Saturday, June 9, 2018

MTV Troll Police හෙවත් සමූහ දූෂණය

   MTV Troll Police කියන්නේ ඉන්දියාවේ MTV එකේ යන රියලිටි වැඩසටහනක්.අන්තර්ජාලයේ ප්‍රසිද්ධ මිනිස්සුන්ට වෙන harassment වලට දෙන උත්තරයක් නැත්නම් ප්‍රතිප්‍රහාරයක් තමයි මේක.  වැඩේ වෙන්නෙ මෙහෙමයි. අපි ගමුකෝ ඉන්දියාවේ කවුරුහරි celebrity කෙනෙක්. දැන් මේ celebrity කෙනා facebook වේවා Twitter වේවා මොකක් හරි social media එකකට photos අනං මනං දානවානේ. ඔය දාන photos වලට එක එක මානසික රෝගියෝ ඇවිත් කැත විදියට comment කරනවා,තම තමන්ගේ ලිංගික පීඩනයන් පිට කරනවා.ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවේත් එහෙමනේ. පියුමි හංසමාලි, නදීෂා හේමමාලී, යුරේනීල  වගේ අයට ඇති තරම් මෙහෙම වෙලා අැති . දැන් MTV එක කරන්නේ මේ වගේ තැනකදි මැදිහත් වෙනවා අර celebrity එක්ක. අර දිගින් දිගටම කැත කමෙන්ට් කරන පුද්ගලයව follow කරනවා, කන බොන තැන් යන එන තැන්     video කරනවා. ඊට පස්සේ කරන්නේ මේ මනුස්සයව කොටු කර ගන්න වෙනම ගේමක් ප්ලෑන් කරනවා. සමහර විට ඒ රියලිටි තරඟයක් , ජොබ් ඉන්ටවිව් එකක්, ක්රීඩා පුහුණු වැඩසටහනක් වෙන්න පුලුවන් . ඒ තමයි abuser ව කොටු කරගන්න දැල වැටෙන විදිය .
     මම බලපු එක වැඩ සටහනක celebrity ඉන්දියන් female  badminton star කෙනෙක්, තවත් එකක bollywood actrss කෙනෙක් තව එකෙක reality show එකකින් ⁣win කරපු dancer කෙනෙක්(කොල්ලෙක්). මේ හැම කෙනාටම  යම් පිරිසක් නිතරම අශ්ලීල විදියට comment කරනවා.ඔවුන්ගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැම්මම අර පිරිසගේ ප්‍රතිචාර වෙන්නේ අතිශය පුද්ගලික චරිත ඝාතනය වෙන දේවල්.ඔවුන්ගේ මවුපියන් සම්බන්ධ කරල අශ්ලීල comment වැටෙනවා ,ඇඳුම අඳින විදිය පවා කැත විදියට විවේචනය කරනවා. ඉතින් MTV එක කරන්නේ අර අශ්ලීල පිරිස කොටු කරගන්න උපක්‍රමශීලී වැඩ සටහනක් කෘතිමව හදන එක. එක කොටු කර ගන්න හදන කෙනාගේ life style එකට සෙට් වෙන විදියට තමයි හදන්නේ. ඔවුන්ටත් නොදැනීම දවස් කීපයක් ඔවුන්ව වීඩියෝ ගත වෙනවා.අවසානයේ මොනවහරි competition එකකට workshop එකකට අර කොමෙන්ට් මෑන් බලාපොරොත්තු සහගතව ඉදිරිපත් වෙනවා . වැඩසටහන අවසානයට තමයි තමන් harass කරපු celebrity මතු වෙන්නේ. Social media වලදි abuse කරන කෙනා එතනදී රෑපවාහිනී මාධ්‍යකදී රටක් ඉස්සරහ abuse වෙනවා .celebrity අහනවා ඔබගේ සහෝදරියට මේ වගේ අශ්ලීල කතා කියෙව්වම මොනවද දැනෙන්නේ කියලා.comments එකින් එක පෙන්නනවා .ඒක සමූහ දූෂණයක්. ලැජ්ජාවේ ඇඹරෙනවා.සමහරු එතනදී වැරැද්ද පිළි අරන් සමාව ඉල්ලනවා. හොඳ පාඩමක්.රෙදි ගැළවෙන පාඩමක්.
  මුලින්ම මේ programme එක බලද්දි මේකත් අර wwe wrestling වගේ script එකකට ගොඩනැඟෙනවාදො කියල හිතුනත් අර comment කාරයෝ අපහසුතාවට පත්වෙලා ඉන්න විදිය දැක්කම ⁣තේරෙනවා එසේ මෙසේ එකෙකුට එහෙම මිනිස්සුන්ගෙ හැඟීම් රඟපාන්න බැරි විත්තිය. එ් වගේම මේ වැඩසටහන බලපු ඉන්දියානුවෙක් මීට පස්⁣සේ කාගේ හරි photo එකකට කුපාඩි comment එකක් දාන්න කලින් දෙපාරක් හිතයි කියලත් හිතෙනවා.





3 comments:

  1. පට්ට වගෙ, බලලම ඉන්නම්

    ReplyDelete
    Replies
    1. English සබක් වත් තිබ්බ නං මරු, නැත්තං booring

      Delete
  2. Thanks, will watch tonight. අපේ රටෙත් මෙහෙම වැඩසටහනක් කරනව නම් හොඳයි.

    ReplyDelete