Monday, April 16, 2018

   සෞදි අරාබියට WWE Wrestling

  ලෝකෙන් කොන් වෙලා තිබුණ පට්ට් ගෝත්‍රික නීතී සමූහයක් තියෙන සෞදිය පහුගිය කාලේ සමහර ⁣අංශවලින් හිතාගන්න බැරි විදියට වෙනස් වුනා. කාන්තාවන්ට රිය පැදවීමට ඇති අයිතිය වගේම සෞදි හමුදාවන්ට කාන්තා සෙබළුන් බඳවා ගැනීමත් මෙහිදී විශේෂයි. මේකේ අලුත්ම කාරණය තමයි WWE wrestling event එකක් මේ අවුරුද්දෙදි සෞදි අරාබියේ තියෙන එක.වැදගත්ම දේ WWE එකට එන්න කියන්නෙ සෞදි රාජ්‍යය වීම.

     Script එකකට ගහ ගන්න wwe සමහරවිට ඔබට අල්ලලා යන්නෙ නැතිව ඇති. ඒත් මේකේ තියෙන වැදගත්ම කාරණය තමයි ඒ වගේ Entertainment event එකක් සෞදියට  රැගෙන එන  එකේ තියෙන තිරෙන් පිටුපස තියෙන පණිවිඩය. ඒ තමයි සෞදි අරාබිය දවසෙන් දවස ලෝකෙට විවෘත වෙනවා කියන එක. ආශ්චර්යය , යහපාලනය වගේ වචනයකට category කරල නැතත් මේ විවෘත වීම හරියටම සිද්ධ වෙනවා.

  සෞදිය වගේ පසුගාමී මානසිකත්වයක් තිබුණ රටකට ("තිබුණ" කියන වචනයට සුදුසුයි) දැඩි ආගමික මතවාදයන්, ආගමික සංස්ථාවේ කකුලෙන් ඇදීම ගණනකට ⁣ගන්නෙ නැතිව ඒ රටේ කුමාරයා තීන්දු තීරණ ගන්න හැටි අපූරුයි. අනාගත දැක්මක් වගේම තමන් ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කශේරුකාවත් ඔහුට තිබෙන බව මේ ටික කාලයට ඔහු පෙන්වා තිබෙනවා. මේ වෙනස සෞදියට අලුත් පෙනුමක් අලුත් හැඩයක් එකතු කරමින් පවතිනවා. 2025 වෙද්දි මේ වෙනස සෞදි අරාබිය ලෝකේ වැදගත් රටක් බවට පත් කරාවි.

1 comment: