Monday, July 22, 2019

දහම්පාසලට වර







සාදු කෙනෙක් ඉරිදා ටියුෂන් එකකට ආතල් එකක් දෙන්න ගිහින් චාටර්  වෙන වීඩීයෝ එකක් මේ දවස්වල viral වෙනවනේ. ඒක බැලුවම නම් තේරේන්නෙ සාදුතුමා කැමරාකාරයෙකුත් එක්කගෙනම එතනට යන්නේ පොරක් වෙලා චරිතයක් වෙන්න හිතාගෙනම තමයි කියලා. නැත්නම් කවුද යකෝ ප්‍රදේශීය වාර්තා කාරයොත් එක්කගෙන වලියකට යන්නේ. සාදු හිතන්න ඇති එතනට ගිහින් ගේම ඉල්ලුවම අර ගුරුතුමිය දමණය වෙලා දණින් වැටිල වැරැද්ද පිළිඅරන් ළමයි ටිකවත් වන්දවලා ඊළඟ දවසේ ඉඳන් ළමයි දහම්පාසල් එවන්න පොරොන්දුවක් එහෙමත් දෙයි කියලා. ඊට පස්සේ මීඩියා වලින් පොඩි ලාබ ප්‍රචාරයකුත් අරන් සාදුට පුලුවන් එක රැයෙන් සුපර්ස්ටාර් සාදු කෙනෙක් වෙන්න. හැබැයි උනේ ඒකේ අනෙක් පැත්ත. ගැහැණිය ඉස්සරහ සාදු දමණය වෙනවා. සිවුර කියන uniform එක ඇඳගත්තම ඕනෙ දේටයි එපා දේටයි හැම මඟුලකටම රිංගන්න ලයිසන් හම්බවෙනවා කියල හිතන් ඉන්න කහකඩයන්ට හොඳ පාඩමක් මේක.( හෙට අනිද්දා දිහාට ඒ ගැහැනුකෙනාම  පන්සලට ගිහින් වැඳ වැටිලා සමාව ගයිද දන්නෙත් නෑ. මොකද මේක එහෙම රටක්. එහෙම වුනත් ක්ෂණිකව අර වෙලාවේ ප්‍රතික්‍රියා කරපු විදිය ගැන respect. )
ඇත්තටම ඔහොම නෙවෙයි කරන්න තිබුම. හොම්බට දෙක තුනක් අැනල යවන්න තිබුණේ අනුන්ගෙ මඟුල් වලට හොට දාන්න එනවට.

   හැදෙන කොලුවත් 7 වසරට යනකල් දහම්පාසල් ගියා. හැමදාම පන්තියේ පළවෙනියත් වුනා .7 වසරේ ඉඳලා දහම්පාසල් ගමන පැත්තකින් තියල ඉරිදා උදේට ඉංග්‍රීසි පන්ති ගියා. ඒ කරපු වෙනසේ ප්‍රතිලාභ අදටත් විඳින ගමන්. මේක කියවන උන්ටත් කියන්න තියෙන්නේ දහම්පාසලකට ගියා කියල ඔය මෝඩයන්ගෙන් ගන්න තියෙන දැනුමක් නෑ. පූජ්‍ය පූජකයෝ දවස ගානේ අපිට තහවුරු කරල තියෙන්නේ ඒක.ඔය ගොන්වහන්සේල⁣ට resistance එකක්  පෙන්නුවේ නැත්නම් ඔය යක්කු ආගමික පොලිසියක් ගානට හැදිල තමයි නතර වෙන්නේ. තැනකට ගිහින් හැසිරෙන්න දන්නැති කතා කරන්න දන්නැති හරකෙක් ගාවට තමන්ගේ ළමයව යවලා ඌ හැදෙයි කියල හිතන දෙමව්පියෝ තාමත්  ඉන්නවා නම් Good luck.

6 comments:

  1. Totally agreed. SL is steadily en route towards Buddhist extremism which will be quite similar to the Taliban cult

    ReplyDelete
  2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. මාස තුනක් ගියා
    ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ සංවාදය අල වුනා

    දැන් ඥානසාරව මරාගෙන කාපිය!

    ReplyDelete
    Replies
    1. ඥානසාරයි ඉස්ලාම් ඇමතිලයි දෙගොල්ලොම එකතුවෙලා රතන සාදුට නිවන් දකින්ට දුන්නේ නැහැ නේ.කාටවත් බනින්ට එපා. ඔව්ව ඔහෙලගෙම වැරදි

      Delete
    2. මලයිලව් සංවාද හරියන්නේ නෑ. තැටිය රත්වෙනකොට රොටිය පුච්චගැනීමයි හරි ක්‍රමය.

      ඉස්ලාම් ආගම පොතේ ආගම අතහරින අයව මරන්න කියලා තියෙනවා කියපු එකා වැඩක් කලා.
      සංවාද කියන ඒවා කවදාවත් කෙරෙන ඒවා නෙමෙයි.

      Delete
  4. මහත්මයා කිතුනු භක්තිකයෙක්ද?

    ReplyDelete