තවද එක් භීම සමයක් උදාවිය. එසඳ අං ඇති ගැරඬිහු ගොදුරු සොයමින් තැන තැන සරන්නාහ. දලු ලූ මෝල්ගස් මුදුණෙහි කැදලි තනාගත් ධවල කපුටෝ නිති නින්දටම හැරුණාහ. පිහාටු ලද ඉබ්බෝ පියාසර කිරීමෙන් ලද තෙහෙට්ටුව සන්සිඳුණු රිසියෙන් මෝල්ගස් සෙවණෙහි ගිමන් හැරියාහ.
මෙලොව බිහිවන්නට අකනිටා බඔලොවට වී නිමිති බැලූ ඇම්ඩනයානෝ මේ සිය අභිනව භවයට අභිමත කාලය යැයි සිතූහ.තවත් පමාවීම භීම සමයේ නිමාවට හේතුවක් බැව් කල් තියා දැනගත් ඇම්ඩනයානෝ සදෙවුන් මුණ ගැසී මෙපවත් සැල කර සිටියෝය.
"මෙතුවක් නිමිති බලමින් සිටි තා මේ මොහොතේ අප හැර යන්නට සිතන්නේ කවර නම් හේතුවක් නිසාවෙන්ද?"
" ශක්‍ර දේවයෙණි, අභිනව භවයට මා සොයමින් සිටි සියල්ල දැන් සැපරී තිබේ.එසේ හෙයින් තවත් නම් පමා වීම අකැප වන්නේය ."
" තාගේ තීරණය එය නම් මම ඊට එරෙහි වන්නට යත්න නොදරමි. මෙතුවක් අප සමඟ වෙසෙමින් මගේ භවන පිනවූ ඇම්ඩනයානෙනි තට යහපතක්ම වේවා....බඔලොවින් මිදී නරලොවට පා තබන්නට පෙර මම තට වරයක් දෙන්නෙමි. තට ඇවැසි යමක් වෙත්නම් ඉල්ලව.....
ඇම්ඩනයානෝ කල්පනා සයුරේ ගිලුණාහ.
" කිම පුත තා තවත් කල්පනා කරන්නට කාරණය?"
" නැත . දේවයන් වහන්ස දෙවියෝ වන අපි සකල සිරියෙන් ආඨ්‍යව වෙසෙන්නෙමු. එසේ හෙයින් අපට අවශ්‍ය කිනම් දෙයක්දැයි එකවර මතකයට නැඟීම දුෂ්කර ක්‍රියාවක්ම වන්නේය. එනමුදු දේවයන් වහන්ස දෙවියෝ වන අපි එක් අඩුවකින් පෙළෙන්නෙමු.
" ඒ කුමක්ද ?"
"අවසර දේවයන් වහන්ස , දෙවියෝ වන අපි ලිඟු නැති නිසාවෙන් මහත් චිත්තපීඩාවෙන් වෙසෙන්නෙමු. අකනිට බඔලොවෙහි සකල සම්පත් ආඨ්‍යව ඇති නිසාවෙන් එම පීඩාව මහත්කොට නොදැනේ. එනමුදු ලිඟුවක් අහිමිව නරලොව නම් වෙසෙන්නට බැරිය. එසේ හෙයින් මා ඔබවහන්සේගෙන් මා ඉල්ලා සිටින්නේ පුරුෂ ප්‍රාණයක් පතා නරලොවට යන මට දෙව්ලොවත් නරලොවත් වෙන්වන සීමාවෙදි පුරිස් ලිඟුවක් ලබාදෙන ලෙසය.
" බිය වන්නට කාරණාවක් නොමැත ඇම්ඩනයානෙනි ,තාගේ අවශ්‍යතාව මට වැටහේ. මෙතුවක් තා කළ මෙහෙයට කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගන්නෙමි. දෙව්ලොවත් නරලොවත් වෙන්වන සීමාවෙදි තට පුරිස් ලිඟුවක් ලැබෙනු නියතය.මතක තබා ගනුව , එය නරයන් අතර තිබෙන්නා වූ බලගතුම පුරිස් ලිඟුව වනු නියතය ."
ශක්‍ර දේවෙන්දයාගේ ආශිර්වාදය ලබා ගත් ඇම්ඩනයානෝ අකනිටා බඹලොවින් නික්මී නරලොවට එන ගමන ඇරඹුවෝය. දෙව්ලොවත් නරලොවත් වෙන්වන සීමාවට පැමිණි හෙතෙම අවසන් වතාවට දෙව්ලොව දෙස බලා සීමාවෙන් එපිටට දකුණු පාදය තැබීය. එකනෙහිම කේශාන්තයේ සිට පාදාන්තය දක්වා මහා විදුලි සැරයක් ගමන් කරනු ඇම්ඩන්යාට දැනිණි . කලබල වූ හෙතෙම වහා සිය යටබඩ දෙස බැලීය. අහෝ පුදුමයකි. යටිබඩට පහළින් දෙවටොර ඉම අසාහය පුරිස් ලිඟුවකි. සතුටින් පිනාගිය ඇම්ඩනයා 'යුරේකා' කියා කෑ ගැසීය. නරලොවට එක් පාදයකුත් දෙව්ලොවට අනෙක් පාදයත් යොමා සිට මෙලෙස දෙවියන්ට අකැප වචනයෙන් කෑ ගැසූ ඇම්ඩනයා කෙරෙහි කිපුණු ඊශ්වරයා සිය ලලාට නයනය හැර ඇම්ඩනයාගේ මුව දෙස බැලීය .එකනෙහිම මහා ගිනි ජාලාවක් මැවී ඇම්ඩනයාගේ මුව දැවෙන්නට පටන් ගත්තේය.සිදුවන්නට යන විපත දුටු ශක්‍රදේවෙනදයේා ඇම්ඩනයා කෙරෙහි මහත් අනුකම්පා උපදී ඊශ්වරයා අවුළන ගිනි නිවනු පිණිස සීතල දිය ධාරාවක් ඇම්ඩන්ගෙ මුව තුළට එවූහ.එසේ හෙයින් මුලු මුඛයම දැවී අළුවීයාමෙන් බේරා ගැනීමට ඇම්ඩන්යාට හැකි විය . එතෙකුදු මඳක් දැවුණූ මුව ඇති හෙයින් ඇම්ඩනයාගේ මුවින් ඉනික්බිතිව නිති පිටවූයේ නොසරුප්වදන්මය.වහා දෙව්ලොව සීමාවෙන් වම් පාදය ඉවතට ගත් ඇම්ඩනයානෝ දෙව්ලොව දෙස බලා තමාට මේ විපත කළ ඊශ්වරයා අමතා මෙසේ කීය.
" එම්බා ලිඟු නැති පාදඩය, තාගේ තෙවන ඇසට වඩා මාගේ තෙවන ඇස බලවත් බව දැනගනුව, තාගේ තෙවන ඇසින් මාගේ මුව දැවුණූ බව සැබවි. එතෙකුදු මාගේ තෙවන ඇස හැරියේ නම් තාගේ බිරිය ගැබ්බර වන බව මතකයේ තබා ගනුව........
උපුටා ගත්තේ :
ඇම්ඩන් නූතන ජනකතා
කතෘ; අසංක සායක්කාර
No comments:
Post a Comment