Wednesday, January 6, 2016

කොලු හදවත

සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
අනෙකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතැයි
මා හද බියවී, සැලී සැලී යයි........

මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙමි
හිරු රැස් බිඳෙකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද.......

සොමි සඳවත ලෙස රුසිරු නොවී නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදි ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත..........

ගායනය: වික්ටර් රත්නායක


No comments:

Post a Comment