Thursday, March 9, 2017

උපත් පාලන⁣⁣යෙයි වඳකිරී⁣⁣මෙයි වෙනස නොදන්න ජඩමාධ්‍යවේදියෝ

මේ අද දින නිකුත් වූ "අද" පුවත්පතේ ඇති ප්‍රවෘත්තියකි.

http://www.ada.lk/article/221191/උපත්-පාලන-තොරතුරු-හෙළිකල-මාධ්‍යවේදියා-පොලීසියට-කැඳවයි

කංවන ආරියදාස නැමැති ජඩමාධ්‍යවේදියා තැබූ සටහනකට අනුව පහුගිය දින කීපයේ රට ගිනි ගන්නට විය.දඹුල්ල රෝහලේ වෛද්‍යවරියක ප්‍රසූතිය නිමවූ මවුවරුන් බලෙන් වඳ කරනවා යනුවෙන් ඇතිවූ චෝදනාව  පසුව සොයිසා රෝහලටද ⁣එල්ල විය. දුරදිග නොබලා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව පලවන මෙවැනි නිව්ස් පසුපස බොහෝදුරට ඇත්තේ ලංකාවෙ ප්‍රසිද්ධ ජනමාධ්‍යවල පවතින මාෆියාව සහ නිව්ස් නොමැති කමයි. 


    ඉහත ප්‍රදේශීය මාධ්‍යවේදීයා රෝහලෙන් නික්මුණු කාන්තාවක් කිහිපදෙනෙකුගෙ ප්‍රකාශ කිහිපයක් මත වෛද්‍යවරියකට බරපතල චෝදනාවක් එල්ල කර අතර එම ප්‍රවෘත්තියට අදාල වෛද්‍යවරියගේ ජාතියත් ඉස්මතු කරන ලදි. කෙනෙක්ව බලෙන වඳ කරනවා යන්න බරපතල ⁣චෝදනාවක් වන අතර එවැනි චෝදනාවකට ලක් වන්නා සුළු ජාතිකයෙක් වුවහොත් ඒ පසුපස කුමන්ත්‍රණ කතාවක් , සිංහල ජාතිය වඳ කිරීමක් වැනි කාරණා ඇසීම අනිවාර්ය අංගයකි. වෛද්‍ය දැනීමක් නොමැති කාන්තාවන් කිහිපදෙනෙකුගෙ ප්‍රකාශ කිහිපයක් මත චෝදනාවට ලක්වන වෛද්‍යවරිරියගෙන් හෝ අදාල රෝහලෙන් කිසිම ප්‍රකාශයක් ලබා නොගෙන එවැනි ප්‍රවෘත්තියක් පල කිරීම නොදන්නාකමක් නොව තක්කඩි කමක් වේ.එක නිව්ස් එකකට රුපියල් 2000-2500ක් ලැබෙන එවැනි මාධ්‍යවේදීයා කොහෙන් හෝ ඇසෙනා ඕපාදූපයක් අඩු වැඩිය එක්කර මාධ්‍ය ආයතනයකට ලබාදෙයි. එතැනින් එහාට වගකිවයුතු මාධ්‍ය ආයතන එම නිව්ස් එක තම පුවත්පතේ හෝ රාත්‍රි ප්‍රවෘත්ති විකාශයෙදි copy paste කරති.ඉතින් රටේ කොහේ හෝ තැනක රාත්‍රි අහසේ එළි දිස්වේ, අද්භූත දෑ සිදුවේ, එලොවින් ආ ජීවකයෝ බිහිවෙි.මේ එවැනි තක්කඩි මාධ්‍යවේදයේ සෘජු ප්‍රතිඵල වේ.

 දැන් අදාල රෝහලේ වෛද්‍යවරුන් අධිකරණයේ පිහිට පතා ඇත. එවැනි දෙයකින් වත් අදාල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පියවි සිහියට පැමිණිය යුතුය .තම සගයෙකුට ප්‍රහාරයක් එල්ල වූ විට ඉදිරියට පැමිණෙන මාධ්‍යවේදීන් තම වෘත්තිය ගරුත්වය රැක ගැනීමට ඉදිරියට පැමිණිය යුතුය .තම  වෘත්තිය ගරුත්වය කෙලෙසීමට ඉඩ නොදිය යුතුය .වෘත්තියේ නාමයෙන් බෝරු බේගල් වපුරන්නන් හට ඔවුන්ගෙන්ම හඬක් නැගිය යුතුය .

   අවසාන වශයෙන් ප්‍රසූත දෙකක් අතර වසර දෙකක හෝ පරතරයක් තබා ගැනීමට (මවගේ සහ අනාගතයේ ඉපදීමට ඉන්නා පොඩි එකාගෙ සෞඛ්‍ය ගැන සිතා) උපදෙස් දෙන වෛද්‍යවරුන් කංවන ගෙන් උපදෙස් ගත යුතුය .මන්ද ලූපයෙන් වඳ වෙන විදිය දන්නෙ ඔහු පමණක්ම නිසාවෙන් .


   

No comments:

Post a Comment