Thursday, December 29, 2016

විල්පත්තුව ගැන කෙටියෙන් .....

   විල්පත්තු විනාශය ට ගොඩක් දෙනෙක්ට අවුල තියෙන්නේ මුස්ලිම් දේශපාලුවෙක් කරන නිසා, ඒකට චෝදනා කරන බොහෝ පිරිසක් දිහා බැලුවම ඒක පේනවා.අනික තමයි පාරේ යන ගමන් කුණු ටික හලාගෙන යන එකා ආතල් එකට කැලෑ ගිනි තියන එකා, බීලා බියර් කෑන් එක මෙගා බෝතලේ පරිසරයට මුදා හරින එක විල්පත්තුව ඉස්සරහ සිංහයෝ වෙනවා. විල්පත්තුව රැක ගත යුතුයි , ඒකේ දෙගිඩියාවක නෑ, එ් වගේම අර මම කියපු කුහකත්වයටත් ඇමතිය යුතුමයි. නැත්නම් අන්තිමට විල්පත්තුව විතරක් ඉතිරි වෙයි

කසාදෙන් පස්සෙ කොල්ලන්ට නොලැබෙන දේවල්

ළඟදීම කසාදයක් එහෙම කරගන්නද ඉන්නෙ. හිතුවද මේ දේවල් අහවරයි කියලා...

                                        

01. දවල් වෙනකල් නිදියලා විනාඩි 5න් රෙඩි වෙලා Office යන එක.
      බැන්ඳට පස්සෙ නම් අනිවා වේලාසන නැගිටින්න වෙනවා , ඒ මදිවට බිරිඳගේ cook වැඩේටත් help කරන්න වෙයි.මෙච්චර කල් නොගාපු පොල් එහෙම ඉබේට ගෑවෙයි.
02.උදේට සයිවර් කඩේකින් බිත්තර රොටියක් බඩට දාගත්තු කාලේ ඉවරයි.
        බිරිඳ උයල දෙන දේ මෙලෝ රහක් නැති උනත් අනිවා කන්න වෙනවා. ටික වෙලාවකින කෑම එකේ quality ගැන අහල එන phone call එකටත් හිත හැදෙන කතාවක් කියන්නම වෙනවා. බිරිඳ හොඳට උයනවා නම් කිසි case එකක් නෑ.
03.හවසට අත් දෙක හොල්ල හොල්ල ගෙදර ආපු කාලේ ඉවරයි
         දැන් ඉඳලම එළවළු මාකට් එක, මාළු මාකට් එක තියෙන තැන විතරක් නෙවෙයි ,ඒවා තෝරලා ගන්නත් වෙනවා. රෑට පාන් කන්න එහෙමත් හිතෙයි.shopping bag එකකට පාන් රාත්තලත් අරන් බස් එකේ නැඟල එන එකයි තියෙන්නේ .
04.හවසට යාලුවො set උනාද, sorry බන් ඒ කාලෙ ගියා.
    ඉස්සර වගේ නෙවෙයි දැන්, විනාඩි 10ක් පරක්කු උනත් වග උත්තර බඳින්න වෙයි. Late ඇයි, කොහෙද ගියේ, මට කිව්වෙ නැත්තෙ ඇයි , ප්‍රශ්න කෝටියයි. ඕ්වාට උත්තර දෙන වෙලේ පාඩුවේ ගෙදර අාවා නම් හොඳයි කියලා උඹටම හිතෙයි .
        
05.Channel දෙක තුනක News බැලුවද, අමතක කරපන්
       එයා තීරණය කරයි මොනවද බලන්නෙ කියලා, පාඩුවේ ඉවසා වදාරණ එක තමයි තියෙන්නේ .එහෙම හිටයොත් ඔන්න cricket match එකක් දවසකට පොඩි ෂේප්මන්ට් එකක් දාගන්ඩ පුලුවන් වෙයි.

                                      

06.TV series බැලුවද පිස්සෙක් වගේ
        සොරි dot com. ආයේ tv series  නම් ආත්මෙකට බලන්ඩ වෙන් නෑ නෑ නෑමයි.  උඹ මොන තරම් tv series පිස්සෙක් උනත් කලබල වෙන්ඩ එපා,උඹට docter හම්බෙලා,දැන් ලෙඩේ නිට්ටාවටම සනීපයි .
       
07. Weekend වල යාලුවො එක්ක trip ගියාද
          දැන් නම් යාලුවො එක්ක එහෙමෙහෙ යන්ඩ time හොයා ගන්ඩ ලොකු ගේමක් දෙන්න වෙයි. යාලුවො සෙට් එකත් marry කරල නම් ටිකක් වැඩේ ෂේප්. නැත්නම් ඉතින් Gypsies  සුනිල් කියනවා වගේ "බැඳලා බැඳලා මං දැන් බැඳලා , ඉස්සර සෙල්ලම් තහනම් කරලා" තමයි. කොහොමත් නිවාඩුවක් ආපු ගමන්
බිරිඳ කියයි එයාගේ අම්මා බලන්ඩ ඕනෙ කියලා. ඉතින් නෑගම් යන එකයි තියෙන්නේ .
බය හිතුනද, ඒක තමයි ජීවිතේ හැටි සහෝදරවරුනි. හැමදාම tv series , cricket matches බලලා හරි යන්නෙත් නෑනේ . වගකීමක් ගන්න වෙනවා. ඒ අතරතුර තමන්ගනේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට වගේම සමාජයට වෙන්න ඕනෙ යුතුකම් කොටස අමතක කරන්ඩත් එපා. මිනිහා කියන්නෙ සමාජයීය සත්වයෙක් නේ, ඉතින් අපිට ජීවත් වෙන්න සමාජයක් අවශ්‍යයි.(දෙන්නටම මොංගල් වගේ නම් අවුලක් නෑ)
ශුභ මංගලම්  එහෙනම්!

Friday, December 16, 2016

ඩොලර් මිලියන 25ක් හොයන්න ඔබටත් වරම්

ඔබ අඳුන බලන්නෙක්ද
අංජනම් බලන්නෙක්ද
සාස්තර අහන්නෙක්ද
පිල්ලි යවන්නෙක්ද
හූනියම් කරන්නෙක්ද
වස් කවි කියන්නෙක්ද
රටේ නායකයා මැරෙන දවස කියන්නෙක්ද
අනාවැකි කරුවෙක්ද
කොටින්ම ඔබ ජ්‍යොතිෂය කරැවෙක්ද.....
 
ලත වූ කාලය ඉවරයි
මෙන්න One shot , knockout වැඩක්
ඔබත් අදම IS ' අබු බකර් ' සිටින තැන පවසන්න
ඇත් ගාලක්  තරමට වස්තුව දිනන්න.
කොන්දේසි අදාලම නැත.

Monday, December 12, 2016

ශක්‍ර වරම (පෝදා පණිවිඩය /ඇම්ඩන්ගෙ කතාවක්/18+)

තවද එක් භීම සමයක් උදාවිය. එසඳ අං ඇති ගැරඬිහු ගොදුරු සොයමින් තැන තැන සරන්නාහ. දලු ලූ මෝල්ගස් මුදුණෙහි කැදලි තනාගත් ධවල කපුටෝ නිති නින්දටම හැරුණාහ. පිහාටු ලද ඉබ්බෝ පියාසර කිරීමෙන් ලද තෙහෙට්ටුව සන්සිඳුණු රිසියෙන් මෝල්ගස් සෙවණෙහි ගිමන් හැරියාහ.
    මෙලොව බිහිවන්නට අකනිටා බඔලොවට වී නිමිති බැලූ ඇම්ඩනයානෝ මේ සිය අභිනව භවයට අභිමත කාලය යැයි සිතූහ.තවත් පමාවීම භීම සමයේ නිමාවට හේතුවක් බැව් කල් තියා දැනගත් ඇම්ඩනයානෝ සදෙවුන් මුණ ගැසී මෙපවත් සැල කර සිටියෝය.

    "මෙතුවක් නිමිති බලමින් සිටි තා මේ මොහොතේ අප හැර යන්නට සිතන්නේ කවර නම් හේතුවක් නිසාවෙන්ද?"

  " ශක්‍ර දේවයෙණි, අභිනව භවයට මා සොයමින් සිටි සියල්ල දැන් සැපරී තිබේ.එසේ හෙයින් තවත් නම් පමා වීම අකැප වන්නේය ."

  " තාගේ තීරණය එය නම් මම ඊට එරෙහි වන්නට යත්න නොදරමි. මෙතුවක් අප සමඟ වෙසෙමින් මගේ භවන පිනවූ ඇම්ඩනයානෙනි තට යහපතක්ම වේවා....බඔලොවින් මිදී නරලොවට පා තබන්නට පෙර මම තට වරයක් දෙන්නෙමි. තට ඇවැසි යමක් වෙත්නම් ඉල්ලව.....

    ඇම්ඩනයානෝ කල්පනා සයුරේ ගිලුණාහ.

" කිම පුත තා තවත් කල්පනා කරන්නට කාරණය?"

  " නැත . දේවයන් වහන්ස දෙවියෝ වන අපි සකල සිරියෙන් ආඨ්‍යව වෙසෙන්නෙමු. එසේ හෙයින් අපට අවශ්‍ය කිනම් දෙයක්දැයි එකවර මතකයට නැඟීම දුෂ්කර ක්‍රියාවක්ම වන්නේය. එනමුදු දේවයන් වහන්ස දෙවියෝ වන අපි එක් අඩුවකින් පෙළෙන්නෙමු.

    " ඒ කුමක්ද ?"

   "අවසර දේවයන් වහන්ස , දෙවියෝ වන අපි ලිඟු නැති නිසාවෙන් මහත් චිත්තපීඩාවෙන් වෙසෙන්නෙමු. අකනිට බඔලොවෙහි සකල සම්පත් ආඨ්‍යව ඇති නිසාවෙන් එම පීඩාව මහත්කොට නොදැනේ. එනමුදු ලිඟුවක් අහිමිව නරලොව නම් වෙසෙන්නට බැරිය. එසේ හෙයින් මා ඔබවහන්සේගෙන් මා ඉල්ලා සිටින්නේ පුරුෂ ප්‍රාණයක් පතා නරලොවට යන මට දෙව්ලොවත් නරලොවත් වෙන්වන සීමාවෙදි පුරිස් ලිඟුවක් ලබාදෙන ලෙසය.

  " බිය වන්නට කාරණාවක් නොමැත ඇම්ඩනයානෙනි ,තාගේ අවශ්‍යතාව මට වැටහේ. මෙතුවක් තා කළ මෙහෙයට කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගන්නෙමි. දෙව්ලොවත් නරලොවත් වෙන්වන සීමාවෙදි තට පුරිස් ලිඟුවක් ලැබෙනු නියතය.මතක තබා ගනුව , එය නරයන් අතර තිබෙන්නා වූ බලගතුම පුරිස් ලිඟුව වනු නියතය ."

   ශක්‍ර දේවෙන්දයාගේ ආශිර්වාදය ලබා ගත් ඇම්ඩනයානෝ අකනිටා බඹලොවින් නික්මී නරලොවට එන ගමන ඇරඹුවෝය. දෙව්ලොවත් නරලොවත් වෙන්වන සීමාවට පැමිණි හෙතෙම අවසන් වතාවට දෙව්ලොව දෙස බලා සීමාවෙන් එපිටට දකුණු පාදය තැබීය. එකනෙහිම කේශාන්තයේ සිට පාදාන්තය දක්වා මහා විදුලි සැරයක් ගමන් කරනු ඇම්ඩන්යාට දැනිණි . කලබල වූ හෙතෙම වහා සිය යටබඩ දෙස බැලීය. අහෝ පුදුමයකි. යටිබඩට පහළින් දෙවටොර ඉම අසාහය පුරිස් ලිඟුවකි. සතුටින් පිනාගිය ඇම්ඩනයා 'යුරේකා' කියා කෑ ගැසීය. නරලොවට එක් පාදයකුත් දෙව්ලොවට අනෙක් පාදයත් යොමා සිට මෙලෙස දෙවියන්ට අකැප වචනයෙන් කෑ ගැසූ ඇම්ඩනයා කෙරෙහි කිපුණු ඊශ්වරයා සිය ලලාට නයනය හැර ඇම්ඩනයාගේ මුව දෙස බැලීය .එකනෙහිම මහා ගිනි ජාලාවක් මැවී ඇම්ඩනයාගේ මුව දැවෙන්නට පටන් ගත්තේය.සිදුවන්නට යන විපත දුටු ශක්‍රදේවෙනදයේා ඇම්ඩනයා කෙරෙහි මහත් අනුකම්පා උපදී ඊශ්වරයා අවුළන ගිනි නිවනු පිණිස සීතල දිය ධාරාවක් ඇම්ඩන්ගෙ මුව තුළට එවූහ.එසේ හෙයින් මුලු මුඛයම දැවී අළුවීයාමෙන් බේරා ගැනීමට ඇම්ඩන්යාට හැකි විය . එතෙකුදු මඳක් දැවුණූ මුව ඇති හෙයින් ඇම්ඩනයාගේ මුවින් ඉනික්බිතිව නිති පිටවූයේ නොසරුප්වදන්මය.වහා දෙව්ලොව සීමාවෙන් වම් පාදය ඉවතට ගත් ඇම්ඩනයානෝ දෙව්ලොව දෙස බලා තමාට මේ විපත කළ ඊශ්වරයා අමතා මෙසේ කීය.

" එම්බා ලිඟු නැති පාදඩය, තාගේ තෙවන ඇසට වඩා මාගේ තෙවන ඇස බලවත් බව දැනගනුව, තාගේ තෙවන ඇසින් මාගේ මුව දැවුණූ බව සැබවි. එතෙකුදු මාගේ තෙවන ඇස හැරියේ නම් තාගේ බිරිය ගැබ්බර වන බව මතකයේ තබා ගනුව........

උපුටා ගත්තේ :
     ඇම්ඩන් නූතන ජනකතා
  කතෘ; අසංක සායක්කාර

Friday, December 9, 2016

Sex හරියට search කරමු

ආයෙත් පාරක් Sex search  කිරීමෙන් ලොකේ අංක එක වෙන්ඩ අපේ අන්තර්ජාල පාරිභෝගිකයො ටික සමත් වෙලා, ඒ කියන්නෙ මේක දැන් අන්තර්ජංජාලයක්. අඩුම තරමේ Pornography හරියට search කරන්නවත් දන්නැතිකම තමයි ඒ.ස්වභාවයෙන් හම්බවෙන ලිංගික කුතුහලයයි අඩු ඉංග්‍රීසි දැනුමයි එකතු උනාම නතර වෙන්නෙ වෙන්නෙ ඔතන.දැන් හෝමාගම උන් ටික ඕකට Bite උනාට අපි රටක් හැටියට ඉන්නෙ එතනනම් අපේ රටේ ලිංගිකත්වය ගැන දැනුම සහ ලිංගික හැසිරීමෙන් ලබන සංතෘප්තිය  ගැන දෙපාරක් හිතන්න වෙනවා.හැබැයි සමාජෙට ගියාම නම් අපේ පිරිමි තරම් සැප දෙන්ඩ දක්ෂ උන් ලොවෙත් නෑ. එහෙව් රටක ගැහැනුන්ගෙන් 90% ක් විතර ජීවිතේ කවමදාකවත් climax වෙන්නෑ කිව්වොත්? (පත්තරයක දැක්කෙ හොඳේ)
මට හිතෙන්නේ මෙතන තියෙන්නේ ලිංගික දැනුම ලබා ගන්න එක පිළිබඳ ප්‍රශ්නයක්. සාපේක්ෂව බුද්ධිමත් කැම්පස් කොල්ලෙක්ගෙන් කෙල්ලෙක්ගෙන් ඇහුවොත් කොන්ඩම් එකක් use කරන්නේ කොහෙමද කියල අපිට බලා ගන්ඩ පුලුවන් අපි ඉන්නෙ කොතනද කියලා. 9 වසරෙ සෞඛ්‍ය පොතෙන් ප්‍රජනනය පාඩම ඉගැන්නුවා තමයි.ඒක ඒ වයසට ගැළපුනාත් තමයි . හැබැයි ඊට පස්සෙ practically ඕව කරද්දී අදාල දැනුම ගන්නෙ කොහෙන්ද?  වැඩේ තියෙන්නේ සමහර පාසල්වල ඔය පාඩම හරියට උගන්නන්නෙත් නෑ. විශේෂයෙන්ම මිශ්‍ර පාසල්වල .
අපි 9 වසරෙ හිටියෙ 2002 අවුරද්දෙ. සහ අපිට ‍සෞඛ්‍ය විෂය කරේ කළුගම්පිටිය සර්.දැන්නම් එතුමා Trinity එකේ මං හිතෙන්නේ.සර් ඒ කාලේ කොල්ලා, ඒ නිසාම අදාළ පාඩම සුපිරියටම ඉගැන්නුවා ,කොල්ලන්ට chit යවන්ඩ ඕනෙ මඟුලක් අහන්ඩ chance  එකත් තිබුණ එකේ පාඩම boring නැතිව ගලාගෙන ගියා.ඒ පාඩම වෙනුවෙන් සර්ට වගේම අපි කොල්ලො ටිකටත් නිවාඩු කාලෙන් දවසක් කැප කරා.(අන්න ගුරැවරු). පාසල් නිවාඩුව නිසා ගුරැවරියොත් නැති එකේ 9 වසරේ පන්ති 5ම එකට එකතු වෙලා Notes මොකුත් නැතිව Seminar එකක් විදියට දවසම ගතවුනා.
  ඒ තමයි අපි ඉගෙනගත්තු විදිය.පිරිමි පාසලක් නිසා කිසිම අවුලකුත් නෑ.මේ විදියටම බාලිකා පාසල්වලත් උගන්නන්න පුලුවන්. අද කාලෙටනම් Multimedia එහෙමත් use කරන්නත් පුලුවන් .ප්‍රශ්නෙ බලපාන්නෙ මිශ්‍ර පාසල් වලටනේ. ඒවාටත් ඕනෙනම් පිරිමි දරුවො ටික වෙනමයි ගැහැනු දැරිවියො ටික වෙනමයි අරන් උගන්නන්නක් පුලුවන්.බැරිකමකුත් නෑ.

  මෙතනින් එහාට තියෙන්නේ මගේ යෝජනාව.සා.පෙළ කරන කාලෙට ඒ දැනුම ඇති කියමුකො .ඒත් ඊට පස්සෙ AL කරලා එළියට යන ළමයටත් තියෙන්නේ ඒ ලිංගික දැනුමනම් එතන ප්‍රශ්නයක්.එතනින් එහාට මිනිස්සු විවාහ වෙනවා,විවාහයට පෙර ලිංගික සබඳතා ඇති වෙනවා. හැබැයි ඒ කොල්ලා කෙල්ලට විධිමත් දැනුමක් නෑ. ඉතින් අනිවාර්ය ප්‍රතිඵලය තමයි අවිධිමත් දැනුමක් ලබන්න Sex search  කරන එක,(එකම හේතුව නෙවෙයි.) නැතත් මේ බැලිල්ලෙන් වෙන්නේ අස්වාභාවික වගේම විකෘති හැසිරීම් ටිකකුත් නොමිලේම ඔලුවට වැටෙන එක.
ඉතින් නරකද දියුණු සෞඛ්‍ය ‍සේවයක් තියෙන රටක් වෙලා ඒකෙන් ප්‍රයොජනයක් ගන්න එක.හිතමුකො මෙහෙම.(දන්න කියන නුවරම ගන්නම්). AL ලං වෙලා ඉස්කෝලෙ හැර යන්න ඉන්න ළමයි ටික තමයි ඉලක්කය.නුවර Town එකේ පිරිමි පාසල් ලමයි ටික ගෙන්නනවා ධර්මරාජෙ හරි ඇන්තනිස් එකේ හරි Auditorium එකකට. නුවර hospital   එකෙන් ගෙන්නනවා  doctorsla nurse ලා සෙට් එකක්. Multimedia ද, අරකද මේකද හැමදේම පාව්ච්චි කරලා හොඳ seminar එකක් දෙනවා තරුණ ළමයි ටිකට.ලිංගිකත්වය මොකක්ද, අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් වැළකෙන්නෙ කොහොමද , උපත් පාලන ක්‍රම මොනවද, ලිංගික රෝග මොනවද වගේ දේවල් . මේ විදියටම ගැහැනු ළමයි ටිකටත් ඒ දැනුම දෙන්න පුලුවන් . ඉතින් අඩුම තරමේ පාසලෙන් එලියට එද්දි හරිහමන් ලිංගික දැනුමක් තියෙන උන් ටිකක් වත් එළියට එයි. සරල අදහසක්.(ප්‍රායෝගික නැද්ද මංදා.)
  ඔය මොනවා කරත් රටේ බහුතරයක් sex  search කරන්නේ ලිංගික දැනුම හොයන්ඩ නෙවේ. එතන තියෙන්නේ අසහනය , වගේම ලිංගික පීඩනය වගේ දේවල්. ගැහැනියක් එක්ක sex කරන්න බැරිනම් හෝ පිරිමියෙක් එක්ක sex කරන්න බැරිනම් අවස්ථාවක් නැත්නම් අනුන් කරන එකක් හරි බලන එක. ඒක රටේ ප්‍රශ්නයක් , සංස්කෘතියේ ප්‍රශ්නයක්.

Monday, December 5, 2016

ජයලලිතා වෙත,

ලලිතක්කේ
ආරංචියි උඹ ගියා කියලා
නොඑන්නම
හැමෝටම යන්න වෙනවා
ලලිතක්කේ දවසක
උඹ වගේම .....
මහඇමතිකම අත්නොහැරපු උඹ
ජීවිතේ අත්හැරපු අපූරුව
උඹටත් පුදුම ඇති නේද
යන්නෑ වගේ හිටපු හැටි විතරක්
බතලි වගේ...

නාඩුවෙ උන්ට කන්ට නැතත්
උන් උඹ දිහා බැලුවා බං
බලලා සතුටු උනා
උඹ අම්මා උනා
තමිල්නාඩුවටම
උඹ යන්ඩ කලින් හිතුවද
ලලිතක්කේ
කලදසාව උන්ට යන
ගිනි දෙයියන්ටවත් පෙනියන් බං
උන්ගෙ දුක...

අපිටත් ඉන්නවා අප්පුච්චෙක්
ලලිතක්කේ
උන් හිනාවෙනවා උඹගෙ උන්ට
මී හරක්ලු මැට්ටොලු
ඇත්ත වෙන්ඩැති බන්
උනුත් මෙහේ මැරෙන්න හදනවා
අප්පුච්චෙක් වෙනුවෙන්
මරලවත් ගත්තේ නැත්තේ ඇයි?
අහනවා බං එහෙමත්
එකවගේ ‍නේද බං
අපි ඔක්කොම 
ලලිතක්කේ ........

Friday, December 2, 2016

බස් වර්ජනයට පසුවදනක්...

පැය 24ක් තිබුණ පුද්ගලික බස් රථ වර්ජනය හිතුවටත් වඩා ඉක්මනින් අවසන් වුනා. ජයග්‍රහණය කාටද කියන එකනම් තාමත් ප්‍රශ්නයක්. හැමදාම වගේ අන්තිමට මහජනයා පරදින එකනම් වෙන්ඩ පුලුවන්. ඇත්තටම වර්ජනය මෙච්චර ඉක්මනින් ඉවර වෙනවා කියන්නෙම ඔය තග දාන බස් සංගම්වලට කල් අල්ලන වර්ජනයකට යෑමේ නොහැකියාව.
   ඊයේ දවස පුරාවටම සමාජ මාධ්‍ය වල වීරයා වුනේ CTB සේවකයින්.බොහෝ පිරිසක් ඔවුන්ට ස්තූති පළකරලා තිබුණා.මං හිතන්නේ අපේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාර, දේශපාලන පක්ෂ වගේම ඊටත් වඩා පට්ට අවස්ථාවාදී පිරිසක් තමයි සාමාන්‍ය ජනතාව. ඊයේ  පුද්ගලික බස් ව්‍යාපාරයට බැන්න වගේම හෙට අනිද්දට ලංගම වර්ජනයක් ආවොත් ඔය විදියටම ඔවුන්ට හොඳ කියන්නෙත් ඔය කට්ටියමයි.
   හැම මඟුලකටම වීරයොයි, දුෂ්ඨයොයි, දේශප්‍රේමීයෝ වගේ කොණ වලින් බැලුවම වෙන්නේ අපට තියෙන සිරා ප්‍රශ්නේ අමතක වෙලා වෙන රෙද්දවල් කතා කරන එක. හැමෝම දඩේ ගැන කතා කරා මිසක් දඩේ ක්‍රියාත්මක වුනාම වෙන්න පුලුවන් දේවල් කතා කරා අඩුයි.
සමහරු කියනවා දඩේ වැඩි හින්දා අන්තිමට පොලිසිය ගොඩ යනඑකනම් අනිවා වෙයි කියලා. ඔව් ඒ ප්‍රශ්නේ තියෙයි තමයි ඒත් පගාව ගන්නවටත් වඩා වැරැද්දක් උනාම පගාව දෙන්න බලන් ඉන්න එවුනුත් ඕනේ තරම් ඉන්නවා. උන් බලන් ඉන්නේ පොලිසිය පැත්තෙන් වචනෙ එනකල්.ඒකනම් හැබැයි win-win situation එකක්.ඉතින් පොලිසියටම වරද පටවනවට වඩා තමන්ගෙ පැත්තෙන් ඒ දුර්වලකම හදා ගත්තනම් නරකද?
  අනෙක් කාරණය තමයි 30000ක් පඩි ගන්න එකා 25000ක් ගෙව්වම ඌ ජීවත් වෙන්නේ කොහොමද කියන එක.ඔව් ගාන සැරයි තමයි. හැබැයි මිනිස් ජීවිතයක වටිනාකම කියන එක අසීමාන්තිකයි කියලත් අපි තේරැම් ගත යුතුයි.25000ක් දඩ ගෙව්වම ජීවත් වෙන්න අමාරැයි කියන එක තේරේනවනම් තමන්ගේ අතින් මිනිහෙක් අබ්බගාත වුනොත් ඒ යකා ජීවත් වෙන්නෙ කොහොමද,ගෘහ මූලිකයෙක් මැරුණොත්  පවුලකට යන කලදසාව මොකක්ද කියලත් තේරෙනන ඕනෙ. ඕක තේරැම් ගත්තොත් නම් වාහනයක් එලවද්දි වගකීම විරහිත ගතිය ඉබේම අඩුවේවි .
   අනෙක් කාරණය තමයි මෙහේ මෙලෝ රහක් නැතිව වාහන පදවන අයියලාම වෙන රටකට ගියාම අගේට විනීතව වාහන පදවන්නේ ඇයි කියන එක. ඒ රටවල වාහන වැරදි වලට පෙනල්ටිය දරුණුයි. මෙහේ වගේ බේරිලා යන්නත් බෑ. ගිහින් තියෙන්නේ job එකකට.අවුලක් උනොත් මොනවත් නැතිව ලංකාවට එන්න වෙනවා.ඉතින් අපේ අයියලා Gulf  ගියාම හෙන නීතිගරුකයි.
   මට හිතෙන්නේ ආණ්ඩුව පරක්කු වෙලාහරි ගත්ත තීරණය හොඳයි.ටික දවසකින් අකුල ගන්ඩ බැරිකමකුත් නෑ.මොකෝ මේ ලෝකෙන් උතුම් රට හන්දා. ඒ වගේම ආණ්ඩුව ඔය තීරණය ගත්තේ උඹ මම ගැන හිතලා නෙවෙයි බදු ආදායම් වැඩි කර ගන්ඩ කියලත් අපි නොදන්නව නෙවෙයි.අවුලක් නෑ.මොනව හරි දේක ප්‍රතිඵල කීපයක් තියෙනවා නම් අපි ඒකෙ හොඳ නරක කියන්ඩ ඕනෙ සම්ප්‍රයුක්තය බලලා කියනවනේ. ඔව් මේ තීරණය හරියට ක්‍රියාත්මක උනොත් තව අවුරුදු 5-6ක් යද්දි අපිට හොන් එක උඩ වාඩිවෙලා වාහන පදවන්නේ නැති, විනයගරුක මහපාරක් උරුම වෙලා තියේවි .....

Thursday, December 1, 2016

Bus strike ආතල්

Private bus strike කරාවි
පාරේ වාහන අඩුවේවි
ඒත් Traffic තියෙනවා සත්තයි....