Wednesday, May 8, 2019

1998 ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාර සහ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය

1998 අගෝස්තු 7 වැනිදා කෙන්යාවේ Nairobi සහ ටැන්සානියාවේ Dar es salaam නගරවල ඇ⁣මෙරිකානු තානාපති කාර්යාල දෙකට බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා(Truck bombs). මේ ප්‍රහාර වලින් 200+ මිය යනවා. ප්‍රහාර වල වගකීම Al-quida වට බැරවෙද්දි , ප්‍රහාරයට සති කීපයකට පෙර ආපු බුද්ධි වාර්තා "False alarm" හැටියට බැහැර කරපු විදිය ගැනත් හෙළි වෙනවා.


හැබැයි,

*ප්‍රහාරය වෙලාවේ  කෙන්යාවේ ඇමෙරිකානු තානාපති තානාපති කාර්යාලයේ ඉඳල නෑ.

*ටැන්සානියාවේ ඇමෙරිකානු තානාපති මාස ගණනිකින් තානාපති කාර්යාලයට  ගිහිල්ල නෑ.

*බෝම්බ සඳහා භාවිතා කරපු එක truck එකක් තානාපති කාර්යාලයේ පාවිච්චියට ගත්ත water truck  එකක්.

*Dar es salaam වල ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය ඊට කලින් ඊශ්‍රායලය පාවිච්චි කරපු තැනක්.

මේ සිදුවීම් සියල්ල coincidence වෙන්නත් පුලුවන්..

බෝම්බ ප්‍රහාර ගැන intelligence reports තියෙද්දි ඒවා මඟහැරෙන විදි ටිකක් අමුතුයි. ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ වැඩේ පහසුවෙන් කර ගන්නට ඉඩ දීමෙන් දිගු කාලීන වාසියක් කවුරුහරි ගන්නවද? එහෙම ගන්නවා නම් සිවිල් වැසියො රඟ දක්වන්නේ බිලි පිත්තක අමුණපු පණුවගේ චරිතයද?


 April 21 easter attack එක ගැනත් මේ විදියටම intelligence reports ඇවිල්ල තිබුණ කියන එක අපි හැමෝම දන්න කාරණයක්. එතනදිත් ප්‍රසිද්ධ දේශපාලනඥයෝ බොහොමයක්ට පල්ලි මඟ හැරිලා තියෙනවා.

සමහරවිට තව අවුරුදු ගාණකින් පස්සේ මේ සිදුවීම් සම්බන්ධයෙන් අයවලුන් ආයතන හෙළිදරව් වෙයි. මේවාගේ වාසි නෙළාගත්ත පිරිස හෙළිවෙයි. සමහරවිට ඒ අපි කිසිම විටෙක නොසිතන මිනිසුන් ආයතන වෙන්නට බැරිකමකුත් නෑ..

ලෝක බල දේශපාලනය හරිම විෂමයි. සමහරවිට ඔබ අපි නොදන්න නමුත් කාගෙ හරි වුවමනවකට පාලනය වන ඉත්තෙක් වෙන්න පුලුවන්.

Saturday, April 27, 2019

Religious Extremist ලා හැමෝම නරකද?

Religious Extremism කිව්ව ගමන්ම අපිට මැවෙන චිත්‍රය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි . ඒත් මම යෝජනා කරොත් religious extremism කියන්නේ හැමවෙලාවකම භයානක දෙයක් නෙවෙයි කියල.......

අපි ජෛන extremist කෙනෙක් ගමු. මිනිහා වැඩිම වුනොත් ඇඳුමක් නැතිව, ඇවිදයි. වට පිට නොබලා කූඹයෙක්වත් පෑගෙයිද කියල වොරි වෙන ගමන් ,වතුර කෝපපයක් බිව්වත් රෙදි කෑල්ලකින් පෙරලා බොන වෙජිටේරියන් ඩයල් එකක්...
Buddhist extremist කෙනෙක් බලමු. මිනිහා වුනත් කැලේකට ගිහින් භාවනාවක් කරයි, පිළිකුල් භාවනාවක් කරයි. ශීලයක් සමාදන් වෙයි.ඒක එතනින් ඉවරයි. හොඳ නරක ටික පුද්ගලිකයි. සමාජයට බලපෑමක් , තර්ජනයක් නැති තරම්.


හැබැයි islamic extremist කෙනෙක් කියන්නෙම ස්වයං විනාශකාරි මිනිස් බොම්බයක්. ඒක ඉස්ලාමයේ තියෙන අවුලක් . ලොකු අවුලක්. සමහර මුස්ලිම් අය කියනවා මේක ඉස්ලාමයේ අවුලක් නෙවෙයි වැරදි මිනිසුන් කිහිපදෙනෙක් කුරාණය වැරදියට කියවීම නිසා වෙන දෙයක් කියලා. නෑ ඒක වැරදියි. ඉස්ලාමය බිහිවෙන්නෙම violent background එකකින්. මහම්මත් තුමා ඉන්න කාලේත් infidels ලට  නැත්නම් අවිශ්වාසකරුවන්ට වුනේ එක්කෝ මරණය වැළඳ ගැනීමට නැත්නම් ඉස්ලාමය පිළිගැනීමට. තිඹිරිගෙයිදිම මතුවෙන්නේ තර්ජනාත්මක ස්වරූපයකින්.අවුරුදු 1000කට පස්සෙත් මේ නැඹුරුවේ කිසිම වෙනසක් වෙලා නෑ. වෙනසකට තියෙන්නේ කඩුව තියෙන තැනට බෝම්බ replace වුන එක විතරයි.

අනෙක් හැම ආගමක්ම ක්‍රමානුකූලව වෙනස්කම්වලට ලක් වෙලා තියෙනවා.  අපි බැලුවොත් මැද පෙරදිග මූලික කරගෙන බිහිවුන තවත් ආගමික ග්‍රන්ථයක් වුන බයිබලෙත් අර වගේම violent readings තියෙනවා.

"පොළවට සමාදානය පමුණුවන්ට ආයෙමියි නොසිතල්ලා;කඩුව මිස සමාදානය පමුණුවන්නට නොයෙමි"
                            (ශු. මතෙව් x-34)

"මක්නිසාද මනුෂ්‍යනු ඔහුගේ පියා සමඟද දුව ඇගේ මව් සමඟද ලෙහෙළි ඇගේ නැන්දා සමඟද බේදකරවන පිණිස ආයෙම්."
                             (ශු.මතෙව් x-45)


" කඩුවක් නැත්තා තමාගේ සළුව විකුණා ඒක ගනීවා."
                             (ශු.ලූක් xxii-36)

මේ ප්‍රතිවිරෝධතා මඟ හැරලා ඉදිරියට යන්න කතෝලිකයන්ට නැත්නම් ක්‍රිස්තු භක්තිකයන්ට පුලුවන් වුනා. තවදුරටත් දැඩි මතධාරී කතෝලිකයා සමාජයට ඒ තරම් හානියක් නෙවෙයි. ඒ්ත් ඇයි ඉස්ලාමයට තමන්ගේ ආගමේ ප්‍රතිවිරෝධතා මඟහරින්නට බැරි වුනේ???

Wednesday, April 24, 2019

ඉස්ලාමය හැදුන හැටි


මහම්මත් නබි තුමා නැත්නම් ඉස්ලාමයේ අවසාන දූතයා ඉපදුනා කියල පිළිගැනෙන්නේ වර්ෂ 570 මක්කම දී. ඔහු ඉපදෙනවිටත් මක්කම යනු වෙළඳ කේන්ද්‍රස්ථානයක්. ඒ වගේම විවිධ ආගම් ඇදහීම් වලට තෝතැන්නක්. කලු පෙට්ටියක් වගේ අපි දකින කබා පූජ්‍යස්ථානය ඒ වෙද්දිත් මිනිසුන්ගේ පිදුමට ලක්වෙන තැනක්. යුදෙව් දහම ක්‍රිස්තියානිය ඒ වෙද්දිත් මක්කම ඇදහෙමින් තිබුණ ආගම්.

  අබ්දුල්ලා නැමැති පියාටත් අමීනා නැමැති මවටත් දාව ඉපදෙන මහම්මත් පසුකාලීනව තමන්ගෙ මාමා වුන තාලීම්  සමඟ වෙළඳාම සඳහා විවිධ ප්‍රදේශ වලට ගමන් කරනවා. එ් අතරදි තමයි ඔහු කදීජා නැමැති ධනවත් ⁣ව්‍යාපාරීක කාන්තාවක් ළග රැකියාවට යන්නේ. ව්‍යාපාරයේ සාර්ථක මහම්මත් කෙතරම් ඉක්මනින් කදීජා ගේ සිත දිනාගන්නවාද කිව්වොත්   තමන්ට වඩා වසර ගණනාවත් වැඩිමහල් කදීජා සමඟ විවාහයක් දක්වා  එම සබඳතාව දිගු වෙනවා. ඒ වෙනකොට කදීජා ට වයස 40ක් මහම්මත් ට 25ක්.  සාමාන්‍ය මහම්මත් ට ධනවත් කදීජා නිසාම ඔහුට මක්කම යම් පිළිගැනීමක් ඇතිවුනා යැයි සිතන්න පුලුවන්.  වයස 40දී පමණ තමයි මහම්මත් තුමාට හීරා ගල්ලෙනකදී Gabriel තුමා දර්ශනය වෙලා අල්ලාගේ පළමු පණිවිඩය ලැබෙන්නේ.  ඉන් පසු වසර ගණනාවක් මේ විදියට අල්ලාගේ පණිවිඩ මහම්මත්ට ලැබෙනවා . මේ පණිවුඩ හැටියට ලැබුණ දේව වාක්‍යය තමයි පසුකාලීනව කුරාණය බවට පරිවර්තනය වෙන්නෙ. කුරාණය පරිච්ඡේද 114 කින් සහ සුරා 6616 කින් සමන්විතයි. හැබැයි කියවෙන විදියට මහම්මත් නබිතුමාට අකුරු ලියන්න කියවන්න බෑ.

  මහම්මත් ගේ පළමු අනුගාමිකයන් පිරිස වෙන්න කදීජා ඇතුළු ඔහුට සමීප පිරිස. ඔහුගේ මුල් දේශනා මක්කම වෙළඳ ප්‍රජාවගෙ හිත් වලට ඇල්ලුවේ නැහැ. විවිධාකාර දේව ඇදහිලි තිබුණ මක්කම ට මහම්මත් ගේ  " එකම දෙවියා අල්ලා ය." සහ පිළිම සංකේත ඇදහීමට විරුද්ධව ඔහුගෙ අදහස් හේතුවෙන්ම ගුටි නොකා බේරුණා.  කබා පූජ්‍යස්ථානය වැඳ ගන්නට පැමිණි වන්දනා කරුවන් තරහ කර ගැනීමට වෙළඳ ප්‍රජාව මෝඩ වුනේ නැහැ.


මහම්මත් මදීනාවට පලා යන්නේ එහෙම.Hijra යනුවෙන් හඳුන්වන්නේ මෙන්න මේ ගමන.ගෝත්‍රික කණ්ඩායමම්වල  ගැටුම් වලට ලක්වුණු මදීනාවේදි මහම්මත් ට යම්තැනක් ලැබෙනවා. ඔහුට එම ගෝත්‍රික කණ්ඩායම් සමඟි කිරීමට හැකි වෙනවා. ඉස්ලාමයේ ව්‍යාප්තිය පටන් ගන්නේ එතැනින්. එතැන් පටන් මදීනාව මහම්මත් ගේ බලපෑමට ලක්වෙනවා. මදීනාවට එක නීතියක්, වෙළඳ සහ සමාජ නීතී ඇතිවෙනවා  . මත්ද්‍රව්‍ය ,ගණිකා වෘත්තිය සහ සූදුව තහනම් වෙනවා. බෙදී තිබුණ මදීනාව 'එක විදියක්' වුනේ එහෙමයි. ඒ විදියට මුළු මදීනාවෙම බලය මහම්මත් අතට යෑමට ගතවුනේ වසර කීපයයි. ඉස්ලාම් රාජ්‍ය සංකල්පය බිහිකරන්නේ එතුමා මදීනාවේදි. බලවත් මහම්මත් වර්ෂ 629 දී ඔහුගේ ඉස්ලාමය හමුදා මක්කමට මෙහෙය වනවා.ඔහු මක්කම අල්ලගන්නවා පමණක් නොවෙයි මක්කම ඉස්ලාමයට බලෙන්ම පරිවර්තනය කරනවා. සුප්‍රකට  කබා දේවස්ථානය මුස්මානුවන්ට හිමි වුනේ එහෙමයි.