Wednesday, May 23, 2018

වැස්ස වළාහක දෙයියෝ

  මුලින්ම කියන්න ඕනේ මේ සටහනෙන් පෙන්නන්නේ බුද්ධාගමේ වැස්ස ඇතිවීම ගැන දක්වන අදහස. කරුණාකර කඩි කුලප්පු කාරයෝ මෙතනින් එහාට මේ සටහන කියවන්න එපා .

වස්සවළාහක සූත්‍රය - අංගුත්තර නිකාය

" එකත්පස්ව වාඩිවුන ඒ භික්ෂුව භාග්‍යවතුන්වහන්සේට මේ කරුණ පැවසුවා. 'ස්වාමීනී, ඇතැම් දවස්වලට වැස්ස ඇතිවෙනවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද ?'

'පින්වත් මහණෙනි,වැස්ස වළාහක නමින් දෙවිවරු ඉන්නවා.ඒ ඇත්තන්ට ඇතැම් දිනෙක මෙහෙම හිතෙනවා." අපි ස්වකීය පංචකාම සැපයෙන් ප්රීතිමත්ව ඉන්නවානම් හොඳයි." කියලා.ඉතින් ඒ ඇත්තන්ගේ සිත පිහිටුවා ගැනීමට අනුව වැස්ස ඇතිවෙනවා.පින්වත් මහණෙනි ඇතැම් දවස්වලට වැස්ස ඇතිවීමට හේතුව මේකයි. කාරණාව මේකයි."

උපුටා ගැනීම ඉවරයි. ඒ කියන්නෙ වැස්ස ඇත්වෙන්නේ දෙයියන්ට පොඩි සැපක් ගන්න හිතුනම. පොඩි විද්‍යා දැනුමක් තියෙන මනුස්සයෙක්ට හොඳට තේරෙනවා මේක මොන මෝඩ කතාවක්ද කියල නේද? ඒත් බහුතරයක් මිනිස්සු මේවා පිළිගන්නේ සාදු කාර දීලා. දියුණු රටවල් කෘතිම වැසි ඇතිකරන්නට පවා විද්‍යා තාක්ෂණ දැනුම දියුණු කරගෙන තියෙන යුගයක දෙවියන් වැස්ස ඇති කරවනවා කියන එක විහිළුවක් නොවෙයිද. ......මේක ටයිප් කරගෙන ඉන්න ගමන් මතක් වුනා පෘථිවියේ පළමු වැස්ස ඇතිවීම නැත්නම් පෘථිවියට ජලය කොහෙන්ද ආවේ කියන දේ සම්බන්ධයෙන් තියෙන ජනප්‍රිය මතය. ඒ තමයි උල්කාෂ්මය හරහා ජල අණු පෘථිවියට ආවා කියන එක. මේක පරීකෂණාත්මකව පෙන්නන්ඩ පුලුවන්. අලුතෙන් වැටෙන උල්කාෂ්ම කොටසක් පොඩි පරීක්ෂණ නළයකට දාගන්න පුලුවන් ප්‍රමාණයකට කුඩු කරලා බන්සන් දාහකයකට හරි අල්ලන් හිටිය නම් පරීක්ෂණ නළයේ අැතුළත බිත්ති වල ඉතා කුඩා ජල වාෂ්ප ප්‍රමාණයක් බැඳෙනවා . ඉතින් විද්‍යාඥයෝ කල්පනා කරනවා පෘථිවියේ ආරම්භක අවධියේ ඒ කියන්නේ පෘථිවි තලය සිසිල් වීමට පෙර ක්‍රියාකාරී අවස්ථාවේ උල්කාෂ්ම දස දහස් ගණනින් වැටීම හේතුවෙන් ඒවයේ ජල වාෂ්ප එකතු වෙලා එකතු වෙලා පෘථිවියේ පළවෙනි වර්ෂාව ඇතිවුනා කියලා. ඒ කියන්නේ වැස්සට අයිතිවාසිකම් කියන්ඩ පොත්වල හිත්වල ඉන්න දෙවියන්ට කිසිම අයිතියක් නෑ.

   දැන් ඔය වැස්සවළාහක සූත්‍රය අහළ පහළින්ම තව සූත්‍ර දෙක තුනක් තියෙනවා.

එකක් තමයි වාතවළාහක සූත්‍රය . එකෙදි  අහනවා සමහර දවස්වලට සුළඟ වැඩි ඇයි කියල. එතකොට බුදුන් කියනවා වාතවළාහක නමින් දෙවිවරු සිටිනවා .ඔවුන්ට සමහර දවස්වලට හිතෙනවා අපි පංචකාම සැපයෙන් ප්රීතිමත්ව සිටිය යුතුයි කියල. අන්න ඒ දවසට ඒ දෙව්වරුන්ගේ සිත පිහිටුවා ගැනීමට අනුව සුළං ඇතිවෙනවා කියලා.

තව එකක් තමයි අබ්භවළාහක සූත්‍රය . එකෙදි භික්ෂූන් බුදුන් ගෙන් අහනවා සමහර දවස්වලට අනියම් ලෙසවළාකුළු ඇතිවෙනවා ,ඒකට හේතුව කුමක්ද කියලා. බුදුන් කියනවා මහණෙනි අනියම් වළාහක නමින් දෙවිවරු ඉන්නවා. සමහර දවසක ඒ දෙවිවරුන්ට හිතෙනවා අපි අද පංචකාම සැපයෙන් සිටිය යුතුයි කියලා. ඒ දවසට ඒ දෙවිවරුන්ගේ හිත පිහිටුවා ගැනීමට අනුව අනියමින වළාකුළු ඇතිවෙනවා කියලා.
  තව තියෙනවා උණ්හවළාහක සූත්‍රය . එකෙදි අහනවා සමහර දවසට උණුසුම් වැඩි මොකද කියලා.එතකොට බුදුන් අර විදියටම කියනවා උණුසුම් වළාහක නමින් දෙව්යො ඉන්නවා කියලා අර කතාවම.

බලන් ගියාම හැම කාළගුණික විපර්යාසයක් එක්කම දෙව්වරුන්ගේ පංචකාම සැපක් තියෙනවා. ඒ කාලේ ටොනාඩෝවක් එහෙම තිබුණානම් ඒකටත් ඒ වගේම සරල විග්‍රහයක් තියෙයි. මේක කියෙව්වම සමහරුන්ට තරහා යයි. ලියල තියෙන්නේ ඩොලර් කාක්කෙක් කියල කියයි . කෙල්ලො ජීන්ස් අඳින නිසා භූමිකම්පාව ඇතිවෙනවා කියන මුස්ලිම්  පූජකයන්ට හිනාවෙන ගමන් මේවටත් හිනැහිය යුතුයි. මොකද ඒ ඔක්කොම පට්ටපල් බොරු නිසා. මගේ යෝජනාව අපි ආගම් දිහාත් බය පැත්තකින් තියලා විවෘත මනසින් බැලිය යුතුයි කියලා. එතකොට ඒවයේ තියෙන weak points ,බොරු මනස්ගාත ලස්සනට පේනවා.

3 comments:

  1. 🙉🙈🙊🐒😂😂😂😂😂

    ReplyDelete
  2. ඒ උඹ අර උල්කාව අල්ලගත්තෙ වැටෙද්දීමද?
    උඹට ෂුවර්ද ඒ වැටිච්ච උල්කාවට පෘතුවියේ ජලය ඇතුල් උනේම නෑ කියල?
    අභ්‍යවකාශයේ දි අල්ලාගත්ත උල්කාවලත් රත් කරනකොට වතුර ආවද?
    ඔය පර්යේෂණය කරද්දි වාතයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය කොච්චරක්ද?

    ReplyDelete
  3. සියලු මූඪයන් වස්සවලාහක සූත්‍රයේ මේ කොටස බලන්න. නොකල්හි කියන වචනය දෙස බලන්න.

    // 606. සැවැත්නුවර:
    එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් ”දැයි.///////////////
    http://www.thripitakaya.org/tipitakaya/Index/124?s=1419

    එසේම වාතවලාහක කොටස විකෘති වශයෙන් සුලං හැමීම් ආදී ලෙසින් විස්තර වෙනවා. මේ අනුව මේ සූත්‍රයේ ඇති විස්තරය ගගක අප සෙල්ලම් කරන විට ගගක් මඩ වන ක්‍රියාවලිය වැන්නක්ම බව පැහැදිලි. ඔවුන්ගේ
    උපත සිදුවන්නේ ඉහල ආකාශයේ එම නිසා යම් ක්‍රියාවන් වැස්සට බල පානවා. මා මුලින් අනුමාන වශයෙන් මෙය දක්වා සිටියා. මෙහි එකම නොදන්නා දෙය දෙවියන් යනු කවුරුදැයි නොදැනීම.
    මීට අමරතව මේ කොටස බලන්න . https://suttacentral.net/an5.197/si/zoysa
    වස්සන්තරාය සූත්‍රය. මෙමගින් පැහැදිලි වැස්ස ඇති වීමට එකම හේතුව එය නොවන බව. වතයේ කිපීම් ආදිය වශයෙන් වෙත් කාරණා වැසි අන්තරයා වශයෙන් මෙහි දක්වනවා. මුල කරුන එකම හේතුව නම් මෙම සූත්‍රයේ වැසිනොලැබීමට එකම හේතුව දෙවිවරුන් එසේ නොකිරීම විය යුතුයි නේද?
    නමුත් පෙනෙනවා නේද මෝඩයින් මෙන් දින ගණනක් අසුචි නා ගත් හැටි. මේ කිව්වේ සියලු දෙනාටමයි.

    ReplyDelete