Wednesday, July 11, 2018

මරණ දඬුවම ඕනේ (නෑ)

 මරණ දණ්ඩනය, සාමාන්‍යයෙන් අවුරුදු 5කට 10 කට සැරයක් අපේ රටේ උඩට එන මාතෘකාවක්. අපරාධ රැල්ල වැඩිවීගෙන එනවා වගේ දැනුන ගමන් මරණ දණ්ඩනය ගැනත් ආයේ ආයේ කතා කරනවා. ආයේම ටික දවසකින් නැතිවෙලා යනවා .

   Amnesty International එක කියන විදියට 2017 අවුරුද්දේ විතරක් ලෝකේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරලා තියෙනවා 993ක් ( චීනයේ ගණන නැතිව). මතක තියා ගන්න මේ ඉලක්කම ඇතුලට අපේ රටේ වගේ කුප්‍රකට "සැඟවූ ආයුධ පෙන්වීම" වගේ concept ඇතුලත් නෑ. ආයුධ පෙන්වීමට ගිහින් මරණ එකත් රාජ්‍යය මැදිහත් වීමෙන් කරන එක්තරා මරණ දණ්ඩනයක් තමයි. ඒ වගේම චීනෙන් එන මරණ දණ්ඩනය ලක්වූ ප්‍රමාණය 1000 කට වඩා වැඩී. චීනය මේ සංඛ්‍යාලේඛණ රාජ්‍ය රහසක් හැටියට තියා ගන්න නිසාම මේ ඉලක්කම මීට වැඩිය වැඩිවෙන්න තියෙන ඉඩ හුඟක් වැඩී.
  මේ තමයි 2017 අවුරුද්දෙ නිළ වශයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරපු රටවල්:
China , Iran, Saudi arabia , Iraq , Pakistan ,Egypt , Somalia , USA, Jordan ,Singapore ,Kuwait ,Bangladesh ,Palastene, Afghanistan ,Malaysia ,Japan, South Sudan,Baharain ,Yemen, Belarus, UAE, North Korea  & Vietnam .

 මේ රටවල් වලිනුත් ඉදිරියෙන්ම ඉන්නෙ මෙයාලා:
Chaina - 1000+
Iran -       500+
Saudi Arab - 145+
Iraq - 125+
Pakistan - 60+
Egypt - 35+
Somalia - 20+
USA - 20 +

ඊට කලින් අවුරුදු වල ඔය ලිස්ට් එක බැලුවනම් ඒත් මේ රටවල් ටික ඒ විදියටම තියෙනවා. මං හිතන්නේ ඒ point එක උනත් ඇති death sentence වල සාර්ථක අසාර්ථකත්වය ගැන යම් අදහසක් ගන්න.

  මරණීය දණ්ඩණයේ තියෙන ලොකුම අවුල තමයි නීතිය පසිඳලන තැන් වල වෙන අඩුපාඩු හේතුවෙන් වෙන ඇත්තටම වරදකරුවන් නොවන මිනිස්සු මරණයට පත් වෙන එක. ඇමෙරිකාවේ බැලුවොත් එහෙම සිදුවීම් ඕනෙ තරම් වාර්තාවෙලා තියෙනවා. මොකක්හරි වරදකට සම්බන්ධයෙන් කවුරුහරි වරදකරුවෙකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරල කාලයක් ගියාම වෙන කවුරුහරි ඇවිල්ලා පාපොච්චාරණය කරනවා ඒ වරද කරේ මම මිය ගිය පුද්ගලයා නිර්දෝෂයි කියලා. මේ පාපෝච්චාරණය කරපු අය විතරයි. තමන්ගේ වරද වෙනුවෙන් වෙන එකෙක් මරණයට පත් වෙනවා බලාගෙන ජීවත්වෙන අය තව ඇති තරම් ඇති. දැන් මේ වගේ අවස්ථාවක මොකද කරන්නේ.? අර නිවැරදි 'වරදකරුට' නැවත පණ දෙන්නද?  ඒ මිනිස්සුන්ගෙ පවුල් වලට දෙන පිළිතුරු මොනවද?

  අනෙක් කාරණය තමයි ඒ ඒ රටවල් වල දේශපාලනය සහ නීතිය ක්‍රියාත්මක වීම කියන එක අතර සම්බන්ධය මත තීන්දු වෙනස් වෙන එක. දැන් අපි බැලුවොත් දුමින්ද සිල්වා දිහා.මනුස්සයාට මරණ දණ්ඩනය හිමි වෙලා ඉන්නේ. 2015 ආණ්ඩුව වෙනස් වුනේ නැත්නම් දුමින්ද සිල්වට එහෙම තීන්දුවක් ලැබෙයි කියල අපිට හිතෙන්නෙ නෑනේ නේද. ආණ්ඩු මාරු නොවුනනම් මේ වෙද්දි දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. සමහර විට නීතිය හා සම්බන්ධ ඇමති තනතුරක් වුනත් මිනිහ දරන්න තිබුණා. පේනවනේ අපේ වගේ රටවල් වල දේශපාලන බලවතුන්ට පුලුවන් අධිකරණයට බලපෑම් කරන්න. වැරදි කරුවන් ආරක්ෂා කරන්නට වගේ නිවැරදි කරුවන් වැරදි කරුවන් කරන්නට. ඉතින් අපේ වගේ රටක මරණ දණ්ඩනය ක්‍රියාත්මක වුනොත් අමුතු අමුතු තීන්දු ලැබෙයි. මතකනේ 2012 වැලිකඩ සිද්ධියේදී මියගිය සෙට් එක. ඒ මැරුන අය අතරේ ඒ දවස්වල පන්සල් වලට පැනල හාමුදුරුවරු මරල රජ කාලේ කඩු ,ඔටනු හොයපු සිද්ධි වල සැකකරවොත් හිටියා. මතක තියා ගන්න වැරදිකරුවො නොවෙයි සැකකරුවෝ. ඉතින් මෙහේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක උනත් එච්චරයි ,⁣ දේශපාලනඥයින් මැදිහත් වෙලා කරන අපරාධ වලට කොහෙන්හරි මිනිහෙක් අල්ලගෙන් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක වෙද්දි සැබෑ අපරාධකරුවන් සුදු වතින් සැරසිලා පන්සල් යයි.

   අන්තිම පොයින්ට් එක තමයි මිනිස්සුන්ට නිවැරැදි වෙන්න අවස්ථාවක් දෙන එක. නැත්නම් second chance එකක්. ඉතිහාසයේ වුනත් මිනිස්සු බර ගාණක් මරපු අංගුලිමාල පැවිදිවෙලා රහත් වුනා කියනවනේ. බැරිවෙලාවත් එදා අංගුලිමාල රාජ පුරුෂයන්ට අහුවුණා නම් මොකද වෙන්නේ.සමහර මිනිස්සු අපරාධ කරල තියෙන්නේ තරුණ වයසට ආපු ගමන්ම , සමහර අපරාධ කරුවන් නොයෙකුත් මානසික ව්‍යාධීන් වලින් පෙළෙන මිනිස්සු . ඇත්තටම සමහර අපරාධකරුවන් උසාවියේ ඉඳන් හිරගෙදරට යවනවා වෙනුවට යවන්න ඕනෙ මානසික වෛද්‍යවරුන් ළඟට.
 මොන කරුණ සළකා බැලුවත් අපේ රටට මරණ දණ්ඩනය කියන එක සෙට් වෙන්නෙ නෑ. ක්‍රියාත්මක වුනොත්  තම තමන්ගේ ඇරියස් නම් කවර් කරගන්න එක , පොලිස් ලොක්කන්ට හිතෙන අය කුඩු තොගයක් දාලා අල්ලන ඒවා වගෙ නම් හරි හරියට වෙයි. අවසානයට ඇත්ත අපරාධකරුවන් සුදුවට ඉද්දි හයියක් නැති මිනිස්සු පිරිසකගේ බෙල්ල තොණ්ඩුවට හිරවෙයි.

Facts: amnesty international