Sunday, March 13, 2022

ප්‍රභාකරන් ට මිස්වුන බස් එක


       

ප්‍රභාකරන් සටන් විරාමය ඉස්සරහට අරන් ගිහින් උතුරු පළාත් සභාවට චන්දෙ ඉල්ලුවනම්,

* සිංහල දෙමළ තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ නොවෙන්න තිබුණාා.


* 90% පැනල චන්දෙ අරන් උතුරේ මහ ඇමති වෙන්න තිබුණා.


* ඩයස්පෝරාවෙනුත් හෙල්ප් අරන් උතුර හදන්න තිබුණා.


* පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමන්ට් එකට පැන ගන්න තිබුණා.


* මේ වගේ අර්බුදයක් වෙනකල් අල්ලගෙන හිටියනම් සිංහල උන්ම මිනිහව රටේ නායකයා කරන්න තිබුණා.


* රටෙන් බාගයක් වෙනුවට මුළු රටේම නායකයා වෙන්න තිබුණා.


* මෝඩ ගංකබර පවුලක් ර⁣ට  පාලනය කරන එක  පටන් ගත්ත තැනින්ම නතර වෙන්න තිබුණා.

Thursday, May 28, 2020

රාවණා මෙතැනින් කොතැනටද?


මේ දවස්වල රාවණා උන්මාදයක් පැතිරෙනවනේ. ඒ උන්මාදයට පොඩි ඉතිහාසයකුත් තියෙනවා.මිරැන්ඩෝලා සූරිය ගුණසේකරලා කාලයක් තිස්සේ ලංකාවේ සිංහල පත්තර එයාලගේ ෆැන්ටසි වලින් පුරවලා දැම්මා.දැන් ඒක රූපවාහිනී ගුවන්විදුලි මාධ්‍යවලටත් බෝවෙලා.ඒ අතරින් සියත, දෙරණ වගේ මාධ්‍ය ආයතන විශේෂයි. මට හිතෙන විදියට නම් රාවණා පිස්සුව නැඟලම යන්න පටන් ගත්තෙ 2009 යුද්⁣ධෙ ඉවර වුනාට පස්සෙ. ඊට කලින් එහෙම රැල්ලක් තිබුණේ නෑ.මට මතකයි මීට අවුරුදු 25 කට විතර කලින් රාමායණය ටෙලි නාට්‍යයක් හැටියට විකාශය වුනා (චැනල් එක මතක නෑ.ඒ කාලේ තිබුණේ ITN, රූපවාහිනී සහ TNL). රාමායණය බලන පන්තියේ කොල්ලො ඊළඟ දවසෙ ඉස්කෝලේ ඇවිල්ලා කලින් දවසෙ රෑ විකාශය වුන නාට්‍යය ගැන කතා කරනවා.ටීවී චැනල් වැඩිපුර නැති හින්දම වෙන්ඩැති ඒ කාලේ අහන්නෙ 'මචං ඊයේ කතාව බැලුවද' කියල. කොහොම හරි ඒ කාලේ දැන් වගේ රාවණා සීන් එකක් පත්තරවල ගුවන්විදුලිවල තිබ්බෙම නැති තරම්.

    රාවණා පිස්සුව ටික ටික ඇදෙන්න පටන් ගත්තෙ 2012 ලෝක විනාශය හිස්ටීරියා එක කාලේ. මට මතකයි මගෙ යාලුවෙක් කිව්වා මචං රාවණා රජ්ජුරුවෝ මැරිලා නෑ බං සිහිය නැතිව ඉන්නෙ 2012 දෙසැම්බර් නැඟිටිනවලු කියල කතාවක්.⁣ කතාව ඇහුවම මූ මොන පිස්සෙක්ද කියල හිතුනත් කට වහන් නිකන් හිටියා ටයිම් පාස් කරන්න මරු කතා ටික හින්දා.මෑන් අන්තිමට කිව්වා මචං internet ගිහින් වර්ඝපූර්ණිකාව කියල search කරල බලපන් ගොඩක් විස්තර තියෙයි කියල.මාත් ගෙදර ගිහින් වර්ඝපූර්ණිකාව search කරල බැලුවම අර කුප්‍රකට පැරඩි blog එක. ඒකත් සිරා ගත්ත මනුස්ස පරාණ ඒ කාලේ හිටියා.

  කොහොමහරි ඔය කාලේ ඉඳලා වැඩි දියුණු වෙලා ආපු රාවණා පිස්සුව තමයි දැන් ආගමක් ගාණට ඔඩු දුවල තියෙන්නේ. දැන් තත්වෙ බරපතලකම කොච්චරද කියනවා නම් ලෝකේ හැමදේම බලපුවම රාවණාගේ නිරමාණ.රාවණා අඟහරුගේ න්‍යෂ්ටික අවි හංඟලා (හැබැයි ඌ වඳුරු හමුදාවකින් අමා මහ කෑමක් කනවා Dawn of the planet ape වගේ සීන් එකක්ද දන්නෙ නෑ). දැන් රාවණා අයියල මොන තරම් දුර ගිහින්ද කිව්වොත් පුරාවිද්‍යා කොමසාරිස් ගෙනුත් ගේම ඉල්ලන ලෙවල් එකට ඇවිල්ලා.රාවණා නමින් facebook groups, pages වැහි වැහැලා ව⁣ගේම හරිම සක්‍රීයයි.
    
  මේ ගැන ලියන්න හිතුනේ පුද්ගලික සිදුවීමක් හින්දා.සිද්ධිය මේකයි, පුංචිඅම්මගේ පුතා ඉස්කෝලේ ඉන්නෙ 6 වසරේ. ඒ කියන්නේ වයස අවුරුදු 11යි. මිනිහා අද මගෙන් අහනවා 
  'අයියා දන්නවද රාවණා රජ්ජුරුවෝ තාම ඉන්නවා' 

කියලා. මං මිනිහට කිව්වම පිස්සුද මිනිහො මොන ගොන් කතාවක්ද ඒක ,කවුද කිව්වේ ,රාමයණය කියන්නෙ කතන්දරයක් කියල මිනිහා පිළිගන්නෙම නෑ. 

' අනේ ඔයා බොරු කියන්න එපා TV එකේ කිව්වේ'   

 කියල මිනිහා කියනවා. කොච්චර කිව්වත් පිළිගන්නෙ නෑ. මිනිහට TV එකේ කියපු කතාව 'Fact' එකක්.මං ඔලුවෙන් හිටන් කිව්වත් මං කියන දෙයට වඩා රූපවාහිනීයෙන් ඇහුණ දේ ප්‍රබලයි. කවදාහරි මිනිහා තේරේන වයසට ඇවිල්ලා පත පොත කියෙව්වෙත් හැර වෙන ක්‍රමයකින් ගොඩ එනවා නම් තියෙන්නේ ඒ වගේම රූපවාහිනී ජනප්‍රිය වැඩසටහනකින් ප්‍රතිවිරුද්ධ අදහසක් එන එක විතරයි. ම⁣ට තියෙන ප්‍රශ්නය ⁣ඒ වගේ රාවණා පිස්සු විකාර පෙන්වන රූපවාහිනී චැනල් හේතුවන් තරුණ  පිරිස් සහ පාසල් ළමුන් මොනතරම් ඔලු කුරුවල් කරන් ඇද්ද කියන එක.Ratings වලට ඕනෑම කුණු ගොඩක් මාකට් කරවන මාධ්‍ය ආයතන වලට ව⁣ගේ වගක් නැති හැටි.සහ ඒවායේ පෙන්වන හැම දෙයක්ම කිසිම විමසිල්ලක් නැතිව ප්‍රේක්ෂකයන් පිළිගන්න හැටි. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි,
 පැරඩියක් ගිය දුර

Saturday, May 9, 2020

අබ්බගාත පිළිම වලට ටටා බායි

හැදෙන කොලුවටත් ආගමික කාලේ තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි ගෙදර තියෙන ඔළු බෙලි කැඩුන බුදු දේව පිළිම වලට මොනවද කරන්නේ කියන එක. මට විතරක් නෙවෙයි ආගමික ගොඩක් අයට (පිළිම අදහන) තියෙන ප්‍රශ්නයක්.කුඩු කරල දාන්නත් මොකක්දෝ වගේ. බයත් තියෙනවා අපායේ යයි දෙයියෝ කෝප වෙයි වගේ,කුඩු කරල දාන්න බැරි තරමට ශ්‍රද්ධා සීන් එකකුත් තියෙනවා.⁣




    හැබැයි අපිට නම් පස්සෙ කාලේක soluition එකක් ලැබුණා.ඒ තමයි පාරේ අයිනෙ තිබුණ කාක බෝ ගහක්..මුලින්ම කවුරුහරි පින්වතෙක් පිළිම කොටස් ගෙනත් දාලා start එක අරන් දීලා තිබුණා.අපිත් දෙවනුව වැඩේට සෙට් වුනා. පිළිමයක් වුනත් දැන ගන්න ඕනේ එයාලගේ වටිනාකම තියෙන්නේ අංගවිකල නොවී තියෙනකල් විතරයි කියන එක.කො⁣හොම හරි කාක බෝ ගහට පුලුවන් වුනා දැවෙන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. එන්න එන්නම බෝ ගහ වටේට කැඩුණු බුදුපිළිමයි දෙවි පිළිමයි පැටව් ගහල තිබුණා.

  ඔන්න දැන් සාදුලා සෙට් එකක් අලුතෙන් වැඩක් පටන් අරන් ආබාධිත පිළිම වලට ගෞරවනීය මරණයක් දෙන්න. පේන හැටියට ඒකත් ලොකු marketing event එකක් කරන්  වගේ. මිනිස්සුත් ඔය ව⁣ගේ ඒවාට කැමති . උන්ට වදයක් වෙච්ච අබ්බගාත පිළිම වලින් ගැලවෙන්නත් චාන්ස් එකත් එන හින්දා.කොහොමහරි ඔය වැඩේ ඉස්සරහට හොඳට නැඟල යයි. ඔය අස්සෙ ආදාහනයෙන් පස්සෙ සමහර පිළිම එර්දි වෙලා වගේ කතන්දර එහෙමත් ඉස්සරහට එයි.අාගමික වැඩ ඉස්සරහට යන්න එ් වගේ කතන්දර හරිම වැදගත්. පිස්සො මොන පිස්සුව නැටුවම අපට මොකද.එයාලගේ සල්ලි එයාලගේ ආබාධිත පිළිම එයාලගෙම කාලය. මට කරන්න පුලුවන් එකම දේ ඕකට තව අයිඩියා එකක් දෙන එක විතරයි. ඒ තමයි ඔය ආගමිකයන්ගෙ ගෙවල්වල පරණ බුදුසරණ පත්තරයි වෙසක් කාඩ් එහෙමත් ඔය විදියටම තියෙනවා.ඔය යක්කු බයටම ඕවා ගොඩ ගහගෙන ඉන්නේ. ඒ හින්දා මං යෝජනා කරන්නේ ඔය ගිනි මංගල්‍යයට ඔය රෑප පින්තූර එහෙමත් එකතු කර ගන්න කියන එක. එතකොට ආතල් එක සම්පූර්ණයි.
(කතෝලික අයටත් පුලුවන් එයාලගෙ ක්‍රමය⁣ට මේ වැඩසටහන ඉදිරියට අරන් යන්න.) 

Wednesday, April 22, 2020

සල්ලි අච්චු ගහල රට ගොඩ දාමු



පසුගිය මාර්තු 14 වෙනිදා සිට අප්‍රේල් 14 දා වන මාසය තුළ  රජය විසින් රුපියල් බිලියන 200ක මුදලක් අච්චු ගසා ඇති බවට හිටපු අමාත්‍ය චම්පික රණවක චෝදනා කරනවා. සල්ලි  අච්චු ගැහුවම තියෙන අවුල මොකක්ද කියල සාමාන්‍ය ජනතාව අසනවා. ඇත්තටම මුදල් අච්චු ගහන එක අවුල්ද?

රටේ ඉන්න සෑම පවුලකටම රුපියල් ලක්ෂ 10 ගානේ අච්චු ගහල දුන්නොත් මොනව වෙයිද?

එක රැයෙන්දු ප්පත්කම නැති වෙයිද?

රටක් ද්‍රව්‍ය හෝ සේවා විකුණලා සල්ලි උපයන්නේ නැතිව සල්ලි අච්චු ගහල විතරක්ම දියුණු වෙලා ති⁣යෙනවද?


මේ විදියට හිතූ මනාපෙට සල්ලි අච්චු ගහලා අමාරුවේ වැටුන රටක් තමය මුගාබේගේ සිම්බාබ්වේ. 2008 නොවැම්බර් වෙද්දි සිම්බාබ්වේ උද්ධමනය:
6500000000000000000000% යි.
සෑම පැය 24කටම සැරයක් භාණ්ඩ මිළ දෙගුණයක් වෙනවා.
සිම්බාබ්වේ one hundred trillion note එකකුත් අච්චු ගහන තරමට දුරදිග යනවා.අන්තිමට පාන් රාත්තලක් ගන්න විල්බැරෝ එකක් පුරවන් සල්ලි අරන් යන්න ඕනෙ මට්ටමට වැටෙනවා.2009 ⁣වෙද්දි 'සිම්බාබ්වේ ⁣ඩොලර්' එක අතහැරලා දානවා.


හිතූමනාපෙට සල්ලි අච්චු ගහන
බරපතලකම ට තියෙන හොඳම උදාහරණය තමයි මුගාබෙ ගේ සිම්බාබ්වේ.

සල්ලි අච්චු ගහන එකත් දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ පන්නයේ වැඩක්. අවුල තියෙන්නේ අපි දැන දැනම අතරමඟ යන එක.




Sunday, April 5, 2020

එන්න කොරෝනා මා හා යන්න පියාඹා

පළමු කොරෝනා
ගැහැණිය චීනා
සූදානම වානා
මැතිවරණය ඕනා
එක දෙකා වෙන්නා
තුන හතර වෙන්නා

ඉතාලි කාරයෝ
පැතිරුවා කොරෝනා
තොපි කුමට ආවෝ
ජහමනයා ඇසුවෝ

ඉතාලි කාරයෝ සැර නොවෙත්
අවශ්‍යයි කලක් පවතින එකෙක්
ස' රැකුමට යමක්
කෝ එන්න ඉදිරියට මොහොමඩ්

කොරෝනා පැතිරුණා
මෝඩයෝ අහුවුණා
ගොඩ ගියොත් අපේ ස'
කෙළවුනොත් මොහොමඩ්

කොරොනා සමයේ
ජාතිය  ආයෝජනයේ
පසුව ඇති හැකියේ
Cash කර ගනු හැකිය රිසිසේ


Monday, December 30, 2019

2020 වසරටත් කෙස් කෙළින් වන අනාවැකි

(2019සහ 2018 වසරට මා ඉදිරිපත් කළ අනාවැකි සියල්ල 100% සනාථ වූ බව ඔබ සියල්ල ඉතා හොඳින් දන්නා බව මම දනිමි.එම අනාවැකි මෙම ලිංකුවෙන් කියවිය හැක. http://hadenakoluwa.blogspot.com/2017/12/2018.html       http://hadenakoluwa.blogspot.com/2018/12/2019_29.html
    2020 වර්ෂයටත් එලෙසම අනාවැකි පළ කරන අතර අනාවැකි සියල්⁣ලෙහි වගකීම දරමි)
රාවණා සිද්ධම්!


* රථ වාහන අනතුරු තවදරටත් අධික වසරකි.
* ඟං වතුර තත්ත්වයක් ඇතිවන ලකුණු
* නායයාම් වලින් මිනිස් ජීවිත අහිමිවීම්
* රටේ⁣ කොටසකට නියං තත්වයක්
* දේශපාලන පැති මාරුවීම්
* ජීවන වියදමේ අධික ඉහළ යෑම්
* ඉන්දුනීසියාවට භූමිකම්පාවක්
* වසර අවසානයේ ඕස්ට්රේලියාවට Heat waves
* ඩොනල්ඩ් ට්රම්ප් ගෙන් තවදුරටත් පිස්සු කෙළීම්
* මැද පෙරදිග කලාපයේ අර්බුද
* වසර අගදී  ක්රිකට් උණුසුමක්
* ⁣තෙල් මිළත් තවදුරටත් ඉහළටම
* 69ලක්ෂයක් ජනතාව ලජ්ජාවෙන් විලිලජ්ජාවට
* වටිනා ඉඩම් වි⁣⁣දෙස් සමාගම් අතට
(පුරාණ සෘෂිවරුන් ගේ පුස්කොළ පොත් අධ්යනයෙනි)

Wednesday, October 16, 2019

ජනාධිපතිවරණය, කවුද දිනන්නේ?

ජනාධිපතිවරණය ට  තවත් හරියටම මාසයයි. රැල්ල කොහේටද? වෙන්නෙ මොනවද? තමන් කැමති අපේක්ෂකයා දිනයිද?  මේ දවස්වල හැමෝම කතා කරන වගේම දැන ගන්න කැමති ප්‍රශ්න ටික. මේ හදන්නේ එ් ප්‍රශ්න වලට මගේ පැත්තෙන් මට ඇහෙන දකින දේ අනුව මම හිතන දේ.

  මුලින්ම ගමුකෝ පොහොට්ටු අපේක්ෂක ගෝඨාභය මහත්තයා. ගෝටා තමයි පළවෙනියට ම කැම්පේන එක පටන් ගත්ත අපේක්ෂකයා. ලොකු බූස්ට් එකක් එක්ක පටන් ගත්ත කැම්පේන් එක අතරමඟදි පොඩ්ඩක් හැලුනා වගේ තියෙද්දි වියන්ගොඩ සහ තේනුවර මහත්වරුනට ස්තූති ⁣වෙන්න ආයෙමත් ලොකු මොරාල් බූස්ට් හම්බ වුනත් රැල්ල තමන්ගේ පැත්තෙ තියාගැනීමේ ලොකු දුර්වලකමක් ගෝඨා පාර්ශවයට තියෙනවා. මේක හයිලයිට් වුනා මාර්තු 12 ව්‍යාපාරය කරපු ප්‍රජෙක්‍ට් එකේදි වගේම ඊයේ තිබුණ ගෝඨාගේ අපේක්ෂකයෙක් හැටියට කරපු කුළුඳුල් press conference එකේදිත්. ගෝඨාගේ communication වගේම body language එකත් අන්තිමයි එතනදි. Nervous ගතියක් (පෑන කරකව කරකව) පෙන්නුවා වගේම දේශපාලනයෙදි  මහින්ද නැතිව ගෝටාට කිසිම ගමනක් නෑ කියලත් ඔප්පු ⁣වුණා.  ගෝඨව තවදුරටත් expose වෙන්න මාසයක් තියෙනවා.අපි බලමු එයා එතනදි react කරන විදිය. මගේ තක්සේරුව නම් ⁣ගෝටා ඉදිරියටත් නා ගැනීමට නියමිතයි.ඒ ව⁣ගේම ටයි කෝ්ට් දාගෙන පිළිවෙළකට කරන් ආපු එළිය, වියත්මඟ වෙනුවට දැන් ගෝඨා කරන්නේ සජිත් කරන දේමයි. රෝල් එක මාරු කරාට වඩා කලින් දේම කරන් ආවානම් effective කියන එකයි මගේ හැඟිම.

   සජිත් පාර්ශවය ගත්තම ජනාධිපතිවරණ අපේකෂකකම ගත්තෙත් ලොකු ගේමක් දීලා. රනිල්ට තග දාලා දිනපු අපේක්ෂකත්වයක්.සජිත් ආවාම ගමේ UNP කාරයා ආයේ්මත් මතුවෙයි කියල කිව්වට ඇල්පිටියෙන් නම්  එහෙම දෙයක් පෙනුනේ නෑ. ඇත්තටම ගමේ Unp කාරයා නැගිටිලාද කියල බලන්න තව මාසයක් ඉන්න වෙනවා. සජිත් ට ගම්වල මිනිස්සු කැමති  කියන එක බොරුවකුත් නෙවෙයි. මම පුද්ගලිකව කතා කරපු සාමාන්‍ය රැකියා කරන ගම්වල මිනිස්සු සජිත්ට කැමතියි.මිනිහා කියන ගොන් කතා වුනත් අපිට ගොන් වුනාට ඒ තමයි රටේ බහුතරයකට සෙට් වෙන නිලය.ගෝටාට වුනත් දැන සජිත් ලෙවල් එකට ටයි කෝට් එකේ ඉඳල බහින්න වුනෙත් ඒකයි . මේ චන්ද ගොඩට දෙමළ මුස්ලිම් චනදත් එකතු වුනාම 50% ආසන්නයට එයි


  අනුර දිසානායක ගත්තම පුද්ගලිකව මම කැමතිම අපේක්ෂකයා. දේශපාලන වේදිකාවේ වුනත් සාධනීය දෙයක් කියනවා නම් ඉතින් අනුර විතරයි ප්‍රධාන අපේක්ෂකයෙකුට ඉන්නෙ. අනුරල හැමදාම හිරවෙන්නෙත් මේ උගත් බුද්ධිමත් චන්ද දායකයන්ට ආමන්ත්‍රණය කරන්නට යන එකෙන්. එයාලට සජිත් ගෝටා මට්ටමට පහළට ඇවිල්ලා සීනිබෝල ටෝක්ස් issue කරන්නත් බෑ.එහෙම නොකර චන්දයක් දිනන්නත් බෑ. අනුරලට ජාතිවාදි වෙන්නත් බෑ.මේ ප්‍රශ්න වලට විසඳුමක් නැතිව අනුරට 10% Margin එකට එන්න අමාරුයි කියන එක තමයි මගේ තක්සේරුව.


Conclusion එක:
 මට හිතෙන විදියට මේ පාර චන්දෙදි 50% Margin එකට එන්න ගෝටට වගේම සජිත්ටත් බැරිවෙයි. ඉතිහාසේ පළවෙනි වතාවට දෙවෙනි මනාපය count කරන්න වෙයි කියන එක තමයි මගේ ගණනය.
එහෙම වුනොත් මිනිස්සු මොන විදියට ප්‍රතික්‍රියා කරයිද? දෙවෙනි මනාපෙන් එන ප්‍රතිඵලය පරදින අපේක්ෂකයා සහ අනුගාමිකයන් කැමැත්තෙන් පිළිගනීද?
පාරට බැහැල ගමේ ඉන්න විරුද්ධ පාක්ෂිකයන්ගේ ඔලු නොපලා ඉඳිද? ගෙවල් වලට ගල් නොගහ ඉඳිද? තමන්ගේ අපේක්ෂකයට ආධාරයට එන එකාට හූ කියන ජනතාවක් කොහොම ඒ වගේ දෙයක් බාර ගනීද. හිතමුකෝ පළවෙනි පාර ගෝඨා ඉදිරියෙන් ඉඳලා දෙවන මනාප ගණනයෙන් සජිත් ඉදිරියට ආවොත් මොනව වෙයිද?

තමන්ගේ දේශපාලන නායකයින් ආගමික නායකයන් විදියට සළකන ජනතාවක් මෙවැනි සිද්ධියකට දවස් තුන හතරක් ඇඳිරිනීතිය වුනත් වැටෙන මට්ටමේ මෝඩකම් නොකර ඉන්න බැරි නෑ. 
අවසානයට මගේ තක්සේරුව නම් සජිත්  දිනයි කියන එක.
සජිත් කැමති නම් තව චන්දෙට සති දෙකක් විතර තියල පාඨලී තමයි අගැමැති කිව්වනම් ලොකු රැල්ලක්  හැදෙයි.
ගෝටට ලොකු රැල්ලක් අලුතෙන් හැදෙන්න නම් ඉතින්⁣ කොහේහරි බෝම්බයක් පිපිරෙන්න වෙයි.

Monday, July 22, 2019

දහම්පාසලට වර







සාදු කෙනෙක් ඉරිදා ටියුෂන් එකකට ආතල් එකක් දෙන්න ගිහින් චාටර්  වෙන වීඩීයෝ එකක් මේ දවස්වල viral වෙනවනේ. ඒක බැලුවම නම් තේරේන්නෙ සාදුතුමා කැමරාකාරයෙකුත් එක්කගෙනම එතනට යන්නේ පොරක් වෙලා චරිතයක් වෙන්න හිතාගෙනම තමයි කියලා. නැත්නම් කවුද යකෝ ප්‍රදේශීය වාර්තා කාරයොත් එක්කගෙන වලියකට යන්නේ. සාදු හිතන්න ඇති එතනට ගිහින් ගේම ඉල්ලුවම අර ගුරුතුමිය දමණය වෙලා දණින් වැටිල වැරැද්ද පිළිඅරන් ළමයි ටිකවත් වන්දවලා ඊළඟ දවසේ ඉඳන් ළමයි දහම්පාසල් එවන්න පොරොන්දුවක් එහෙමත් දෙයි කියලා. ඊට පස්සේ මීඩියා වලින් පොඩි ලාබ ප්‍රචාරයකුත් අරන් සාදුට පුලුවන් එක රැයෙන් සුපර්ස්ටාර් සාදු කෙනෙක් වෙන්න. හැබැයි උනේ ඒකේ අනෙක් පැත්ත. ගැහැණිය ඉස්සරහ සාදු දමණය වෙනවා. සිවුර කියන uniform එක ඇඳගත්තම ඕනෙ දේටයි එපා දේටයි හැම මඟුලකටම රිංගන්න ලයිසන් හම්බවෙනවා කියල හිතන් ඉන්න කහකඩයන්ට හොඳ පාඩමක් මේක.( හෙට අනිද්දා දිහාට ඒ ගැහැනුකෙනාම  පන්සලට ගිහින් වැඳ වැටිලා සමාව ගයිද දන්නෙත් නෑ. මොකද මේක එහෙම රටක්. එහෙම වුනත් ක්ෂණිකව අර වෙලාවේ ප්‍රතික්‍රියා කරපු විදිය ගැන respect. )
ඇත්තටම ඔහොම නෙවෙයි කරන්න තිබුම. හොම්බට දෙක තුනක් අැනල යවන්න තිබුණේ අනුන්ගෙ මඟුල් වලට හොට දාන්න එනවට.

   හැදෙන කොලුවත් 7 වසරට යනකල් දහම්පාසල් ගියා. හැමදාම පන්තියේ පළවෙනියත් වුනා .7 වසරේ ඉඳලා දහම්පාසල් ගමන පැත්තකින් තියල ඉරිදා උදේට ඉංග්‍රීසි පන්ති ගියා. ඒ කරපු වෙනසේ ප්‍රතිලාභ අදටත් විඳින ගමන්. මේක කියවන උන්ටත් කියන්න තියෙන්නේ දහම්පාසලකට ගියා කියල ඔය මෝඩයන්ගෙන් ගන්න තියෙන දැනුමක් නෑ. පූජ්‍ය පූජකයෝ දවස ගානේ අපිට තහවුරු කරල තියෙන්නේ ඒක.ඔය ගොන්වහන්සේල⁣ට resistance එකක්  පෙන්නුවේ නැත්නම් ඔය යක්කු ආගමික පොලිසියක් ගානට හැදිල තමයි නතර වෙන්නේ. තැනකට ගිහින් හැසිරෙන්න දන්නැති කතා කරන්න දන්නැති හරකෙක් ගාවට තමන්ගේ ළමයව යවලා ඌ හැදෙයි කියල හිතන දෙමව්පියෝ තාමත්  ඉන්නවා නම් Good luck.

Sunday, May 12, 2019

ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ සංවාදය අල කිරීම

ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මධ්‍යස්ත මුස්ලිම් මිනිස්සු, උගතුන් අදහස් දක්වද්දි තියෙන ලොකුම හෙනේ තමයි මෝඩයෝ සෙට් එකක් ඇවිත් වඳ පෙති කතා ටිකයි මුස්ලිම් කඩ වර්ජනය කරනවා වගේ ප්‍රාථමික තැනකින් ප්‍රශ්නේ අල්ල ගන්න එක. හලාල් ප්‍රශ්නෙදි වුනත් වුනේඒක. අන්තිමට මහපොළවෙ ඇත්තටම තියෙන ප්‍රශ්නෙට උත්තර හොයනවා වෙනුවට වෙන වෙන පැති වලට ගිහින් සිරා ප්‍රශ්නෙ යට යනවා. ඒත් එක්කම අර ඇච්වො බැච්චො ඇවිල්ලා අර තිබුණු සංවාද සියල්ල හයිජැක් කරනවා.  අන්තිමට හෙනම ප්‍රගතිශීලී විදියට සංවාදයෙන් පටන් ගත්ත ව්‍යාපෘතිය අන්ත ප්‍රතිගාමී තැනකින් කඩ කැඩීම වගේ තැන්වලින් කෙළවර වෙනවා. ඒ වගේම අර හයිජැක් කරන උන් ටික ඊළඟට කරන්නෙ මුස්ලිම් අන්තවාදීන් පැත්තක තියල වැදගත් විදියට සංවාදය ඇතුලේ හිටපු ඩයල් ටික හතුරා කර ගන්නවා.මේක ලෝකේ බොහෝ දේශපාලන සමාජ ව්‍යාපාර වලට වෙන අකරතැබ්බයක්. අනෙක් කාරණය තමයි ආගමික නායකයන් මෙවැනි සංවාද වලට එක්වීමේ තියෙන බරපතල කම. ඔවුන් මෙහෙම සංවාදයකට ආවම ඔවුන්ට⁣ නොමිලේම මුලසුන අයිති වෙනවා. එතැන ඉඳන් ඔවුන් සංයමයකින් තොරව කරන ප්‍රකාශ හේතුවෙන් මුලු සංවාදයම අල වෙන්න පුලුවන්.

දැන් ලංකාවේ තියන්නේ ඉස්ලාම් අන්තවාදී ප්‍රශ්නයක්. මේකට හොයන්න ඕනේ දිගුකාලීන විසඳුම්. කෙටිකාලීනව hate preachers ලා extremist ලා අත්අඩංගුවට ගන්නවා වගේ දේවල් කරන්න පුලුවන්. නැතිව මුස්ලිම් කඩ වර්ජනය කියන්නේ විසඳුමක් නෙවෙයි. මේ තමයි ඉතාම හැඟිම්බර පිරිසක් බුද්ධිය පැත්තක තියල කරන විසඳුම් වල ප්‍රතිඵල. හරියට කාසියක් නැතිවුන තැන හොයනවා වෙනුවට එළිය තියෙන තැනක කාසිය හොයනවා වගේ වැඩක්. ආයේත් හලාල් ප්‍රශ්නෙට ආවොත් අර මහසෝන් ඩයල් හිටියේ හලාල් හින්ද සිංහල බහුතරයක් වැඩි මිළක් ගෙවන්නෙ ඇයි වගේ සීනීබෝල ප්‍රශ්න. ඇත්තටම ඊට වඩා බරපතල කාරණා තිබුණට ඔය යක්කුන්ට කොහොමත් ඒ තරම් දේවල් trigger වෙන්න⁣ නෑ. හලාල් සහතිකය ගන්න තමන්ගේ නිෂ්පාදනවල Recipe එක උලමා එකට දිය යුතුව තිබුණා. මේකේ තියෙන අවුල තමයි අර recipe ටික පහසුවෙන්ම මුස්ලිම් නිෂ්පාදකයෙක් අතට පත්වීමේ ඉඩ. ඇත්තටම එහෙම දේවල් වෙලත් තිබුණා. කතා කළ යුතුව තිබුණේ ඒ වගේ කාරණා නමුත් ගැලරිය චූන් කිරීමේ සිඟිති ආශාව සහ ඒ ව්‍යාපෘති කරගෙන ගියපු ඈයන්ගේ මොළේ දිග පළල මත සාකච්ඡා වුනේ ඉතාම ලාමක ටින් ටින් දේවල්.

අන්තිමට බලමු සමාජ සංවාද කඩාකප්පල් කාරයන්ගේ hijack කිරීමේ තියෙන බරපතලකම. වැඩි කාලයක් යන්න ඕනේ නෑ ISIS හැදුන විදිය බැලුවම අැති. අරාබි වසන්තය එක්කම ලිබියාව ඊජිප්තුව ටියනීසියාව වැටෙද්දිම තමයි සිරියාවේ ත් Bashar al- asad ට එරෙහිව සිවිල් විරෝධතා පටන් ගත්තේ. ඊළඟට මේ සිවිල් විරෝධතා කරුවන් FSA නැත්නම් Free Syrian Army විදියට එක තැනකට ගොනු වුනා. FSA එක සාර්ථකව බටහිර කඳවුරේ අනුග්‍රහයත් එක්ක ඉදිරියට යද්දි තමයි අල් කයිඩා එක සහ ඒ වෙද්දි ඉරාකයේ හිටපු IS කාරයෝ  සිරියාවට ඇතුල් වෙන්නේ. FSA එක කරන් ආපු ආණ්ඩු විරෝධය සම්පූර්ණයෙන්ම ISIS එක යටතට පත්වෙනවා. FSA එ⁣කට මැරුම් කන්න වුනේ මේ මඟින් හයිජැක්  IS කාරයන්ගෙන්. 

Wednesday, May 8, 2019

1998 ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාර සහ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය

1998 අගෝස්තු 7 වැනිදා කෙන්යාවේ Nairobi සහ ටැන්සානියාවේ Dar es salaam නගරවල ඇ⁣මෙරිකානු තානාපති කාර්යාල දෙකට බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා(Truck bombs). මේ ප්‍රහාර වලින් 200+ මිය යනවා. ප්‍රහාර වල වගකීම Al-quida වට බැරවෙද්දි , ප්‍රහාරයට සති කීපයකට පෙර ආපු බුද්ධි වාර්තා "False alarm" හැටියට බැහැර කරපු විදිය ගැනත් හෙළි වෙනවා.


හැබැයි,

*ප්‍රහාරය වෙලාවේ  කෙන්යාවේ ඇමෙරිකානු තානාපති තානාපති කාර්යාලයේ ඉඳල නෑ.

*ටැන්සානියාවේ ඇමෙරිකානු තානාපති මාස ගණනිකින් තානාපති කාර්යාලයට  ගිහිල්ල නෑ.

*බෝම්බ සඳහා භාවිතා කරපු එක truck එකක් තානාපති කාර්යාලයේ පාවිච්චියට ගත්ත water truck  එකක්.

*Dar es salaam වල ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය ඊට කලින් ඊශ්‍රායලය පාවිච්චි කරපු තැනක්.

මේ සිදුවීම් සියල්ල coincidence වෙන්නත් පුලුවන්..

බෝම්බ ප්‍රහාර ගැන intelligence reports තියෙද්දි ඒවා මඟහැරෙන විදි ටිකක් අමුතුයි. ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ වැඩේ පහසුවෙන් කර ගන්නට ඉඩ දීමෙන් දිගු කාලීන වාසියක් කවුරුහරි ගන්නවද? එහෙම ගන්නවා නම් සිවිල් වැසියො රඟ දක්වන්නේ බිලි පිත්තක අමුණපු පණුවගේ චරිතයද?


 April 21 easter attack එක ගැනත් මේ විදියටම intelligence reports ඇවිල්ල තිබුණ කියන එක අපි හැමෝම දන්න කාරණයක්. එතනදිත් ප්‍රසිද්ධ දේශපාලනඥයෝ බොහොමයක්ට පල්ලි මඟ හැරිලා තියෙනවා.

සමහරවිට තව අවුරුදු ගාණකින් පස්සේ මේ සිදුවීම් සම්බන්ධයෙන් අයවලුන් ආයතන හෙළිදරව් වෙයි. මේවාගේ වාසි නෙළාගත්ත පිරිස හෙළිවෙයි. සමහරවිට ඒ අපි කිසිම විටෙක නොසිතන මිනිසුන් ආයතන වෙන්නට බැරිකමකුත් නෑ..

ලෝක බල දේශපාලනය හරිම විෂමයි. සමහරවිට ඔබ අපි නොදන්න නමුත් කාගෙ හරි වුවමනවකට පාලනය වන ඉත්තෙක් වෙන්න පුලුවන්.

Saturday, April 27, 2019

Religious Extremist ලා හැමෝම නරකද?

Religious Extremism කිව්ව ගමන්ම අපිට මැවෙන චිත්‍රය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි . ඒත් මම යෝජනා කරොත් religious extremism කියන්නේ හැමවෙලාවකම භයානක දෙයක් නෙවෙයි කියල.......

අපි ජෛන extremist කෙනෙක් ගමු. මිනිහා වැඩිම වුනොත් ඇඳුමක් නැතිව, ඇවිදයි. වට පිට නොබලා කූඹයෙක්වත් පෑගෙයිද කියල වොරි වෙන ගමන් ,වතුර කෝපපයක් බිව්වත් රෙදි කෑල්ලකින් පෙරලා බොන වෙජිටේරියන් ඩයල් එකක්...
Buddhist extremist කෙනෙක් බලමු. මිනිහා වුනත් කැලේකට ගිහින් භාවනාවක් කරයි, පිළිකුල් භාවනාවක් කරයි. ශීලයක් සමාදන් වෙයි.ඒක එතනින් ඉවරයි. හොඳ නරක ටික පුද්ගලිකයි. සමාජයට බලපෑමක් , තර්ජනයක් නැති තරම්.


හැබැයි islamic extremist කෙනෙක් කියන්නෙම ස්වයං විනාශකාරි මිනිස් බොම්බයක්. ඒක ඉස්ලාමයේ තියෙන අවුලක් . ලොකු අවුලක්. සමහර මුස්ලිම් අය කියනවා මේක ඉස්ලාමයේ අවුලක් නෙවෙයි වැරදි මිනිසුන් කිහිපදෙනෙක් කුරාණය වැරදියට කියවීම නිසා වෙන දෙයක් කියලා. නෑ ඒක වැරදියි. ඉස්ලාමය බිහිවෙන්නෙම violent background එකකින්. මහම්මත් තුමා ඉන්න කාලේත් infidels ලට  නැත්නම් අවිශ්වාසකරුවන්ට වුනේ එක්කෝ මරණය වැළඳ ගැනීමට නැත්නම් ඉස්ලාමය පිළිගැනීමට. තිඹිරිගෙයිදිම මතුවෙන්නේ තර්ජනාත්මක ස්වරූපයකින්.අවුරුදු 1000කට පස්සෙත් මේ නැඹුරුවේ කිසිම වෙනසක් වෙලා නෑ. වෙනසකට තියෙන්නේ කඩුව තියෙන තැනට බෝම්බ replace වුන එක විතරයි.

අනෙක් හැම ආගමක්ම ක්‍රමානුකූලව වෙනස්කම්වලට ලක් වෙලා තියෙනවා.  අපි බැලුවොත් මැද පෙරදිග මූලික කරගෙන බිහිවුන තවත් ආගමික ග්‍රන්ථයක් වුන බයිබලෙත් අර වගේම violent readings තියෙනවා.

"පොළවට සමාදානය පමුණුවන්ට ආයෙමියි නොසිතල්ලා;කඩුව මිස සමාදානය පමුණුවන්නට නොයෙමි"
                            (ශු. මතෙව් x-34)

"මක්නිසාද මනුෂ්‍යනු ඔහුගේ පියා සමඟද දුව ඇගේ මව් සමඟද ලෙහෙළි ඇගේ නැන්දා සමඟද බේදකරවන පිණිස ආයෙම්."
                             (ශු.මතෙව් x-45)


" කඩුවක් නැත්තා තමාගේ සළුව විකුණා ඒක ගනීවා."
                             (ශු.ලූක් xxii-36)

මේ ප්‍රතිවිරෝධතා මඟ හැරලා ඉදිරියට යන්න කතෝලිකයන්ට නැත්නම් ක්‍රිස්තු භක්තිකයන්ට පුලුවන් වුනා. තවදුරටත් දැඩි මතධාරී කතෝලිකයා සමාජයට ඒ තරම් හානියක් නෙවෙයි. ඒ්ත් ඇයි ඉස්ලාමයට තමන්ගේ ආගමේ ප්‍රතිවිරෝධතා මඟහරින්නට බැරි වුනේ???

Wednesday, April 24, 2019

ඉස්ලාමය හැදුන හැටි


මහම්මත් නබි තුමා නැත්නම් ඉස්ලාමයේ අවසාන දූතයා ඉපදුනා කියල පිළිගැනෙන්නේ වර්ෂ 570 මක්කම දී. ඔහු ඉපදෙනවිටත් මක්කම යනු වෙළඳ කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම විවිධ ආගම් ඇදහීම් වලට තෝතැන්නක්. කලු පෙට්ටියක් වගේ අපි දකින කබා පූජ්‍යස්ථානය ඒ වෙද්දිත් මිනිසුන්ගේ පිදුමට ලක්වෙන තැනක්. යුදෙව් දහම ක්‍රිස්තියානිය ඒ වෙද්දිත් මක්කම ඇදහෙමින් තිබුණ ආගම්.

  අබ්දුල්ලා නැමැති පියාටත් අමීනා නැමැති මවටත් දාව ඉපදෙන මහම්මත් පසුකාලීනව තමන්ගෙ මාමා වුන තාලීම්  සමඟ වෙළඳාම සඳහා විවිධ ප්‍රදේශ වලට ගමන් කරනවා. එ් අතරදි තමයි ඔහු කදීජා නැමැති ධනවත් ⁣ව්‍යාපාරීක කාන්තාවක් ළග රැකියාවට යන්නේ. ව්‍යාපාරයේ සාර්ථක මහම්මත් කෙතරම් ඉක්මනින් කදීජා ගේ සිත දිනාගන්නවාද කිව්වොත්   තමන්ට වඩා වසර ගණනාවත් වැඩිමහල් කදීජා සමඟ විවාහයක් දක්වා  එම සබඳතාව දිගු වෙනවා. ඒ වෙනකොට කදීජා ට වයස 40ක් මහම්මත් ට 25ක්.  සාමාන්‍ය මහම්මත් ට ධනවත් කදීජා නිසාම ඔහුට මක්කම යම් පිළිගැනීමක් ඇතිවුනා යැයි සිතන්න පුලුවන්.  වයස 40දී පමණ තමයි මහම්මත් තුමාට හීරා ගල්ලෙනකදී Gabriel තුමා දර්ශනය වෙලා අල්ලාගේ පළමු පණිවිඩය ලැබෙන්නේ.  ඉන් පසු වසර ගණනාවක් මේ විදියට අල්ලාගේ පණිවිඩ මහම්මත්ට ලැබෙනවා . මේ පණිවුඩ හැටියට ලැබුණ දේව වාක්‍යය තමයි පසුකාලීනව කුරාණය බවට පරිවර්තනය වෙන්නෙ. කුරාණය පරිච්ඡේද 114 කින් සහ සුරා 6616 කින් සමන්විතයි. හැබැයි කියවෙන විදියට මහම්මත් නබිතුමාට අකුරු ලියන්න කියවන්න බෑ.

  මහම්මත් ගේ පළමු අනුගාමිකයන් පිරිස වෙන්න කදීජා ඇතුළු ඔහුට සමීප පිරිස. ඔහුගේ මුල් දේශනා මක්කම වෙළඳ ප්‍රජාවගෙ හිත් වලට ඇල්ලුවේ නැහැ. විවිධාකාර දේව ඇදහිලි තිබුණ මක්කම ට මහම්මත් ගේ  " එකම දෙවියා අල්ලා ය." සහ පිළිම සංකේත ඇදහීමට විරුද්ධව ඔහුගෙ අදහස් හේතුවෙන්ම ගුටි නොකා බේරුණා.  කබා පූජ්‍යස්ථානය වැඳ ගන්නට පැමිණි වන්දනා කරුවන් තරහ කර ගැනීමට වෙළඳ ප්‍රජාව මෝඩ වුනේ නැහැ.


මහම්මත් මදීනාවට පලා යන්නේ එහෙම.Hijra යනුවෙන් හඳුන්වන්නේ මෙන්න මේ ගමන.ගෝත්‍රික කණ්ඩායමම්වල  ගැටුම් වලට ලක්වුණු මදීනාවේදි මහම්මත් ට යම්තැනක් ලැබෙනවා. ඔහුට එම ගෝත්‍රික කණ්ඩායම් සමඟි කිරීමට හැකි වෙනවා. ඉස්ලාමයේ ව්‍යාප්තිය පටන් ගන්නේ එතැනින්. එතැන් පටන් මදීනාව මහම්මත් ගේ බලපෑමට ලක්වෙනවා. මදීනාවට එක නීතියක්, වෙළඳ සහ සමාජ නීතී ඇතිවෙනවා  . මත්ද්‍රව්‍ය ,ගණිකා වෘත්තිය සහ සූදුව තහනම් වෙනවා. බෙදී තිබුණ මදීනාව 'එක විදියක්' වුනේ එහෙමයි. ඒ විදියට මුළු මදීනාවෙම බලය මහම්මත් අතට යෑමට ගතවුනේ වසර කීපයයි. ඉස්ලාම් රාජ්‍ය සංකල්පය බිහිකරන්නේ එතුමා මදීනාවේදි. බලවත් මහම්මත් වර්ෂ 629 දී ඔහුගේ ඉස්ලාමය හමුදා මක්කමට මෙහෙය වනවා.ඔහු මක්කම අල්ලගන්නවා පමණක් නොවෙයි මක්කම ඉස්ලාමයට බලෙන්ම පරිවර්තනය කරනවා. සුප්‍රකට  කබා දේවස්ථානය මුස්මානුවන්ට හිමි වුනේ එහෙමයි.

Sunday, March 3, 2019

ලාභ කිරිපිටි බොන හිඟන්නො

අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි.
ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා.
ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්‍රමණය කරද්දි හයිලන්ඩ් වලට තිබුනේ හරිම දුප්පත් පොල්තීන් ඇසුරුම. ඝනකම් පොලිතීන් ඇසුරුමේ නිරුවත කඩදාසී පෙට්ටියෙන් වැහෙන තරමට Modify වෙන්නත් හයිලන්ඩ් වලට අවුරුදු වලින් බර ගාණක් ගියා.

කාලයක් තිබුණා අපි කඩයකට ගිහින් හයිලන්ඩ් පිටි තියෙනවද ඇහුවම අනෙක් පාරිභෝගිකයො අපි දිහා කිණ්ඩියට බලන.

"ලාභ කිරිපිටි  බොන හිඟන්නෝ...."

අනෙක් උන් බහුතරයක් හිතන්නෙ එහෙමයි.

"සල්ලිකාර ගෙවල් වල ඔය ලා⁣⁣භ කිරිපිටි දෙන්නෙ බල්⁣ලන්ටලු...."

ඇත්තද දන්නෙ නෑ.
බල්ලොනම් කවදාවත් එහෙම කියල තිබුණේ නෑ.
හැබැයි මිනිස්සු කියල තිබුණා.

දුප්පත් ගෙවල්වල බල්ලො කන්නෙ බොන්නෙත් මිනිස්සු  කන ඒවාමයි.
ආයේ අමුතුවෙන් උයන එකක්යැ.

ඒ කතාව මෙහෙම කියන්නත් ඔට්ටුයි

දුප්පත් ගෙවල්වල මිනිස්සු කන්නෙ   බොන්නෙත්   බල්ලො කන ඒවාමයි.

තර්කයක් හැටියට හරි ඉතින්....


.............................


දැන් ආයේම මිනිස්සු හයිලන්ඩ් පැල්වත්ත හොයනවා.
සුපර් මාකට් වල පිටරට කිරිපිටි වේලෙනවා.
ඇයි ඇහුවම පිටරට කිරිපිටි වල වස විෂලු.
ඇත්ත ද දන්නෙ නෑ.
එයාලා කියනවා අපි අහනවා.

ඉස්සර ලංකාවේ කිරිපිටි මාකට් එකේ රැඟුවේ NESPRAY.
දෙකට හිටියේ LAKSPRAY.
ඇන්කර් පොඩිහිට්යෙක්.

චර්නොබිල් බලා⁣ගාර කාන්දුවෙන් පස්සෙ  යුරෝපයෙන් එන කිරිපිටි වල විකිරණ තිබුණලු.
විකිරණ එක්ක ආපු යුරෝපයේ කිරිපිටි මාකට් එක වැටිලා.
සල්ලි දීලා කවුද Two in one විදියට කිරිත් එක්ක විකිරණ බොන්නේ.
NESPRAY මාකට් එකත් වැටුනා.

NESPRAY  වැටෙද්දි " නවසීලන්තයෙන් පමණයි"  පාඨය එක්ක ඇන්කර් කාරයා මාකට් එක අල්ල ගත්තා.

දැන් එයා⁣ගෙත් ඌරු තෙල් ලු. පාම් ඔයිල් ලූ.
ඇත්තද දන්කෙ නෑ. එයාලා කියනවා අපි අහනවා.

දැන් ඇන්කර් කාරයත් වැටෙන සයිස්.හයිලන්ඩ් ලට පැල්වත්තලට චාන්ස් එක.
දැන් එයාලටත් පුලුවන් "දේශීය එළදෙනුන්ගෙන් දොවාගත්ත කිරි වලින් නිෂ්පාදිතයි" වගේ ලයින් එකකට යන්න.

එහෙම කිව්වම අපි අහනවා.
අහගෙන ඉඳලා බොනවා.
එයාලත් අපිට වස පොවනකල්.....






Friday, February 15, 2019

අසහාරා ලා මධූෂ්ලත් සිටුවරු තමයි

ෂෝකෝ අසහාරා කියන ජපන් ත්‍රස්තවාදීයා වරක් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මුණ ගැසීමට ලංකාවට එනවා. ඒ මුණ ගැසීම කෙළවර වෙන්නෙ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ආරාමයකුත් හදල ඉවරවෙලා. වැඩේ කියන්නෙ පස්සෙ කාලේක උන්වහන්සේ ගැන පොත් ලියන අයියලා කියන විදියට ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ටෙලිපති ක්‍රමයට පණිවිඩ හුවමාරු කරගන්න පුලුවන්ලු, හිත් කියවන්න පුලුවන්ලු හැබැයි අසහාරා කියන අපරාධකාරයාගේ හිත කියවන්න මිස් වෙලා. එහෙම බලද්දි මධූෂ් උදව් කරපු පන්සලේ හාමුදුරුවෝ පව්.එ් හාමුදුරුවන්ට නම් අර කියපු talent මොකුත්ම නැතිව ඇති. .

(ජායාරූප ගත කරේ: " ඉසිවරුන් දුටු මගේ  බව ගමන 2" - බදුල්ලේ මෛත්‍රී රත්නායකගේ සංස්කරණයක්)

ඉතිහාසය පුරාවටම පන්සල් පල්ලි කෝවිල් වලට උදව් කරලා තියෙන්නේ මධූෂ් ලා අසහාරාලා තමයි. වෙනසකට තියෙන්නේ ඔවුන් රජ මැති ඇමතිවරු සිටුවරු වෙළෙන්දේ විදියට ලේබල් වෙලා තියෙන එක. උන්ගෙන් දැහැමෙන් සෙමෙන් සල්ලි හම්බ කරපු උන් තුන් හතර දෙනෙක් ඇති.

Sunday, January 20, 2019

සිරියහනේ ඇත සහනේ


ඔබගේ ලිංගික ජීවිතය අතෘප්තිමත්ද?
ඔබගේ ලිංගික ශක්තිය පිළිබඳ නිවැරදි තක්සේරුවක් සමඟ ලිංගික ගැටලුවලට ක්ෂණික විසඳුම්.
රජ සිටු මැදුරුවල නොබිඳෙන විශ්වාසය සමඟින්
නව අැසුරුමක පෙරටත් වඩා සුවඳින්
විශ්වාසයි කල් පවතී. වගකීමට බැඳී සිටී.
30 Day money back guarantee