපර්ස්ටාර් Agreement එක වෙනස් වෙලා නැද්ද දන්නෙ නෑ. සුපර් ස්ටාර් පළවෙනි සීසන් එකේ හිටපු දර්ශන ප්රමෝද රන්සිළු එක්ක ඇල්බම් එකක් කරනවා. ඒත් එක්කම ඒ තරුණයගේ සිරස එක්ක තිබුණ දීගය එතනින් ඉවර වෙනවා.

සිරස එයාගේ බල පුලුවන් කාරකම මී වඩා පෙන්නලා තියෙනවා. 2005 2006 2007 කාලේ කියන්නෙ සිරසයි ජවිපෙ යි attack කාලයක්. ලංකා පත්තරේ හෙඩිමට කොටි සිරස කියල වැටෙන පෝස්ටර් තාප්ප පුරවද්දි සිරස හතේ ප්රවෘත්ති වලින් විනාඩි 10ක් ලෝබ නැතිව වෙන් කරනවා ජවිපෙට ගහන්න. කොහේදෝ මනුස්සයෙක් ගිනි තියාගෙන මැරුන එකකට මළ ගෙදරට ගිහින් voice cut ගන්නවා. මැරුන කෙනා ජව්පෙ අදහස් වලට කැමති කෙනෙක්, voice cut දෙන අය කියනවා.සිරස මේක ප්රවෘත්ති වලට ගහනවා. දේශපාලනික නොවන දෙයකට Suicide කර ගත්ත මරණය සිරසට දේශපාලනය වෙනවා. විමල්ට සාහිත්ය පොතක කතුවරයා වැරදීම සිරසට නිව්ස් වෙනවා. සෝමවංශ ගේ සහෝදරියගේ කුලියට දීපු නිවස ගණිකා නිවාසයක් වීමේ කුණු රස සිරස දවස් ගාණකට නිව්ස් වලින් බෙදා ගන්නවා. ජාතික රෑපවාහිනීයෙදි මට්ට වුනු මර්වින් ගේ වීඩියෝ breaking news වෙලා සිරස පෙන්නනවා. යටින් දානවා දර්ශන අනුග්රහය - ජාතික රෑපවාහිනීය . මර්විනගේ අලකලංචිය එදා දවස පුරාම නැවත නැවත සිරස තිරය සරසනවා. එතනින් එහාටත් ගියපු සිරස හතේ ප්රවෘත්ති වෙලාවට තිරය යටින් මර්වින්ගේ කාටූන් එකකුත් පෙන්නලා විනෝදයක් විඳිනවා. එහෙම මරා ගත්ත සිරස යි මර්විනුයි පස්සෙ ආයේමත් සෙට් වෙනවා. රනිල්ව උඩ දාපු සිරස රනිල් එක්ක තරහා වෙනවා. ඒ තරහ වෙන්නෙ ත් ජාතික ලැයිස්තු මනත්රීකම් බෙදාගන්න බැරිව. ඒක මහාරාජාගේ ආශාව. තමන්ගෙ කීකරු සේවකයන් රාජ්ය පාලනයට යොමු කරවන එක. රනිල්ගෙන් පස්සෙ මහාරාජා ට මෛත්රී ජනපති සෙට් වෙනවා.එදා ඉඳන් මෛත්රී ළඟ ඉන්නේ මහාරාජා ගේ කට්ටිය. ඉස්සරහට සිරස ට මෛත්රී තරහ වෙලා රනිල් හොඳ වෙන්නත් පුලුවන්. ඒ සිරසෙ හැටි. ඒක තකකඩිකමක්. සිරස ආසයි බලය තියෙන මිනිස්සු පාලනය කරන හස්තය වෙන්න. තමනගේ පොයින්ට් එක හරි කියල පෙන්නන්න ඕනෑම කණු ගොඩක එක්ක නිදි වදින්න සිරස දෙපාරක් හිතන් නෑ. තමන්ගේ පාලනය කාලය තුළ ක්ලේමෝ ගහන්න තරම් වෙස්සන්තර වෙච්ච මහින්ද ගෙන් පවා මාධ්ය නිදහස ගැන පාඩම් කියල දෙන්න සිරස ලැහැස්තියි. සිරස ට විරුද්ධයි නම් පුදමාකාර තර්ක ගොඩනඟන්නත් ඔවුන් දක්ෂයි. ඊයේ සිරස විදර්ශන කන්නංගරව ජවිපෙ සාමාජිකයෙක් කරෙත් ඒ විදියට. ලාල්කාන්ත එක්ක එකම වේදිකාව හිටපු නිසාම විදර්ශන ජවිපෙ වුනා. වේදිකාව මොකක්ද කියන එක සිරස ට අදාළ නෑ. එහෙම බැලුවොත් 2005 ජනාධිපතිවරණෙ මහින්ද එක්ක ජවිපෙ එක වේදිකාවේ හිටපු හින්දා හෙට අනිද්දට මහින්දත් සිරසට ජවිපෙ වෙන්න ඉඩ තියෙනවා. ඒ සිරසෙ හැටි. සිරස අද ඉඳලම ඊයේ විරෝධතාවයට ආපු අයගේ පෙර වැරදි හොයන්න පුලුවන්. ඉස්කෝලේ යන කාලේ දණ ගහගෙන එහෙම හිටියනම් පරෙස්සමින්. සිරසට එ්කත් ඇති.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com2tag:blogger.com,1999:blog-1359454352309233769.post-86419363508578162382019-01-10T03:23:00.000-08:002019-01-10T03:25:56.441-08:00ඔක්තෝබර් කුමන්ත්රණය ගැන පසුවදනක්

2018 ඔක්තෝබර් 26 හෙවත් සිරිසේන track මාරු කරපු දවස. ඉතිහාසයට විහිළු පරිච්ඡේදයන් කිහිපයක් එකතු කරපු මාස දෙකක ආරම්භය. මේ සිදුවීම් අරභයා විවිධාකාර අර්ථකථන ඉදිරිපත් වුනා .මේ ඒ සම්බන්ධව මගේ පසුවදන.

1. මෛත්රීපාල සිරිසේන.

ඔක්තෝබර් 26 කුමන්ත්රණයේ පියා. මෛත්රී එකපාරටම රනිල්ව කපලා මහින්දට අගමැතිකම දෙන්න පෙබරවාරි චන්ද ප්රතිඵලය ලොකුම හේතුවක් වෙන්න ඕනේ. මීළඟ ජනාධිපතිවරණයට UNP එක ඔවුන්ගේම අපේක්ෂකවෙක් ඉදිරිපත් කරන බව පැවසීමත් පැවති මැතිවරණයෙන් නිදහස් පක්ෂය පසුකර පොහොට්ටුව ලොකු පිම්මක් පැනීමත් එක්කම මෛත්රී වෙන choice එකක් නෑ.මෛත්රී මේ තීරණය ගත්තෙ නැත්නම් මීළඟ ජනාධිපතිවරණයෙන් කූජීතවෙන එක අනිවාර්යයි. තමන්ට ලැබුණ ජනවරමට පස්ස පෙන්නීම එක්කම මෛත්රීට තමන් කරපු දේ සාධාරණීකරණය කරන්නට පුද්ගලික ලිංගික කාරණා පවා වේදිකාව උඩට තලු මරන්නට වීමෙන් පෙනෙන්නේ ඔහුට තමන් කරපු දේ ගැන කුණු කතා , සංස්කෘතික නොගැළපීම් කතා හැරෙන්න වෙන සාධනීය හේතු දැක්වීමක් නෑ කියන එක. බැඳුම්කර වංචාව ගැන පොඩි පොඩි නහයෙන් ඇඬිලි තිබුණත් චෝදිත දේශපාලනඥයින්ගේ නම් එළියට නොදෙන්නේ ඔහු ළඟ සිටිනා නිදහස් පක්ෂ දේශපාලනඥයින්ගේ නම් මේ චෝදනාවට ගෑවී තියෙන නිසා බව පැහැදිලියි. මෛත්රීගේ එකම අරමුණ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ ඒ සඳහා මහින්දගේ කඳවුර පාවිච්චි කරන එක. මෛත්රී ගේ මේ බලාපොරොත්තු යම් පමණකට සාර්ථක වෙන්න පුලුවන් . ඒ තමයි මහින්ද අගමැතිකමට කියන කැරට් අලය ඉස්සරහට දාගෙන මැතිවරණය මෙහෙයවන එක.

02.ගෝඨාභය රාජපක්ෂ

මට පේන විදියට ඔක්තෝබර් කුමන්ත්රණයෙන් ලොකුම හානීය වුන පාර්ශවය තමයි ගෝඨා . එළිය , වියත්මඟ ඉස්සරහට දාගෙන ඔහුත් සැරසුණේ මීළඟ ජනාධිපතිවරණයට . ඊට හරහට තිබුණ එකම කාරණය ඇමෙරිකානු පුරවැසිභාවය පමණයි. මාධ්ය වාර්තා හැටියට නම් ඔහු තාම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන නෑ.ඒ වගේම ඒක හිතන තරම් ලේසිත් නෑ.ඔහු අඩුම තරමින් පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලීමක් වත් කරලා නැත්නම් අපිට හිතන්න පුලුවන් එකම දේ එළිය , වියත්මඟ වගේ වැඩසටහන් ඉස්සරහට දාගෙන ඔහු කරේ තමන්ට විරුද්ධව විභාග වෙමින් පවතින නඩු තීන්දු වලට යම් බලපෑමක් කරන එක විතරයි කියන එක. ඒ වගේම මහින්දගේ නාමල් project එකට ගෝඨා කියන්නෙ බාධාවක්. ගෝඨා ජනාධිපතිවරණ රේස් එකට ඇවිල්ලා ඔහු බලය තහවුරු කර ගත්තොත් මහින්ද පාර්ශවයෙන් නාමල් සාධකය අඩුම තරමෙන් තවත් දශකයකින් පස්සට යනවා.සමහරවිට නාමල්ට ආයේ no chance වෙන්නත් පුලුවන් . ඉතින් මේ වෙලාවේ මහින්දටත් ගොඩ යන්න ලැබුන chance එකක් තමයි මෛත්රී එක්ක එකතු වීම.මේත් එක්කම තරඟෙන් මුලින්ම කැපුණේ ගෝඨා. කුමන්ත්රණයෙන් මාස තුනකට පස්සෙත් පැහැදිලි එක දෙයක් තමයි ගෝඨාගේ දේශපාලනයේ අපැහැදිලි බව.දැන් දැන් දේශපාලන සාකච්ඡා වල ගෝඨා ගැන සඳහනක් නෑ. ගෝඨා project එකේ හිටපු විමල්ලා ගම්මන්පිලලත් දැක් කතා කරන්කේ මෛත්රී මහින්ද සුසංයෝගයක් ගැන. ඔක්තෝබර් කුමන්ත්රණයෙන් ගෝඨා ට ඉගෙන ගන්න තියෙන හොඳම දේ තමයි ලංකාවේ තියෙන දේශපාලන අවස්ථාවාදය. තමන් එහි ගොදුරක් වී සිටිය බව.

03. රනිල් වික්රමසිංහ

ඔක්තෝබර් කුමන්ත්රණයෙන් වාසි වුන කෙනෙක් තමයි රනිල්. ළඟ එන මැතිවරණ වලින් නියත පරාජයක් අත්වෙන්න තිබුණ රනිල්ට UNP එක තරඟයක් දිය හැකි පක්ෂයක් තත්වෙට ගෙන ඒමට මෙම කුමන්ත්රණය දායක වුනා. කුමන්ත්රණ සාර්ථක වුනා නම් රනිල්ට පක්ෂ නායකත්වයත් නැතිවෙන්න තිබුණා.යම් විදියකින් මීළඟ ජනාධිපතිවරණය ට රනිල්ට සමඟ නිදහස් පක්ෂය අැතුලු මහින්ද පාර්ශවයෙන් මෛත්රී ඉදිරිපත් වුනොත් රනිල්ට දිනන්න වුනත් ඉඩක් තියෙනවා කියන එකයි මගේ හැගීම.තමන් විශේෂ යමක් නොකරම දේශපාලන ශක්තියක් ළඟා කර ගන්නට ඔක්තෝබර් කුමන්ත්රණය අවසානයේ රනිල් සමත් වෙනවා. මීට මාස තුනකට කලින් කවුද හිතුවේ UNP එක ගොල්ෆේස් පිට්ටනියේ රැළියක් පවත්වයි කියල?

04.සජිත් ප්රේමදාස

ඔක්තෝබර් කුමන්ත්රණයත් එකක මටනම් ඔහුගෙන් පේන්නේ කපටි හැසිරීමක්. මේ කුමන්ත්රණය පිටුපස සජිත් හිටියද කියන සාධාරණ සැකයක් පේන්නේ මෛත්රී එක්ක ඔහු දිගින් දිගටම පවත්වන ආශ්රයත් එක්ක. මෛත්රී රනිල්ට නැවත අගමැතිකම දුන්න වෙලාවේ කරපු කුප්රකට කතාවට පස්සෙ වුනත් ඔහුගෙන් ශ්රීමත් ජනපති කතාව නැති වෙන්නෙ නෑ. අනෙක් UNP මැත් ඇමැතිවරුන් මෛත්රී සම්බන්ධව නිශේධාත්මක අදහස් දරද්දි සජිත් ඊට විරුද්ධ විදියට හැසිරෙනවා. මෛත්රී විසින් මහින්දට අගමැතිකම දෙන ගමන් සජිත්ට පක්ෂ නායකත්වය තහවුරු කරගෙන ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඔහුගෙන් ඉල්ලුවා වෙන්නත් පුලුවන්. අනෙක් කාරණය ඒ දවස්වල දෙතුන් වතාවක් පැති මාරු කරපු මන්ත්රීවරු සියල්ලම නැවත UNP යට සහයෝගය පළ කරපු අවස්ථා කිහිපයේම නැවත එන්නෙ සජිත් සමඟ වීම. ඒ වගේම සජිත් කියන්නේ මහාරාජා ගෙ ඉත්තෙක් වීමත් මෛත්රී ළඟ සිටින බහුතරයක් දෙනා මහාරාජා හිතවතුන් හෝ ඔහුගේ ආයතනවලින් පැමිණි පුද්ගලයන් වීමත් මේ සැකයට තව හේතුවක්.

05. මහින්ද රාජපක්ෂ

කුමන්ත්රණයෙන් නම කැත කර ගත්තු තවත් කෙනෙක් තමයි මහින්ද. ඉදිරි මැතිවරණ වලින් පැහැදිලි ජයග්රහණයක් පෙනි පෙනී තියෙද්දි හදිසියේ අගමැතිකම ගන්න නම් මහින්දට මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්නම ඕනේ. දශක ගාණක් දේශපාලනයෙන් තෙම්පරාදු වෙච්චි මහින්දට මාස 10ක් 12 ක් ඉවසන්නට නොහැකි වුනේ ඇයි.?

සමහරවිට ඒ ගෝඨාභය සාධකය තරඟයෙන් ඉවත් කරන්නට වෙන්නත් පුලුවන් . නැත්නම් තියෙන නඩු හබ වලින් ගොඩ යෑමේ හදිසි තීරණයක් වෙන්නත් පුලුවන්. පුද්ගලිකව මටනම් පේන්නේ ගෝඨාභය සාධකය අයින් කරන එක වැදගත් වෙලා කියන එක.කුමන්ත්රණය සාර්ථක වුනානම් මේකෙන් මහින්දයයි මෛත්රීටයි දෙන්නටම win -win situation එකක්.මීළඟ ජනාධිපතිවරණෙන් මෛත්රීට නැවතත් ජනාධිපතිකම එක්කම මහින්දට අගමැතිකම. කුමන්ත්රණය අසාර්ථක වුනත් ගෝඨා සාධකය දැනටමත් සැළකිය යුතු ප්රමාණයකින් තරඟෙන් කැපිලා. ගෝඨා රැල්ල නතර වෙලා විතරක් නොවෙයි එළිය වියත්මඟත් අතරමඟ නතර වෙලා. ගෝඨාව ඕනේ කියපු විමල්ලා ගම්මන්පිලලත් මෛත්රී - මහින්ද සුසංයෝර ගැන බණ කියනවා.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com1tag:blogger.com,1999:blog-1359454352309233769.post-48722944820193876762018-12-29T19:06:00.001-08:002018-12-29T19:06:07.672-08:002019 වසරටත් විශ්මිත අනාවැකි

(2018 වසරට මා ඉදිරිපත් කළ අනාවැකි සියල්ල 100% සනාථ වූ බව ඔබ සියල්ල ඉතා හොඳින් දන්නා බව මම දනිමි.එම අනාවැකි මෙම ලිංකුවෙන් කියවිය හැක.http://hadenakoluwa.blogspot.com/2017/12/2018.html2019 වර්ෂයටත් එලෙසම අනාවැකි පළ කිරීමට ලැබීම භාග්යයක් ලෙස සළකමි)

රාවණා සිද්ධම්!

* රථ වාහන අනතුරු අධික වසරකි.

* ඟං වතුර තත්ත්වයක්

* නායයාම් වලින් මිනිස් ජීවිත අහිමිවීම්

* රටේ කොටසකට නියං තත්වයක්

* දේශපාලන පැති මාරුවීම්

* ජීවන වියදමේ ඉහළ යෑම්

* ඉන්දුනීසියාවට භූමිකම්පා

* වසර අවසානයේ ඕස්ට්රේලියාවට Heat waves

* ඩොනල්ඩ් ට්රම්ප් ගෙන් තවදුරටත් පිස්සු කෙළීම්

* මැද පෙරදිග කලාපයේ අර්බුද

* වසර මැදදී ක්රිකට් උණුසුමක්

* තෙල් මිළ සූත්රයෙන් සෙල්ලම්

* මෛත්රී තවදුරටත් මෛත්රී ම වෙයි.

(පුරාණ සෘෂිවරුන් ගේ පුස්කොළ පොත් අධ්යනයෙනි)

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com1tag:blogger.com,1999:blog-1359454352309233769.post-83591477006035422742018-11-09T15:47:00.000-08:002018-11-09T16:48:22.299-08:00පිස්සන්ට කලින් දොස්තර කලබල වීම

මහා බ්රිතාන්යයේ පළවෙනි ජෝරජ් රජ්ජුරුවෝ ඉංග්රීසි දන්නෙ නෑ කියනවනේ. හේතුව ඔහු ජර්මන් වංශයකින් පැවතෙන්නෙක් වීම. ඉංග්රීසි දන්නෙ නැති වුනත් බ්රිතාන්යයේ රජ්ජුරුවෝ . පළවෙනි ජෝරජ්ගේ ඉංග්රීසි නොදන්නාකම හේතුවෙන් ඊළඟට වෙන දේ තමයි මනුස්සයා කැබිනට් එකට යන්නෙ නැතිවීම. ගියත් යන්නෙ කලාතුරකින්. මේ හින්දම ජෝරජ් රජ්ජුරුවෝ වෙනුවෙන් කැබිනට් එකේ වැඩකටයුතු බලාගන්න වෙන්නේ වොල්පෝල් කියල කෙනෙක්. මේ වොල්පෝල් ගේ බලය ටිකෙන් ටික වැඩිවෙලා තමයි පසුකාලීනව 'අගමැති' කියන තනතුර බිහිවෙන්නේ. කෙටියෙන් ගත්තොත් ලෝකේට අගමැති කියන තනතුරක් බිහිවෙන්නේ පළවෙනි ජෝරජ් රජුජුරුවන්ගේ ඉංග්රීසි නොදන්නාකම.

ඊට සියවස් තුනහමාරකට විතර පස්සෙ ලංකාවේ අගමැති කෙනෙක් බිහිවෙනවා.ඔහු ඉංග්රීසි ත් දන්නවා සිංහලත් දන්නවා . හැබැයි ඔහුටත් කැබිනට් රැස්වීමක් මෙහෙයවන්න , අගමැති විදියට පාර්ලිමේන්තුව අැමතීමට විතරක් නොවෙයි පාර්ලිමේන්තු පරිශ්රය ට අඩිය තියන්නවත් ඉඩක් හිමිවෙන්නේ නෑ. හේතුව තමයි ලංකාවේ පාලනය කරන්නේ තීන්දු තීරණ ගන්නේ පිස්සො ටිකක් වීම සහ බහුතරයක් නැති වෙලාවක් මේ විකාර සහගත අගමැතිකම පැනලා ගන්න තරම් අහේනියක් තියෙන එකෙක් සිටීම . මේක මොනතරම් ආතල්ලන්තයක්ද කිව්වොත් රෑ හතට තමන්ගේ ඉස්සරහ ඇමතිවරු දිවුරුම් දෙන ජනාධිපති උත්මාණන් ඒ ඇඳුම පිටින්ම රෑ නවයට පාර්ලිමේන්තුව විසුරුවනවා. ඉතින් මේක අාතල් ඩිස්නිලන්තයක් නොවෙයිද. මෑතකදි ලංකාව ගැන හරිම විග්රහයක් කරේ ජගත් මනුවර්ණ. උෟ කිව්ව හරි. මේක ඩිස්නිලන්තයක් . මහා උන් ට හිතෙන හිතෙන දේවල් උන් කියනවා උන් කරනවා.මෙහෙම රටකට warn කරන බටහිර රටවල් ඉන්නවානම් උන්ටත් පිස්සු . උන් හරිනම් කරන්න ඕනේ මෙච්චරයි . පුලුවන් තරම් ලංකාවට අාතල්ලන්තයක් හැටියටම develop වෙන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට උන්ටත් පුලුවන් පොඩි මොංගල් ගතියක් දැනුණ දවසක ටිකට් එකක් අරන් ප්ලේන් එකෙන් ඇවිත් පොඩි ආතල් එකක් අරන් අපි ඉන්නෙ සැපේ කියල බලල යන්න.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com2tag:blogger.com,1999:blog-1359454352309233769.post-15464953911648713742018-07-11T04:24:00.001-07:002018-07-11T04:24:55.609-07:00මරණ දඬුවම ඕනේ (නෑ) මරණ දණ්ඩනය, සාමාන්යයෙන් අවුරුදු 5කට 10 කට සැරයක් අපේ රටේ උඩට එන මාතෘකාවක්. අපරාධ රැල්ල වැඩිවීගෙන එනවා වගේ දැනුන ගමන් මරණ දණ්ඩනය ගැනත් ආයේ ආයේ කතා කරනවා. ආයේම ටික දවසකින් නැතිවෙලා යනවා .

Amnesty International එක කියන විදියට 2017 අවුරුද්දේ විතරක් ලෝකේ මරණ දණ්ඩනය ක්රියාත්මක කරලා තියෙනවා 993ක් ( චීනයේ ගණන නැතිව). මතක තියා ගන්න මේ ඉලක්කම ඇතුලට අපේ රටේ වගේ කුප්රකට "සැඟවූ ආයුධ පෙන්වීම" වගේ concept ඇතුලත් නෑ. ආයුධ පෙන්වීමට ගිහින් මරණ එකත් රාජ්යය මැදිහත් වීමෙන් කරන එක්තරා මරණ දණ්ඩනයක් තමයි. ඒ වගේම චීනෙන් එන මරණ දණ්ඩනය ලක්වූ ප්රමාණය 1000 කට වඩා වැඩී. චීනය මේ සංඛ්යාලේඛණ රාජ්ය රහසක් හැටියට තියා ගන්න නිසාම මේ ඉලක්කම මීට වැඩිය වැඩිවෙන්න තියෙන ඉඩ හුඟක් වැඩී.

මේ තමයි 2017 අවුරුද්දෙ නිළ වශයෙන් මරණ දණ්ඩනය ක්රියාත්මක කරපු රටවල්:

China , Iran, Saudi arabia , Iraq , Pakistan ,Egypt , Somalia , USA, Jordan ,Singapore ,Kuwait ,Bangladesh ,Palastene, Afghanistan ,Malaysia ,Japan, South Sudan,Baharain ,Yemen, Belarus, UAE, North Korea & Vietnam .

මේ රටවල් වලිනුත් ඉදිරියෙන්ම ඉන්නෙ මෙයාලා:

Chaina - 1000+

Iran - 500+

Saudi Arab - 145+

Iraq - 125+

Pakistan - 60+

Egypt - 35+

Somalia - 20+

USA - 20 +

ඊට කලින් අවුරුදු වල ඔය ලිස්ට් එක බැලුවනම් ඒත් මේ රටවල් ටික ඒ විදියටම තියෙනවා. මං හිතන්නේ ඒ point එක උනත් ඇති death sentence වල සාර්ථක අසාර්ථකත්වය ගැන යම් අදහසක් ගන්න.

මරණීය දණ්ඩණයේ තියෙන ලොකුම අවුල තමයි නීතිය පසිඳලන තැන් වල වෙන අඩුපාඩු හේතුවෙන් වෙන ඇත්තටම වරදකරුවන් නොවන මිනිස්සු මරණයට පත් වෙන එක. ඇමෙරිකාවේ බැලුවොත් එහෙම සිදුවීම් ඕනෙ තරම් වාර්තාවෙලා තියෙනවා. මොකක්හරි වරදකට සම්බන්ධයෙන් කවුරුහරි වරදකරුවෙකුට මරණ දණ්ඩනය ක්රියාත්මක කරල කාලයක් ගියාම වෙන කවුරුහරි ඇවිල්ලා පාපොච්චාරණය කරනවා ඒ වරද කරේ මම මිය ගිය පුද්ගලයා නිර්දෝෂයි කියලා. මේ පාපෝච්චාරණය කරපු අය විතරයි. තමන්ගේ වරද වෙනුවෙන් වෙන එකෙක් මරණයට පත් වෙනවා බලාගෙන ජීවත්වෙන අය තව ඇති තරම් ඇති. දැන් මේ වගේ අවස්ථාවක මොකද කරන්නේ.? අර නිවැරදි 'වරදකරුට' නැවත පණ දෙන්නද? ඒ මිනිස්සුන්ගෙ පවුල් වලට දෙන පිළිතුරු මොනවද?

අනෙක් කාරණය තමයි ඒ ඒ රටවල් වල දේශපාලනය සහ නීතිය ක්රියාත්මක වීම කියන එක අතර සම්බන්ධය මත තීන්දු වෙනස් වෙන එක. දැන් අපි බැලුවොත් දුමින්ද සිල්වා දිහා.මනුස්සයාට මරණ දණ්ඩනය හිමි වෙලා ඉන්නේ. 2015 ආණ්ඩුව වෙනස් වුනේ නැත්නම් දුමින්ද සිල්වට එහෙම තීන්දුවක් ලැබෙයි කියල අපිට හිතෙන්නෙ නෑනේ නේද. ආණ්ඩු මාරු නොවුනනම් මේ වෙද්දි දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක්. සමහර විට නීතිය හා සම්බන්ධ ඇමති තනතුරක් වුනත් මිනිහ දරන්න තිබුණා. පේනවනේ අපේ වගේ රටවල් වල දේශපාලන බලවතුන්ට පුලුවන් අධිකරණයට බලපෑම් කරන්න. වැරදි කරුවන් ආරක්ෂා කරන්නට වගේ නිවැරදි කරුවන් වැරදි කරුවන් කරන්නට. ඉතින් අපේ වගේ රටක මරණ දණ්ඩනය ක්රියාත්මක වුනොත් අමුතු අමුතු තීන්දු ලැබෙයි. මතකනේ 2012 වැලිකඩ සිද්ධියේදී මියගිය සෙට් එක. ඒ මැරුන අය අතරේ ඒ දවස්වල පන්සල් වලට පැනල හාමුදුරුවරු මරල රජ කාලේ කඩු ,ඔටනු හොයපු සිද්ධි වල සැකකරවොත් හිටියා. මතක තියා ගන්න වැරදිකරුවො නොවෙයි සැකකරුවෝ. ඉතින් මෙහේ මරණ දණ්ඩනය ක්රියාත්මක උනත් එච්චරයි , දේශපාලනඥයින් මැදිහත් වෙලා කරන අපරාධ වලට කොහෙන්හරි මිනිහෙක් අල්ලගෙන් ක්ෂණිකව නීතිය ක්රියාත්මක වෙද්දි සැබෑ අපරාධකරුවන් සුදු වතින් සැරසිලා පන්සල් යයි.

අන්තිම පොයින්ට් එක තමයි මිනිස්සුන්ට නිවැරැදි වෙන්න අවස්ථාවක් දෙන එක. නැත්නම් second chance එකක්. ඉතිහාසයේ වුනත් මිනිස්සු බර ගාණක් මරපු අංගුලිමාල පැවිදිවෙලා රහත් වුනා කියනවනේ. බැරිවෙලාවත් එදා අංගුලිමාල රාජ පුරුෂයන්ට අහුවුණා නම් මොකද වෙන්නේ.සමහර මිනිස්සු අපරාධ කරල තියෙන්නේ තරුණ වයසට ආපු ගමන්ම , සමහර අපරාධ කරුවන් නොයෙකුත් මානසික ව්යාධීන් වලින් පෙළෙන මිනිස්සු . ඇත්තටම සමහර අපරාධකරුවන් උසාවියේ ඉඳන් හිරගෙදරට යවනවා වෙනුවට යවන්න ඕනෙ මානසික වෛද්යවරුන් ළඟට.

මොන කරුණ සළකා බැලුවත් අපේ රටට මරණ දණ්ඩනය කියන එක සෙට් වෙන්නෙ නෑ. ක්රියාත්මක වුනොත් තම තමන්ගේ ඇරියස් නම් කවර් කරගන්න එක , පොලිස් ලොක්කන්ට හිතෙන අය කුඩු තොගයක් දාලා අල්ලන ඒවා වගෙ නම් හරි හරියට වෙයි. අවසානයට ඇත්ත අපරාධකරුවන් සුදුවට ඉද්දි හයියක් නැති මිනිස්සු පිරිසකගේ බෙල්ල තොණ්ඩුවට හිරවෙයි.

Facts: amnesty internationalහැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com2tag:blogger.com,1999:blog-1359454352309233769.post-24630530658347739202018-06-16T22:08:00.001-07:002018-06-17T06:44:07.701-07:00චීවරයට අත නොතබනු!
"හැම රටවැසියෙක්ම සිවුරක් පොරවගමු." එහෙම කියල තිබ්බේ විදර්ශන කන්නංගර , fb එකේ.

PK film එකේ pk දේවාලෙක කැටයකින් සල්ලි හොරෙන් අරන් ගුටි කන්න යද්දි උෟ කරන්නේ දෙවියන්ගේ ස්ටිකර් දෙකක් කම්මුල දෙපැත්තේ අලවා ගන්නවා. ඇහුවම කියනවා self defense කියලා.pk ට ගහන්න ආපු උන් දෙයියො කම්මුලේ දැක්කම ක්ෂණික පසු බසිනවා.

දැන් ඥාණසාර සාදු ටත් ජනාධිපති සමාවක් ලැබෙයි කියල චූටි රාවයක් යනවනේ. ගොඩක් වෙලාවට එහෙම වෙයි.(මෛත්රී ලොක්කටත් පිස්සු ජාතීවාදියෝ ටිකක් චූන් කරන්න හම්බ වෙන චාන්ස් එක). ලංකාවෙත් විවිධාකාර තක්කඩියන්ට අර pk ට වගේ හොඳ self defense technique එකක් තියෙනවා . ඒ තමයි කරන තක්කඩි වැඩ සියල්ල සිවුරක් ඇඳන් කරන එක. නැත්නම් තමන්ට කර ගන්න ඕනේ තක්කඩි වැඩ ටික සියල්ලම සිවුරක් ඇඳන් ඉන්න එකෙක් ලව්වා කර ගන්න එක. මොකද එහෙම කරාම වැඩේ ඒ තරමට සාර්ථකයි. චීවරයට අත තියන්ඩ එපා යකෝ කිව්වම ඔක්කොම ඉවරයි. මං හිතන්නේ මේක ලංකාවේ නීතිය ආරක්ෂාව හැම පැත්තකින්ම ලොකු weak point එකක්. ඇස් දෙක විතරක් පේන බුර්කාව සමාජයට ආරක්ෂාවට කොයිතරම් තර්ජනයක්ද ඒ තරමටම තර්ජනයක් සිව්රක් දාන් ඉන්න මැරයෙක්. ඌට ඕනෙම තැනකට බොම්බයක් කුඩු ටිකක් පිස්තෝලයක් අරන් යන එක ගේමක් නෙවෙයි. කවුරුත් චෙක් කරන්න එන්නෙ නෑ. චීවරයට අත නොතබනු ! අන්න ඒ නිසා.ඔබ ගමක පන්සලක් ළඟ ජීවත්වෙලා ඉඩම් ප්රශ්නයකට හරි මොනව හරි ප්රශ්නයකට හාමුදුරුවන්ට එරෙහිව ග්රාම සේවක ළඟට පොලිසියට ගියොත් මොකද වෙන්නේ? ඔබ පැමිණිලි පාර්ශවය වුනත් ග්රාම සේවක හරි පොලිසිය හරි ආව ගමන් මුලින්ම කරන්නේ අර විත්තිකාර හාමුදුරුවන්ට වඳින එක. එතනින් එහාට සාධාරණයක් වෙයි කියල ඔබ හිතනවද. එහෙයි හාමුදුරුවනේ කියනවා මිසක්.

බොහෝ හාමුදුරුවරු තමන් නීතියට අධිකරණයට ඉහළින් ඉන්නේ කියල හිතන්ව ඒ වගේ දේවලුත් බලපාලා ඇති.ඊට අමතරව මොලේ කළඳක් නැති මෝඩ දේශපාලුවන්ගෙ හයියත් බලපාලා ඇති. දැන් මේ තත්වෙ උග්ර වෙලා. හැම මඟුලකටම මැදට පැනල වැඩේ අල කරල දාන්නේ හාමුදුරුවරු. ඔවුන්ට දහම් දැනුමකුත් නෑ. නීතිය ගැන දැනුමකුත් නෑ. විද්යා දැනුමක් කොහොමත් නෑ.දන්නෙ මැදට පැනල ගිරිය පුප්පගෙන කෑ ගහන්ඩ විතරයි. ඒ වුනත් එයාලගේ දායකයන්ට ඒ හැසිරීම ප්රශ්නයක් නොවෙයි. ඔවුන් හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ හැසිරීමක්. පන්සල් වල හාමුදුරුවරු මේ තරම ප්රචණ්ඩ විනයක් නැති තැනකට ගිහින් හැසිරෙන්න දන්නැති සංයමයකින් කතා කරන්න බැරී වීම ගැන තියෙන්නේ ලොකු ප්රශ්නයක්. ළමයි බලෙන් දහම් පාසල් ගෙන්න ගන්න දතකන අනෙක් හාමුදුරුවරුන්ට තමන්ගේ සෙසු සංඝ සමාජයේම සහෝදර හාමුදුරුවන්ගේ අවිනීත ක්රියා පේන්නෙ නෑ. ඒවට විරුද්ධව කතා නොකරන ගමන් ගිහි සමාජේ ළමයින් ශික්ෂණය කරන්න හදන එකත් විහිළුවක් .

දැන් ඔයවගේ දේවල් වලට විරුද්ධව කතා කරන එකත් සෙල්ලම් වැඩක් නොවෙයි. එහෙම කතා කරපු ගමන් නානාවිධි නම්බුනාම නොමිලේම හම්බ වෙනවා. NGO කාක්කෝ, පල්ලි කාක්කෝ, විතරක් නොවෙයි සිවුරු තක්කඩින්ගේ හැම ක්රියාවක්ම සාධාරණීකරණය කරන ජාතියේ පිනට පහළ වුන අයියල මල්ලිලා ටික ජාතිය ගැන කතා කරාට අහන්නෙම ජාතකේ ගැන. ඒ අස්සේ උන් උන්ගෙ අදහසට විරුද්ධ උන්ගෙ මෑණිවරු බල්ලො එක්ක රමණය කරාද කියලත් අහනවා. පොලිම් ගැනත් කියවනවා. මං හිතන්නෙ මැතිණිගේ කාලේ පාං පෝලිම් වෙන්ඩ ඇති. ගිහියො නම් තව කමක් නෑ සිවුරු දාන් ඉන්න එවුනුත් එහෙම අහනවා නම් ඉතින් එහෙව් උන්ගෙ පන්සල්වල සිල් ගන්න ගෑණුන්ට අබ සරණම තමයි . කතාව නතර කරන්න හිතුනා අජිත් කුමාරසිරිගේ සිංදුවක කෑල්ලකින්

" පන්සල් වලට අරක්කු

රටටම පිරිත්පැන්.

එතකොට අපිට?

අපිට තමයි ආදරේ"

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com5tag:blogger.com,1999:blog-1359454352309233769.post-76073342117374328272018-06-13T03:47:00.001-07:002018-06-21T03:53:28.742-07:00හාමුදුරු සීට් එක
කොළඹ - බිබිල බස් එකකට මඟින් ගොඩවුනු හාමුදුරුවරු තුන් දෙනෙක්ට අසුන නොදීම සම්බන්ධයෙන් පුවතක් දිවයිනේ පළවෙලා තිබුණා. කොහොමත් දිවයින ආසයි ඒ වගේ නිව්ස් වලට.එයාලගේ choice එක ඒක.

ඇත්තටම මේ ආසන ගැටලු එන්නේ දිර්ඝ ගමානාන්ත වල යන මඟින්ට. කෙටි ගමන් වල නම් මිනිස්සු ආසනයක් දෙන එක ගැන වැඩිය හිතන්නේ නෑ. දීර්ඝ ගමනක යන කවුරුත් තමන්ගේ ආසනය ගමන පටන් ගෙන ටික වෙලාවකින් දෙන්න කොහොමත් කැමත්තක් නෑනේ. අනිත් අය නම් කොහෙමද දන්නෙ නෑ. මම නම් කැමති නෑ. මේ ලියන්න හදන්නේ සිදුවීම් දෙකක්.

සිදුවීම 01.

මේක වුනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒ වෙද්දි මම හම්බන්තොට පැත්තේ ව්යාපෘතියක. මගේ route එක වෙන්නෙ හැම ඉරිදම හවස 6.30 ට පිටකොටුවෙන් කතරගම යන Highway bus එක. ඉරිදට ඔය බස් එකේ යන එක ටිකක් අමාරු වැඩක්. ගොඩක් මිනිස්සු කලින්ම ආසන වෙන්කරනවා. සාමාන්යයෙන් මම හවස 6 ට විතර බස් එකට නැග්ගම ආසන දෙක තුනයි ඉතිරි. අනෙක් ආසනවල මිනිස්සු නැත්නම් වෙන් කරලා. ඉතින් එහෙම ඉරිදා දවසක බස් එක පිටත් වෙන්න විනාඩි දෙක තුනකට කලින් හාමුදුරුවෝ කෙනෙක් බස් එකට ගොඩ වුනා. හාමුදුරු අසුනේ අසුන් ගත් මනුස්සයා එතනින් අයින් වෙන්න කැමති වුනේ නෑ. මොකද යන්න වෙන ආසනයකුත් නෑ. එහෙනම් ඒ මනුස්සයා highway ගමන අමතක කරලා සුපුරුදු ගාලු පාරෙන් ගමන යන්න ඕනේ. ප්රශ්න ගොඩක්. හොඳ වෙලාවට අසුන දෙන්න ප්රතික්ෂේප කරපු මනුස්සයා සිංහල එකෙක්. බැරිවෙලාවත් හම්බන්තොට පැත්තෙ ඉන්න මුස්ලිම් මනුස්සයෙක් එහෙම එතන හිටියානම් ඔය ප්රශ්නෙ දිග හැරෙන්නේ වෙනත්ම කෝණයකට. මට ඒ වෙලාවේ ආවේ මෙහෙම ප්රශ්නයක්. එච්චර දුර ගමනක් යද්දි ඇයි හාමුදුරුවන්ට බැරි ටිකක් කලින් ඇවිල්ලා ආසනය අයිති කර ගන්න. අවසාන මොහොතේ බස් එකට නැඟලා highway බස් එකක වගේ සීමිත ගණනකට යන්න පුලුවන් තැනක තවත් මනුස්සයෙක් අමාරුවේ දාන්නේ ඇයි? අනෙක් මඟින් වගේ කලින් ආසන වෙන් නොකරන්නේ ඇයි. ?

සිදුවීම 2.

මේ සිදුවීම වුනෙත් මීට අවුරුද්දකට විතර කලින්. හදිසියේම දවසක් මටයි බිරිඳටයි ගෙදර එන්න වුනා. කොළඹ - මහියංගනය බස් රථයට ගොඩවෙද්දිත් රෑ 11.30ට විතර. අපි දෙන්නටම එකතැන වාඩිවෙන්න නම් ඉතිරි වෙලා තිබුණේ හාමුදුරු සීට් එක විතරයි. එච්චර රෑක සාමාන්යයෙන් හාමුදුරුවරු යන්නෙ නැතිවෙයි කියල වාඩි වුනා කියමුකො. බස් එක යන්න ටිකකට කලින් තරුණ හාමුදුරුවෝ කෙනෙක් බස් එකකට නැග්ගා. වැඩ කරලා මහන්සි වෙලා රෑ 12ට බස් එකට නැග්ගම ඉඳගෙන ඉන්න සීට් එක දෙන්න වුනාම දැනෙන හැඟීම කියන්න වෙන්නෙ මෙන්න මෙහෙම, " මොන **********"? එහෙම situation එකක්. බස් එකට ගොඩ වෙද්දිම තරුණ යුවලක් හාමුදුරු අසුනේ වාඩි වෙලා ඉන්නවා දැකපු ඒ හාමුදුරුවෝ කිසිම කතාවක් නැතිව අපට විරුද්ධ අසුනේ වාඩිවුනා. වචනයක්වත් කතා නොකරපු , නොහඳුනන ඒ හාමුදුරුවෝ ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුනා. අවස්ථාව තේරුම් ගැනීමට තරම් ඔලුවක් සහ නිහතමානීකමක් ඒ නොදන්න හාමුදුරුවන් ගාව තිබුණා.

ප.ලි.

තවත් දිනෙක මම අැඹිලිපිටිය - කොළඹ බසයක ගමන් කරනවා.බස් රථය අවිස්සාවේල්ල කිට්ටු කරලා තේ බොන්න නතර කරාම තුන්දෙනෙක් වාඩි වෙන්න පුලුවන් හාමුදුරු ආසනෙන් දෙන්නෙක් තේ බොන්න බැහැලා ගියා. තරුණ හාමුදුරු කෙනෙක් ජනේලය ළඟ ඉතුරු වෙද්දි ඒ වෙනකල් හිටගෙන හිටපු තරුණ ගැහැනු ළමයෙක් බසය නතර කරන් හිටපු වෙලාව තුළ වාඩිවෙලා හිටියා. ඊට විරුද්ධ පැත්තේ වාඩිවෙලා හිටියේ භික්ෂුනී කෙනෙක්.ඈ අර තරුණියට බනින්නට වුනා . හැබැයි අර හාමුදුරුවෝ නම් ජනේලයෙන් එළිය බලන් හිටියා මිසක් හැරිලවත් බැලුවේ නෑ. තරුණිය නැගිටුනෙත් නෑ. ' ඔයාගේ සහෝදරයෙක් වුනත් මහණ වුනාට පස්සෙ ඔයාට අයිති නෑ' අර භික්ෂුනීය තරුණියට බණ කියනවා . ඇය කණකට ගත්තෙ නෑ. ඇගේ පාඩුවේ ආසනයේ වාඩ්වෙලා හිටියා ආසනයේ හිටපු අය නැවත එනකල් . හාමුදුරුවන්ට ඒක ප්රශ්නයක් වුනෙත් නෑ. හැබැයි වටේ හිටපු අනෙක් ගැහැනුන්ට නම් ලොකු ප්රශ්නයක් වුනා.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com5tag:blogger.com,1999:blog-1359454352309233769.post-49499950435160221762018-06-10T09:15:00.001-07:002018-06-10T09:19:03.055-07:00අඟහරු ග්රහයා මත පුරුෂ ලිංගයක්
ධීර්ති කලුසුදුසූරිය

අඟහරු ග්‍රහයා මත පුරුෂ ලිංගයක් තිබී සොයා ගෙන ඇතැයි නෝටි ඇමෙරිකානු ආයතනය මුළු ලොවම සුරාන්තයට පත් කරමින් හෙළි කර ගෙන ඇත.

කියුට්පුසි යානය මඟින් මෙම පුරුෂ ලිංගය සොයා ගෙන ඇත.

මෙම පුරුෂ ලිංගය වසර විසි පහක් පමණ පැරණි බව නෝටි ඇමෙරිකානු ආයතනය පවසයි

මෙය විශ්මය ජනක සොයාගැනීමක් යැයි නෝටි ඇමෙරිකානු ආයතනයේ පෝර්නොග්රැපි විද්යාඥ මියා කලීෆා මහත්මිය පැවසුවාය.

මින් සනාථ වන්නේ අඟහරු ග්රහයා මත ලිංගික කර්මාන්තශාලා (sex industry) තිබීම බවද ඇය කීවාය.

ඉදිරියේදී කියුට්පුසි යානාව මෙයට වඩා ආතල් ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කීවාය.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com3tag:blogger.com,1999:blog-1359454352309233769.post-22726080365530511752018-06-09T21:32:00.001-07:002020-05-17T01:09:51.052-07:00MTV Troll Police හෙවත් සමූහ දූෂණය

MTV Troll Police කියන්නේ ඉන්දියාවේ MTV එකේ යන රියලිටි වැඩසටහනක්.අන්තර්ජාලයේ ප්රසිද්ධ මිනිස්සුන්ට වෙන harassment වලට දෙන උත්තරයක් නැත්නම් ප්රතිප්රහාරයක් තමයි මේක. වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි ගමුකෝ ඉන්දියාවේ කවුරුහරි celebrity කෙනෙක්. දැන් මේ celebrity කෙනා facebook වේවා Twitter වේවා මොකක් හරි social media එකකට photos අනං මනං දානවානේ. ඔය දාන photos වලට එක එක මානසික රෝගියෝ ඇවිත් කැත විදියට comment කරනවා,තම තමන්ගේ ලිංගික පීඩනයන් පිට කරනවා.ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවේත් එහෙමනේ. පියුමි හංසමාලි, නදීෂා හේමමාලී, යුරේනීල වගේ අයට ඇති තරම් මෙහෙම වෙලා අැති . දැන් MTV එක කරන්නේ මේ වගේ තැනකදි මැදිහත් වෙනවා අර celebrity එක්ක. අර දිගින් දිගටම කැත කමෙන්ට් කරන පුද්ගලයව follow කරනවා, කන බොන තැන් යන එන තැන් video කරනවා. ඊට පස්සේ කරන්නේ මේ මනුස්සයව කොටු කර ගන්න වෙනම ගේමක් ප්ලෑන් කරනවා. සමහර විට ඒ රියලිටි තරඟයක් , ජොබ් ඉන්ටවිව් එකක්, ක්රීඩා පුහුණු වැඩසටහනක් වෙන්න පුලුවන් . ඒ තමයි abuser ව කොටු කරගන්න දැල වැටෙන විදිය .

මම බලපු එක වැඩ සටහනක celebrity ඉන්දියන් female badminton star කෙනෙක්, තවත් එකක bollywood actrss කෙනෙක් තව එකෙක reality show එකකින් win කරපු dancer කෙනෙක්(කොල්ලෙක්). මේ හැම කෙනාටම යම් පිරිසක් නිතරම අශ්ලීල විදියට comment කරනවා.ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්යට දැම්මම අර පිරිසගේ ප්රතිචාර වෙන්නේ අතිශය පුද්ගලික චරිත ඝාතනය වෙන දේවල්.ඔවුන්ගේ මවුපියන් සම්බන්ධ කරල අශ්ලීල comment වැටෙනවා ,ඇඳුම අඳින විදිය පවා කැත විදියට විවේචනය කරනවා. ඉතින් MTV එක කරන්නේ අර අශ්ලීල පිරිස කොටු කරගන්න උපක්රමශීලී වැඩ සටහනක් කෘතිමව හදන එක. එක කොටු කර ගන්න හදන කෙනාගේ life style එකට සෙට් වෙන විදියට තමයි හදන්නේ. ඔවුන්ටත් නොදැනීම දවස් කීපයක් ඔවුන්ව වීඩියෝ ගත වෙනවා.අවසානයේ මොනවහරි competition එකකට workshop එකකට අර කොමෙන්ට් මෑන් බලාපොරොත්තු සහගතව ඉදිරිපත් වෙනවා . වැඩසටහන අවසානයට තමයි තමන් harass කරපු celebrity මතු වෙන්නේ. Social media වලදි abuse කරන කෙනා එතනදී රෑපවාහිනී මාධ්යකදී රටක් ඉස්සරහ abuse වෙනවා .celebrity අහනවා ඔබගේ සහෝදරියට මේ වගේ අශ්ලීල කතා කියෙව්වම මොනවද දැනෙන්නේ කියලා.comments එකින් එක පෙන්නනවා .ඒක සමූහ දූෂණයක්. ලැජ්ජාවේ ඇඹරෙනවා.සමහරු එතනදී වැරැද්ද පිළි අරන් සමාව ඉල්ලනවා. හොඳ පාඩමක්.රෙදි ගැළවෙන පාඩමක්.

මුලින්ම මේ programme එක බලද්දි මේකත් අර wwe wrestling වගේ script එකකට ගොඩනැඟෙනවාදො කියල හිතුනත් අර comment කාරයෝ අපහසුතාවට පත්වෙලා ඉන්න විදිය දැක්කම තේරෙනවා එසේ මෙසේ එකෙකුට එහෙම මිනිස්සුන්ගෙ හැඟීම් රඟපාන්න බැරි විත්තිය. එ් වගේම මේ වැඩසටහන බලපු ඉන්දියානුවෙක් මීට පස්සේ කාගේ හරි photo එකකට කුපාඩි comment එකක් දාන්න කලින් දෙපාරක් හිතයි කියලත් හිතෙනවා.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com3tag:blogger.com,1999:blog-1359454352309233769.post-31427087692922427612018-05-27T03:36:00.001-07:002018-05-27T04:23:15.123-07:00දෙවියන් ගැන තවදුරටත්
මේ දවස්වල දෙවියන් ගැන සංවාදේ ජයටම යනවා . මං හිතන්නේ විය යුත්තෙත් ඒකමයි. හැමදාම එකම අාරක දේවල් ඇහුන මිනිසුන්ට එක පාරටම ඒදේම නිෂේධාත්මක විදියට ඇහුනම මුලින් ටිකක් අවුල්. සමහරු පිළිගන්න අදිමදි කරනවා . සමහරු තේරුම් ගන්නවා. වැහි දෙවි කතාවත් එහෙමයි. සමහරු හිතන් ඉඳලා තිබුණේ වැහිදෙයියා කියන්නේ නිකන් කටවහරට කියපු දෙයක්ය කියලනේ.

මේ දේව සංකල්පෙ ලංකාවේ කාලයක් තිස්සේ යට ගිහින් තිබුණේ විශේෂයෙන්ම සෝම හාමුදුරුවන්ගේ මැදිහත් වීම ඒකට ලොකු හේතුවක්. පුද්ගලිකව මගේ වුනත් දේවියන් පිළිබඳ තිබුණ විශ්වාසය නැති වෙන එක පටන් ගත්තේ එතනින්. ඒත් පස්සේ කාලේක නලින්ද සිල්වා ඇතුළු සෙට් එකේ වැඩත් එක්ක ආයේමත් මිනිස්සුන්ගෙ ඔලු කන්න පටන් ගෙන.කොච්චරද කිව්වොත් වැස්සත් එක්ක වැඩ කරන්නට වෙන ලංකාවේ සමහර දෙපාර්තමේන්තුවල ඉන්න ඉංජිනේරුවරු අධ්යක්ෂකවරු පවා වැස්ස බලාපොරොත්තුවෙන් වැහි පිරිත් කියද්දි දේව කන්නලව් කරද්දි රටේ මිනිස්සු හැටියට අපට වගකීමක් තියෙනවා මේවගේ මිත්යාවන් පස්සේ උගතුන් බුද්ධිමතුන් පවා යන එක හෙළා දකින්නට ප්රශ්න කරන්නට. ඒක කරන්නට හොඳම විදිය තමයි මේ දෙවියන් කියන විෂය පුලුවන් තරම් සාකච්ඡාවට අරගෙන මේක හාස්යයට ලක් කරන එක. මොකද මිනිස්සු මේ තරම් දෙව්යන්ව විශ්වාස කරන්නේ ඔවුන්ගේ අසරණ කමටත් වඩා බය නිසා.

පහළ තියෙන ෆොටොස් ටික බැලුවොත් ඒවා screenshots ගහල තියෙන්නේ බුද්දක නිකායේ එන විමාන වත්ථුවෙන්. ඒක මහමෙව්නාවේ සංස්කරණය.එතනදි දෙවියන් දිව්යංගනාවන් ගැන කතා ගොඩාක් තියෙනවා . ඒක හරියට interview එකක් වගේ. මොග්ගලිපුත්ත තෙරුණ් එක එක දෙවිවරුන්ගෙන් දිව්යාගනාවන්ගෙන් අහනවා ඔබ ඇයි මෙහෙම ඉන්නේ. මොනව කරාටද මෙහෙම දිව්ය සැප සම්පත් ලැබුණේ කියලා. මං මේකේ උපුටා ගත්තේ දෙව්යන්ගේ වාහන සම්බන්ධව තිබෙන දේවල්. මොග්ගලිපුත්ත තෙරුන් එක දෙවියෙක්ගෙන් අහනවා

" ඔබේ මේ ඇත් වාහනය උත්තම එකක්.නොයෙක් මැණික් වලින් මේ ඇතාව සරසලා තියෙන්නේ.හරිම සිත්කළුයි. ශක්ති සම්පන්නයි.වේගවත් ගමනක් තියෙන්නේ අහසින් ගමන් කරන්නේ........ "

අන්න එහෙම ඒ කතාව ඇදෙනවා. මට තියෙන ප්රශ්නේ යකෝ දෙවියොත් තාම යන්නේ ඇතාගේ පිටේද කියන එක.අනෙක අහසින් යන ඇතෙක්.ගමරාළ අලියගේ වලිගෙ එල්ලිලා දිව්යලෝකේ ගියා කිව්වම මිනිස්සු හිනාවුනාට ඒ මින්ස්සුම මේවා පිළිගන්නවා. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් අද කාලේ පුද්ගලික ගුවන්යානා, ලිමොසින් ,නැව් පවා තියෙන මිනිස්සු ඉන්නවා . එතකොට සැබෑ දෙවිවරු කව්ද, තාමත් ඇතා පිට යන කෙනාද මෙහේ සුපෝගබෝගි විදිහට ඉන්න කෙනාද?එක්කො දෙවිවරු eco friendly ජීවත් වෙනවා ඇති. නැත්නම් මිනිස්සු පරිකල්පනයේ දියුණුවෙන් හදන දේවල් දෙයියොත් කොපි කරනවද දන්නෙත් නෑ. මොකද ඒ යුගයේ රජවරු ඇමතිවරු ඇතාගේ පිටේ යද්දි සමහර දෙවිවරන්ටත් තිබිලා තියෙනනේ ඒ පහසුකම්මයි ඊට වඩා ඩෙල්ටා ප්රමාණයක් වැඩිපුර. මගේ පුද්ගලික අදහස මේකයි එක්කෝ මොග්ගලිපුත්ත තෙරුන් හරි විමාන වත්තු වලට මේ කතාව ලියපු කෙනා කල්පනා කරල බලන්න ඇති ඒ කලේ රටේ සමෘද්ධිමත්ම පුද්ගලයා වෙච්ච රජ්ජුරුවෝ ගමන් කරන්නේ ජීවත් වෙන්නෙ කොහොමද කියලා , ඊට පස්සේ ඒ ගමන් කරන විදියම ඊට වඩා චුට්ටක් ඇඩ්වාන්ස් කරලා දෙවියන්ට apply කරලා. ඒ කියන්නේ ඇතාට මුතු මැණික් අන්දවලා. මල් මාලා දම්මවලා , ඇතාගේ පාට පොඩ්ඩක් වෙනස් කරලා වගේ දේවල්. ඒ යුගයේ මිනිස්සුන්ට ඒ දේවල් ඇත්ත වගේ පෙනුනට තාමත් දෙව්යො ඇතාගේ පිටේ යනවා කිව්වම ටිකක් අවුල්. අනික දෙව්වරු අපි වගේ පරිණාමය වෙනවා කියලා අහල තියෙනවැයි? නෑනේ.

කතාව ඉවර කරන්නම් මෙහෙම දෙවිවරු කියන්නෙ මිනිස්සුන්ගෙ පරිකල්පනයෙම නිර්මාණයක්. සමහර තැන් වලදි අහිංසක නිර්මාණයක් සමහර තැන්වලදි රෞද්ර ප්රකාශනයක්. දෙවිවරු කියන්නේ මිනිස්සුන්ගෙ දුර්වලකම එළියට එන තැනක්.දෙවිවරු කියන්නේ game එකක level එකක් වගේ මිනිස්සුන්ට යන්න තියෙන වඩා හොඳ level එකක්. පෘථිවියේ superior මිනිස්සු. අපි කැමති වුනත් නැතිවුනත් ඇත්ත ඒක. මේ ලොකේ ප්රශ්න විසඳන්න වෙන්නේ මේ superior වෙච්ච මිනිස්සුන්ටම මිසක් ලොවෙත් නැති දෙවිකෙනෙක්ට නොවෙයි. මිනිස්සුන්ට තමන්ට ඉහළින් කවුරුහරි නෑ කියන එක දැනගත්තම ලොකු හිස්කමක් තනි කමක් දැනෙනවා.දුක කියන්න කවුරුත් නැත්වෙනවා. මේ තනිකම හිස්කම පාළුව මකන්න ආපු පිළියම තමයි දෙව්යා. අපි හිතන් ඉන්නවා අපේ ප්රශ්න දෙව්යො විසඳයි කියල.හිතුවට එයා විසඳන්නෙ නෑ. එයා එන්නෙත් නෑ. මොකද එහෙම කෙනෙක් නැතිනිසා. තේරුම් ගන්න. අපිට අපි විතරයි.

හැදෙන කොලුවාhttp://www.blogger.com/profile/07287463512561152718noreply@blogger.com1