Wednesday, July 11, 2018

මරණ දඬුවම ඕනේ (නෑ)

 මරණ දණ්ඩනය, සාමාන්‍යයෙන් අවුරුදු 5කට 10 කට සැරයක් අපේ රටේ උඩට එන මාතෘකාවක්. අපරාධ රැල්ල වැඩිවීගෙන එනවා වගේ දැනුන ගමන් මරණ දණ්ඩනය ගැනත් ආයේ ආයේ කතා කරනවා. ආයේම ටික දවසකින් නැතිවෙලා යනවා .

   Amnesty International එක කියන විදියට 2017 අවුරුද්දේ විතරක් ලෝකේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරලා තියෙනවා 993ක් ( චීනයේ ගණන නැතිව). මතක තියා ගන්න මේ ඉලක්කම ඇතුලට අපේ රටේ වගේ කුප්‍රකට "සැඟවූ ආයුධ පෙන්වීම" වගේ concept ඇතුලත් නෑ. ආයුධ පෙන්වීමට ගිහින් මරණ එකත් රාජ්‍යය මැදිහත් වීමෙන් කරන එක්තරා මරණ දණ්ඩනයක් තමයි. ඒ වගේම චීනෙන් එන මරණ දණ්ඩනය ලක්වූ ප්‍රමාණය 1000 කට වඩා වැඩී. චීනය මේ සංඛ්‍යාලේඛණ රාජ්‍ය රහසක් හැටියට තියා ගන්න නිසාම මේ ඉලක්කම මීට වැඩිය වැඩිවෙන්න තියෙන ඉඩ හුඟක් වැඩී.
  මේ තමයි 2017 අවුරුද්දෙ නිළ වශයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරපු රටවල්:
China , Iran, Saudi arabia , Iraq , Pakistan ,Egypt , Somalia , USA, Jordan ,Singapore ,Kuwait ,Bangladesh ,Palastene, Afghanistan ,Malaysia ,Japan, South Sudan,Baharain ,Yemen, Belarus, UAE, North Korea  & Vietnam .

 මේ රටවල් වලිනුත් ඉදිරියෙන්ම ඉන්නෙ මෙයාලා:
Chaina - 1000+
Iran -       500+
Saudi Arab - 145+
Iraq - 125+
Pakistan - 60+
Egypt - 35+
Somalia - 20+
USA - 20 +

ඊට කලින් අවුරුදු වල ඔය ලිස්ට් එක බැලුවනම් ඒත් මේ රටවල් ටික ඒ විදියටම තියෙනවා. මං හිතන්නේ ඒ point එක උනත් ඇති death sentence වල සාර්ථක අසාර්ථකත්වය ගැන යම් අදහසක් ගන්න.

  මරණීය දණ්ඩණයේ තියෙන ලොකුම අවුල තමයි නීතිය පසිඳලන තැන් වල වෙන අඩුපාඩු හේතුවෙන් වෙන ඇත්තටම වරදකරුවන් නොවන මිනිස්සු මරණයට පත් වෙන එක. ඇමෙරිකාවේ බැලුවොත් එහෙම සිදුවීම් ඕනෙ තරම් වාර්තාවෙලා තියෙනවා. මොකක්හරි වරදකට සම්බන්ධයෙන් කවුරුහරි වරදකරුවෙකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරල කාලයක් ගියාම වෙන කවුරුහරි ඇවිල්ලා පාපොච්චාරණය කරනවා ඒ වරද කරේ මම මිය ගිය පුද්ගලයා නිර්දෝෂයි කියලා. මේ පාපෝච්චාරණය කරපු අය විතරයි. තමන්ගේ වරද වෙනුවෙන් වෙන එකෙක් මරණයට පත් වෙනවා බලාගෙන ජීවත්වෙන අය තව ඇති තරම් ඇති. දැන් මේ වගේ අවස්ථාවක මොකද කරන්නේ.? අර නිවැරදි 'වරදකරුට' නැවත පණ දෙන්නද?  ඒ මිනිස්සුන්ගෙ පවුල් වලට දෙන පිළිතුරු මොනවද?

  අනෙක් කාරණය තමයි ඒ ඒ රටවල් වල දේශපාලනය සහ නීතිය ක්‍රියාත්මක වීම කියන එක අතර සම්බන්ධය මත තීන්දු වෙනස් වෙන එක. දැන් අපි බැලුවොත් දුමින්ද සිල්වා දිහා.මනුස්සයාට මරණ දණ්ඩනය හිමි වෙලා ඉන්නේ. 2015 ආණ්ඩුව වෙනස් වුනේ නැත්නම් දුමින්ද සිල්වට එහෙම තීන්දුවක් ලැබෙයි කියල අපිට හිතෙන්නෙ නෑනේ නේද. ආණ්ඩු මාරු නොවුනනම් මේ වෙද්දි දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. සමහර විට නීතිය හා සම්බන්ධ ඇමති තනතුරක් වුනත් මිනිහ දරන්න තිබුණා. පේනවනේ අපේ වගේ රටවල් වල දේශපාලන බලවතුන්ට පුලුවන් අධිකරණයට බලපෑම් කරන්න. වැරදි කරුවන් ආරක්ෂා කරන්නට වගේ නිවැරදි කරුවන් වැරදි කරුවන් කරන්නට. ඉතින් අපේ වගේ රටක මරණ දණ්ඩනය ක්‍රියාත්මක වුනොත් අමුතු අමුතු තීන්දු ලැබෙයි. මතකනේ 2012 වැලිකඩ සිද්ධියේදී මියගිය සෙට් එක. ඒ මැරුන අය අතරේ ඒ දවස්වල පන්සල් වලට පැනල හාමුදුරුවරු මරල රජ කාලේ කඩු ,ඔටනු හොයපු සිද්ධි වල සැකකරවොත් හිටියා. මතක තියා ගන්න වැරදිකරුවො නොවෙයි සැකකරුවෝ. ඉතින් මෙහේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක උනත් එච්චරයි ,⁣ දේශපාලනඥයින් මැදිහත් වෙලා කරන අපරාධ වලට කොහෙන්හරි මිනිහෙක් අල්ලගෙන් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක වෙද්දි සැබෑ අපරාධකරුවන් සුදු වතින් සැරසිලා පන්සල් යයි.

   අන්තිම පොයින්ට් එක තමයි මිනිස්සුන්ට නිවැරැදි වෙන්න අවස්ථාවක් දෙන එක. නැත්නම් second chance එකක්. ඉතිහාසයේ වුනත් මිනිස්සු බර ගාණක් මරපු අංගුලිමාල පැවිදිවෙලා රහත් වුනා කියනවනේ. බැරිවෙලාවත් එදා අංගුලිමාල රාජ පුරුෂයන්ට අහුවුණා නම් මොකද වෙන්නේ.සමහර මිනිස්සු අපරාධ කරල තියෙන්නේ තරුණ වයසට ආපු ගමන්ම , සමහර අපරාධ කරුවන් නොයෙකුත් මානසික ව්‍යාධීන් වලින් පෙළෙන මිනිස්සු . ඇත්තටම සමහර අපරාධකරුවන් උසාවියේ ඉඳන් හිරගෙදරට යවනවා වෙනුවට යවන්න ඕනෙ මානසික වෛද්‍යවරුන් ළඟට.
 මොන කරුණ සළකා බැලුවත් අපේ රටට මරණ දණ්ඩනය කියන එක සෙට් වෙන්නෙ නෑ. ක්‍රියාත්මක වුනොත්  තම තමන්ගේ ඇරියස් නම් කවර් කරගන්න එක , පොලිස් ලොක්කන්ට හිතෙන අය කුඩු තොගයක් දාලා අල්ලන ඒවා වගෙ නම් හරි හරියට වෙයි. අවසානයට ඇත්ත අපරාධකරුවන් සුදුවට ඉද්දි හයියක් නැති මිනිස්සු පිරිසකගේ බෙල්ල තොණ්ඩුවට හිරවෙයි.

Facts: amnesty international

Saturday, June 16, 2018

චීවරයට අත නොතබනු!

"හැම රටවැසියෙක්ම සිවුරක් පොරවගමු."  එහෙම කියල තිබ්බේ විදර්ශන කන්නංගර , fb එකේ.

  PK film එකේ pk දේවාලෙක කැටයකින් සල්ලි ⁣හොරෙන් අරන් ගුටි කන්න යද්දි උෟ    කරන්නේ දෙවියන්ගේ ස්ටිකර් දෙකක් කම්මුල දෙපැත්තේ අලවා ගන්නවා. ඇහුවම කියනවා self defense කියලා.pk  ට ගහන්න ආපු උන් දෙයියො කම්මුලේ දැක්කම ක්ෂණික පසු බසිනවා.
දැන් ඥාණසාර සාදු ටත් ජනාධිපති සමාවක් ලැබෙයි කියල චූටි රාවයක් යනවනේ. ගොඩක් වෙලාවට එහෙම වෙයි.(මෛත්‍රී ලොක්කටත් පිස්සු ජාතීවාදියෝ ටිකක් චූන් කරන්න හම්බ වෙන චාන්ස් එක).  ලංකාවෙත් විවිධාකාර තක්කඩියන්ට අර pk ට වගේ හොඳ self defense technique එකක් තියෙනවා . ඒ තමයි කරන තක්කඩි වැඩ සියල්ල සිවුරක් ඇඳන් කරන එක. නැත්නම් තමන්ට කර ගන්න ඕනේ තක්කඩි වැඩ ටික සියල්ලම සිවුරක් ඇඳන් ඉන්න එකෙක් ලව්වා කර ගන්න එක. මොකද එහෙම කරාම වැඩේ ඒ තරමට සාර්ථකයි. චීවරයට අත තියන්ඩ එපා යකෝ කිව්වම ඔක්කොම ඉවරයි. මං හිතන්නේ මේක ලංකාවේ නීතිය ආරක්ෂාව හැම පැත්තකින්ම ලොකු weak point එකක්. ඇස් දෙක විතරක් පේන බුර්කාව සමාජයට ආරක්ෂාවට කොයිතරම් තර්ජනයක්ද ඒ තරමටම තර්ජනයක් සිව්රක් දාන් ඉන්න මැරයෙක්. ඌට ඕනෙම තැනකට බොම්බයක් කුඩු ටිකක් පිස්තෝලයක් අරන් යන එක ගේමක් නෙවෙයි. කවුරුත් චෙක් කරන්න එන්නෙ නෑ. චීවරයට අත නොතබනු ! අන්න ඒ නිසා.ඔබ ගමක පන්සලක් ළඟ ජීවත්වෙලා ඉඩම් ප්‍රශ්නයකට හරි මොනව හරි ප්‍රශ්නයකට හාමුදුරුවන්ට එරෙහිව ග්‍රාම සේවක ළඟට පොලිසියට ගියොත් මොකද වෙන්නේ? ඔබ පැමිණිලි පාර්ශවය වුනත් ග්‍රාම සේවක හරි පොලිසිය හරි ආව ගමන් මුලින්ම කරන්නේ අර විත්තිකාර හාමුදුරුවන්ට වඳින එක. එතනින් එහාට සාධාරණයක් වෙයි කියල ඔබ හිතනවද. එහෙයි හාමුදුරුවනේ කියනවා මිසක්.

      බොහෝ හාමුදුරුවරු තමන් නීතියට අධිකරණයට ඉහළින් ඉන්නේ කියල හිතන්ව ඒ වගේ දේවලුත් බලපාලා ඇති.ඊට අමතරව මොලේ කළඳක් නැති මෝඩ දේශපාලුවන්ගෙ හයියත් බලපාලා ඇති.  දැන් මේ තත්වෙ උග්‍ර වෙලා. හැම මඟුලකටම මැදට පැනල වැඩේ අල කරල දාන්නේ හාමුදුරුවරු. ඔවුන්ට දහම් දැනුමකුත් නෑ. නීතිය ගැන දැනුමකුත් නෑ. විද්‍යා දැනුමක් කොහොමත් නෑ.දන්නෙ  මැදට පැනල ගිරිය පුප්පගෙන කෑ ගහන්ඩ විතරයි. ඒ වුනත් එයාලගේ දායකයන්ට ඒ හැසිරීම ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන් හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ හැසිරීමක්. පන්සල් වල හාමුදුරුවරු මේ තරම ප්‍රචණ්ඩ විනයක් නැති තැනකට ගිහින් හැසිරෙන්න දන්නැති සංයමයකින් කතා කරන්න බැරී වීම ගැන තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්. ළමයි බලෙන් දහම් පාසල් ගෙන්න ගන්න දතකන අනෙක් හාමුදුරුවරුන්ට තමන්ගේ සෙසු සංඝ සමාජයේම සහෝදර හාමුදුරුවන්ගේ අවිනීත ක්‍රියා පේන්නෙ නෑ. ඒවට  විරුද්ධව කතා නොකරන ගමන් ගිහි සමාජේ ළමයින් ශික්ෂණය කරන්න හදන එකත් විහිළුවක් .
   දැන් ඔයවගේ දේවල් වලට විරුද්ධව කතා කරන එකත් සෙල්ලම් වැඩක් නොවෙයි. එහෙම කතා කරපු ගමන් නානාවිධි නම්බුනාම නොමිලේම හම්බ වෙනවා. NGO කාක්කෝ, පල්ලි කාක්කෝ,  විතරක් නොවෙයි සිවුරු තක්කඩින්ගේ හැම ක්‍රියාවක්ම සාධාරණීකරණය කරන ජාතියේ පිනට පහළ වුන අයියල මල්ලිලා ටික ජාතිය ගැන කතා කරාට අහන්නෙම ජාතකේ ගැන. ඒ අස්සේ උන් උන්ගෙ අදහසට විරුද්ධ උන්ගෙ මෑණිවරු බල්ලො එක්ක රමණය කරාද කියලත් අහනවා. පොලිම් ගැනත් කියවනවා. මං හිතන්නෙ මැතිණිගේ කාලේ පාං පෝලිම් වෙන්ඩ ඇති. ගිහියො නම් තව කමක් නෑ සිවුරු දාන් ඉන්න එවුනුත් එහෙම අහනවා නම් ඉතින් එහෙව් උන්ගෙ පන්සල්වල සිල් ගන්න ගෑණුන්ට අබ සරණම තමයි . කතාව නතර කරන්න හිතුනා අජිත් කුමාරසිරිගේ සිංදුවක කෑල්ලකින්

" පන්සල් වලට අරක්කු
රටටම පිරිත්පැන්.
  එතකොට අපිට?
අපිට තමයි ආදරේ"

Wednesday, June 13, 2018

හාමුදුරු සීට් එක

⁣කොළඹ - බිබිල බස් එකකට මඟින් ගොඩවුනු හාමුදුරුවරු තුන් දෙනෙක්ට අසුන නොදීම සම්බන්ධයෙන් පුවතක් දිවයිනේ පළවෙලා තිබුණා. කොහොමත් දිවයින ආසයි ඒ වගේ නිව්ස් වලට.එයාලගේ choice එක ඒක.

     ඇත්තටම මේ ආසන ගැටලු එන්නේ  ⁣දිර්ඝ ගමානාන්ත ⁣වල යන මඟින්ට. කෙටි ගමන් වල නම් මිනිස්සු ආසනයක් දෙන එක ගැන වැඩිය හිතන්නේ නෑ. දීර්ඝ ගමනක යන කවුරුත් තමන්ගේ ආසනය ගමන පටන් ගෙන ටික වෙලාවකින් දෙන්න කොහොමත් කැමත්තක් නෑනේ. අනිත් අය නම් කොහෙමද දන්නෙ නෑ. මම නම් කැමති නෑ. මේ ලියන්න හදන්නේ සිදුවීම් දෙකක්.

සිදුවීම 01.

  මේක වුනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒ වෙද්දි මම හම්බන්තොට පැත්තේ ව්‍යාපෘතියක. මගේ route එක වෙන්නෙ හැම ඉරිදම හවස 6.30 ට පිටකොටුවෙන් කතරගම යන Highway bus එක. ඉරිදට ඔය බස් එකේ යන එක ටිකක් අමාරු වැඩක්. ගොඩක් මිනිස්සු කලින්ම ආසන වෙන්කරනවා. සාමාන්‍යයෙන් මම හවස 6 ට විතර බස් එකට නැග්ගම ආසන දෙක තුනයි ඉතිරි. අනෙක් ආසනවල මිනිස්සු නැත්නම් වෙන් කරලා. ඉතින් එහෙම ඉරිදා දවසක බස් එක පිටත් වෙන්න විනාඩි දෙක තුනකට කලින් හාමුදුරුවෝ කෙනෙක් බස් එකට ගොඩ වුනා. හාමුදුරු අසුනේ අසුන් ගත් මනුස්සයා එතනින් අයින් වෙන්න කැමති වුනේ නෑ. මොකද යන්න වෙන ආසනයකුත් නෑ. එහෙනම් ඒ මනුස්සයා highway ගමන අමතක කරලා සුපුරුදු ගාලු පාරෙන් ගමන යන්න ඕනේ. ප්‍රශ්න ගොඩක්. හොඳ වෙලාවට අසුන දෙන්න ප්‍රතික්ෂේප කරපු මනුස්සයා සිංහල එකෙක්. බැරිවෙලාවත් හම්බන්තොට පැත්තෙ ඉන්න මුස්ලිම් මනුස්සයෙක් එහෙම එතන හිටියානම් ඔය ප්‍රශ්නෙ දිග හැරෙන්නේ වෙනත්ම කෝණයකට. මට ඒ වෙලාවේ ආවේ මෙහෙම ප්‍රශ්නයක්. එච්චර දුර ගමනක් යද්දි ඇයි හාමුදුරුවන්ට බැරි ටිකක් කලින් ඇවිල්ලා ආසනය අයිති කර ගන්න. අවසාන මොහොතේ බස් එකට නැඟලා highway බස් එකක වගේ සීමිත ගණනකට යන්න පුලුවන් තැනක තවත් මනුස්සයෙක් අමාරුවේ දාන්නේ ඇයි? අනෙක් මඟින් වගේ කලින් ආසන වෙන් නොකරන්නේ ඇයි. ?

සිදුවීම 2.

  මේ සිදුවීම වුනෙත් මීට අවුරුද්දකට විතර කලින්. හදිසියේම දවසක් මටයි බිරිඳටයි ගෙදර එන්න වුනා. කොළඹ - මහියංගනය බස් රථයට ගොඩවෙද්දිත් රෑ 11.30ට විතර. අපි දෙන්නටම එකතැන වාඩිවෙන්න නම් ඉතිරි වෙලා තිබුණේ හාමුදුරු සීට් එක විතරයි. එච්චර රෑක සාමාන්‍යයෙන් හාමුදුරුවරු යන්නෙ නැතිවෙයි කියල වාඩි වුනා කියමුකො. බස් එක යන්න ටිකකට කලින් තරුණ හාමුදුරුවෝ කෙනෙක් බස් එකකට නැග්ගා. වැඩ කරලා මහන්සි වෙලා රෑ 12ට බස් එකට නැග්ගම ඉඳගෙන ඉන්න සීට් එක දෙන්න වුනාම දැනෙන හැඟීම කියන්න වෙන්නෙ මෙන්න මෙහෙම, " මොන **********"? එහෙම situation එකක්.  බස් එකට ගොඩ වෙද්දිම  තරුණ යුවලක් හාමුදුරු අසුනේ වාඩි වෙලා ඉන්නවා දැකපු ඒ හාමුදුරුවෝ කිසිම කතාවක් නැතිව අපට විරුද්ධ අසුනේ වාඩිවුනා. වචනයක්වත් කතා නොකරපු , නොහඳුනන ඒ හාමුදුරුවෝ ගැන මගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුනා. අවස්ථාව තේරුම් ගැනීමට තරම් ඔලුවක් සහ නිහතමානීකමක් ඒ නොදන්න හාමුදුරුවන් ගාව තිබුණා.

ප.ලි.

  තවත් දිනෙක මම අැඹිලිපිටිය - කොළඹ බසයක ගමන් කරනවා.බස් රථය අවිස්සාවේල්ල කිට්ටු කරලා තේ බොන්න නතර කරාම තුන්දෙනෙක් වාඩි වෙන්න පුලුවන් හාමුදුරු ආසනෙන්  දෙන්නෙක් තේ බොන්න බැහැලා ගියා. තරුණ හාමුදුරු කෙනෙක් ජනේලය ළඟ ඉතුරු වෙද්දි ඒ වෙනකල් හිටගෙන  හිටපු තරුණ ගැහැනු ළමයෙක් බසය නතර කරන් හිටපු වෙලාව තුළ වාඩිවෙලා හිටියා. ඊට විරුද්ධ පැත්තේ වාඩිවෙලා හිටියේ භික්ෂුනී කෙනෙක්.ඈ අර තරුණියට බනින්නට වුනා . හැබැයි අර හාමුදුරුවෝ නම්  ජනේලයෙන් එළිය බලන් හිටියා මිසක් හැරිලවත් බැලුවේ නෑ. තරුණිය නැගිටුනෙත් නෑ. ' ඔයාගේ සහෝදරයෙක් වුනත් මහණ වුනාට පස්සෙ ඔයාට අයිති නෑ' අර භික්ෂුනීය තරුණියට බණ කියනවා . ඇය කණකට ගත්තෙ නෑ. ඇගේ පාඩුවේ ආසනයේ වාඩ්වෙලා හිටියා ආසනයේ හිටපු අය නැවත එනකල් . හාමුදුරුවන්ට ඒක ප්‍රශ්නයක් වුනෙත් නෑ. හැබැයි වටේ හිටපු අනෙක් ගැහැනුන්ට නම් ලොකු ප්‍රශ්නයක් වුනා.