Monday, December 5, 2016

ජයලලිතා වෙත,

ලලිතක්කේ
ආරංචියි උඹ ගියා කියලා
නොඑන්නම
හැමෝටම යන්න වෙනවා
ලලිතක්කේ දවසක
උඹ වගේම .....
මහඇමතිකම අත්නොහැරපු උඹ
ජීවිතේ අත්හැරපු අපූරුව
උඹටත් පුදුම ඇති නේද
යන්නෑ වගේ හිටපු හැටි විතරක්
බතලි වගේ...

නාඩුවෙ උන්ට කන්ට නැතත්
උන් උඹ දිහා බැලුවා බං
බලලා සතුටු උනා
උඹ අම්මා උනා
තමිල්නාඩුවටම
උඹ යන්ඩ කලින් හිතුවද
ලලිතක්කේ
කලදසාව උන්ට යන
ගිනි දෙයියන්ටවත් පෙනියන් බං
උන්ගෙ දුක...

අපිටත් ඉන්නවා අප්පුච්චෙක්
ලලිතක්කේ
උන් හිනාවෙනවා උඹගෙ උන්ට
මී හරක්ලු මැට්ටොලු
ඇත්ත වෙන්ඩැති බන්
උනුත් මෙහේ මැරෙන්න හදනවා
අප්පුච්චෙක් වෙනුවෙන්
මරලවත් ගත්තේ නැත්තේ ඇයි?
අහනවා බං එහෙමත්
එකවගේ ‍නේද බං
අපි ඔක්කොම 
ලලිතක්කේ ........

1 comment:

  1. රතිඤ්ඤාත් පත්තු කරයිද දන්නෑ සමහරු. ගිනි තියාගන්න පුලුවන් හොඳම අවස්තාවක්. ගිනි කෙළි භායනකය. වහා ගිනිගන්නා සුළුය. ප්‍රවේශමෙන් පරිහරනය කරන්න.

    හොඳ ලියවිල්ලක් බොස්!!

    ReplyDelete