Thursday, March 9, 2017

ලෙලුම් Replace අපි

පහුගිය දවස් වල මෙගා හිට් එක තමයි රත්නායක & sons ෆැමිලි මැටර්ස්  හෙවත් වික්ටර් රත්නායක දීග යෑම. කට්ටිය විවිධාකාර කතා කීවත් ඇත්තටම මෙතන තියෙන්නෙ සංස්කෘතික ප්‍රශ්නයක්. ඒ සංස්කෘතික ප්‍රශ්නෙ ඇවිල්ලා ලෙලුම්ගෙ බෙල්ලෙන්ම අල්ලලා හිරකරනවා. ලෙලුම්ගෙ බෙල්ලෙ හිරවීමෙ ප්‍රතිඵල තමයි ලෙලුම් ප්‍රසිද්ධ කරපු වීඩියෝව.

  කෙනෙකුට තර්ක කරන්ඩ පුලුවන් ඕනෙනම් ලෙලුම්ට අවුල තියෙන්නේ දේපල ප්‍රශ්නයක් කියලා, නැත්නම් පුලුවන් කියන්න ලෙලුම් try
කරේ කපටි ස්ත්‍රීයක් ගෙන් තමන්ගේ පියාව බේරගන්න කියලා. මට හිතෙන්නේ නම් නෑ එහෙම නෙවේ, මේක අපි නඩත්තු කරන 'බොරු සංස්කෘතියෙ' අවුලක්. ඒක ලෙලුම්ට විතරක් නෙවෙයි ඒ රඟපු චරිත වලට තම තමං ආදේශ වුනානම් තේරේයි අපිත් ලෙලුම් කෙනෙක් වගේම වික්ටර් කෙනෙක් කියලා.

   අපේ සංස්කෘතිය විසින් පොඩි කාලේ ඉඳන්ම අපේ ඔලුවලට මෙහෙම දෙයක් දානවා. අම්මයි තාත්තයි කියන්නෙ පට්ට වරිත දෙකක්. එයාලා අතින් වැරදි වෙන්න ඉඩ අඩුයි. අඩුම තරමේ අම්මයි තාත්තයි sex කරනවා , ඔවුන් දෙදෙනටත් පුද්ගලික ජීවිතයක් තියෙනවා කියල හිතන්න තරම් වත් බැරි තරම් අමුතු තැනකට සංස්කෘතිය විසින් අපව මෙහෙයවනවා.අපි කැමති දෙමව්පියන්ට අපිව සුරංගනාවියක් ගෙනල්ලා දුන්න කතාවට නැත්නම් රෝස කැලෙන් ගෙනාපු කතාවට.
   සමාජෙ විසින් අම්මයි තාත්තයි ගැන හදල දෙන ඒ ෆැන්ටසි අම්මයි තාත්තයි එදා ඉඳලා අපෙ ඔලුවල හොල්මන් කරනවා. සමහරුන්ට ඔය ෆැන්ටසියෙ ඇතුලෙ ජීවත් වෙලා පාඩුවෙ මැරිලා යනවා. හැමෝම භාග්‍යවන්තයෝ නෙවෙයිනේ . සමහරුන්ට එකපාරටම ඇහෙනවා තමන්ගේ තාත්තා හරි අම්මා හරි වෙන සම්බන්ධයක් පටන් ගෙන වගේ දෙයක්. එදාට තමන් එච්චරකල් මවන් හිටපු සිහින ලෝක බිඳ වැටෙන්න පටන් ගන්නවා.එදාට තමන්ගේ ඔලු පිස්සු කෙලින්ඩ පටන් ගන්නවා. එ් පිස්සු කෙලීම ලෙලුම් නැමැති පුතා සමාජ මාධ්‍ය රජ කරන කාලෙක ජනසතු කරනවා. තව දුරටත් ඒක ලෙලුම්ගෙ ප්‍රශ්නයක් නෙවේ අපේ ප්‍රශ්නයක් වෙලා. ඒ වගේ දේකදි ඉස්සරවෙලාම කඩා වැටෙන්නෙ මහළු විකටර්ල නෙවේ තරුණ ලෙලුම් ලා.
   අපේ ප්‍රශ්නේ මේකයි. අපි ආස නෑ අනෙක් මිනිසුන්ගේ පුද්ගලිකත්වය පිළිගන්ඩ. වැඩිමනත් එපා අපි හිතනවා අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් මෙහෙම ඉන්ඩ ඕනෙ කියලා. දියුණු බටහිර රටක නම් අම්මා හරි තාත්තා හරි නැවත විවාහ වෙනව නම් සමහර වෙලාවට ලමයි ඇවිල්ල උදව් කරනවා. මොකද අන්තිමට වටින්නේ මිනිහෙක්ගෙ සතුට නිසා. අපේ රටවලදි ඒක වෙනස් වෙනවා. අම්මව තාත්තව සමාජෙටත් කලින් ලමයි මඩ ගහනවා.හැබැයි වික්ටර්ල අපිට මෙහෙම පාඩමකුත්  උගන්නනවා. අපිත් ටික ටික වෙනස් වෙන රටක් කියලා.ඉතින් ඉස්සරහට එහෙම දෙයක් ඇහුවම මිනිස්සු ඒ වගේ දේවල් ගණනකට නොගෙන ඉඳිවි. විවාහය කියන්නෙ sex විතරක් නෙවෙයි sharing & caring කියල දේකුත් තියෙනවා කියලා තේරැම් ගනීවි .

(අර කලින් කියපු භාග්‍යවන්තයෝ හිටියා නේද. උන්දැලා ටිකත් office train එකක වගේ අරන් ගියා නම් අර ෆැන්ටසිය කුඩු වෙන්න තිබ්බා)

2 comments:

  1. මේ සීන් එකේදි තනිකරම ලෙලුම් නෑවා කියල මගේ හැඟීම.
    තාත්තාගේ හැඟීම දැනීම පාලුව තනිකම තේරුම් අරගෙන යාලුවෝ වගේ කතා කරලා හිටියනම් හැමෝම සතුටින් ඉන්න තිබ්බා.

    ReplyDelete
  2. ඇත්තටම තමන්ගේ දෙමව්පියන් සාමාන්‍ය පුද්ගලයන් කියලා දරුවන්ට පිලිගන්න අමාරුයි .එයාලටත් අවශ්‍යතා තියනව කියල හිතෙන එකත් නිකන් odd වගේ.මෙක ⁣ලංකාවෙ සංස්කෘතිය එක්ක මිනිසුන්ගේ ඇඟටම බද්ධ වෙලා.

    ReplyDelete