Monday, January 8, 2018

අසරණී

  සිරුරට කිසිම ගැළපීමක් නැති, වැඩිහිටි සහෝදරියකගේ ඇඳුමකින් හෝ කාගෙන් හෝ ලැබුණු පාසල් නිල ඇඳමකින් සැරසී,  සපත්තු වෙනුවට නිරුවත් පයෙන් ගිනි දැවෙන තාර පාරේ  ගිනි ගහන කාෂ්ටක අව්වේ ඇවිදින දුප්පත් ළමුන් මම දැක ඇත්තෙම්. ඔවුන් සමඟ මම එකට ඉගෙන ගෙන ඇත්තෙමි. අදටත් එවැන් ළමුන් අප රටේ ඕනෑ තරම් සිටිනා බවද දනිමි. මෙහි තිබෙනා ජායාරූපය මට එක්තරා සිදුවීමක් මතක් කරයි.

   ඒ 1995 වසරයි. මම දෙක වසරේ විය. විවේකයට   පිට්ටනිය දෙක කරන කොලු පැටව් අතරේ මමද එකෙකි. පිටිටනිය අද්දර කුඩා බැම්මක වාඩිවී සිටි අප පන්තියේම සිසිවියක මගේ නෙතු ගැටුණි. ශරීර කූඩුව තරම් දෙකක් වූ පාසල් නිල ඇඳුම ඇඳ නිරුවත් පයෙන් සිටි ඇය සැබවින්ම යට ඇඳුමක් රහිතව සිටින්නට විය. මෑත් වූ දෙපයට ඇගේ නිරුවත දිස් වූ අතර ඊට වසර විස්සකටත් පසු එම සිදුවීම මතක් වන වාරයක් පාසා එම සිසුවිය පිළිබඳ අනුකම්පවක් මගේ සිතේ ඇතිවේ. දැන් ඇය  ළමුන් දෙතුන් දෙදෙනෙක් සිටිනා වයස තිහක පමණ ගැහැණියක වන්නට ඉඩ ඇත. එවැනි අතීතයක් ඇයටද අමතක වන්නට තරම් කල් ගතවී ඇත. තවමත් ⁣මේ දූපතේ ඇය වැනි දැරිවියන් සිටිනා බවටද සැක නැත.
  තවත් දිනෙක දෙකේ පන්තියේ සිසිවයකට වැසිකිළි යෑමට අවශ්‍යතාවකට කැලේට යාමට සිදුවිය. (එවැනි අවශ්‍යතා සපුරා ගැනීමට තරම් පහසුකම් එහි නොවුණි. ගුරුවරුන් සඳහා වෙන් කර තිබූ වැසිකිළිද උතුරා ගොස් තිබූ බව දිනක් පන්දුවක් ඇහිලීමට යැමේදි දුටු අතර පන්දුව වැසිකිළි ඇතුළත පාවෙමින් තිබුණි. ගුරුවරියන් තම වැසිකිළි අවශ්‍යතා වෙනුවට ගුරු නිවාසයට යනවා වන්නට ඇත. )මිතුරකු සමඟින් පිට්ටනියට යමින් සිටි මා දුටුවේ පාසල් ක්රීඩා සමයට හාරා තිබූ ඒ වනවිට වතුර පිරී තිබුණ උස-දුර පැනීමට සාදා තිබුණ වලෙන් එම සිසුවිය පසුපස සෝදන අයුරුයි. ළමුන් තම දවසින් 1/4 ක් කාලය ගෙවා දමන පාසල් බොහෝමයක් තුළ අදටද නියමිත වැසිකිළි පහසුකම් නැත. ළමුන් වෙනුවෙන් ඒවාට හඬක් නඟන්නට ගුරුවරුන්ද නැත.

2 comments:

  1. පෝස්ට් එක ඉතාම අගෙයි.. ඒත් යොදපු නම ට නම් මම කැමති නෑ කොලුවෝ.. 'අසරණ' ඒ ළමයි නෙවෙයි අපේ මේ සමාජයයි..

    අපි පහුගිය කාලේ මේ වගේ ඉස්කෝල වලට පුළු පුළුවන් විදියට උපකාර කරා.. ඒ වෙනුවෙන් නෙලුම්යාය පදනම හරහාත් පුද්ගලික හැඳුනුම් කම් හරහාත් බ්ලොග්කරුවන්ගේ නොමඳ සහයත් ලැබුනා.. ඒත් සමහරුන්ගේ ලේ වලම තියෙන ජරා දේශපාලනය එතනටත් ඇවිත් ඒ අසාවෙන් කරපු සමාජ සත්කාරත් 'එපා කරවලාම' දැම්ම.. දැන් ආයෙම අඳුරට බැන බැන ඉන්නවා.. :/

    ReplyDelete
  2. නෙලුම්යාය පදනම හරහාත් ....ඒත් සමහරුන්ගේ ලේ වලම තියෙන ජරා දේශපාලනය එතනටත් ඇවිත් ......තමුන්ට එක දැන්නේ තේරෙන්නේ
    ඔය උලව් යායවල් කරන්නේ ඕකම තමයි

    ReplyDelete