Sunday, May 28, 2017

දේවෝ වස්සතු කාලේන ද?

වැස්සත් සමඟ රට පුරා ආපදා තත්ත්වයක් උද්ගතව ඇත. මොලේ ඇති එකාට මෙය මිත්‍යාවට සමුදීමට අවස්ථාවකි. මෝඩයාට මෙය තවදුරටත් මිත්‍යා අන්දකාරයේ කරවටක් ගිලීමට ඇති අවස්තාවකි.
   සමහරක් ට අනුව මෙසේ වැසි වැසීමට හේතුව ආධාර්මික රාජ්‍යය පාලනයයි. එහෙම කියන බහුතරය රාජපක්ෂවාදියෝ වීමද සැලකිල්ලට ගත යුතුය.සුනමිය ආවෙ කවුරුන් අගමැති සමයෙහිදැයි ඔවුන්ට අමතකය.සෑම වර්ෂයකම ඟං වතුරක් ,නියඟයක් අනිවාර්ය අංගයක් වන ඉල්ලංකාවේ ඒ අනුව කිසිදා ධාර්මික එකෙක් පාලකයා නොවනු ඇත.
    ඟං වතුරට රත්නපුර සමන් දේවලයද අසුවී ඇත. අහෝ සුමන සමන් ට තමන්ගේ දේවාලය වත් බේරාගනු නොහැකි හැටියක්. එහෙව් දෙවියෙක් ගෙන් අපේ උන් දාහක් දේවල් ඉල්ලන හැටියක්.ඟං වතුර අඩුවු ගමන් අපේ බුද්ධිමත් ජනතාව විභාග සමත් වීමට සමන්ව යදිනු ඇත.දරු සම්පත් සමන් ගෙන් ඉල්ලනු ඇත. අහෝ තමන්ගේ දේවාලය බේරාගනු නොහැකි එකා ඔබගේ ඉල්ලීම් ඉටු කරනු ඇත.
  සමහරක් අංගුත්තර නිකායෙන් (ඔවුන් කියන හැටියට) රාජ්‍ය පාලකයාගෙ අධාර්මිකත්වය නිසා වැසි නියං ඇතිවේ.අංගුත්තර බැරිනම් පිංගුත්තර නිකායෙන් උනත් මෙවැනි මිත්‍යාවන් ප්‍රවර්ධනය කරන උන්ට මඩු වලිගෙන් තැලිය යුතුය .උන්ට අනුව  වැසි නියං තීරණය කරනුයේ අහසේ සිටිනා පුදුමාකාර දෙයියෙකි.අනෙක් රටවල් වල උන් කෘතිම වැසි පවා ඇති කරන්නට උත්සාහ කරන කා⁣ලයක අපේ වාහෙල වර්ෂාව ඇති කරන දෙයියෙක් අතැයි සිතති.තව සමහරක්ට නුවර පෙරහැර නිසා වර්ෂාව ඇද හැලේ. පෙරහැර වල් නැති රටවල් වලට වැස්ස ඇද හැලෙන්නෙ ඇයිදැයි  ඔවුන් පහදන්නේ නැත. මුහුදට වර්ෂාව ඇද හැලෙන්නේ මාලුන් තල්මසුන් ආදිය පෙරහැර සංවිධානය කරන නිසා විය යුතුය . කැලෑ වලට වහින්නට කැලේ සත්තු පෙරහැර සංවිධානය කරනවා විය යුතුය

    ඔවුන්ට මෙවැනි මෝඩ අදහස් ඇති වීමට ආගම් ඉවහල් වීම සැළකිය යුතු කරුණකි.කුඩා කල පටන් ගිරා පෝතකයින් මෙන් උගත් දෑ ඔහේ වමාරනවා වෙනුවට කිසිම තාර්කික බුද්ධියක් ඔව්නට නැත . ඔවුන්ට අනුව තම තමන් අදහන දෙවියන්, බුදුන් ,අල්ලා ජේසු සියල්ල දත්ය.
  විහිළුවට කාරණය නම් වයසක සීයලා අච්චිලා ගේ අදහස් හණමිටි අදහස් සේ සළකා බැහැර හරින සමාජයම මීට අවුරුදු  දෙදාස් පන්සීයකට දෙදාහකට කලින් සිටි සාස්තෘන් කියන්නන්ගේ සමහරක් මරි මෝඩ අදහස් දොහොත් මුදුන් දී පිළිගැනීමයි.

1 comment:

  1. පිස්සු කියවනවද කොලුවෝ
    දෙයියෝ අරුඩවෙලා ඔය ආධාර එකතු කරන එවුන්ටයි දෙන එවුන්ටට්යි
    හිතුවට ගේම යන්නේ දෙයියෝ නැතිනම් ඔහොම ආධාර එකතුවෙයිද බෙදන්න දෙයියෝ තමයි ඔක්කොම කරන්නේ

    ReplyDelete