Friday, August 4, 2017

FB එකෙන් ලෙඩ සුව කරන පුතාලට මාක්ගෙන් ලියුමක්

ආදරණීය ලංකාවේ දූලා පුතීලා වෙතය,

වේවා ශාන්ති නොවේවා කේන්ති!

යකෝ,
උඹලගේ අර tv commercial එකක කියනවා වගේ උඹලා හරිම වෙනස්.කොටින්ම ගොන් බඳින කණු.පුතේ social media කියන්නේ අදහස් ප්‍රකාශ කරන තැනක් හරිය. ඒ වුනට ⁣⁣⁣තොපි ඇමේසන් කැලේ ඉන්න උන්ටත් වඩා ගෝත්‍රිකයෝ වෙන්ඩ උවමනා නෑ.

"අහවල් පුතාට හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරල share කරන්ඩ"
කිව්වට ලෙඩ හොඳ වෙන්නෑ ⁣යකෝ. 
⁣මේක හදපු මාත් මගේ ළමයා ලෙඩ උනාම දොස්තර ගාවට අරන් යද්දි තොපි මඟුලක් කතා කරනවා.
ඔච්චර ගොන් වෙන්ඩ එපා පුතීලා හොදේ. 
ලෙඩක් උනාම පිළිගත් වෛද්‍ය ක්‍රමයකින් බෙහෙතක් ගනින්. අර උඹලගේ fb wall වල share කරන ලෝක වෙද්දු ⁣,තෙල් බේත් කාරයෝ ගාවට යන්ඩත් එපා ඈ. ⁣තොපි ඉස්කෝලෙ ගිහිල්ල  නැද්ද බං ඔච්චර මරි මෝඩයෝ වෙන්ඩ. නොදකිං තොපි වගේ උන්ට රඟන්ඩ මම මේක හැදුවනේ.

මීට ,
මාක් අයියා.

No comments:

Post a Comment