Friday, March 23, 2018

පොලිස් නිලදරුවන් දමණය

     ඔබ මේ දකින්නේ අම්පිටියෙ සුමන හිමියන් පොලිස් නිල දරුවන් ඉදිරියෙන් එර්දි පාතිහාර්ය පානා අවස්ථාවයි.

     කසිකබල් ඊනියා බටහර විද්‍යාව සරණ පතන ඇන්කරයන් ගුරුත්වාකර්ෂණ බලය ගැන යම් යම් දේ කියාවි. එහෙත් ඔවුන් දැනගත යුතුයි ඔවුන්ගේ යුදෙව් ක්‍රිස්තියානි හාම්පුතුන්ගේ මැටි  අදහස් වලට වඩා එර්දි ප්‍රාතිහාර්ය පානා මේ හාමුදුරුවන්ගේ අදහස් අපේ රටේ මිනිසුන් පිළිගන්නා බව. අපි මැට්ටන්ට පිළිතුරු දිය යුතු නැහැ.
ඔබට සම්‍යයක්දෘෂ්ඨික දෙවි පිහිටයි.

Monday, March 5, 2018

ජාතිය වෙනුවෙන් ගිනි තියමු

  මම අවුරුදු තිහක කසාද බැඳපු මිනිහෙක්. තාම ඉන්නෙ මහගෙදර. සාපේක්ෂව හොඳ වැටුපක් තියෙන රැකියාවක් කරත් ගෙයක් - දොරක් සෑදීම කියන කාරණයෙදි තියෙන්නේ පටිට හිස් හැඟීමක්.ඒ තරම් ලොකු මුදලක් කොහෙන් හොයන්නද.?
    මට මේ ෆොටෝ එකේ ගින්න දැක්කම හිතෙන්නෙ එක දෙයයි. ඒ මනුස්සයා ඒ නිවෙස වෙළදසැල හදන්න අවුරුදු කීයක් කට්ට කන්න ඇද්ද.අවුරුදු ගාණක මහන්සිය ජාතිවාදයේ රුදුරු ගිනි දැල්ලට අහුවෙලා අලු වෙන්න ගියේ මිනිත්තු කීයද.සමහරවිට ඒ වෙළදසැල අයිති මනුස්සයා අර කියන මිනී මැරුමට සම්බන්ධ කියන චූදිතයන්ව දැකලවත් නැතිව ඇති.ගින්නට පුලුවන් නම් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න, ඝාතන වලට පුලුවන් නම් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න ඕනවටත් වඩා ගිනි තියපු ඕනවටත් වඩා මිනිස්සු මරපු රටක් අපි. එක් මරණයකට පලිය ගන්න අලුත් මරණ 4ක් 5ක් කරපු රටක් අපි.කෝ අපේ ප්‍රශ්න විසඳුනාද?
  මට මේ ෆොටෝ එකේ ඉන්න නාඳුනන මිනිසුන්ගෙන් අහන්නේ ප්‍රශ්න දෙක තුන.

1.කඩයක් ගිනිතියන්න තිබ්බ අර කොන්ද මූණ ඇරගෙන කරන්න තිබ්බෙ නැත්තෙ ඇයි?

2.මුලින්ම මරපු එකේ පළිය ගන්න මිනී මරණ තැනට වැඩ කරනවා නම් පළවෙනි මීනීමරුවගේයි උඹෙයි ඇති වෙනස මොකක්ද?

Friday, March 2, 2018

අාගම ලෙඩට ඖෂධයක් ද?


  ආගමික නියෝජිතයක් පූජ්‍ය පූජකයන් රෝගාබාධ වලට රෝහල් ,වෛද්‍ය සහය පතන අතර ප්‍රසිද්ධ හාමුදුරුවරු පාදිලිවරු ඇතිහැකි පරිදි විදේශ ගතව පවා ප්‍රතිකාර ලබති. තමන්ට හැකියාව ඇත්නම් නවලෝකෙන් බැරිනම් මවුන්ට් එලිසබත් එකෙන් ප්‍රතිකාර ගත්තද පුද්ගලිකව මට කොහේවත් අමාරුවක් නැත. එහෙත් එවැනි පූජ්‍ය පූජකයන් පසුපස  යන සමහරක් තමන්ගේ ඇදහිලි ලබ්ධි විශ්වාස කොට වෛද්‍ය ප්‍රතිකාර නොලබා අමාරුවේ වැටුන අවස්තා බොහෝ ඇත. ඒ අතරතුර සමහරක් තෙල් බේත් කරුවන් පසුපස ගොස් සුවයක්ද නොලබනවා මදිවට අතේ ඇති පිච්චියද අහිමි කර ගනිති. මේ මා දන්න එසේ අමාරුවේ වැටුන කිහිපදෙනක්ගේ කතා වේ. සත්‍ය කතා වන අතර නම් සටහන් නොකරමි.

    මෙම සිදුවීම වූයේ 1996 වසරෙදි වන අතර ඒ වනවිට මම 3වසර සිසුවෙක් වීමි. අප හට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා සිටි ගුරුවරිය දණ්ඩනයෙන් තොර නිරහංකාර ගුරුවරියක් විය.සමහර දිනෙක ඇය ඇයගේ කුඩා දියණියත් සමඟම අප පන්තියට පැමිණි අතර දියණිය ඒ වන විට පෙර පාසල් යන අවධියේ සිටින්නට ඇත. ගුරුවරිය විවාහා වී සිටියේ කිසියම් ක්‍රිස්තියානි නිකායකට අදාල පූජකවරයෙකු බැවින් ඇය පල්ලියේම පදිංචි වී සිටියායා. ඇය අප පන්තියට ඉංග්‍රීසි ඉගැන්වූ අතර ඉහළ පන්ති වලට ඉතිහාසය (ඒ දිනවල ඉතිහාසය තනි විෂයකි) උගන්වන ලදි. කෙටි කලකින් අර කුඩා දියණිය මරණයට පත් වූ බව අපට ආරංචි විය. වෙනත් ගුරුවරියක් පැවසූ ආකාරයට ඒ දියණියගේ  මරණයට හේතුව සිද්ධාලේප ඩප්පියක් ඇගේ උගුරේ සිරවීමත් ඇයට ප්‍රථමාධාර දීමවත් රෝහල් ගත කරනවාවත්  වෙනුවට යාච්ඤා කරමින් සිටීමත්ය. අවසානයේදි දෙමාපියන්ගේ දැඩි ආගමික අන්ධ භක්තිය හේතුවෙන් කුඩා දියණියකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.දියණියගේ මරණයෙන් පසු ගුරුතුමිය නැවත පාසල් පැමිණියේද නැත.

    මීට වසර කිහිපයකට පෙර ඒ දවස්වල මාගේ මිතුරකු හට යමු මානසික අසමබරතාවයක්  ඇතිවි තිබණි. අප දැන සිටි පරිදි ඔහු ඒ රෝගය වෙනුවෙන් දිගටම ඖෂධ භාවිතා කරමින් සිටියේය. ඔහු අභිමතය පරිදි ඔහු අදාළ ඖෂධය ලබා ගැනීම නතර කිරීමෙන් පසු ⁣⁣එම තත්ත්වය වැඩි විය. කතෝලික භක්තිකයකු ඔහු රොගී තත්වය උත්සන්න වූ පසු කුරුසයක්ද අතට ගෙන කොල්ලන්ගේ ඇඟවල් වල සිටින යකුන් එළවන්නට, රෝග සුව කරන්නට  පටන් ගත්තේය. මහ රෑ හදිසියේම ඔහු පැමිණ කාගේ හෝ හිසක් මත  කුරුසය තබා යකුන් එළවු අතර දින කිහිපයක්ම ඔහු කිසිම නින්දක් නොලැබීය.අවසානයේදි ඔහුව ප්‍රසිද්ධ කතෝලික දේවස්ථානයකට (රෝග සුව කරනවා යැයි පවසන) රැගෙන යෑමට මාගේ මිතුරන් තීරණය කරන ලද අතර කතෝලික පල්ලි⁣යේ හැසිරීම ගැන යම් වැටහීමක් තිබූ මා ⁣එයට විරුද්ධ වුනෙමි. මගෙ විරෝධය නිශ්ඵල වු අතර මිතුරන් ඔහුව අදාළ පල්ලියේ සහෝදරයෙකු  වෙත ඉදිරිපත් කළෝය. මාගේ වැටහීම නිවැරැදි වූ අතර රෝගී වූ මිතුරට දෙවියන් වහන්සේ විසින් යම් බලයක් ලබා දී ඇති බව අදාල පල්ලියෙන් පවසා තිබුණි. අවසානයේ  මිතුරන් විසින් ඔහුව රාගම රොහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර හමුවේ ඔහු නැවතත් ප්‍රකෘති තත්වයට පත් විය.
   ඉහත මිතුරා කතෝලික වූ බැවින් හා අනෙක් මිතුරන් බෞද්ධ වූ බැවින් ප්‍රශ්නය එලෙස කෙළවර විය. බැරිවීමකින් හෝ ඔහු අසල  සිටියේ තවත් දැඩි කතෝලික මිතුරන් නම් ?

එලෙසම එවැනි මානසික අසමබරතාවයක්  බෞද්ධ (හෝ හින්දු) අයෙකුට ඇතිවූවා නම් මේ වන විට දේව වරමින් පේන කියන අයකු වීමට ඉඩ තිබුණි.

මේ අකාරයටම තවත් සමහර බෞද්ධ හාමුදුරුවරු පිරිතේ බලයක් හැටියට ලෙඩ සුව වන පවසති. පිරිතකට ⁣එවැනි ඖෂධීය සාරයක් තිබුණානම් රෝහල්වල බෞද්ධ හිමිවරු දැක ගැනීම දුලබ දසුනක් වනු ඇත. නමුත් එය එසේ නොවේ. අප අසා ඇති පරිදි නම් බුදුහාමුදරුවන්ටත් යම් රෝග පීඩා ඇතිවී තුබුණි.උන් වහන්සේට ජීවකයෙක් සිට් බවටද අසා ඇත.
බුදුහාමුදරුවන්ටත් ⁣ජීවකයෙක් සිටියානම් අප ගැන  කවර කතාද?