Sunday, May 12, 2019

ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ සංවාදය අල කිරීම

ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මධ්‍යස්ත මුස්ලිම් මිනිස්සු, උගතුන් අදහස් දක්වද්දි තියෙන ලොකුම හෙනේ තමයි මෝඩයෝ සෙට් එකක් ඇවිත් වඳ පෙති කතා ටිකයි මුස්ලිම් කඩ වර්ජනය කරනවා වගේ ප්‍රාථමික තැනකින් ප්‍රශ්නේ අල්ල ගන්න එක. හලාල් ප්‍රශ්නෙදි වුනත් වුනේඒක. අන්තිමට මහපොළවෙ ඇත්තටම තියෙන ප්‍රශ්නෙට උත්තර හොයනවා වෙනුවට වෙන වෙන පැති වලට ගිහින් සිරා ප්‍රශ්නෙ යට යනවා. ඒත් එක්කම අර ඇච්වො බැච්චො ඇවිල්ලා අර තිබුණු සංවාද සියල්ල හයිජැක් කරනවා.  අන්තිමට හෙනම ප්‍රගතිශීලී විදියට සංවාදයෙන් පටන් ගත්ත ව්‍යාපෘතිය අන්ත ප්‍රතිගාමී තැනකින් කඩ කැඩීම වගේ තැන්වලින් කෙළවර වෙනවා. ඒ වගේම අර හයිජැක් කරන උන් ටික ඊළඟට කරන්නෙ මුස්ලිම් අන්තවාදීන් පැත්තක තියල වැදගත් විදියට සංවාදය ඇතුලේ හිටපු ඩයල් ටික හතුරා කර ගන්නවා.මේක ලෝකේ බොහෝ දේශපාලන සමාජ ව්‍යාපාර වලට වෙන අකරතැබ්බයක්. අනෙක් කාරණය තමයි ආගමික නායකයන් මෙවැනි සංවාද වලට එක්වීමේ තියෙන බරපතල කම. ඔවුන් මෙහෙම සංවාදයකට ආවම ඔවුන්ට⁣ නොමිලේම මුලසුන අයිති වෙනවා. එතැන ඉඳන් ඔවුන් සංයමයකින් තොරව කරන ප්‍රකාශ හේතුවෙන් මුලු සංවාදයම අල වෙන්න පුලුවන්.

දැන් ලංකාවේ තියන්නේ ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නයක්. මේකට හොයන්න ඕනේ දිගුකාලීන විසඳුම්. කෙටිකාලීනව hate preachers ලා extremist ලා අත්අඩංගුවට ගන්නවා වගේ දේවල් කරන්න පුලුවන්. නැතිව මුස්ලිම් කඩ වර්ජනය කියන්නේ විසඳුමක් නෙවෙයි. මේ තමයි ඉතාම හැඟිම්බර පිරිසක් බුද්ධිය පැත්තක තියල කරන විසඳුම් වල ප්‍රතිඵල. හරියට කාසියක් නැතිවුන තැන හොයනවා වෙනුවට එළිය තියෙන තැනක කාසිය හොයනවා වගේ වැඩක්. ආයේත් හලාල් ප්‍රශ්නෙට ආවොත් අර මහසෝන් ඩයල් හිටියේ හලාල් හින්ද සිංහල බහුතරයක් වැඩි මිළක් ගෙවන්නෙ ඇයි වගේ සීනීබෝල ප්‍රශ්න. ඇත්තටම ඊට වඩා බරපතල කාරණා තිබුණට ඔය යක්කුන්ට කොහොමත් ඒ තරම් දේවල් trigger වෙන්න⁣ නෑ. හලාල් සහතිකය ගන්න තමන්ගේ නිෂ්පාදනවල Recipe එක උලමා එකට දිය යුතුව තිබුණා. මේකේ තියෙන අවුල තමයි අර recipe ටික පහසුවෙන්ම මුස්ලිම් නිෂ්පාදකයෙක් අතට පත්වීමේ ඉඩ. ඇත්තටම එහෙම දේවල් වෙලත් තිබුණා. කතා කළ යුතුව තිබුණේ ඒ වගේ කාරණා නමුත් ගැලරිය චූන් කිරීමේ සිඟිති ආශාව සහ ඒ ව්‍යාපෘති කරගෙන ගියපු ඈයන්ගේ මොළේ දිග පළල මත සාකච්ඡා වුනේ ඉතාම ලාමක ටින් ටින් දේවල්.

අන්තිමට බලමු සමාජ සංවාද කඩාකප්පල් කාරයන්ගේ hijack කිරීමේ තියෙන බරපතලකම. වැඩි කාලයක් යන්න ඕනේ නෑ ISIS හැදුන විදිය බැලුවම අැති. අරාබි වසන්තය එක්කම ලිබියාව ඊජිප්තුව ටියනීසියාව වැටෙද්දිම තමයි සිරියාවේ ත් Bashar al- asad ට එරෙහිව සිවිල් විරෝධතා පටන් ගත්තේ. ඊළඟට මේ සිවිල් විරෝධතා කරුවන් FSA නැත්නම් Free Syrian Army විදියට එක තැනකට ගොනු වුනා. FSA එක සාර්ථකව බටහිර කඳවුරේ අනුග්‍රහයත් එක්ක ඉදිරියට යද්දි තමයි අල් කයිඩා එක සහ ඒ වෙද්දි ඉරාකයේ හිටපු IS කාරයෝ  සිරියාවට ඇතුල් වෙන්නේ. FSA එක කරන් ආපු ආණ්ඩු විරෝධය සම්පූර්ණයෙන්ම ISIS එක යටතට පත්වෙනවා. FSA එ⁣කට මැරුම් කන්න වුනේ මේ මඟින් හයිජැක්  IS කාරයන්ගෙන්. 

4 comments:

  1. අෂාඩ් වට්ටන්න FSA එක ප්‍රමාණවත් නොවීම නිසා ISIS කැදවන්නේ.

    ReplyDelete
  2. Sudeepa P WijesekaraMay 15, 2019 at 12:33 AM

    අපි හැමදාම ප්රශ්න අල්ලා ගත්තේ වැරදි තැනින්��

    ReplyDelete