Tuesday, March 7, 2017

දියුණු වෙන්ඩ හරි පාර

දියුණු වෙන්ඩ ආසද?
මෙන්න කෙටිම මඟ

අවශ්‍ය දෑ:
    ෆේස් බුක් ගිණුමක් සහ ඩේටා ස්වල්පයක්
   
මුලින්ම  සාදා ගත් බුකියෙන් ෆේස්බුුක් පිටුවක් සාදා ගන්න. එයට අවශ්‍ය පරිදි නමක් දා ගත හැකිය. "අපි යක්කු යකෝ", "මෝහිනී බලකාය", "අපේ රට බොලව්- හම ගහනවා අඩී" වැනි නමක් සෑහේ.

  දැන් එම පිටුවෙන් මරක්කලයන්ට දෙමළුන්ට උදේ සිට රෑ වෙනකන් කෑමට පෙර වරක් සහ කෑමට පසු දෙවරක් ආකාරයට ලෙලි යන්ඩ බැනිය යුතුය. Post ෂෙයා කල යුතුය.ව්‍යාකරණ වැරදූනාට බිය නොවන්න. ඔබ share කරන ඕනෑම පෝස්ටුවක් වරු තුනෙන් viral කිරීමට තරම් හරක් පැටවු ප්‍රමාණයක් මේ දූපතේ පෙර පිනට ඉපදී sorry පහළ වී ඇති බැවින් worry වීම අනවශ්‍යයි.
 
දින දෙක තුනකින් ඔබට facebook request ගලා එනු ඇත. දැන් මීළඟ අදියරට සූදානම් විය යුතුය .දුෂ්කර පන්සලක දෙකක photos සොයා ගත යුතුය . ආධාර එකතු කිරී⁣මේ මූලිකත්වය ඔබ ගත යුතුය . Post දෙක තුනක් දුරකතන අංකය සහ ගිණුම් අංකයද සහිතව share කරන්න . හාන්දුරු කෙනෙකුත් සෙට් වේ නම් ක්ෂණික ප්‍රතිඵල අත්වේ.ඔබ post කරන දේ දැක අතින් අරන් කක්කි පොජ්ජේ තියාගන්නා උන් මෙහේ මදිවට කොරියාවෙත් ඕනෑතරම් සිටිති. මුදල් ෂට ෂට ගා account එකට ගලනු ඇත.

ලැබුණු සියලුම මුදල් හොරා කෑමට හෝ අධාර දීමට තරම් රට හරකෙක් නොවන්න. සුළුවට ආධාර කරන්න. ලොකුවට photo අල්ලන්න. එවිට ඊළඟ project එකටත් මුදල් අනුමත වනු ඇත.මසකින් ඔබට කාර් පොඩ්ඩක් මිළදී ගතවනු හැක. Car  එකේ යන ගමන් තම්බි කඩයක් දෙකක් video කර upload කිරීම අනාගත ආයෝජනයක් වනු ඇත.

සාර්ථකත්වය පසුව comment කරන්ඩ අෑ......
(නම් ගම් anonymous බැවින් ජායාරෑපයේ සිටින්නේ ඔබ විය හැක)

Monday, February 6, 2017

චන්ද්‍රිකාට ගල් ගහන්ඩ කලින්....

පිරිමින්ට ආතල් දෙන
ගෑණුන්ට දෙසදෙවල් දෙන
බීම පාපයක් නම්
ස්ත්‍රී ලිංගෙට විතරක්
එහෙම වෙන්නේ කෝමැයි?

Friday, February 3, 2017

හැමදාම නිදහස්

විජය යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් නිදහස් කළේය
එළාරගෙන් දුටුගැමුණු නිදහස් කළේය
දුටුගැමුණුගෙන් නාග කන්‍යාවක් නිදහස් කළාය
පෘතුගීසින්ගෙන් ලන්දේසි නිදහස් කළේය
ලන්දේසින්ගෙන් ඉංග්‍රීසි නිදහස් කළේය
ඉංග්‍රීසීන් අපෙන් නිදහස් වුනේ්ය
DS ගෙන්, කොතලාවලගෙන්, JR ගෙන්
දාසගෙන් මැඩම්ගෙන් මදිවට MR ගෙන්
ප්‍රභාගෙන් මදිවට විජේවීරගෙන්
නිදහස් වූයෙමු .....
ඉදින් අප හැමදාම නිදහස් වන්නෙමු
ඊයෙත් අදත් හෙටත්
අප නිදහස් වන්නෙමු......