Saturday, February 27, 2016

දළඳා මැදුර ඉදිරිපිට පාර ඇරියම බුදුසාදු තරහා වෙනවද?

            



     මහනුවර දළඳා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම පිළිබඳ සංවාදයක් ඇතිව තිබේ,පිරිසක් මාර්ගය විවෘත කිරීමට පක්ෂපාතී වන අතර තවත් පිරිසක් විරුද්ධය.නමුත් පැහැදිලි වන කාරණය නම් මේ බෙදුම් රේඛාව ටොයි බයි ලෙස විභේදනය වී තිබීමයි. ආණ්ඩුව කරනා සෑම දෙයකටම විරුද්ධ වීමේ 'කෝකටත් තෛලය' තියරිය මත වීරවංශ,ගම්මන්පිළ ආදීන්ගේ විරෝධයන් මෙයට සාක්ෂි සපයයි.
 1998 වසරේ සිදුවූ LTTE බෝම්බ ප්‍රහාරය හේතුකොට ගෙන මෙම මාර්ගය වාහන සඳහා වසා දමන්නට යෙදුනි.පැවති කලබලකාරී වාතාවරණය හා දළඳා මන්දිරයෙහි ආරක්ශාව වෙනුවෙන් එවකට කිසිවෙකු විරුද්ධ වූයේ නැත.පසුව 2002 වසරේ ඇතිවූ සටන් විරාමය හේතුවෙන් මෙම මාර්ගය නැවත විවෘත කෙරුණි.
       නමුත් මෙම මාර්ගය වසා දැමීමත් සමඟ වැව රවුම වටේ ඇතිවන වාහන තදබදය අනිවාර්ය ප්‍රතිඵලය විය.පාසල් කාලය තුල මෙය දෙගුණ වේ.ගෝතමී බාලිකාව,හිල්වුඩ් බාලිකාව,මහමායා බාලිකාව,ධර්මරාජය වැව රවුම වටා ඇති ප්‍රධාන පාසල් කීපයකි.වාහන තදබදයට අමතරව මහනුවරින් ශ්වසන රෝගින් අධිකව බිහිවන්නට විය.අදටද ලංකාවේ වායු දූෂණය ඉහළම නගරය කොළඹ නොව කුඩා වපසරියක පිහිට ඇති, කර්මාන්තශාලා නොමැති මහනුවර නගරයයි. භූ විෂමතාවයට අනුව මහනුවර නගරය සනුවක පිහිටා ඇත්තේ.එබැවින් නගරය වටකරගෙන ඇති කඳු නිසා නගරයට ඉඅහළ අහස දඩි වායූ දූෂණයකට ලක්ව තිබේ.
 මෙයට ප්‍රධානම හේතුව දළඳාව ඉදිරිපිට ඇති මාර්ගය වසා තැබීමයි,එබැවින් මීටර් 300කින් යායුතු දුර ගෙවීමට ඈසන්න වශයෙන් කි.මි.2 ක දුරක් යයුතුව තිබේ.බැලූබැල්මට මෙම දුර එක තැන කැරකිවීමකි.තවද සටන් විරාමය පැවති කාලය තුල එවකට වයූ දූෂණය ක්‍රමිකව අඩුවූ බව පරීක්ශන වාර්තා වලින් හෙලිවිය (මේ සම්බන්දව ලිපියක් කලකට පෙර රාවය පුවත්පතේ පලවිය )

*දළඳා මැදුර ඉදිරිපිට මාර්ගය විවෘත කිරිම දළඳා මැදුරට අගෞරවයක්ද?
 සැබවින්ම නැත.එසේ නම් දළඳ මාලිගාවට 1998 වසරේ බෝම්බ ප්‍රහාරය එල්ලවන තෙක්ම ජාතියක් හැටියට අප පුදුමාකාර අගෞරවයකි කර ඇත්තේ.එසේනම් අප වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ස්තුති කල යුතුය.ඔහු නොවන්නට එම මාර්ගය කිසිදා වැසෙන්නේ නැත. එසේනම් ඊනියා දේශප්‍රේමින් ටිකද එම මාර්ගය අපූරුවට භාවිතා කරනු ඇත,98 ට පෙරද ඔවුන්ට එලෙස අගෞරවයක් දැනුනේ නැත.එම මාවත විවෘත කර නාමල් බේබි තිරික්කල රේස් යද්දීද ඔවුන්ට එලෙස අගෞරවයක් නොදැනුණි.

2 comments:

  1. මට ටිකක් තේරුම් ගන්න අමාරු ප්‍රශ්නයක්. දන පාර වහල තියන එක හොඳයි කියලද ඔයා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. නෑ ඒ පාර ඇරිය යුතුමයි,අඩුම තරමේ සැහැල්ලු වාහනවලටවත්..

      Delete