Tuesday, September 5, 2017

දෙයියා සහ හිඟන්නා

හිඟන්නට දෙන රුපියල් විස්සත්
දෙයියගෙ පින් කැටේට දාන රුපියල් පහත්
දෙකම පින් නම්
හිඟන්නා > දෙයියා   නොවෙද
එහෙනම් හිඟන්නා more important
දෙයියෝ ගෝචර වෙන්නෙත් නෑලුනේ
ඉතින් අපි නම් දෙක මාරු කරොත්
දෙයියා වෙනුවට හිඟන්නා
හිඟන්නා වෙනුවට දෙයියා
පට්ටනේ මචං

"ඊයේ මං පාරේ හිටපු දෙයියෙක්ට කෑම එකක් දුන්නා බං"

"පොලිසිය විසින් පිටකොටුවේ සිටි දෙවිවරුන් ඔවුන්ගේ විමාන වලින් ඉවත් කරන ලදි"
News alert එකක් මචං

"ලබන මාසේ යමුද මචං කතරගම , හිඟන්නෙක්ට භාරයක් වෙන්ඩ"

දැන් දෙයියෝ ගෝචරයි.
හිඟන්නො ඈවරයි......

2 comments:

  1. මරු පින්තුරේ.....

    නියම කතාව... දිග උත්තරයක් පස්සේ දෙන්නම්

    ReplyDelete