Thursday, March 9, 2017

ලෙලුම් Replace අපි

පහුගිය දවස් වල මෙගා හිට් එක තමයි රත්නායක & sons ෆැමිලි මැටර්ස්  හෙවත් වික්ටර් රත්නායක දීග යෑම. කට්ටිය විවිධාකාර කතා කීවත් ඇත්තටම මෙතන තියෙන්නෙ සංස්කෘතික ප්‍රශ්නයක්. ඒ සංස්කෘතික ප්‍රශ්නෙ ඇවිල්ලා ලෙලුම්ගෙ බෙල්ලෙන්ම අල්ලලා හිරකරනවා. ලෙලුම්ගෙ බෙල්ලෙ හිරවීමෙ ප්‍රතිඵල තමයි ලෙලුම් ප්‍රසිද්ධ කරපු වීඩියෝව.

  කෙනෙකුට තර්ක කරන්ඩ පුලුවන් ඕනෙනම් ලෙලුම්ට අවුල තියෙන්නේ දේපල ප්‍රශ්නයක් කියලා, නැත්නම් පුලුවන් කියන්න ලෙලුම් try
කරේ කපටි ස්ත්‍රීයක් ගෙන් තමන්ගේ පියාව බේරගන්න කියලා. මට හිතෙන්නේ නම් නෑ එහෙම නෙවේ, මේක අපි නඩත්තු කරන 'බොරු සංස්කෘතියෙ' අවුලක්. ඒක ලෙලුම්ට විතරක් නෙවෙයි ඒ රඟපු චරිත වලට තම තමං ආදේශ වුනානම් තේරේයි අපිත් ලෙලුම් කෙනෙක් වගේම වික්ටර් කෙනෙක් කියලා.

   අපේ සංස්කෘතිය විසින් පොඩි කාලේ ඉඳන්ම අපේ ඔලුවලට මෙහෙම දෙයක් දානවා. අම්මයි තාත්තයි කියන්නෙ පට්ට වරිත දෙකක්. එයාලා අතින් වැරදි වෙන්න ඉඩ අඩුයි. අඩුම තරමේ අම්මයි තාත්තයි sex කරනවා , ඔවුන් දෙදෙනටත් පුද්ගලික ජීවිතයක් තියෙනවා කියල හිතන්න තරම් වත් බැරි තරම් අමුතු තැනකට සංස්කෘතිය විසින් අපව මෙහෙයවනවා.අපි කැමති දෙමව්පියන්ට අපිව සුරංගනාවියක් ගෙනල්ලා දුන්න කතාවට නැත්නම් රෝස කැලෙන් ගෙනාපු කතාවට.
   සමාජෙ විසින් අම්මයි තාත්තයි ගැන හදල දෙන ඒ ෆැන්ටසි අම්මයි තාත්තයි එදා ඉඳලා අපෙ ඔලුවල හොල්මන් කරනවා. සමහරුන්ට ඔය ෆැන්ටසියෙ ඇතුලෙ ජීවත් වෙලා පාඩුවෙ මැරිලා යනවා. හැමෝම භාග්‍යවන්තයෝ නෙවෙයිනේ . සමහරුන්ට එකපාරටම ඇහෙනවා තමන්ගේ තාත්තා හරි අම්මා හරි වෙන සම්බන්ධයක් පටන් ගෙන වගේ දෙයක්. එදාට තමන් එච්චරකල් මවන් හිටපු සිහින ලෝක බිඳ වැටෙන්න පටන් ගන්නවා.එදාට තමන්ගේ ඔලු පිස්සු කෙලින්ඩ පටන් ගන්නවා. එ් පිස්සු කෙලීම ලෙලුම් නැමැති පුතා සමාජ මාධ්‍ය රජ කරන කාලෙක ජනසතු කරනවා. තව දුරටත් ඒක ලෙලුම්ගෙ ප්‍රශ්නයක් නෙවේ අපේ ප්‍රශ්නයක් වෙලා. ඒ වගේ දේකදි ඉස්සරවෙලාම කඩා වැටෙන්නෙ මහළු විකටර්ල නෙවේ තරුණ ලෙලුම් ලා.
   අපේ ප්‍රශ්නේ මේකයි. අපි ආස නෑ අනෙක් මිනිසුන්ගේ පුද්ගලිකත්වය පිළිගන්ඩ. වැඩිමනත් එපා අපි හිතනවා අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් මෙහෙම ඉන්ඩ ඕනෙ කියලා. දියුණු බටහිර රටක නම් අම්මා හරි තාත්තා හරි නැවත විවාහ වෙනව නම් සමහර වෙලාවට ලමයි ඇවිල්ල උදව් කරනවා. මොකද අන්තිමට වටින්නේ මිනිහෙක්ගෙ සතුට නිසා. අපේ රටවලදි ඒක වෙනස් වෙනවා. අම්මව තාත්තව සමාජෙටත් කලින් ලමයි මඩ ගහනවා.හැබැයි වික්ටර්ල අපිට මෙහෙම පාඩමකුත්  උගන්නනවා. අපිත් ටික ටික වෙනස් වෙන රටක් කියලා.ඉතින් ඉස්සරහට එහෙම දෙයක් ඇහුවම මිනිස්සු ඒ වගේ දේවල් ගණනකට නොගෙන ඉඳිවි. විවාහය කියන්නෙ sex විතරක් නෙවෙයි sharing & caring කියල දේකුත් තියෙනවා කියලා තේරැම් ගනීවි .

(අර කලින් කියපු භාග්‍යවන්තයෝ හිටියා නේද. උන්දැලා ටිකත් office train එකක වගේ අරන් ගියා නම් අර ෆැන්ටසිය කුඩු වෙන්න තිබ්බා)

Tuesday, March 7, 2017

බුදු රුව කියලා ෂුවර් ද?



          ෆේස්බුකියේ පොඩ්ඩක් එහෙ මෙහෙ සැරිසරද්දි ඔබත් අනිවාර්යයෙන් මේ වගේ post දැකලා ඇති. සමහරවිට Share කරලත් ඇති.
 මීට වසර 15කට පමණ පෙර මා ගමන් කරමින් සිටි බස් රථයෙ විදේශික සුදු කාන්තවක් ගමන් කලා.ඇයගේ ගමනාන්ථය වූයේ එම මාර්ගයේම පැවති භාවනා මධයස්ථානයක්.විශේෂත්වය වූයේ ඇය ඇඳි කහ පාට් T-shirt එකේ අපි හොඳින් දැක ඇති ගෞතම බුදුන්ගේ විශාල රූපයක් කර තිබුණා.ඇය එමඟින් බුදු දහමට අවමන්  කිරීමට කිසිසේත්ම උත්සාහ කළ බවක් නොපෙණුනා වගේම මීට වසර 15 කට තරම ඉහතකදී එම ක්රියාව ඉවසා සිටීමට තරම් හික්මීමක් මිනිසුන් හට තිබුණා. මොහොතකට සිතුවොත් අද වගේ දවසක සුද්දෙක් එහෙම ඇඳන් පාරේ ගියොත්? කතා දෙකක් නෑ සුද්දට පැණි බේරෙන්ඩ කන්න වෙනව. මතකනේ දැනට අවුරුදු දෙක තුනකට කලින් බුදුන්ගේ රූපයට සමාන Tatoo එකක් ගහන හිටියා කියලා විදේශික කාන්තාවක් රටින් පිටමන් කරා.
මට තියෙන ප්රශ්ණෙ ඒක නෙවෙයි. ඔබට හොඳටම Sure ඔබ බුදුන්ගේ යැයි මැරෙන්න හදන රූපය බුදුන්ගෙම කියලා. ( මැරෙන්න හදනවා කියලා කිව්වේ හැමදේම අතහරින්න පුරුදු කරපු බුදුන්ගේ අද අනුගාමිකයෝ බුදුන්ගේ රූපය අල්ල ගන්ඩ හදන නිසා)
ගෞතම බුදුන් හිටපු කාලේ Photos තිබුණේ නෑනේ.අඩුම තරමේ බලාගෙන ඇඳපු රූපයක් වත් මමනම් දැකල නෑ.මේක අනිත් ආගමික නායකයින්ටත් අදාලයි.පහළ තියෙන photos දෙකෙන් එකක් අවුකන පිළිමය. අනෙක තමයි ගෞතම බුදුන්ටම සමකාලීන ඉන්දියාවෙම හිටපු ජෛන ආගමේ මහාවීර. බලන්න පොඩ්ඩක් මේ රූප දෙකේ තියෙන සමානකම්.


මටනම් තියෙන එකම අසමානකම තමයි මහාවීරගේ පිළිමය හෙළුවෙන් තිබීම, හැර මුහුණුවරේ වගේම අඟ පසඟ පවා වැඩිමනක් වෙනසක් නෑ.දැන් ඕනෙනම් අපට මෙහෙම හිතන්න පුළුවන්,
01. ගෞතම බුදුන් මෙන්ම මහාවීරත් අහම්බෙන් එක පෙනුම වීම
02. කාලේ පිළිම නෙලන්නෝ එකම ගුරු කුලයක වීමෙන් ඉන්දියාවේ හදපු හැම පිළිමයක්ම එක වගේ වීම.එතකොට පසුකාලීනව ලංකාවට එන්නේ පිළිම වලට Common වෙච්ච රූපයක්.අපි ඒක අල්ල ගන්නවා ගෞතම බුදුන්ගේ Image එක හැටියට. තව කාරණාත් ඇති. මම ලිවිවේ මට හිතුණ විදිය. දැන් බැරිවෙලාවත් ලංකාවෙත් ජෛන ආගම්කාරයෝ දෙතුන් දාහක ඉඳලා ඔවුනුත් මහාවීරගේ පිළිමයක් හැදුවනම් මොනවා නොවෙයිද? මෙකේ මිනී මැරෙයි. දූපතෙන් එහාට දැනුම බින්දුවක් වුන ඈයෝ බුදුන්ගේ රූපය මහදවල් කොල්ලකෑමක් හැටියට දකීවි.

පහළ තියෙන්නේ මහාවීරගේ තවත් පිළිම දෙකක්.
    


නිසා මීට පස්සේ බුදු රූපයක් වගේ එකක් මොකක් හරි නිර්මාණයක හරි කොහේ හරි දැක්කොත් ඉස්සර වගේ අස්ස කුලප්පු වෙන්ඩ එපා. මහාවීරද දන්නෙත් නෑනෙ.


අනෙක බුදුන්ගෙ රූපයක් අනවශ තැනක තිබිලා තමන්ගෙ දහමට හානියක් වෙනවට වඩා හානියක් වෙනවා බුදුන්ගේ අනුගාමිකයෝ ප්රසිද්ධියේ පිස්සු කෙළිනකොට.

දියුණු වෙන්ඩ හරි පාර

දියුණු වෙන්ඩ ආසද?
මෙන්න කෙටිම මඟ

අවශ්‍ය දෑ:
    ෆේස් බුක් ගිණුමක් සහ ඩේටා ස්වල්පයක්
   
මුලින්ම  සාදා ගත් බුකියෙන් ෆේස්බුුක් පිටුවක් සාදා ගන්න. එයට අවශ්‍ය පරිදි නමක් දා ගත හැකිය. "අපි යක්කු යකෝ", "මෝහිනී බලකාය", "අපේ රට බොලව්- හම ගහනවා අඩී" වැනි නමක් සෑහේ.

  දැන් එම පිටුවෙන් මරක්කලයන්ට දෙමළුන්ට උදේ සිට රෑ වෙනකන් කෑමට පෙර වරක් සහ කෑමට පසු දෙවරක් ආකාරයට ලෙලි යන්ඩ බැනිය යුතුය. Post ෂෙයා කල යුතුය.ව්‍යාකරණ වැරදූනාට බිය නොවන්න. ඔබ share කරන ඕනෑම පෝස්ටුවක් වරු තුනෙන් viral කිරීමට තරම් හරක් පැටවු ප්‍රමාණයක් මේ දූපතේ පෙර පිනට ඉපදී sorry පහළ වී ඇති බැවින් worry වීම අනවශ්‍යයි.
 
දින දෙක තුනකින් ඔබට facebook request ගලා එනු ඇත. දැන් මීළඟ අදියරට සූදානම් විය යුතුය .දුෂ්කර පන්සලක දෙකක photos සොයා ගත යුතුය . ආධාර එකතු කිරී⁣මේ මූලිකත්වය ඔබ ගත යුතුය . Post දෙක තුනක් දුරකතන අංකය සහ ගිණුම් අංකයද සහිතව share කරන්න . හාන්දුරු කෙනෙකුත් සෙට් වේ නම් ක්ෂණික ප්‍රතිඵල අත්වේ.ඔබ post කරන දේ දැක අතින් අරන් කක්කි පොජ්ජේ තියාගන්නා උන් මෙහේ මදිවට කොරියාවෙත් ඕනෑතරම් සිටිති. මුදල් ෂට ෂට ගා account එකට ගලනු ඇත.

ලැබුණු සියලුම මුදල් හොරා කෑමට හෝ අධාර දීමට තරම් රට හරකෙක් නොවන්න. සුළුවට ආධාර කරන්න. ලොකුවට photo අල්ලන්න. එවිට ඊළඟ project එකටත් මුදල් අනුමත වනු ඇත.මසකින් ඔබට කාර් පොඩ්ඩක් මිළදී ගතවනු හැක. Car  එකේ යන ගමන් තම්බි කඩයක් දෙකක් video කර upload කිරීම අනාගත ආයෝජනයක් වනු ඇත.

සාර්ථකත්වය පසුව comment කරන්ඩ අෑ......
(නම් ගම් anonymous බැවින් ජායාරෑපයේ සිටින්නේ ඔබ විය හැක)