Wednesday, April 22, 2020

සල්ලි අච්චු ගහල රට ගොඩ දාමු



පසුගිය මාර්තු 14 වෙනිදා සිට අප්‍රේල් 14 දා වන මාසය තුළ  රජය විසින් රුපියල් බිලියන 200ක මුදලක් අච්චු ගසා ඇති බවට හිටපු අමාත්‍ය චම්පික රණවක චෝදනා කරනවා. සල්ලි  අච්චු ගැහුවම තියෙන අවුල මොකක්ද කියල සාමාන්‍ය ජනතාව අසනවා. ඇත්තටම මුදල් අච්චු ගහන එක අවුල්ද?

රටේ ඉන්න සෑම පවුලකටම රුපියල් ලක්ෂ 10 ගානේ අච්චු ගහල දුන්නොත් මොනව වෙයිද?

එක රැයෙන්දු ප්පත්කම නැති වෙයිද?

රටක් ද්‍රව්‍ය හෝ සේවා විකුණලා සල්ලි උපයන්නේ නැතිව සල්ලි අච්චු ගහල විතරක්ම දියුණු වෙලා ති⁣යෙනවද?


මේ විදියට හිතූ මනාපෙට සල්ලි අච්චු ගහලා අමාරුවේ වැටුන රටක් තමය මුගාබේගේ සිම්බාබ්වේ. 2008 නොවැම්බර් වෙද්දි සිම්බාබ්වේ උද්ධමනය:
6500000000000000000000% යි.
සෑම පැය 24කටම සැරයක් භාණ්ඩ මිළ දෙගුණයක් වෙනවා.
සිම්බාබ්වේ one hundred trillion note එකකුත් අච්චු ගහන තරමට දුරදිග යනවා.අන්තිමට පාන් රාත්තලක් ගන්න විල්බැරෝ එකක් පුරවන් සල්ලි අරන් යන්න ඕනෙ මට්ටමට වැටෙනවා.2009 ⁣වෙද්දි 'සිම්බාබ්වේ ⁣ඩොලර්' එක අතහැරලා දානවා.


හිතූමනාපෙට සල්ලි අච්චු ගහන
බරපතලකම ට තියෙන හොඳම උදාහරණය තමයි මුගාබෙ ගේ සිම්බාබ්වේ.

සල්ලි අච්චු ගහන එකත් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ පන්නයේ වැඩක්. අවුල තියෙන්නේ අපි දැන දැනම අතරමඟ යන එක.




Sunday, April 5, 2020

එන්න කොරෝනා මා හා යන්න පියාඹා

පළමු කොරෝනා
ගැහැණිය චීනා
සූදානම වානා
මැතිවරණය ඕනා
එක දෙකා වෙන්නා
තුන හතර වෙන්නා

ඉතාලි කාරයෝ
පැතිරුවා කොරෝනා
තොපි කුමට ආවෝ
ජහමනයා ඇසුවෝ

ඉතාලි කාරයෝ සැර නොවෙත්
අවශ්‍යයි කලක් පවතින එකෙක්
ස' රැකුමට යමක්
කෝ එන්න ඉදිරියට මොහොමඩ්

කොරෝනා පැතිරුණා
මෝඩයෝ අහුවුණා
ගොඩ ගියොත් අපේ ස'
කෙළවුනොත් මොහොමඩ්

කොරොනා සමයේ
ජාතිය  ආයෝජනයේ
පසුව ඇති හැකියේ
Cash කර ගනු හැකිය රිසිසේ