Sunday, May 28, 2017

දේවෝ වස්සතු කාලේන ද?

වැස්සත් සමඟ රට පුරා ආපදා තත්ත්වයක් උද්ගතව ඇත. මොලේ ඇති එකාට මෙය මිත්‍යාවට සමුදීමට අවස්ථාවකි. මෝඩයාට මෙය තවදුරටත් මිත්‍යා අන්දකාරයේ කරවටක් ගිලීමට ඇති අවස්තාවකි.
   සමහරක් ට අනුව මෙසේ වැසි වැසීමට හේතුව ආධාර්මික රාජ්‍යය පාලනයයි. එහෙම කියන බහුතරය රාජපක්ෂවාදියෝ වීමද සැලකිල්ලට ගත යුතුය.සුනමිය ආවෙ කවුරුන් අගමැති සමයෙහිදැයි ඔවුන්ට අමතකය.සෑම වර්ෂයකම ඟං වතුරක් ,නියඟයක් අනිවාර්ය අංගයක් වන ඉල්ලංකාවේ ඒ අනුව කිසිදා ධාර්මික එකෙක් පාලකයා නොවනු ඇත.
    ඟං වතුරට රත්නපුර සමන් දේවලයද අසුවී ඇත. අහෝ සුමන සමන් ට තමන්ගේ දේවාලය වත් බේරාගනු නොහැකි හැටියක්. එහෙව් දෙවියෙක් ගෙන් අපේ උන් දාහක් දේවල් ඉල්ලන හැටියක්.ඟං වතුර අඩුවු ගමන් අපේ බුද්ධිමත් ජනතාව විභාග සමත් වීමට සමන්ව යදිනු ඇත.දරු සම්පත් සමන් ගෙන් ඉල්ලනු ඇත. අහෝ තමන්ගේ දේවාලය බේරාගනු නොහැකි එකා ඔබගේ ඉල්ලීම් ඉටු කරනු ඇත.
  සමහරක් අංගුත්තර නිකායෙන් (ඔවුන් කියන හැටියට) රාජ්‍ය පාලකයාගෙ අධාර්මිකත්වය නිසා වැසි නියං ඇතිවේ.අංගුත්තර බැරිනම් පිංගුත්තර නිකායෙන් උනත් මෙවැනි මිත්‍යාවන් ප්‍රවර්ධනය කරන උන්ට මඩු වලිගෙන් තැලිය යුතුය .උන්ට අනුව  වැසි නියං තීරණය කරනුයේ අහසේ සිටිනා පුදුමාකාර දෙයියෙකි.අනෙක් රටවල් වල උන් කෘතිම වැසි පවා ඇති කරන්නට උත්සාහ කරන කා⁣ලයක අපේ වාහෙල වර්ෂාව ඇති කරන දෙයියෙක් අතැයි සිතති.තව සමහරක්ට නුවර පෙරහැර නිසා වර්ෂාව ඇද හැලේ. පෙරහැර වල් නැති රටවල් වලට වැස්ස ඇද හැලෙන්නෙ ඇයිදැයි  ඔවුන් පහදන්නේ නැත. මුහුදට වර්ෂාව ඇද හැලෙන්නේ මාලුන් තල්මසුන් ආදිය පෙරහැර සංවිධානය කරන නිසා විය යුතුය . කැලෑ වලට වහින්නට කැලේ සත්තු පෙරහැර සංවිධානය කරනවා විය යුතුය

    ඔවුන්ට මෙවැනි මෝඩ අදහස් ඇති වීමට ආගම් ඉවහල් වීම සැළකිය යුතු කරුණකි.කුඩා කල පටන් ගිරා පෝතකයින් මෙන් උගත් දෑ ඔහේ වමාරනවා වෙනුවට කිසිම තාර්කික බුද්ධියක් ඔව්නට නැත . ඔවුන්ට අනුව තම තමන් අදහන දෙවියන්, බුදුන් ,අල්ලා ජේසු සියල්ල දත්ය.
  විහිළුවට කාරණය නම් වයසක සීයලා අච්චිලා ගේ අදහස් හණමිටි අදහස් සේ සළකා බැහැර හරින සමාජයම මීට අවුරුදු  දෙදාස් පන්සීයකට දෙදාහකට කලින් සිටි සාස්තෘන් කියන්නන්ගේ සමහරක් මරි මෝඩ අදහස් දොහොත් මුදුන් දී පිළිගැනීමයි.

චීත්ත ළඟදි තැන අමතක වෙන උන්ට

එකොමත් එක රටේ හැම ගමකම පාරවල් වල බල්ලො ඉන්නවනේ. අපි පොඩි කාලේ නම් බලු වෑන් කියල ජාතියක් තිබුණ ,දැන් ඉන්න උන් අහල නෑ හරිය. සාමාන්‍යයෙන් ඔය බල්ලො ඉන්නෙ ගැන්සි පිටින්.උන්ගෙ ඒරියල් එකට වෙන බල්ලෙක්ට කියා පදුරු බල්ලෙක්ටවත් එන්ඩ දෙන්නේ නෑ. ඔන්න ඔහොම ඉන්න බල්ලො අතරට බැල්ලියෙක් අාවා කියමුකො.අන්න එතකොට තමයි බල්ලගෙ බලුකම මතු වෙන්නෙ. උදේ ඉඳන් රෑ එළි වෙනකල් එකට ඉන්න යාළු බල්ලට ගොරවනවා. මොකටද?
බැල්ලි ඉස්සරහ ලකුණු දා ගන්ඩ.

  දැන් අපි එමුකො මිනිස් ලෝකේට.උදේ ඉඳන් රස්තියාදු ගහන, එක සිගරට් එක දෙකට කඩන් බොන,එකටඉස්කෝලෙ කට් කරන,එක කෑම එක බෙදන් කන කොල්ලො සෙට් එකක් ලඟින්  යනවා චීත්තයක්.ඔන්න කොල්ලනගෙත් බලුකම මතු වෙන වෙලාව.ටක් ගාලා ලඟ ඉන්න එකාව බයිට් කරනවා. ඌව නෝන්ඩි කරල පාගලා දානවා. මොකටද?
චීත්තයක් ඉස්සරහ ලකුණු දා ගන්ඩ

(මේ කතාව Rahal Alwis හාදයාට නම් අදාලම නෑ හොඳේ.නම ඇහුවෙත් එදාමයි උනාට.පු⁣තී උඹටත් උනේ ඕකමයි.අනෙක subject එක දැනගෙන වෙලට බැහැපන්..ගෑණු පරානයක් ළඟ හිටියට ඉන්න කරන වැඩේ හරියට කරපන්.)

Wednesday, May 17, 2017

අද පාඩම - මැයි 18

මනුසත්කම පළමුවද
සතා සීව්පාවා දෙවනුවද
පරිසරය තෙවනුවද
පැරදුනහ
එහෙත් අප දිනුම සමරන්නෙමු
ඔවුන් මළවුන් සමරති

Tuesday, May 9, 2017

ඉන්දියාව පෝඩා

වැඩට යන එන කෝච්චිය
ඉන්දියන්
යන එන බස් එක ටාටා, ලේලන්ඩ්
ඉන්දියන්
හදිසියකට යන එන රෝද තුන
ඉන්දියන්
පළවෙනියට ගන්න දඩුමොණරේ
ඉන්දියන්
පළවෙනියට ගන්න රෝද හතරෙ මරුටි ඇල්ටො
ඉන්දියන්
නැතුව කන්නෙත් නැති පරිප්පු
ඉන්දියන්
උඩ තියාන බලන මෙගා නාට්‍ය
ඉන්දියන්
කෙල්ලන්ගෙ හිතේ ඉන්න ෂාරුක්
ඉන්දියන්
හදිසියකට කොල්ලො searchකරන සනී අක්ක
ඉන්දියන්
සාදු සාදු කියල වඳින මිනිහත්
ඉන්දියන්

ඒ උනාට අපි ඇන්ටි ඉන්දියන්
උනේ කොහොමද අහන්ඩ එපා පුතේ
ඒක එහෙම තමයි

Friday, May 5, 2017

ජොකා ඇඳන් Bathroom එකෙන් නාමි

හමුදාවේ තුවක්කු ජනතාව දෙසට හැරෙවුවොත් උන්ඩ දශ ලක්ෂයයි.. අනෙක් පසට හැරෙවුවොත් එක උණ්ඩයයි..
- උදය ගම්මන්පිල -

ඇල්වතුරත් නිවල බොම්
ජොකා ඇඳන් Bathroom එකෙන් නාම්

ගම්මන්පිලං භයංකාරම්
අතේ දුරින් ආශ්‍රය කරපම්

- ගම්මන්පිලංකාරය-

Thursday, May 4, 2017

ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නේ නැහැ - බැසිල් (BBC)

ඒ උනාට මහත්තයෝ ඔයාලමනේ දොඩන්නේ එහෙ ඉන්න සුදු ඈයො හරම කෘෘරය,
අපේ සුනුහුරේට හදි කරනවය කියල
ඉතින් මෙහෙ ඉන්න ඇත්තො සුද්දෙක් පාරෙ ගියත් රවල බලනව මහත්තයෝ ,
පරිස්සමෙන් මහත්තයෝ
නිව්යෝක් හන්දියේ  නිව්යොක් එක්සත්  3wheel සංගමය ඔබතුමාට වටපෝරියල් එකක් වත් දෙයි.
සුද්ද සතා...
සුද්ද හදන්නෙම අපිව යටත් කර ගන්ඩ
ඔය රොකට් හදනවා, හඳට යනව කියනවා නේද මහත්තයෝ
ඔව්ව බොරු
උන්ට කොහෙද ඕවට වෙලාවක්
ඉස්කෝලේ උගන්නන්නෙත්
How to conquer srilanka කියලලු ඕං
මටත් කිව්වෙ Newyork central college එකෙක්
කොල්ලා කට කැඩිච්ච කතා කිව්වට
අපි අහන් නෑ මහත්තයෝ
අපි දන්නව ඔබතුමා සතුරු කටේ ඉඳන්
සතුරටම අරිනවා කියල
God bless America
දෙන්නම් උඹලට....

(බැසිල් රාජපක්ෂ සමඟ කළ සම්පුර්ණ සංවාදය https://www.facebook.com/BBCSinhala/videos/819604208197329/)