Sunday, May 12, 2019

ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ සංවාදය අල කිරීම

ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මධ්‍යස්ත මුස්ලිම් මිනිස්සු, උගතුන් අදහස් දක්වද්දි තියෙන ලොකුම හෙනේ තමයි මෝඩයෝ සෙට් එකක් ඇවිත් වඳ පෙති කතා ටිකයි මුස්ලිම් කඩ වර්ජනය කරනවා වගේ ප්‍රාථමික තැනකින් ප්‍රශ්නේ අල්ල ගන්න එක. හලාල් ප්‍රශ්නෙදි වුනත් වුනේඒක. අන්තිමට මහපොළවෙ ඇත්තටම තියෙන ප්‍රශ්නෙට උත්තර හොයනවා වෙනුවට වෙන වෙන පැති වලට ගිහින් සිරා ප්‍රශ්නෙ යට යනවා. ඒත් එක්කම අර ඇච්වො බැච්චො ඇවිල්ලා අර තිබුණු සංවාද සියල්ල හයිජැක් කරනවා.  අන්තිමට හෙනම ප්‍රගතිශීලී විදියට සංවාදයෙන් පටන් ගත්ත ව්‍යාපෘතිය අන්ත ප්‍රතිගාමී තැනකින් කඩ කැඩීම වගේ තැන්වලින් කෙළවර වෙනවා. ඒ වගේම අර හයිජැක් කරන උන් ටික ඊළඟට කරන්නෙ මුස්ලිම් අන්තවාදීන් පැත්තක තියල වැදගත් විදියට සංවාදය ඇතුලේ හිටපු ඩයල් ටික හතුරා කර ගන්නවා.මේක ලෝකේ බොහෝ දේශපාලන සමාජ ව්‍යාපාර වලට වෙන අකරතැබ්බයක්. අනෙක් කාරණය තමයි ආගමික නායකයන් මෙවැනි සංවාද වලට එක්වීමේ තියෙන බරපතල කම. ඔවුන් මෙහෙම සංවාදයකට ආවම ඔවුන්ට⁣ නොමිලේම මුලසුන අයිති වෙනවා. එතැන ඉඳන් ඔවුන් සංයමයකින් තොරව කරන ප්‍රකාශ හේතුවෙන් මුලු සංවාදයම අල වෙන්න පුලුවන්.

දැන් ලංකාවේ තියන්නේ ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නයක්. මේකට හොයන්න ඕනේ දිගුකාලීන විසඳුම්. කෙටිකාලීනව hate preachers ලා extremist ලා අත්අඩංගුවට ගන්නවා වගේ දේවල් කරන්න පුලුවන්. නැතිව මුස්ලිම් කඩ වර්ජනය කියන්නේ විසඳුමක් නෙවෙයි. මේ තමයි ඉතාම හැඟිම්බර පිරිසක් බුද්ධිය පැත්තක තියල කරන විසඳුම් වල ප්‍රතිඵල. හරියට කාසියක් නැතිවුන තැන හොයනවා වෙනුවට එළිය තියෙන තැනක කාසිය හොයනවා වගේ වැඩක්. ආයේත් හලාල් ප්‍රශ්නෙට ආවොත් අර මහසෝන් ඩයල් හිටියේ හලාල් හින්ද සිංහල බහුතරයක් වැඩි මිළක් ගෙවන්නෙ ඇයි වගේ සීනීබෝල ප්‍රශ්න. ඇත්තටම ඊට වඩා බරපතල කාරණා තිබුණට ඔය යක්කුන්ට කොහොමත් ඒ තරම් දේවල් trigger වෙන්න⁣ නෑ. හලාල් සහතිකය ගන්න තමන්ගේ නිෂ්පාදනවල Recipe එක උලමා එකට දිය යුතුව තිබුණා. මේකේ තියෙන අවුල තමයි අර recipe ටික පහසුවෙන්ම මුස්ලිම් නිෂ්පාදකයෙක් අතට පත්වීමේ ඉඩ. ඇත්තටම එහෙම දේවල් වෙලත් තිබුණා. කතා කළ යුතුව තිබුණේ ඒ වගේ කාරණා නමුත් ගැලරිය චූන් කිරීමේ සිඟිති ආශාව සහ ඒ ව්‍යාපෘති කරගෙන ගියපු ඈයන්ගේ මොළේ දිග පළල මත සාකච්ඡා වුනේ ඉතාම ලාමක ටින් ටින් දේවල්.

අන්තිමට බලමු සමාජ සංවාද කඩාකප්පල් කාරයන්ගේ hijack කිරීමේ තියෙන බරපතලකම. වැඩි කාලයක් යන්න ඕනේ නෑ ISIS හැදුන විදිය බැලුවම අැති. අරාබි වසන්තය එක්කම ලිබියාව ඊජිප්තුව ටියනීසියාව වැටෙද්දිම තමයි සිරියාවේ ත් Bashar al- asad ට එරෙහිව සිවිල් විරෝධතා පටන් ගත්තේ. ඊළඟට මේ සිවිල් විරෝධතා කරුවන් FSA නැත්නම් Free Syrian Army විදියට එක තැනකට ගොනු වුනා. FSA එක සාර්ථකව බටහිර කඳවුරේ අනුග්‍රහයත් එක්ක ඉදිරියට යද්දි තමයි අල් කයිඩා එක සහ ඒ වෙද්දි ඉරාකයේ හිටපු IS කාරයෝ  සිරියාවට ඇතුල් වෙන්නේ. FSA එක කරන් ආපු ආණ්ඩු විරෝධය සම්පූර්ණයෙන්ම ISIS එක යටතට පත්වෙනවා. FSA එ⁣කට මැරුම් කන්න වුනේ මේ මඟින් හයිජැක්  IS කාරයන්ගෙන්. 

Wednesday, May 8, 2019

1998 ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාර සහ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය

1998 අගෝස්තු 7 වැනිදා කෙන්යාවේ Nairobi සහ ටැන්සානියාවේ Dar es salaam නගරවල ඇ⁣මෙරිකානු තානාපති කාර්යාල දෙකට බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා(Truck bombs). මේ ප්‍රහාර වලින් 200+ මිය යනවා. ප්‍රහාර වල වගකීම Al-quida වට බැරවෙද්දි , ප්‍රහාරයට සති කීපයකට පෙර ආපු බුද්ධි වාර්තා "False alarm" හැටියට බැහැර කරපු විදිය ගැනත් හෙළි වෙනවා.


හැබැයි,

*ප්‍රහාරය වෙලාවේ  කෙන්යාවේ ඇමෙරිකානු තානාපති තානාපති කාර්යාලයේ ඉඳල නෑ.

*ටැන්සානියාවේ ඇමෙරිකානු තානාපති මාස ගණනිකින් තානාපති කාර්යාලයට  ගිහිල්ල නෑ.

*බෝම්බ සඳහා භාවිතා කරපු එක truck එකක් තානාපති කාර්යාලයේ පාවිච්චියට ගත්ත water truck  එකක්.

*Dar es salaam වල ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය ඊට කලින් ඊශ්‍රායලය පාවිච්චි කරපු තැනක්.

මේ සිදුවීම් සියල්ල coincidence වෙන්නත් පුලුවන්..

බෝම්බ ප්‍රහාර ගැන intelligence reports තියෙද්දි ඒවා මඟහැරෙන විදි ටිකක් අමුතුයි. ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ වැඩේ පහසුවෙන් කර ගන්නට ඉඩ දීමෙන් දිගු කාලීන වාසියක් කවුරුහරි ගන්නවද? එහෙම ගන්නවා නම් සිවිල් වැසියො රඟ දක්වන්නේ බිලි පිත්තක අමුණපු පණුවගේ චරිතයද?


 April 21 easter attack එක ගැනත් මේ විදියටම intelligence reports ඇවිල්ල තිබුණ කියන එක අපි හැමෝම දන්න කාරණයක්. එතනදිත් ප්‍රසිද්ධ දේශපාලනඥයෝ බොහොමයක්ට පල්ලි මඟ හැරිලා තියෙනවා.

සමහරවිට තව අවුරුදු ගාණකින් පස්සේ මේ සිදුවීම් සම්බන්ධයෙන් අයවලුන් ආයතන හෙළිදරව් වෙයි. මේවාගේ වාසි නෙළාගත්ත පිරිස හෙළිවෙයි. සමහරවිට ඒ අපි කිසිම විටෙක නොසිතන මිනිසුන් ආයතන වෙන්නට බැරිකමකුත් නෑ..

ලෝක බල දේශපාලනය හරිම විෂමයි. සමහරවිට ඔබ අපි නොදන්න නමුත් කාගෙ හරි වුවමනවකට පාලනය වන ඉත්තෙක් වෙන්න පුලුවන්.