Wednesday, May 2, 2018

මා බාල කාලේ - මිත්‍යාවේ තුරුලේ

     මේ ලියන්න හදන්නෙ සිරා සිද්ධි දෙක තුනක්. ⁣⁣දැන් හෙන භෞතිකවාදි අදහස් තිබණට මමත් කාලයක් (ඉස්කෝලේ යන කාලේ) මිථ්‍යාවන් විශ්වාස කරා.එ්වා අපේ ඔලුවලට නොමිලේම දමන දෙවල් නේ.සමහරු ඒවා කරේ තියන් යනවා.සමහරු පයින් ගහල දානවා. මම ක⁣රේ දෙවෙනි එක.
         1997 අවුරුද්දෙ පොසොන් මාසේ. මම හතරෙ වසරේ හරිය. පොසොන් එකට සීසන් එක අනුරාධපුරේ නේ.ඔන්න අපිත් ගියා අනුරාධපුරේ වන්දනාවේ ෆැමිලිය පිටින්ම. ශ්‍රී මහා බෝධිය ගාවටත් අාවා කියමුකෝ , ඔන්න අපේ අම්මා කියපි පුතේ බාරයක් වෙයන් ශිෂ්‍යත්වෙ පාස් වුනාම ගන්න ලකුණු ගාණට හරියන පහන් ගාණක් ශ්‍රී මහා ⁣බෝධිය ළඟ පත්තු කරනවා කියලා හිටං. ඉතින් මාත් එහෙම හිතා ගත්තා. ඊළඟ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙත් ආවා මාත් පාඩම් කරලා ටියුෂන් ගිහිල්ලා ඔක්කොම කරලා පාස් වුනා. ලකුණු 162ක්. ඒ කාලේ හැටියට නම් ලොකු ගාණක්. ඊ⁣ට පස්සෙ අවුරුද්දෙත් පොසොන් එකට අනුරාධපුරේ ගිහින් අර කියපු විදියට පහන් දහස් ගණනක් මැද පට්ට දවාලේ මාත් පහන් එකසිය හැට ගාණක් පත්තු කරා. අඩුම තරමේ පහන් වැට ගාවට ළං වෙන්න වත් බැරි තරමට පහන් වල රස්නෙ. මිනිස්සු ඒ තරමට පහන් පත්තු කරලා. මොනව කරන්නද Promise is a Promise කියල පරණ සිංහල කතාවක් තියෙනවනේ. කතාව ඒක නොවෙයි , අපේ ගමේ ගෑණු මනුස්සයෙක් හිටියා සාස්තර කියන ගුරුකම් කරන මළවුන් ගෙන්නන ආදී හැම මඟුලම කරන. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටික දවසකට පස්සේ අම්මා මාවත් එක්කගෙන අර උන්දැගේ දේවාලෙට ගියාම උන්දැ කියපි මම ශිෂ්‍යත්වෙ පාස් වුනේ උන්දැ කරපු ශාන්තියකටලු. උන්දැට මගේ වයසෙම දුවක් ඉන්නවා. හැබැයි ඒ යෝදි ෆේල්. ඔන්න උන්දැගේ සෙත් ශාන්තියේ තරම. පිට එකා පාස් තමන්ගේ එකා ෆේල්. හොඳම හරිය ඒකත් ⁣නෙවෙයි . දැන් අවුරුදු දෙක තුනකට කලින් මං දැක්කා අර සාස්තර උන්දැගේ දුව වෑන් එකක් drive කරනවා.මාත් ඉතින් ගෙදර ඇවිල්ලා අම්මගෙන් ඇහුවා අර කෙල්ල වෑන් එකක් අරන්ද කියල හරිය. මේ තියෙන්න ඒ වෑන් එක ගත්ත විදිය ගැන අපෙ අම්මා  කියපු කතාව. අර සාස්තර කියන ගෑණු කෙනා ගාවට අහල පහළ ගමක මැදි වයසේ ඉන්න ළමයි නැති ජෝඩුවක් ඇවිල්ලා තියෙනවා සාස්තරයක් හරි මොකක් හරි බලන්න. දැන් එතකොට අර සාස්තර උන්දෑ සාස්තරේට කියල තියෙනවා අර ජෝඩුවට හම්බ වෙන්න හිටපු ළමයා තමයි මෙයාගේ (සාස්තර උන්දැගේ) ගර්භාෂයේ පිළිසිඳ ගෙන තියෙන්නේ කියලා. මේක අහපු අර ජෝඩුව අර තමන්ගේ වෙන්න හිටපු ඒත් වෙන ගෑණු කෙනෙක්ට (සාස්තර උන්දැට) හම්බවුනු අර කෙල්ලට වෑන් එක දීලා හිටන්. කොහෙමද මොලේ😀😀😀

         මේ තව සිද්ධියක්. එතකොට මම නවය වසරේ විතර. අපේ අම්මා මාව ඇදන් ගියා කම්පියුටරයෙන් හඳහන බලවන තැනකට. ඒ කාලේ කම්පියුටර් කිව්වම හරි ලොකුයි නේ.අම්මට ඕනෙ වුනේ මගේ උසස් අධ්‍යාපනය ගැන අහගන්න. හඳහන බලපු මෑන් කිව්වා මම ඉහළට ඉගෙන ගන්නෙත් නෑ, අවුරුදු 27 වෙද්දි  කසාද දෙකකුත් කරගෙන ඉඳීයි කියලා. දැන මට තිහත් පැනලා. විවාහ වුනෙත් 29න්.

  තවත් සිද්ධියක් . මේක වුනේ මම එකොළහ වසරේ ඉද්දි. සාපෙළට මාස තුනක් වගේ කිට්ටු කරලා එකපාරටම මගේ ඇස් පේන්නේ නැතිව ගියා. දවස් දෙක තුනක් ඇතුළතදී blackout . පුද්ගලිකව මට ඒක හරිම අසීරු අවස්ථාවක්. පොතක් පතක් කියවන්න බෑ. TV එකක් බලන්න බෑ. ඉස්කෝලේ යන්න ටියුෂන් යන්න මොකුත් බෑ. කොහොම හරි Doctor කෙනෙක් චැනල් කරලා යන්තම් recover වීගෙන එද්දිම අම්මා ආයෙත් මාව තෙල් බේත් කාරයෙක් ළඟට අරන් ගියා. ඒ වෙද්දි මට පේනවා, හැබැයි අකුරු කියවන්න තරම් පේන්නේ නෑ. අනික Doctor ජී කියල තිබුණේ O/L ලියන්න ආසාවක් තියෙනවා නම් bed rest කරපන් කියලා. කොහෙමහරි තෙල් බේත් කාරයා මුස්ලිම් එකෙක්. ගරා වැටුනු ගෙයක තමයි මිනිහ ජීවත් වෙන්නේ. බ්ලොක් ගල් බිත්ති  විතරක් උස්සපු ,ඒකේත් පොඩි කොටසකට විතරක් තහඩු වහලයක් ගහල. අනෙක් බිත්තිවල ගල් පාසී බැඳිලා. පේන.විදියට ඒ බිත්ති බැඳල අවුරුදු 10ක් වත් අව්වට වේලිලා වැස්සට තෙමිලා. ඒ වගේ මිනිහෙක්ගෙන් තමයි අපේ මිනිස්සු තමන්ගේ ජීවිතවල ගැටලු විසඳගන්න යන්නේ. අපේ වාරේ ආවම මිනිහා ඇහුවා අපේ ප්‍රශ්නේ. මගේ ඇස් පෙනීම මදි කිව්වම මෑන්ස් රෙදි පට්යක් මගේ ඹලුව ව⁣ටේ බැඳලා අරාබියෙන්ද මන්දා හෑලි වගයක් කියෙව්වා. කියවලා මගෙන් ඇහුවා ඒවා කියවද්දි මගේ ඇස් වලට තරු පත්තු වෙනවා වගේ නේද කියලා. මට මෙලෝ දෙයක් පෙනුනේ නැතත් පව්නේ අහිංසක මිනිහා කියලා ඔව් ඔව් කිව්වා.මිනිහටත් සතුටුයි. අපේ අම්මටත් සතුටුයි.පස්සේ ගෙදර එන ගමන් අම්මට කිව්වා මං බොරු කිව්වේ කියලා.

  උසස් පෙළ කරන කාලේ වගේ වෙද්දි නම්  මට මිථ්‍යා දේවල් වලට කිසිම බලපෑමක් තිබුණේ නෑ. අම්මා දැනගත්තා මම හැදෙන එකෙක් නොවෙන බව.අම්මා නම් අදටත් තනිකර මිථ්‍යාවේ කරවටක් ගිලිලා. සිලුත් ගන්නවා. දේවාල සංචාරෙත් යනවා. ෆෙන්ෂුයි මඟුලුත් කරනවා. ඒ මිනිස්සුන්ව කියල හදන්න පුලුවන් වයසකත් නොවෙයි ඉන්නේ. හවසට මහ හයියෙන් පිරිත් කියවනවා. හින්දි සිංදු කියනවා වගේ කිව්වට ඒකේ තේරුම දන්නෙත් නෑ.පුරුද්දට කරනවා. වයසක නොවෙයි සමහර තරුණ කෙල්ලො කොල්ලොත් එහෙමයි.
අනෙක් මිනිස්සු කරන හින්දා කරනවා.මිථ්‍යාවේ බඩ පිනුම් ගහනවා. ගමක මනුස්සයෙක් එක්ක මොනව හරි දෙයකට ගැටුමක් ඇති වුනොත් පොලිසි යනවා legal action ගන්න⁣වා කිව්⁣වොත්  මිනිස්ස බය නෑ. හැබැයි දේවාලෙකට යනවා පොල් ගහනවා හූනියමක් කරනවා කිව්වම බයයි . ඒක තමයි ඇත්ත කතාව

4 comments:

  1. ලංකාවෙ අමුතුම phenomenon එකක් වෙනවා. අපේ තාත්තලගෙ කාලෙ ඕවාවැඩියෙන් කලේ නූගත් යයි සැලකුන අය. උගත් සමහර අයත් වෙන දේවල් ට්‍රයි කරලා ඕවත් ට්‍රයි කලා හැබැයි හොරෙන් වගේ. කලා කියලා කියන්න ලැජ්ජාවෙන් වගේ.
    දැන් උගත් යයි සැලකෙන පිරිසගෙන් ලොකු ප්‍රතිශතයක් ඕවා කරනවා. ආගම වගේම ජීවිතයේ කොටසක් ලෙස මිත්‍යා විශ්වාස හා රිචුවල්ස් කරනවා. ඔප්පුකරපු දේවල් වගේ මාධ්‍ය වලින් වැඩ සටහන් කරනවා.
    මං හිතන්නෙ ලංකාවෙ 1960/70 ගණන්වල ඕවා අඩුවෙලා ආයිත් 1990 ගණන්වල වැඩිවෙලා දැන් උග්‍රවෙලා. ජීවිතයේ ප්‍රශ්න වගකීම් හා අවශ්‍යතා වැඩි වීම එක හේතුවක් වෙන්න ඇති. අනිත් එක ලොකු බලවත් අය හා නායකයින් හෝ උගත් යයි සැලකෙන අය ප්‍රසිද්ධියේ කරනවා දකිනවිට හැමෝමවගේ ට්‍රයි කරලා බලනවා.
    වැඩිදෙනා කරනකොට තව අයත් එකතුවෙනවා වැඩියෙන්, වැල් පොලී වගේ .
    growing exponentially

    ReplyDelete
  2. විකාර කියලා හිතෙනවා ගොඩාක් වෙලාවට...

    එහෙම නොවෙන අවස්ථා ත් තියෙනවා...

    දොලොවක් අතර අතරමං වෙච්ච ගතියක් දැනෙන්නේ...

    ReplyDelete
  3. මම වගෙ තව එකෙක් 😄😃😄😃

    ReplyDelete