Monday, September 5, 2016

පුද්ගලික බස් කොන්දොස්තරවරු පුහුණු කරොත් නරකද?




                                


පළමුව දැනටමත් එවැනි ආයතනයක් ඇති නම්  සමාවනු මැනවි.උදේ හවා පොදු ප්රවාහනයෙන් යැපෙන බැවින්
 ඇසෙන   දකින දේ අනුව ලියන්නට සිතුනි.
                ඔබ දැනටමත් පොදු ප්රවාහන පද්ධතිය භාවිතා කරන්නෙකු නම් එහි පවතින දහසක් අඩු පාඩු අමුතුවෙන් විමසිය යුතු නැත.බැන බැන හෝ එයින්ම යැපෙන්නට සිදුවන අතර වසර ගණනාවක් තිස්සේ පොදු මඟියා සුවපහසූ ආරක්ෂාකාරී ගමනක් තහවුරු කිරීමට කිසිම බලධාරීයකූ උත්සාහා ගන්නා බවක් පෙනෙන්නටද නැත.මඟීන්ගෙන් සැළකියයුතු තෙරපුමක් එල්ලවෙන්නේද නැත.ඉතින් පොදු ප්රවාහන පද්ධතිය වඩා සුවපහසු ප්රවාහන මාධය්යක් බවට පරිවර්තනය කරගැනීම අපේ අයිතියක් නොවෙද?
එහි පළමු අදියර ලෙස වඩා විධිමත් කොන්දොස්තර සේවයක් ලබා ගැනීම පිළිබඳ අද ලිපියෙන් අවධානය යොමු කෙරේ.
පොදු ප්රවාහන සේවයේදී ම්ඟීන් හා නිරන්තරයෙන් ගැටෙන්නේ කොන්දොස්තර මහතුන් වේ.එය ආචාරශීලී සුහදශීලී ගනුදෙනුවක් විය යුතු වුවත් බොහෝ විට වන්නේ ම්ඟීන් සහ කොන්දොස්තර මහතුන් අතර වාග් ප්රහාර දක්වා දුර දිග යෑමයි.නමුත් ලංගම බස් රථ වල ඉහත ප්රවණාතාවය සාපේක්ෂව අඩු ගතියක් පෙන්නුම් කරයි.ලංගම කොන්දොස්තර මහතෙක් වීම සඳහා ප්රමාණාත්මක අධය්යාපනයක් ලැබිය යුතු වීම බොහෝ විට මේ සඳහා හේතු විය හැක.ලංගම කොන්දොස්තර මහතෙකුගෙන් දකින වෘතිතිකබව සංයමකින් වැඩ කිරීම ,විනීත බව ,ආචාරශීලී බව පුද්ගලික බස් රථ කොන්දොස්ත් කෙනෙකුගෙන් අපට දක්නට ලැබීම අසීරුය.නමුත් ලංගම බස් රථ ප්රමාණය හා සසඳන කළ පුද්ගලික ප්රවාහනයෙහි වැදගත්කම කිසිසේත්ම අවතකසේරුවෙන් කථා කළ නොහැක.එබැවින් කළ හැකි හොඳම ඩෙයනම් වඩාත් ගුණාත්මක සේවයක් වෙනුවෙන් අප හඬ නැගීමයි.
පුද්ගලික කොන්දොස්තර මහතුන් හට විශේෂිත වූ ඇඳුමක් මෙහිදී අනිවාර්ය වේ.දැනටමත් අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන් සුදු පැහැති කමිසයක් සහ කළු කලිසමක් ඒසඳහා භාවිතා කෙරේ. තවද බස්නාහිර පළාත් පුද්ගලික බස් රථවල මෙය සිදු වුනත් අවපැහැන්වූ කහ පැහැති කමිසය හිඟන්නෙකුගේ සිරි පෙන්වයි.පොලිස් මහත්වරු ඇති තැන් වලදී ඇඟට වැටෙන මෙය ක්ෂණයකින් ගැළවී යයි.
අලුතින් කොන්දොස්තර රැකියාවට එන අයවලුන් සඳහා මසක පමණ පුහුණුවක් ලබා දියයුතු බව මගේ අදහසයි. සඳහා ඔවුන් නියාමනය කිරීම සඳහා ප්රවාහන ඇමති කෙනෙක් රටට සිටී. එහිදී ඔවුන්ට ප්රවාහන ආචාරධර්ම පිළිබඳව, මූලික කාර්මික දැනුම පිළිබඳ යම් පුහුණු සැසිවාර කිහිපයක්, මාර්ග නීතී, මඟීන් වෙනුවෙන් ඇති අයිතිවාසිකම් මෙන්ම විනයගරුක සේවාවක් සඳහා යම් මූලික හැදෑරීමක් එහිදී ඔවුනට දිය හැක. පුහුණුව අවසානයේ අවශය්‍ය නම් සහතිකයක් නිකුත් කළ හැකි අතර මෙමඟින් අදාළ රැකියාවට දැන් තිබෙනවට වඩා යම් වටිනාකම්ක්ද ලැබෙනු ඇත.රැකියාවට ස්ථාවරත්වයක්ද ලැබෙනු ඇත. වසර දෙක තුනකින් සුහදශීලී විධිමත් කොන්දොස්තර මහතුන් කීප දෙනෙකු හෝ බිහිවනු ඇති අතර බස් රථ සඳහා කොන්දස්තර මහතුන් ආදේශ කිරීමේදී බස් රථ හිමියන් හට මීට වඩා සැළකිලිමත් වීමට සිදුවනු ඇත. අවසානයේදී අපේ අරමුණ වඩාත් ගුණාත්මක සේවයක් ලබා ගැනීම වන අතර අදාළ රැකියාව පහත් කොට සැළකීම නොවේ.දොස්තරවරු ,ඉන්ජිනේරුවරු මෙන්ම බස් කොන්දොස්තරවරුන්ද රටේ ආර්ථිකයට ශක්තියක් සපයයි.එය අමතක කළ යුතු නොවේ.

1 comment:

  1. කොන්දොස්තර 'මහතුන්' කියන එකා මට පෙන්නන්න බෑ මචෝ. ඕකා මාත් එක්ක හැමදාම වලි.

    ReplyDelete