Sunday, October 22, 2017

ශ්‍රී පාද කුණු - යෝජනාවක්

  මෙය ලියන මම වරක් ශ්‍රී පාද කන්ද තරණය කළෙමි. ඒ මීට වසර නවයකට පෙරය. පුද්ගලිකව මා හට එය නීරස අත්දැකීමක් බැවින් නැවත එහි යෑමට කිසිදු අදහසක් නැත.එහි ආගමික අංශයෙන් කිසිදු වටිනාකමක් මා හට නැති අතර පාරිසරික වටිනාකම ඉහළින්ම අගයමි. කිසියම් හෝ ආගමික ශාස්තෘන් කෙනෙකුන් ,ආදම් කෙනෙක් හෝ අල්ලා කෙනෙකු එහි පාද සළකුණක් තබා ඒමට තරම් පිස්සුවක් ඇතැයි මම නොසිතම්. (රෑප වල හැටියට නම් පාදය තියල තියෙන්නේ enlarge කරලා 😂😂😂😂).

මේ සටහන ආරම්භ කිරීමට හේතුව ශ්‍රී පාද කන්දෙ කොටසක ඇතිවූ කුණු කන්ද නාය යැමයි.දැන් කුණු කන්දක් නාය ගොස් ඇත. ආගමික වටිනාකමක් මත හෝ පාරිසරික වටිනාකමක් මත හෝ විනෝදය සඳහා හෝ කුමන ආකාරයකට වුව කන්ද නැඟි මිනිසුන් මේ සඳහා වගකිය යුතුය.අඩුම පැය 6-7ක් වැයවන මෙම කඳු තරණය කිරීමේදි කෑම බීම බෙහෙත් වර්ග snack වර්ග ආදිය අනිවාර්යයෙන් ගෙනගිය යුතු බැවින් කසල එකතු වීම අනිවාර්ය ප්‍රතිඵලයකි.සම්පූර්ණ සංචාරයේදි එක පුද්ගලයකු 200g ප්‍රමාණයකට කසල ඉවත් කරනවා යැයි සිතුවහොත් වසරකට සංචාරකයින් ලක්ෂ 3ක් පමණ පැමිණියහොත් වසරකට ටොන් 60ක පමණ කසල ප්‍රමාණයක් එකතු වේ.  තද නීතී දැමීමෙන් කසල දැමීම අඩු කරත් ටොන් 30-40කට එහා අඩු කර ගත හැකියයි මට සිතෙන්නේ නැත.(වාර්ෂික සංචාරකයින් ලක්ෂ 3ක් යැයි සළකා)

   මට හැඟෙන පරිදි මෙහි කසල දැමීම වැඩිවීමට හේතුව නම් ආගමික වන්දනා අර්ථයෙන් එන වන්දනාකරුවන් වැඩිවීමත්.,පරිසරය රස විඳිමට කඳු නැඟීමේ අර්ථයෙන් එන පිරිස අඩු වීමත්ය. වන්දනා මාදිලියේ සංචාරකයින්ගේ කසල ප්‍රමාණය අඩු කිරීම ඉතාම අසීරු කාර්යයකි. ආගමික ඇල්මක් හැරෙන්න මෙහි සංවේදි පරිසර තත්ත්වයන් පිළිබඳ තැකීමක් ඔවුන්ට නැත. ඇත්තේ එහි සිටිනවා යැයි ඔවුන් අදහන දෙයියාට ඇති බිය පමණෙකි.  ඔවුන් මෙහි රැඳි සිටින කාලය අධික නිසාවෙන් බැහැර වෙන කසල ප්‍රමාණය අනිවාර්යෙන්ම ඉහළ යති.ඉවත ලන බිස්කට් පැකට්, ලන්ච් සීට්, ප්ලාස්ටික් බීම බෝතල් අදිය මෙවැනි ගමනක ( ආගමික වන්දනා ස්වරූපය) අනිවාර්ය අංග වේ. එක්කො ඔවුනට ශ්‍රී පාද අඩවියෙහි පාරිසරික වටිනාකම පිළිබඳ දැනුවත් කළ යුතුයි, නැත්නම් ඔවුන් මෙහි රැඳි සිටින කාලය අවම කිරීමට උපක්‍රම යෙදිය යුතුය .
    මාගේ පුද්ගලික යෝජනාව නම් ශ්‍රී පාද කන්ද සඳහා cable car system එකක් හඳුන්වා දීම බවයි.මෙවැනි යෝජනාවකට මල් කෙසේ වෙතත් ගල් එල්ල වීම අනිවාරය වුවත් මිනිසුන් පාද යාත්‍රාවේ දවසක් ගත කරන ගමනකදී පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය වලින් 80% ,කටත් එහා පැය දෙක තුනක සංචාරයකදී අඩු කර ගත හැක. ඔවු මෙවැනි ඉදි කිරීමකදි යම් පරිසර හානියක් සිදුවන බව සත්‍යයකි. එනමුත් මොහොතකට සිතා බැලුවොත් අද දවසේ ශ්‍රී පාදයේ එකතු වන කුණු ප්‍රමාණය මත තව වසර විස්සක පමණ ගත වන විට කුමන තරමේ කුණු ප්‍රමාණයක් , පරිසර හානියක් සිදුවේදැයි කියා cable car system එකකින් සිදුවිය හැකි පාරිසරික හානිය ඊට වඩා කුඩා ප්‍රමාණයකින් බව මගේ හැඟීමයි.


(Cable car යෝජනවක් මීට පෙර ඇතිවී තිබුණවග පසුව දැන ගතිමි)

1 comment: