නිමිත්ත:
මහනුවර නගරය භාවිතා කරන්නන් ඔරලෝසු කණුව ආසන්නයේ සිට ගුඩ්ෂෙඩ් බස් නැවතුම දක්වා පැමිණීමට රේල් පාර භාවිතා කරයි.(දැන් රේල් පාරට සමාන්තරව පදික වේදිකාවක් ඇත.)
මා කිහිප වරක් දැක ඇති පරිදි සිවිල් ඇඳුමින් සැරසුනු පොලීසියේ යැයි කියාගන්නා දෙපළක් ටියුෂන් යන තරුණ කොලු ගැටව්න්ගේ ජංගම දුරකථන පරීක්ෂා කරනු ලැබේ.
අදහස:
අදාල පුද්ගලයින් දෙදෙනා සැබැවටම පොලිසියෙන් විය හැක( පොලිසියේ කල්ක්රියාවට අනුවා. නමුත් මොවුන් සොයන්නේ ඉහත තරුණයින්ගේ ජංගම දුරකථනයේ අඩංගු අසැබි යැයි සම්මත් දෑයි,
*උසාවි නියෝගයකින් තොරව පොලිසියට එසේ ජංගම දුරකථන පරීක්ෂා කළ හැකිද?
මා දන්නා පරිදි එසේ කළ නොහැකිය. ජංගම දුරකතනය යනු අතිශය පුද්ගලික භාණ්ඩයකි.බහුවිධ කාර්ය්යන් සඳහා වර්ථමානයේ ජංගම දුරකථන භාවිතා කෙරේ, පුදිගලිකව ලේඛකයාගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ බැංකු ගිණුම් කටයුතු කළ හැක,මුදල් හුවමාරු කිරීම් කළ හැක,ඔහුගේ ආයතනයෙන් ඒවනා ඊ මේල් ලැබෙන්නේද ජංගම දුරකථනයටයි, තව මෙයට පුද්ගලික චැට් කිරීම් ෆේස්බුක් ආදියද ඇතුළත් වූ විට තමන්ගේ ජංගම දුරකථනය යනු දිවිහිමියෙන් රැක ගතයුතු අයිටමයක් බවට පත් වේ.
*පොලිසියෙන් හොයන්නේ මොනවාද?
ජීවිතේට වැලක් නොබැලූ පොලිසිය මේ හොයන්නේ රටේ ඉන්න කොල්ලො වැල බලනවද නැද්ද කියලයි,පොලීසියට වෙන වැඩක් නැත,දැන් ඉස්සර වගේ වැල වීඩීයෝ බාගෙන බැලිය යුතු නැත,අවශය වෙලාවට ඔන්ලයින් බැලිය හැක.තමන්ගේ ෆෝන් එකෙන් වැලක් බලනවද බණක් අහනවද තීරණය කිරිමට පොලිසියට අයිතියක් නැත, අනෙක ජංගම දුරකථනයේ පිරිත් තිබුණා කියා පොලිසියෙන් තෑගී දෙන්නේද නැත.කරන්නට වැඩ දාහක් තිබියදී පොලිසියෙන් මේ කරන්නේ ආතල් කුඩු කිරීමයි,
මගේ මුහුණේ ෆොටෝ එකක් දුරකථනයේ තිබිම කවුරුවත් ප්රශ්නයක් කරගත යුතු නැත,එය මුහුණේ සිට බෙල්ල අතපයේ සිට ලිඟුව දක්වාම අදාළ වේ.දුරකථනයත් මගේ නම් ශරීරයත් මගේ නම් කාටවත් අදාල නැත.මා ගැහැණියක් සමඟ ලිංගිකව එකතු වීම වීඩීයෝ කරන්නේනම් (ගැහැණියට හොරෙන් නොවේ,පසුව ලීක් වීමත් වෙනම කාරණයකී) එයද පුද්ගලික කාරණයකී,පොලීසියට එයට විරුද්ධ විමට මා දන්නා පරිදි නීතීමය අවකාශයක් නැත
පසුවදන:
අනුන්ගේ නිදන කාමර වලට එබීමට පොලීසියට හෝ වෙන කාටවත් අයිතියක් නැත.
Friday, February 26, 2016
Friday, February 19, 2016
වී ගොවියා හස්ති පශ්චාත්භාගයෙන් ද?
මුන්ට බිත්තර වී ටික දෙන්ඩ ඕනෙ
වැවේ වතුර ටික වෙලාවට දෙන්ඩ ඕනෙ
පොහොර සහනාධාරෙ දෙන්ඩ ඕනෙ
අස්වැන්න මිළදී ගන්ඩ ඕනෙ
සහතික මිළක් දෙන්ඩත් ඕනෙ
යකෝ වී ගොවියො කියන්නෙ පට්ට Dial ටිකක් නේ
මුන් රාජය්ය සේවකයින්ට වඩා හපන්............
Thursday, February 18, 2016
අලි පැටියෝ ඔයයි මමයි
ඉතින් උඩුවේ හාන්දුරුවනේ
කොහොමද සැප සනීප?
අලි පැටියා දානේ ගත්තැයි?
බලන්ඩකෝ හාන්දුරුවනේ යමපාලනෙන් දෙන වදයක්
අමතක වෙලා දාලාගිය අලි පැටියෙක්වත් හදාගන්ඩ දෙන්නැනේ
ඔබතුමාට, Sorry ඔබවහන්සේට
බලුපැටියෙක් වගේ ලොකු සතෙක් නම් කමක් නැ
Lipstick ගාන,Makeup දාන
ලස්සන හාන්දුරුවෝ කිව්වට කොල්ලො කුරුට්ටෝ
සැලෙන්ඩ එපා හාන්දුරුවනේ
නරකද හාන්දුරුවනේ අලි පාටියට වගේ සෙට් වුනොත්
එයාලත් බොහොම මනාප වෙයි......
........ ඔබතුමාට..........
Subscribe to:
Posts (Atom)