Monday, January 25, 2016

පෝරුව උඩ මනාලයා







අද උඹේ මූනේ සිරියාව සුදුමැණිකේ
උඹ විතරයි හරියට හිනහෙන්නේ...
යට ඉන්න උන් වගේ නෙවේ
බලපන් මැණිකේ උන්ගෙ Fake හිනා ගොඩ
මාත් හිනැහෙන්නේ අද විතරයි මැණිකෙ
හිනැහෙන්නේ කෝම?
හෙට ඉඳන් ණය ගෙවන්ඩත් එපැයි මැණිකේ..


ඉස්සර වගේ 5ට එන්ඩත් බැරිවෙයි මැණිකෙ
OT පාරක් නැතිව අමාරුවෙයි
මූණ පුලුටු කරන් බලන් ඉන්නව එහෙම නෙවෙයි මැණිකෙ


ලැපයි Bike කට්ටයි දුන්නෙ හිතකින් නෙවේ මැණිකෙ
මොනව උනත් උඹ සතුටින්නෙ මැණිකෙ
හෙට ඉඳන් අපි දෙන්නම වෙස් මූණක් දාමු මැණිකෙ
Makeup දාපු හිනැහෙන වෙස් මූණක්

1 comment:

  1. අම්මපා... ෆොටෝ එකක් ගන්නවත් එදාට මනමාලයා හිනස්සවන්න පුදුම ගේමක් දෙන්න ඕනෙ. ඌට ඕවා සේරම මතක් ඔළුවට එනවා ඇති.

    ReplyDelete