Wednesday, November 23, 2016

ජ්‍යොතිෂයවේදියා හෙවත් තක්කඩියා

ජ්‍යොතිෂය විශාරද, ජාත්‍යන්තර උපදේශක(යකෝ මූ ජාත්‍යන්තරේටත් ගිහිල්ලා. අන්න පොරවල්ලා), දේශමාන්‍ය, සාමවිනිසුරැ(ජාතික වස්තුවක් නේ අම්මපා)  K.A.U සරත්චන්ද්‍ර මහත්තයා කියන විදිහට උඹලා කාටහරි පිලිකාවක් හරි චර්ම රෝගයක් තියෙනවා නම් මුන්දෑ ගාවට ගියාම නිට්ටාවටම හොඳ කරනවලු ඕන්.
  ආණ්ඩුවටත් මාර පල්ලම  මේ වගේ දහයක් පහළවක් හොයා ගත්තා නම් ඉස්පිරිතාල ටික වහලා දාලා ජ්‍යොතිෂයතාලේ වගේ එකක් දාන්න පුලුවන ඉස්පිරිතාලෙ වෙනුවට . අනුරුද්ධ පාදෙණිය මහත්තයෝ Retire වෙන්න කාලේ හරි.ඉන්දියාවේ Ambulance ටිකත් දෙමු උන්දැලාට පස් අදින්ඩ.
    සරත්චන්ද්‍ර මහත්තයෝ බෙහෙත් කරන ගමන්ම මැණිකකුත් පැළඳුවම කොහොමද යකෝ අපි  දැනගන්නේ බෙහෙත් වලටද මැණිකටද පිලිකාව හොඳ උනේ කියලා .තොපි හිතෙන්නේ මිනිස්සු රටහරක් කියලද. දොස්තරලා ඉරාගෙන බෙහෙත් කරන්ඩ, උඹලට credit  එක ගන්ඩ. මුලින්ම කියපන් උඹේ අම්මට තාත්තාට හරි ළමයෙක්ට හරි ඔහොම ලෙඩක් හැදුනම මැණිකක් දාලා උගුඩුවා වගේ බලන්  ඉන්නවද කියලා.
  මේ වගේ හොරුන්ට තද නීති තිබිය යුතුයි මෙහෙම අසරණ රෝගීන් වංචාකිරීමට එරෙහිව.මිනිස්සු අවුරුදු ගනන් කැප කරලා දොස්තරවරු වෙන්ඩත් මුන් එක රැයෙන් superstar ලා වෙන්ඩත් මාධ්‍ය වගේම විචාර බුද්ධියක් නැති මෝඩයෝ ටිකත් වගකිවයුතුයි.

Monday, November 21, 2016

ශිෂ්ණ කෙලින් කරන Hiru FM

ඔබත් බොහෝවිට හිරු fm facebook page එකට දැනටමත් like එකක් දමා තිබෙන්නට පුළුවන .නැත්නම් ඔබගේ හිතවතුන් දරැවන් එසේ කරනනට පුලුවන්. මේ තියෙන්නේ ඔවුන්ගේ news headings කීපයක්,

*බීලා බීලා ඇඟේ සරමක්වත් නැතිව ලෑලි කාමරේ මැද්දේ නිදියගෙන ඉන්න පියදාස දැකපු මට මාව පාලනය කරගන්න බැරි වුණා - Hiru Gossip

*ගණිකා වෘත්තියේ නියැලුනු ටෙලි නිළියක් අත්අඩංගුවට - වීඩියෝ - Hiru Gossi

*පොඩි අක්කගෙ මහත්තයා අක්කා නැති වෙලාවට මට කරදර කරන්න ගත්තා, ටික දවසක් යනකොට මමත් එයාට අවනත වුණා - Hiru Gossip
සම්පූර්ණ විස්තරය පහතින්..

*HIRU FM
96.1 FM or 96.3 FM Island wide.
---------------------------------------
සැමියා විසින් බිරිඳට පුරුදු කළ අමුතු වැඩක් අත්හැරගන්න බැරිවෙලා
සම්පූර්ණ විස්තරය පහතින

සිතන්න,ඔවුන් හදන්නේ ඉතාමත් පහත් බාල අශ්ලීල රසයක් සමාජය මත වපුරන්නට නොවේද, බාල රසයක් වපුරමින් page views වැඩි කර ගැනීමට නොවෙද.
  හිරැ fm, වගකිවයුතු මාධ්‍ය ආයතනයක වගකීම වනුයේ සමාජය ට දැනුම ,විනොදාස්වාදයක් ලබාදීම මිස ශිෂ්ණ කෙළින් කිරීම නොවේ.සමාජය මත  අශ්ලීල අදහස් බලෙන් පැටවීම ඔබ ආයතනය විසින් නතර කළයුතුය .

Wednesday, November 16, 2016

පිටිදූවේ සිරිධම්ම ට බය ඇයි?

  කොටින්ම මම නම් සිරිධම්ම ට පට්ට ලයික්ය. මොකෝ පොර සම්ප්‍රදායික සිංහල බෞද්ධ සමාජය උඩු යටිකුරු කරනවා පමණක් නොව උස්සා පොළවෙ ගසනා බැවින් ය.
     දැන් පොර තමන්ගේම පිළිමයක් සාදාගෙන ඇත.(අප දන්නා ගෞතම බුදුන් නම් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන ලදි, නමුත් සිංහල බෞද්ධයන් පිළිම වෙනුවෙන් මරා ගනිති.) නැවතත් සති දෙක තුනකට සිරිධම්ම  මෙගා හිට් එකක් වනු ඇත.නමුත්  දෙයක් පැහැදිලිය.  බුද්ධාගමට වින කරන උන් චුත කරන්න දඟලන ගලබොඩ අත්තෙලා, අම්පිටියෙ සුමනලා, ඉත්තෑකන්දෙලා කටක් නොඅරිනු ඇත. මොකද  ඔය උන්දැලාට කට තිබුණට බුද්ධාගම Theory part එක හරියට බැරිය. සිරිධම්ම Theory  දෙක තුනක් වැනූ ගමන් උන් වහන්සේලා කැලේය. නොදන්නා දෙමළක් කතා කරන්නට ගොස් වරිගෙ නසා ගැනීමට උන්වහන්සේලා කැමති නැතිය. දමිළයට මරක්කලයට ගේම ඉල්ලන එක ඊට වඩා සිම්පල්ය.
    අවසානයට අප මෙසේ කියන්නෙමු. මැටි ගොඩකින් හෝ කොන්ක්‍රීට් ගොඩකට වැඳීමේ නිස්සාරකම තේරැම් ගැනීමට ඔබට අවස්ථාව උදා වී ඇත. එයින් ප්‍රයොජන ගැනීම ඔබට භාරය.