Wednesday, April 24, 2019

ඉස්ලාමය හැදුන හැටි


මහම්මත් නබි තුමා නැත්නම් ඉස්ලාමයේ අවසාන දූතයා ඉපදුනා කියල පිළිගැනෙන්නේ වර්ෂ 570 මක්කම දී. ඔහු ඉපදෙනවිටත් මක්කම යනු වෙළඳ කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම විවිධ ආගම් ඇදහීම් වලට තෝතැන්නක්. කලු පෙට්ටියක් වගේ අපි දකින කබා පූජ්‍යස්ථානය ඒ වෙද්දිත් මිනිසුන්ගේ පිදුමට ලක්වෙන තැනක්. යුදෙව් දහම ක්‍රිස්තියානිය ඒ වෙද්දිත් මක්කම ඇදහෙමින් තිබුණ ආගම්.

  අබ්දුල්ලා නැමැති පියාටත් අමීනා නැමැති මවටත් දාව ඉපදෙන මහම්මත් පසුකාලීනව තමන්ගෙ මාමා වුන තාලීම්  සමඟ වෙළඳාම සඳහා විවිධ ප්‍රදේශ වලට ගමන් කරනවා. එ් අතරදි තමයි ඔහු කදීජා නැමැති ධනවත් ⁣ව්‍යාපාරීක කාන්තාවක් ළග රැකියාවට යන්නේ. ව්‍යාපාරයේ සාර්ථක මහම්මත් කෙතරම් ඉක්මනින් කදීජා ගේ සිත දිනාගන්නවාද කිව්වොත්   තමන්ට වඩා වසර ගණනාවත් වැඩිමහල් කදීජා සමඟ විවාහයක් දක්වා  එම සබඳතාව දිගු වෙනවා. ඒ වෙනකොට කදීජා ට වයස 40ක් මහම්මත් ට 25ක්.  සාමාන්‍ය මහම්මත් ට ධනවත් කදීජා නිසාම ඔහුට මක්කම යම් පිළිගැනීමක් ඇතිවුනා යැයි සිතන්න පුලුවන්.  වයස 40දී පමණ තමයි මහම්මත් තුමාට හීරා ගල්ලෙනකදී Gabriel තුමා දර්ශනය වෙලා අල්ලාගේ පළමු පණිවිඩය ලැබෙන්නේ.  ඉන් පසු වසර ගණනාවක් මේ විදියට අල්ලාගේ පණිවිඩ මහම්මත්ට ලැබෙනවා . මේ පණිවුඩ හැටියට ලැබුණ දේව වාක්‍යය තමයි පසුකාලීනව කුරාණය බවට පරිවර්තනය වෙන්නෙ. කුරාණය පරිච්ඡේද 114 කින් සහ සුරා 6616 කින් සමන්විතයි. හැබැයි කියවෙන විදියට මහම්මත් නබිතුමාට අකුරු ලියන්න කියවන්න බෑ.

  මහම්මත් ගේ පළමු අනුගාමිකයන් පිරිස වෙන්න කදීජා ඇතුළු ඔහුට සමීප පිරිස. ඔහුගේ මුල් දේශනා මක්කම වෙළඳ ප්‍රජාවගෙ හිත් වලට ඇල්ලුවේ නැහැ. විවිධාකාර දේව ඇදහිලි තිබුණ මක්කම ට මහම්මත් ගේ  " එකම දෙවියා අල්ලා ය." සහ පිළිම සංකේත ඇදහීමට විරුද්ධව ඔහුගෙ අදහස් හේතුවෙන්ම ගුටි නොකා බේරුණා.  කබා පූජ්‍යස්ථානය වැඳ ගන්නට පැමිණි වන්දනා කරුවන් තරහ කර ගැනීමට වෙළඳ ප්‍රජාව මෝඩ වුනේ නැහැ.


මහම්මත් මදීනාවට පලා යන්නේ එහෙම.Hijra යනුවෙන් හඳුන්වන්නේ මෙන්න මේ ගමන.ගෝත්‍රික කණ්ඩායමම්වල  ගැටුම් වලට ලක්වුණු මදීනාවේදි මහම්මත් ට යම්තැනක් ලැබෙනවා. ඔහුට එම ගෝත්‍රික කණ්ඩායම් සමඟි කිරීමට හැකි වෙනවා. ඉස්ලාමයේ ව්‍යාප්තිය පටන් ගන්නේ එතැනින්. එතැන් පටන් මදීනාව මහම්මත් ගේ බලපෑමට ලක්වෙනවා. මදීනාවට එක නීතියක්, වෙළඳ සහ සමාජ නීතී ඇතිවෙනවා  . මත්ද්‍රව්‍ය ,ගණිකා වෘත්තිය සහ සූදුව තහනම් වෙනවා. බෙදී තිබුණ මදීනාව 'එක විදියක්' වුනේ එහෙමයි. ඒ විදියට මුළු මදීනාවෙම බලය මහම්මත් අතට යෑමට ගතවුනේ වසර කීපයයි. ඉස්ලාම් රාජ්‍ය සංකල්පය බිහිකරන්නේ එතුමා මදීනාවේදි. බලවත් මහම්මත් වර්ෂ 629 දී ඔහුගේ ඉස්ලාමය හමුදා මක්කමට මෙහෙය වනවා.ඔහු මක්කම අල්ලගන්නවා පමණක් නොවෙයි මක්කම ඉස්ලාමයට බලෙන්ම පරිවර්තනය කරනවා. සුප්‍රකට  කබා දේවස්ථානය මුස්මානුවන්ට හිමි වුනේ එහෙමයි.

Sunday, March 3, 2019

ලාභ කිරිපිටි බොන හිඟන්නො

අපේ ගෙදරටත් අවුරුදු 20ක් 25 ක් දිගටම ගෙනාවේ Highland කිරිපිටි.
ඒ ගෙනාවෙත් අනෙක් කිරිපිටි වලට වඩා හයිලන්ඩ් මාර හොඳ නිසා නෙවෙයි වෙළඳපොළේ ලාභෙට ගන්න පුලුවන් කම තිබුණ කිරිපිටි වර්ගය හයිලන්ඩ් නිසා.
ඒ කාලේ අනෙක් කිරිපිටි ලස්සන ඇසුරුමක බැහැල වෙළඳ පොළ ආක්‍රමණය කරද්දි හයිලන්ඩ් වලට තිබුනේ හරිම දුප්පත් පොල්තීන් ඇසුරුම. ඝනකම් පොලිතීන් ඇසුරුමේ නිරුවත කඩදාසී පෙට්ටියෙන් වැහෙන තරමට Modify වෙන්නත් හයිලන්ඩ් වලට අවුරුදු වලින් බර ගාණක් ගියා.

කාලයක් තිබුණා අපි කඩයකට ගිහින් හයිලන්ඩ් පිටි තියෙනවද ඇහුවම අනෙක් පාරිභෝගිකයො අපි දිහා කිණ්ඩියට බලන.

"ලාභ කිරිපිටි  බොන හිඟන්නෝ...."

අනෙක් උන් බහුතරයක් හිතන්නෙ එහෙමයි.

"සල්ලිකාර ගෙවල් වල ඔය ලා⁣⁣භ කිරිපිටි දෙන්නෙ බල්⁣ලන්ටලු...."

ඇත්තද දන්නෙ නෑ.
බල්ලොනම් කවදාවත් එහෙම කියල තිබුණේ නෑ.
හැබැයි මිනිස්සු කියල තිබුණා.

දුප්පත් ගෙවල්වල බල්ලො කන්නෙ බොන්නෙත් මිනිස්සු  කන ඒවාමයි.
ආයේ අමුතුවෙන් උයන එකක්යැ.

ඒ කතාව මෙහෙම කියන්නත් ඔට්ටුයි

දුප්පත් ගෙවල්වල මිනිස්සු කන්නෙ   බොන්නෙත්   බල්ලො කන ඒවාමයි.

තර්කයක් හැටියට හරි ඉතින්....


.............................


දැන් ආයේම මිනිස්සු හයිලන්ඩ් පැල්වත්ත හොයනවා.
සුපර් මාකට් වල පිටරට කිරිපිටි වේලෙනවා.
ඇයි ඇහුවම පිටරට කිරිපිටි වල වස විෂලු.
ඇත්ත ද දන්නෙ නෑ.
එයාලා කියනවා අපි අහනවා.

ඉස්සර ලංකාවේ කිරිපිටි මාකට් එකේ රැඟුවේ NESPRAY.
දෙකට හිටියේ LAKSPRAY.
ඇන්කර් පොඩිහිට්යෙක්.

චර්නොබිල් බලා⁣ගාර කාන්දුවෙන් පස්සෙ  යුරෝපයෙන් එන කිරිපිටි වල විකිරණ තිබුණලු.
විකිරණ එක්ක ආපු යුරෝපයේ කිරිපිටි මාකට් එක වැටිලා.
සල්ලි දීලා කවුද Two in one විදියට කිරිත් එක්ක විකිරණ බොන්නේ.
NESPRAY මාකට් එකත් වැටුනා.

NESPRAY  වැටෙද්දි " නවසීලන්තයෙන් පමණයි"  පාඨය එක්ක ඇන්කර් කාරයා මාකට් එක අල්ල ගත්තා.

දැන් එයා⁣ගෙත් ඌරු තෙල් ලු. පාම් ඔයිල් ලූ.
ඇත්තද දන්කෙ නෑ. එයාලා කියනවා අපි අහනවා.

දැන් ඇන්කර් කාරයත් වැටෙන සයිස්.හයිලන්ඩ් ලට පැල්වත්තලට චාන්ස් එක.
දැන් එයාලටත් පුලුවන් "දේශීය එළදෙනුන්ගෙන් දොවාගත්ත කිරි වලින් නිෂ්පාදිතයි" වගේ ලයින් එකකට යන්න.

එහෙම කිව්වම අපි අහනවා.
අහගෙන ඉඳලා බොනවා.
එයාලත් අපිට වස පොවනකල්.....






Friday, February 15, 2019

අසහාරා ලා මධූෂ්ලත් සිටුවරු තමයි

ෂෝකෝ අසහාරා කියන ජපන් ත්‍රස්තවාදීයා වරක් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මුණ ගැසීමට ලංකාවට එනවා. ඒ මුණ ගැසීම කෙළවර වෙන්නෙ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ආරාමයකුත් හදල ඉවරවෙලා. වැඩේ කියන්නෙ පස්සෙ කාලේක උන්වහන්සේ ගැන පොත් ලියන අයියලා කියන විදියට ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට ටෙලිපති ක්‍රමයට පණිවිඩ හුවමාරු කරගන්න පුලුවන්ලු, හිත් කියවන්න පුලුවන්ලු හැබැයි අසහාරා කියන අපරාධකාරයාගේ හිත කියවන්න මිස් වෙලා. එහෙම බලද්දි මධූෂ් උදව් කරපු පන්සලේ හාමුදුරුවෝ පව්.එ් හාමුදුරුවන්ට නම් අර කියපු talent මොකුත්ම නැතිව ඇති. .

(ජායාරූප ගත කරේ: " ඉසිවරුන් දුටු මගේ  බව ගමන 2" - බදුල්ලේ මෛත්‍රී රත්නායකගේ සංස්කරණයක්)

ඉතිහාසය පුරාවටම පන්සල් පල්ලි කෝවිල් වලට උදව් කරලා තියෙන්නේ මධූෂ් ලා අසහාරාලා තමයි. වෙනසකට තියෙන්නේ ඔවුන් රජ මැති ඇමතිවරු සිටුවරු වෙළෙන්දේ විදියට ලේබල් වෙලා තියෙන එක. උන්ගෙන් දැහැමෙන් සෙමෙන් සල්ලි හම්බ කරපු උන් තුන් හතර දෙනෙක් ඇති.