Thursday, April 6, 2017

සිංහල ගොවිගම අනතුරේ

සිංහල ගොවිගම අනතුරේ
මේ අවුරුදු සමයේ අඩුකුල උන්ගේ
කඩවල් වලට රිංගන්න
                  එපා
ගාන අඩුයි ෆැෂන් හොඳයි කිය කියා
අඩුකුලේ එකාව පෝසත් කරන්න
                  එපා
ආදරණීය නැගණියනි ඔබේ පෙම්වතා
අඩුකුලේද , එහෙනම් ඒ සම්බන්ධය
                  එපා

හිතන්න අඩුකුලේ පිරිමි ඔබව රවටාගෙන
  විවාහා වේවි.
ලැබෙන දරුවට හිමිවන්නෙ අඩුකුල
පෙළපතකි.
තව අවුරුදු කීපයකින් මුලු රටම අඩුකුලේ
වෙනු ඇත.
ඔවුන් ඔබව පාලනය කරනු ඇත.

ඔබ අඩුකුලේ ගෙවල් වලින් කන්න
                 එපා

දුටුතැන අහක බලා ගන්න

සිංහල ගොවිගම ලේ තියෙන අය Share කරන්න

(ඇයි අවුල් වගේද? ,සිංහල අඩු කුලේ අයට රිදුනද?  තමන්ට වඩා අඩු කුලේක කොල්ලෙක් හරි කෙල්ලෙක් එක්ක හරි යාළු වෙලා විවාහ වෙන්ඩ බලපන්කො,අඩුම තරමේ වෙඩිම දවසට ආස උනත් උඩරට මුල් ඇඳුම අඳින්න දෙනවද?, එදාට තේරෙයි සිංහල වුනත් උඹලට තියෙන තැන. එතකොට පොඩ්ඩක් හිතපන් මේ රටේ දෙමළට මරක්කලයට තියෙන තැන.අනෙක මේ රටේ සුළු ජාතීන් නැත්නම් ආතල් එකේ ඉන්න පුලුවන් කියල හිතන් ඉන්න උන්ගෙ ආතල් කුඩු වෙන්න මේක දැම්මෙ. සුළු ජාතීන් නැත්නම් මුං උඩරට පහතරට කියලා මරා ගන්නවා ,නැත්නම් කුල මල බේද වලට මරා ගන්නවා. නැත්නම් ඉස්කෝල වල නමට හරි මරා ගන්නවා )

Friday, March 31, 2017

අංජනම් දේවී Mode

ඔබේ ජංගම දුකේ බැටරි ඉනමනින් බහිනවද?
ෆෝන් එක රොටී කබල වගේ රත් වෙනවද?
දන්නෙම නැතිව credit අඩු වෙනවද
හොරාට  Flasher on වෙනවද
අයියණ්ඩිය බිය නොවන්න
වෙලා තියෙන දේ මම පෙන්වන්නම්
ඔබේ ජංගම දුකේ
"අංජනම් දේවී mode" activate වී ඇත..........

Thursday, March 9, 2017

උපත් පාලන⁣⁣යෙයි වඳකිරී⁣⁣මෙයි වෙනස නොදන්න ජඩමාධ්‍යවේදියෝ

මේ අද දින නිකුත් වූ "අද" පුවත්පතේ ඇති ප්‍රවෘත්තියකි.

http://www.ada.lk/article/221191/උපත්-පාලන-තොරතුරු-හෙළිකල-මාධ්‍යවේදියා-පොලීසියට-කැඳවයි

කංවන ආරියදාස නැමැති ජඩමාධ්‍යවේදියා තැබූ සටහනකට අනුව පහුගිය දින කීපයේ රට ගිනි ගන්නට විය.දඹුල්ල රෝහලේ වෛද්‍යවරියක ප්‍රසූතිය නිමවූ මවුවරුන් බලෙන් වඳ කරනවා යනුවෙන් ඇතිවූ චෝදනාව  පසුව සොයිසා රෝහලටද ⁣එල්ල විය. දුරදිග නොබලා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව පලවන මෙවැනි නිව්ස් පසුපස බොහෝදුරට ඇත්තේ ලංකාවෙ ප්‍රසිද්ධ ජනමාධ්‍යවල පවතින මාෆියාව සහ නිව්ස් නොමැති කමයි. 


    ඉහත ප්‍රදේශීය මාධ්‍යවේදීයා රෝහලෙන් නික්මුණු කාන්තාවක් කිහිපදෙනෙකුගෙ ප්‍රකාශ කිහිපයක් මත වෛද්‍යවරියකට බරපතල චෝදනාවක් එල්ල කර අතර එම ප්‍රවෘත්තියට අදාල වෛද්‍යවරියගේ ජාතියත් ඉස්මතු කරන ලදි. කෙනෙක්ව බලෙන වඳ කරනවා යන්න බරපතල ⁣චෝදනාවක් වන අතර එවැනි චෝදනාවකට ලක් වන්නා සුළු ජාතිකයෙක් වුවහොත් ඒ පසුපස කුමන්ත්‍රණ කතාවක් , සිංහල ජාතිය වඳ කිරීමක් වැනි කාරණා ඇසීම අනිවාර්ය අංගයකි. වෛද්‍ය දැනීමක් නොමැති කාන්තාවන් කිහිපදෙනෙකුගෙ ප්‍රකාශ කිහිපයක් මත චෝදනාවට ලක්වන වෛද්‍යවරිරියගෙන් හෝ අදාල රෝහලෙන් කිසිම ප්‍රකාශයක් ලබා නොගෙන එවැනි ප්‍රවෘත්තියක් පල කිරීම නොදන්නාකමක් නොව තක්කඩි කමක් වේ.එක නිව්ස් එකකට රුපියල් 2000-2500ක් ලැබෙන එවැනි මාධ්‍යවේදීයා කොහෙන් හෝ ඇසෙනා ඕපාදූපයක් අඩු වැඩිය එක්කර මාධ්‍ය ආයතනයකට ලබාදෙයි. එතැනින් එහාට වගකිවයුතු මාධ්‍ය ආයතන එම නිව්ස් එක තම පුවත්පතේ හෝ රාත්‍රි ප්‍රවෘත්ති විකාශයෙදි copy paste කරති.ඉතින් රටේ කොහේ හෝ තැනක රාත්‍රි අහසේ එළි දිස්වේ, අද්භූත දෑ සිදුවේ, එලොවින් ආ ජීවකයෝ බිහිවෙි.මේ එවැනි තක්කඩි මාධ්‍යවේදයේ සෘජු ප්‍රතිඵල වේ.

 දැන් අදාල රෝහලේ වෛද්‍යවරුන් අධිකරණයේ පිහිට පතා ඇත. එවැනි දෙයකින් වත් අදාල ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පියවි සිහියට පැමිණිය යුතුය .තම සගයෙකුට ප්‍රහාරයක් එල්ල වූ විට ඉදිරියට පැමිණෙන මාධ්‍යවේදීන් තම වෘත්තිය ගරුත්වය රැක ගැනීමට ඉදිරියට පැමිණිය යුතුය .තම  වෘත්තිය ගරුත්වය කෙලෙසීමට ඉඩ නොදිය යුතුය .වෘත්තියේ නාමයෙන් බෝරු බේගල් වපුරන්නන් හට ඔවුන්ගෙන්ම හඬක් නැගිය යුතුය .

   අවසාන වශයෙන් ප්‍රසූත දෙකක් අතර වසර දෙකක හෝ පරතරයක් තබා ගැනීමට (මවගේ සහ අනාගතයේ ඉපදීමට ඉන්නා පොඩි එකාගෙ සෞඛ්‍ය ගැන සිතා) උපදෙස් දෙන වෛද්‍යවරුන් කංවන ගෙන් උපදෙස් ගත යුතුය .මන්ද ලූපයෙන් වඳ වෙන විදිය දන්නෙ ඔහු පමණක්ම නිසාවෙන් .