Friday, December 29, 2017

2018 වසරට විශ්මිත අනාවැකි

* රථ වාහන අනතුරු අධික වසරකි.
* ඟං වතුර තත්ත්වයක්
* නායයාම් වලින් මිනිස් ජීවිත අහිමිවීම්
* රටේ⁣ කොටසකට නියං තත්වයක්
* දේශපාලන පැති මාරුවීම්
* ජීවන වියදමේ ඉහළ යෑම්

(පුරාණ සෘෂිවරුන් ගේ පුස්කොළ පොත් අධ්‍යනයෙනි)

Wednesday, December 6, 2017

සාඩු මොකාටද එන්නේ

ඔබ gay couple එකක්ද?
සාඩුට ප්‍රශ්නයක් නැත.
ඔබ  lesbi couple  එකක්ද ?
සාඩුට එයද ප්‍රශ්නය නැත 
කොල්ලව තනියම ඇතුලට යවනවද
සාඩුට ප්‍රශ්නයක් නැත අපට ප්‍රශ්නයකි
කෙල්ලව තනියම ඇතුලට යවනවද
ප්‍රශ්න පත්තරකි
සාඩු සාඩු සාඩු

Monday, December 4, 2017

මුහුදු සර්පයෝ ආවම සුනාමි එනවද

සුනාමි ගැන මල පොතේ අ යන්න නොදන්නා ඔබේ ළදරුවට කියා දෙන්න.

   සුනාමියක් ඇතිවිය හැකි ක්‍රම

1.මුහුද අභ්‍යන්තරයේ ඇතිවන භූමිකම්පාවකින්
    මුහුද අභ්‍යන්තරයේ ඇතිවන සෑම  භූමිකම්පාවකින්ම සුනාමි රළ ඇති වන්නේද නැග. භූ තල ඉහළ පහළ යන චලිතයකින් පමණක් සුනාමියක් ඇතිවේ.

2.විශාල උල්කාෂ්මයක් මුහුදට ඇද වැටීමෙන්.
    මෙවැනි අවස්තාවකදී සුනාමි රළ පහරක් ඇතිවන අතර ඉතා විරල සිදුවීමකි.එවැනි විශාල ප්‍රමාණයේ උල්කාෂ්මයක් පෘථිවියට ළඟා වීමට පෙර හඳුනාගත හැකි බැවින් හුඹස් බියක් ඇති කර ගත යුතු නැත.

3.මුහුද  අභ්‍යන්තරයේ නාය යෑමකින්.
4.මුහුද අභ්‍යන්තරයේ වන ගිනි කඳු  පිපරීමකින්

සුනාමි බොහෝමයක් ඇති වන්නේ මුහුද අභ්‍යන්තරයේ ඇතිවන භූ කම්පා හේතුවෙනි. භූ කම්පනයක් ඇතිවන දිනක් වේලාවක් කලින් කීමට තරම් තාක්ෂණයක් නැත.මනාලියක් බැලීමට මනමාලයෙක් පැමිණෙන්නා සේ කලින් දින වේලා වෙන් කරගෙන සුනාමි රළ පැමිණෙන්නේ නැත.භූ කම්පනයක් ඇති වූ පසු සුනාමි අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීමක් පමණක් සිදු කිරීමට හැකි බැවින් එලෙස අනතුරු ඇඟවීමක් අදාල ආයතනකින් සිදු කළවිට පමණක් අනතුරුදායක ස්ථාන වලින් ඉවත් වීම සිදු කරන්න. ගොබ්බ ⁣ඡ්‍යෝතිශ්කරුවෙකුට හෝ ගොසිප් මාධ්‍යකරුවෙකු⁣ට සුනාමී ඇතිවීමක් ගැන අනාවැකි කීමට දැනුමක් නොමැති බව මතක තබා ගන්න.මුහුදු සර්පයෝ මුහුදෙන් මතුවන වි⁣ට සුනාමි පැමිණේ නම් සුනාමි අනතුරු දැනගැනීම සඳහා දියුණු රටවල් ඩොලර් මිලියන ගණන් වියදම් නොකර මුහුදු සර්ප වගාවක් කරනවා නොවෙද යන්න ටොක්කක් ඇන සිහියට ගන්න.මුහුදු සර්පයෝ මුහුදෙන් මිස අල්ලපු ගෙදර ඇන්ටිගේ ළිඳෙන් මතුවිය නොහැකි බව මතක තබා ගන්න.

ජීවිතය දුකක් අයිසේ

ඉපදෙනවා කියන්නේ දුකක් බං.

ඉතින් එහෙනම් තෝ මැරියන්කො බං

මැරුනම ආයේ ඉපදෙනවනේ බං

ඉතින් ආයෙත් මැරියං

උඹලට ඕවා කිව්වට තේරෙන් නෑ බං. තොපිට ඉතින් ආගමක් කියල දෙයක් තියෙනවා යැ.

ඒ කියන්නෙ බං දුක තේරෙන්න ආගමකට සෙට් වෙන්න ඕනෙද

එහෙම නෙමේ බලපං ජීවිතය කියන්නෙ දුකක්නෙ බං.ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා. ආයෙත් ඒකම.

යකෝ ඒකට කියන්නේ දුක නෙවෙයි බං. ඒ තමයි බං ජීවිතේ.ජීවිතේ කියන්නෙ සැපේ දුකේ එකතුවක්. ජීවිතේ දුකක් කියන්නෙ එක අන්තයක් නෙ බං.
දැන් කියපං උඹට ජීවිතේ දුකක්ද.

නෑ එහෙම නෑ බං. ලෙඩක් දුකක් හැදුනම එහෙම බලපන්කො

තොට හැම වෙලේම ලෙඩෙන්ද ඉන්නෙ. නෑනේ. උඹටත් දුක මතක් වෙන්ඩ ලෙඩක් හැදෙන්න ඕනෙ නම්, ඒ කියන්නෙ උඹ අනික් වෙලාවට ආතල් එකේ ඉන්නවනේ. හරි කියපන් බලන්ඩ උඹට ජීවිතේ සතුටක් දැනෙන්නෙ මොන වෙලාවටද?

හොඳට නිදාගන්ඩ තියෙනවනම් මචං

ඉතින් බං එහෙනම් දවසක් නිවාඩු දාලා කණ පැලෙන්න නිදාගෙන් ඒ ආතල් එක ගනින්. තව මොනවද ආස?

ගෑණියෙක් එක්ක sex කරන්ඩ ආසයි බං.

ඉතින් බං එහෙනම් කෙල්ලෙක් හොයාගෙන බැඳපන්. නැත්නම් ගොන් පොට් එකකට පලයං

කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑනේ බං. අපෝ එහෙම තැනකට යන්න බෑ බං. ඒක කාමය වරදවා හැසිරීමක්.

ඉතින් බං තෝ ජීවිතේ දුකයි කිය කිය විලාපදෙද්දි කෙල්ලෙක් කියා මැරුන ගෑණියක් වත් සෙට් වෙයිද බං.
උඹ බොනවද

නෑ මචං මම ඒවට නෑ.

උඹ ක්‍රිකට් මැචස් බලනවද බං

නෑ බං. මැචස්, සිංදු, ෆීල්ම්ස් බලන් නෑ බං ඒවාගෙන් අකුසල් මූල වැඩෙනවා. ඒව බලන වෙලාවක මැරුනොත් කෙළින්ම දුගතියේ බං.

ඉතින් යකෝ තෝ ක්‍රිකට් මැච් එකක් බලන්නෙත් නැත්නම් , කෙල්ලෙක් සෙට් වෙන්නෙත් නැත්නම් , ෆීල්ම් එකක්  tv series එකක් බලන්නෙ නැත්නම්  තෝ අමුතුවෙන්  දුගතියක යන්ඩ ඕනේ නෑ බං. උඹ දැන් ඉන්නෙත් අමු අපායක