Monday, December 4, 2017

මුහුදු සර්පයෝ ආවම සුනාමි එනවද

සුනාමි ගැන මල පොතේ අ යන්න නොදන්නා ඔබේ ළදරුවට කියා දෙන්න.

   සුනාමියක් ඇතිවිය හැකි ක්‍රම

1.මුහුද අභ්‍යන්තරයේ ඇතිවන භූමිකම්පාවකින්
    මුහුද අභ්‍යන්තරයේ ඇතිවන සෑම  භූමිකම්පාවකින්ම සුනාමි රළ ඇති වන්නේද නැග. භූ තල ඉහළ පහළ යන චලිතයකින් පමණක් සුනාමියක් ඇතිවේ.

2.විශාල උල්කාෂ්මයක් මුහුදට ඇද වැටීමෙන්.
    මෙවැනි අවස්තාවකදී සුනාමි රළ පහරක් ඇතිවන අතර ඉතා විරල සිදුවීමකි.එවැනි විශාල ප්‍රමාණයේ උල්කාෂ්මයක් පෘථිවියට ළඟා වීමට පෙර හඳුනාගත හැකි බැවින් හුඹස් බියක් ඇති කර ගත යුතු නැත.

3.මුහුද  අභ්‍යන්තරයේ නාය යෑමකින්.
4.මුහුද අභ්‍යන්තරයේ වන ගිනි කඳු  පිපරීමකින්

සුනාමි බොහෝමයක් ඇති වන්නේ මුහුද අභ්‍යන්තරයේ ඇතිවන භූ කම්පා හේතුවෙනි. භූ කම්පනයක් ඇතිවන දිනක් වේලාවක් කලින් කීමට තරම් තාක්ෂණයක් නැත.මනාලියක් බැලීමට මනමාලයෙක් පැමිණෙන්නා සේ කලින් දින වේලා වෙන් කරගෙන සුනාමි රළ පැමිණෙන්නේ නැත.භූ කම්පනයක් ඇති වූ පසු සුනාමි අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීමක් පමණක් සිදු කිරීමට හැකි බැවින් එලෙස අනතුරු ඇඟවීමක් අදාල ආයතනකින් සිදු කළවිට පමණක් අනතුරුදායක ස්ථාන වලින් ඉවත් වීම සිදු කරන්න. ගොබ්බ ⁣ඡ්‍යෝතිශ්කරුවෙකුට හෝ ගොසිප් මාධ්‍යකරුවෙකු⁣ට සුනාමී ඇතිවීමක් ගැන අනාවැකි කීමට දැනුමක් නොමැති බව මතක තබා ගන්න.මුහුදු සර්පයෝ මුහුදෙන් මතුවන වි⁣ට සුනාමි පැමිණේ නම් සුනාමි අනතුරු දැනගැනීම සඳහා දියුණු රටවල් ඩොලර් මිලියන ගණන් වියදම් නොකර මුහුදු සර්ප වගාවක් කරනවා නොවෙද යන්න ටොක්කක් ඇන සිහියට ගන්න.මුහුදු සර්පයෝ මුහුදෙන් මිස අල්ලපු ගෙදර ඇන්ටිගේ ළිඳෙන් මතුවිය නොහැකි බව මතක තබා ගන්න.

3 comments:

  1. ඔබේ කතාව හරියටම හරි. ඒත් අපේ මිනිස්සු කවදාවත් හැදෙන ජාතියක් නෙවෙයි. වැඩි දෙනෙක් විශ්වාස කරන්න කැමති ගොබ්බ අනාවැකි ම තමයි.

    ReplyDelete
  2. මේ කාලෙට මඩකලපු මුහුදෙ සර්පයෝ බහුල වීම බොහොම සාමාන්‍ය දෙයක්.. ගිය අවුරුද්දෙත් ආවා.. කල්කුඩා පාසිකුඩා මුහුදේ බැහැල අතින් එකතු කරන්න පුළුවන් තරම් මුහුදු සර්පයෝ හැදෙනවා.. ඒක උන්ගේ බෝ වීමේ රටාවේ වෙන දෙයක්. සුනාමියට සම්භන්ද නෑ.

    ReplyDelete