Wednesday, May 23, 2018

වැස්ස වළාහක දෙයියෝ

  මුලින්ම කියන්න ඕනේ මේ සටහනෙන් පෙන්නන්නේ බුද්ධාගමේ වැස්ස ඇතිවීම ගැන දක්වන අදහස. කරුණාකර කඩි කුලප්පු කාරයෝ මෙතනින් එහාට මේ සටහන කියවන්න එපා .

වස්සවළාහක සූත්‍රය - අංගුත්තර නිකාය

" එකත්පස්ව වාඩිවුන ඒ භික්ෂුව භාග්‍යවතුන්වහන්සේට මේ කරුණ පැවසුවා. 'ස්වාමීනී, ඇතැම් දවස්වලට වැස්ස ඇතිවෙනවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද ?'

'පින්වත් මහණෙනි,වැස්ස වළාහක නමින් දෙවිවරු ඉන්නවා.ඒ ඇත්තන්ට ඇතැම් දිනෙක මෙහෙම හිතෙනවා." අපි ස්වකීය පංචකාම සැපයෙන් ප්රීතිමත්ව ඉන්නවානම් හොඳයි." කියලා.ඉතින් ඒ ඇත්තන්ගේ සිත පිහිටුවා ගැනීමට අනුව වැස්ස ඇතිවෙනවා.පින්වත් මහණෙනි ඇතැම් දවස්වලට වැස්ස ඇතිවීමට හේතුව මේකයි. කාරණාව මේකයි."

උපුටා ගැනීම ඉවරයි. ඒ කියන්නෙ වැස්ස ඇත්වෙන්නේ දෙයියන්ට පොඩි සැපක් ගන්න හිතුනම. පොඩි විද්‍යා දැනුමක් තියෙන මනුස්සයෙක්ට හොඳට තේරෙනවා මේක මොන මෝඩ කතාවක්ද කියල නේද? ඒත් බහුතරයක් මිනිස්සු මේවා පිළිගන්නේ සාදු කාර දීලා. දියුණු රටවල් කෘතිම වැසි ඇතිකරන්නට පවා විද්‍යා තාක්ෂණ දැනුම දියුණු කරගෙන තියෙන යුගයක දෙවියන් වැස්ස ඇති කරවනවා කියන එක විහිළුවක් නොවෙයිද. ......මේක ටයිප් කරගෙන ඉන්න ගමන් මතක් වුනා පෘථිවියේ පළමු වැස්ස ඇතිවීම නැත්නම් පෘථිවියට ජලය කොහෙන්ද ආවේ කියන දේ සම්බන්ධයෙන් තියෙන ජනප්‍රිය මතය. ඒ තමයි උල්කාෂ්මය හරහා ජල අණු පෘථිවියට ආවා කියන එක. මේක පරීකෂණාත්මකව පෙන්නන්ඩ පුලුවන්. අලුතෙන් වැටෙන උල්කාෂ්ම කොටසක් පොඩි පරීක්ෂණ නළයකට දාගන්න පුලුවන් ප්‍රමාණයකට කුඩු කරලා බන්සන් දාහකයකට හරි අල්ලන් හිටිය නම් පරීක්ෂණ නළයේ අැතුළත බිත්ති වල ඉතා කුඩා ජල වාෂ්ප ප්‍රමාණයක් බැඳෙනවා . ඉතින් විද්‍යාඥයෝ කල්පනා කරනවා පෘථිවියේ ආරම්භක අවධියේ ඒ කියන්නේ පෘථිවි තලය සිසිල් වීමට පෙර ක්‍රියාකාරී අවස්ථාවේ උල්කාෂ්ම දස දහස් ගණනින් වැටීම හේතුවෙන් ඒවයේ ජල වාෂ්ප එකතු වෙලා එකතු වෙලා පෘථිවියේ පළවෙනි වර්ෂාව ඇතිවුනා කියලා. ඒ කියන්නේ වැස්සට අයිතිවාසිකම් කියන්ඩ පොත්වල හිත්වල ඉන්න දෙවියන්ට කිසිම අයිතියක් නෑ.

   දැන් ඔය වැස්සවළාහක සූත්‍රය අහළ පහළින්ම තව සූත්‍ර දෙක තුනක් තියෙනවා.

එකක් තමයි වාතවළාහක සූත්‍රය . එකෙදි  අහනවා සමහර දවස්වලට සුළඟ වැඩි ඇයි කියල. එතකොට බුදුන් කියනවා වාතවළාහක නමින් දෙවිවරු සිටිනවා .ඔවුන්ට සමහර දවස්වලට හිතෙනවා අපි පංචකාම සැපයෙන් ප්රීතිමත්ව සිටිය යුතුයි කියල. අන්න ඒ දවසට ඒ දෙව්වරුන්ගේ සිත පිහිටුවා ගැනීමට අනුව සුළං ඇතිවෙනවා කියලා.

තව එකක් තමයි අබ්භවළාහක සූත්‍රය . එකෙදි භික්ෂූන් බුදුන් ගෙන් අහනවා සමහර දවස්වලට අනියම් ලෙසවළාකුළු ඇතිවෙනවා ,ඒකට හේතුව කුමක්ද කියලා. බුදුන් කියනවා මහණෙනි අනියම් වළාහක නමින් දෙවිවරු ඉන්නවා. සමහර දවසක ඒ දෙවිවරුන්ට හිතෙනවා අපි අද පංචකාම සැපයෙන් සිටිය යුතුයි කියලා. ඒ දවසට ඒ දෙවිවරුන්ගේ හිත පිහිටුවා ගැනීමට අනුව අනියමින වළාකුළු ඇතිවෙනවා කියලා.
  තව තියෙනවා උණ්හවළාහක සූත්‍රය . එකෙදි අහනවා සමහර දවසට උණුසුම් වැඩි මොකද කියලා.එතකොට බුදුන් අර විදියටම කියනවා උණුසුම් වළාහක නමින් දෙව්යො ඉන්නවා කියලා අර කතාවම.

බලන් ගියාම හැම කාළගුණික විපර්යාසයක් එක්කම දෙව්වරුන්ගේ පංචකාම සැපක් තියෙනවා. ඒ කාලේ ටොනාඩෝවක් එහෙම තිබුණානම් ඒකටත් ඒ වගේම සරල විග්‍රහයක් තියෙයි. මේක කියෙව්වම සමහරුන්ට තරහා යයි. ලියල තියෙන්නේ ඩොලර් කාක්කෙක් කියල කියයි . කෙල්ලො ජීන්ස් අඳින නිසා භූමිකම්පාව ඇතිවෙනවා කියන මුස්ලිම්  පූජකයන්ට හිනාවෙන ගමන් මේවටත් හිනැහිය යුතුයි. මොකද ඒ ඔක්කොම පට්ටපල් බොරු නිසා. මගේ යෝජනාව අපි ආගම් දිහාත් බය පැත්තකින් තියලා විවෘත මනසින් බැලිය යුතුයි කියලා. එතකොට ඒවයේ තියෙන weak points ,බොරු මනස්ගාත ලස්සනට පේනවා.

Saturday, May 12, 2018

පූජ්‍ය පූජක පක්ෂයට මෝල්ද?

උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමේ කව්දෝ හාමුදුරුවරු කෙනෙක් පිවිතුරුකම නැතිකරගනලුනේ. මං හිතන්නේ දානේ ගෙනාපු දායිකාවකට බලහත්කාරයෙන් ධාතූ පෙන්නන්ඩ ගිහින්. දැන් ඒ දායිකාව අසාධ්‍ය තත්වෙන් රෝහලක. ඉස්පිරිතාලගතවෙන්ඩ තරම් ශක්තිමත් ධාතූ පෙන්නිල්ලක් කිව්වම සෙල්ලමක්ද?  සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙතුන් වතාවක් ඔය වගේ පූජ්‍ය පූජක පක්ෂය සහභාගීත්වයෙන් වන අතවර කිරිලි අහන්ඩ ලැබෙන එක පුරුද්දක්. ඔය කියන පූජ්‍ය පූජකයෝ ඔය ස්ථාන වල ඉන්නෙත් ස්ත්‍රී සැප එපෝ කියාගෙනනේ. හැමදේම බැලන්ස් කරන් නිවාඩු පාඩුවේ දායිකාවකට කොටාගෙන ඉන්න ඈයෝත් ඉන්නවා. නිකමට හිතුනද මේ පූජ්‍ය පූජකයන්ට මෙච්චර මෝල්  ඇයි කියල. ඕකට මරු උත්තරයක් කොවුර් කියනවා. මනුස්සයා යෝජනා කරනවා පැවිද්දන්ට කතෝලික පියතුමනල අාදියගේ ඔය ලිංගික අශාවන් අැති කරන හෝමොන නිපදවන ග්‍රන්ති කප්පාදු කළ යුතුයි කියල. මානව හිමිකම් අනං මනං පැත්තෙන් බැලුවම නම් අවුල් තමයි. ඒත් සාමාන්‍ය මනුස්සයෙකුගේ ලිංගික අවශ්‍යතාවයි පැවිද්දෙකුගේ ලිංගික අවශ්‍යතාවයි බැලුවොත් පැවිද්දන්ගේ අවශ්‍යතාවය දරුණුයි. ඇයි කිව්වොත් උන්දැලා කන්නෙත් ඉතාම රසවත් පෝෂ්‍යදායි ආහර. දුප්පත්ම එකෙක් දානයක් හැටියට බතුයි සම්බෝලයක් දුන්නත් ඒකත් දෙන්නේ තමන්ගේ උපරිමයෙන්. පළතුරු ටික මුදවපු කිරි ටික යෝගට් ටික ගාණට ඇඟට වැටෙනවා. රටේ අනෙකුත් සාමාන්‍ය මනුස්සයෙකුට ඒ වගේ දේවල් දෛනිකව ගන්න තරම් ආර්ථික ශක්තියක් නෑනේ. ඊළඟට කාලා ඉවරවෙලා වැඩක් කරනවා කියලද. ඕහේ ගෙවෙන සෝමාරි ජීවිත. පන්සලක් පල්ලියක් අතුගාන එකවත් කරනවා කියලද. බස් එකක කෝච්චියක හිරවෙලා යනවා කියලද. පවුල් ප්‍රශ්න ළමයින්ගේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න කියලද. කිසිම බරක් නැති සැප ජීවිත. ඉතින් එහෙම සෝමාරි ශරීරවල ශක්තිය වැයවෙන්නේ නෑනේ.සාමාන්‍ය මිනිස්සු ඔෆිස් එකේ ප්‍රශ්නයි ආර්ථික ගැටලුයි සේරම එක්ක හවසට හිරවෙලා තැලිලා පොඩ්වෙලා ගෙදර ආවාම මොන sex ද? ඒකනේ කොවුර් මහත්තයා ⁣අර වගේ යෝජනාවක් කරන්නේ කප්පාදු කරමු කියල.  එක අතකට ඒකේ අවුලකුත් නෑ. එයාලා කම්සැප එපා කියල කියන එකේ අර කියපු ග්‍රන්ති ඉවත් කරන එක අතකට උදව්වක්නේ නේද.

  ඉතින් පන්සල් පල්ලි යද්දි පොඩ්ඩක් පරිස්සමෙන්. විශේෂයෙන්ම පොඩි ළමයි එහෙම යවද්දි. වැඩුණු  කාන්තාවන්ටත් බලහත්කාරකම් වෙනවා නම් පොඩි ඈයෝ මොනව දන්නවා කියලද.

Wednesday, May 2, 2018

මා බාල කාලේ - මිත්‍යාවේ තුරුලේ

     මේ ලියන්න හදන්නෙ සිරා සිද්ධි දෙක තුනක්. ⁣⁣දැන් හෙන භෞතිකවාදි අදහස් තිබණට මමත් කාලයක් (ඉස්කෝලේ යන කාලේ) මිථ්‍යාවන් විශ්වාස කරා.එ්වා අපේ ඔලුවලට නොමිලේම දමන දෙවල් නේ.සමහරු ඒවා කරේ තියන් යනවා.සමහරු පයින් ගහල දානවා. මම ක⁣රේ දෙවෙනි එක.
         1997 අවුරුද්දෙ පොසොන් මාසේ. මම හතරෙ වසරේ හරිය. පොසොන් එකට සීසන් එක අනුරාධපුරේ නේ.ඔන්න අපිත් ගියා අනුරාධපුරේ වන්දනාවේ ෆැමිලිය පිටින්ම. ශ්‍රී මහා බෝධිය ගාවටත් අාවා කියමුකෝ , ඔන්න අපේ අම්මා කියපි පුතේ බාරයක් වෙයන් ශිෂ්‍යත්වෙ පාස් වුනාම ගන්න ලකුණු ගාණට හරියන පහන් ගාණක් ශ්‍රී මහා ⁣බෝධිය ළඟ පත්තු කරනවා කියලා හිටං. ඉතින් මාත් එහෙම හිතා ගත්තා. ඊළඟ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙත් ආවා මාත් පාඩම් කරලා ටියුෂන් ගිහිල්ලා ඔක්කොම කරලා පාස් වුනා. ලකුණු 162ක්. ඒ කාලේ හැටියට නම් ලොකු ගාණක්. ඊ⁣ට පස්සෙ අවුරුද්දෙත් පොසොන් එකට අනුරාධපුරේ ගිහින් අර කියපු විදියට පහන් දහස් ගණනක් මැද පට්ට දවාලේ මාත් පහන් එකසිය හැට ගාණක් පත්තු කරා. අඩුම තරමේ පහන් වැට ගාවට ළං වෙන්න වත් බැරි තරමට පහන් වල රස්නෙ. මිනිස්සු ඒ තරමට පහන් පත්තු කරලා. මොනව කරන්නද Promise is a Promise කියල පරණ සිංහල කතාවක් තියෙනවනේ. කතාව ඒක නොවෙයි , අපේ ගමේ ගෑණු මනුස්සයෙක් හිටියා සාස්තර කියන ගුරුකම් කරන මළවුන් ගෙන්නන ආදී හැම මඟුලම කරන. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ටික දවසකට පස්සේ අම්මා මාවත් එක්කගෙන අර උන්දැගේ දේවාලෙට ගියාම උන්දැ කියපි මම ශිෂ්‍යත්වෙ පාස් වුනේ උන්දැ කරපු ශාන්තියකටලු. උන්දැට මගේ වයසෙම දුවක් ඉන්නවා. හැබැයි ඒ යෝදි ෆේල්. ඔන්න උන්දැගේ සෙත් ශාන්තියේ තරම. පිට එකා පාස් තමන්ගේ එකා ෆේල්. හොඳම හරිය ඒකත් ⁣නෙවෙයි . දැන් අවුරුදු දෙක තුනකට කලින් මං දැක්කා අර සාස්තර උන්දැගේ දුව වෑන් එකක් drive කරනවා.මාත් ඉතින් ගෙදර ඇවිල්ලා අම්මගෙන් ඇහුවා අර කෙල්ල වෑන් එකක් අරන්ද කියල හරිය. මේ තියෙන්න ඒ වෑන් එක ගත්ත විදිය ගැන අපෙ අම්මා  කියපු කතාව. අර සාස්තර කියන ගෑණු කෙනා ගාවට අහල පහළ ගමක මැදි වයසේ ඉන්න ළමයි නැති ජෝඩුවක් ඇවිල්ලා තියෙනවා සාස්තරයක් හරි මොකක් හරි බලන්න. දැන් එතකොට අර සාස්තර උන්දෑ සාස්තරේට කියල තියෙනවා අර ජෝඩුවට හම්බ වෙන්න හිටපු ළමයා තමයි මෙයාගේ (සාස්තර උන්දැගේ) ගර්භාෂයේ පිළිසිඳ ගෙන තියෙන්නේ කියලා. මේක අහපු අර ජෝඩුව අර තමන්ගේ වෙන්න හිටපු ඒත් වෙන ගෑණු කෙනෙක්ට (සාස්තර උන්දැට) හම්බවුනු අර කෙල්ලට වෑන් එක දීලා හිටන්. කොහෙමද මොලේ😀😀😀

         මේ තව සිද්ධියක්. එතකොට මම නවය වසරේ විතර. අපේ අම්මා මාව ඇදන් ගියා කම්පියුටරයෙන් හඳහන බලවන තැනකට. ඒ කාලේ කම්පියුටර් කිව්වම හරි ලොකුයි නේ.අම්මට ඕනෙ වුනේ මගේ උසස් අධ්‍යාපනය ගැන අහගන්න. හඳහන බලපු මෑන් කිව්වා මම ඉහළට ඉගෙන ගන්නෙත් නෑ, අවුරුදු 27 වෙද්දි  කසාද දෙකකුත් කරගෙන ඉඳීයි කියලා. දැන මට තිහත් පැනලා. විවාහ වුනෙත් 29න්.

  තවත් සිද්ධියක් . මේක වුනේ මම එකොළහ වසරේ ඉද්දි. සාපෙළට මාස තුනක් වගේ කිට්ටු කරලා එකපාරටම මගේ ඇස් පේන්නේ නැතිව ගියා. දවස් දෙක තුනක් ඇතුළතදී blackout . පුද්ගලිකව මට ඒක හරිම අසීරු අවස්ථාවක්. පොතක් පතක් කියවන්න බෑ. TV එකක් බලන්න බෑ. ඉස්කෝලේ යන්න ටියුෂන් යන්න මොකුත් බෑ. කොහොම හරි Doctor කෙනෙක් චැනල් කරලා යන්තම් recover වීගෙන එද්දිම අම්මා ආයෙත් මාව තෙල් බේත් කාරයෙක් ළඟට අරන් ගියා. ඒ වෙද්දි මට පේනවා, හැබැයි අකුරු කියවන්න තරම් පේන්නේ නෑ. අනික Doctor ජී කියල තිබුණේ O/L ලියන්න ආසාවක් තියෙනවා නම් bed rest කරපන් කියලා. කොහෙමහරි තෙල් බේත් කාරයා මුස්ලිම් එකෙක්. ගරා වැටුනු ගෙයක තමයි මිනිහ ජීවත් වෙන්නේ. බ්ලොක් ගල් බිත්ති  විතරක් උස්සපු ,ඒකේත් පොඩි කොටසකට විතරක් තහඩු වහලයක් ගහල. අනෙක් බිත්තිවල ගල් පාසී බැඳිලා. පේන.විදියට ඒ බිත්ති බැඳල අවුරුදු 10ක් වත් අව්වට වේලිලා වැස්සට තෙමිලා. ඒ වගේ මිනිහෙක්ගෙන් තමයි අපේ මිනිස්සු තමන්ගේ ජීවිතවල ගැටලු විසඳගන්න යන්නේ. අපේ වාරේ ආවම මිනිහා ඇහුවා අපේ ප්‍රශ්නේ. මගේ ඇස් පෙනීම මදි කිව්වම මෑන්ස් රෙදි පට්යක් මගේ ඹලුව ව⁣ටේ බැඳලා අරාබියෙන්ද මන්දා හෑලි වගයක් කියෙව්වා. කියවලා මගෙන් ඇහුවා ඒවා කියවද්දි මගේ ඇස් වලට තරු පත්තු වෙනවා වගේ නේද කියලා. මට මෙලෝ දෙයක් පෙනුනේ නැතත් පව්නේ අහිංසක මිනිහා කියලා ඔව් ඔව් කිව්වා.මිනිහටත් සතුටුයි. අපේ අම්මටත් සතුටුයි.පස්සේ ගෙදර එන ගමන් අම්මට කිව්වා මං බොරු කිව්වේ කියලා.

  උසස් පෙළ කරන කාලේ වගේ වෙද්දි නම්  මට මිථ්‍යා දේවල් වලට කිසිම බලපෑමක් තිබුණේ නෑ. අම්මා දැනගත්තා මම හැදෙන එකෙක් නොවෙන බව.අම්මා නම් අදටත් තනිකර මිථ්‍යාවේ කරවටක් ගිලිලා. සිලුත් ගන්නවා. දේවාල සංචාරෙත් යනවා. ෆෙන්ෂුයි මඟුලුත් කරනවා. ඒ මිනිස්සුන්ව කියල හදන්න පුලුවන් වයසකත් නොවෙයි ඉන්නේ. හවසට මහ හයියෙන් පිරිත් කියවනවා. හින්දි සිංදු කියනවා වගේ කිව්වට ඒකේ තේරුම දන්නෙත් නෑ.පුරුද්දට කරනවා. වයසක නොවෙයි සමහර තරුණ කෙල්ලො කොල්ලොත් එහෙමයි.
අනෙක් මිනිස්සු කරන හින්දා කරනවා.මිථ්‍යාවේ බඩ පිනුම් ගහනවා. ගමක මනුස්සයෙක් එක්ක මොනව හරි දෙයකට ගැටුමක් ඇති වුනොත් පොලිසි යනවා legal action ගන්න⁣වා කිව්⁣වොත්  මිනිස්ස බය නෑ. හැබැයි දේවාලෙකට යනවා පොල් ගහනවා හූනියමක් කරනවා කිව්වම බයයි . ඒක තමයි ඇත්ත කතාව