Thursday, December 29, 2016

විල්පත්තුව ගැන කෙටියෙන් .....

   විල්පත්තු විනාශය ට ගොඩක් දෙනෙක්ට අවුල තියෙන්නේ මුස්ලිම් දේශපාලුවෙක් කරන නිසා, ඒකට චෝදනා කරන බොහෝ පිරිසක් දිහා බැලුවම ඒක පේනවා.අනික තමයි පාරේ යන ගමන් කුණු ටික හලාගෙන යන එකා ආතල් එකට කැලෑ ගිනි තියන එකා, බීලා බියර් කෑන් එක මෙගා බෝතලේ පරිසරයට මුදා හරින එක විල්පත්තුව ඉස්සරහ සිංහයෝ වෙනවා. විල්පත්තුව රැක ගත යුතුයි , ඒකේ දෙගිඩියාවක නෑ, එ් වගේම අර මම කියපු කුහකත්වයටත් ඇමතිය යුතුමයි. නැත්නම් අන්තිමට විල්පත්තුව විතරක් ඉතිරි වෙයි

කසාදෙන් පස්සෙ කොල්ලන්ට නොලැබෙන දේවල්

ළඟදීම කසාදයක් එහෙම කරගන්නද ඉන්නෙ. හිතුවද මේ දේවල් අහවරයි කියලා...

                                        

01. දවල් වෙනකල් නිදියලා විනාඩි 5න් රෙඩි වෙලා Office යන එක.
      බැන්ඳට පස්සෙ නම් අනිවා වේලාසන නැගිටින්න වෙනවා , ඒ මදිවට බිරිඳගේ cook වැඩේටත් help කරන්න වෙයි.මෙච්චර කල් නොගාපු පොල් එහෙම ඉබේට ගෑවෙයි.
02.උදේට සයිවර් කඩේකින් බිත්තර රොටියක් බඩට දාගත්තු කාලේ ඉවරයි.
        බිරිඳ උයල දෙන දේ මෙලෝ රහක් නැති උනත් අනිවා කන්න වෙනවා. ටික වෙලාවකින කෑම එකේ quality ගැන අහල එන phone call එකටත් හිත හැදෙන කතාවක් කියන්නම වෙනවා. බිරිඳ හොඳට උයනවා නම් කිසි case එකක් නෑ.
03.හවසට අත් දෙක හොල්ල හොල්ල ගෙදර ආපු කාලේ ඉවරයි
         දැන් ඉඳලම එළවළු මාකට් එක, මාළු මාකට් එක තියෙන තැන විතරක් නෙවෙයි ,ඒවා තෝරලා ගන්නත් වෙනවා. රෑට පාන් කන්න එහෙමත් හිතෙයි.shopping bag එකකට පාන් රාත්තලත් අරන් බස් එකේ නැඟල එන එකයි තියෙන්නේ .
04.හවසට යාලුවො set උනාද, sorry බන් ඒ කාලෙ ගියා.
    ඉස්සර වගේ නෙවෙයි දැන්, විනාඩි 10ක් පරක්කු උනත් වග උත්තර බඳින්න වෙයි. Late ඇයි, කොහෙද ගියේ, මට කිව්වෙ නැත්තෙ ඇයි , ප්‍රශ්න කෝටියයි. ඕ්වාට උත්තර දෙන වෙලේ පාඩුවේ ගෙදර අාවා නම් හොඳයි කියලා උඹටම හිතෙයි .
        
05.Channel දෙක තුනක News බැලුවද, අමතක කරපන්
       එයා තීරණය කරයි මොනවද බලන්නෙ කියලා, පාඩුවේ ඉවසා වදාරණ එක තමයි තියෙන්නේ .එහෙම හිටයොත් ඔන්න cricket match එකක් දවසකට පොඩි ෂේප්මන්ට් එකක් දාගන්ඩ පුලුවන් වෙයි.

                                      

06.TV series බැලුවද පිස්සෙක් වගේ
        සොරි dot com. ආයේ tv series  නම් ආත්මෙකට බලන්ඩ වෙන් නෑ නෑ නෑමයි.  උඹ මොන තරම් tv series පිස්සෙක් උනත් කලබල වෙන්ඩ එපා,උඹට docter හම්බෙලා,දැන් ලෙඩේ නිට්ටාවටම සනීපයි .
       
07. Weekend වල යාලුවො එක්ක trip ගියාද
          දැන් නම් යාලුවො එක්ක එහෙමෙහෙ යන්ඩ time හොයා ගන්ඩ ලොකු ගේමක් දෙන්න වෙයි. යාලුවො සෙට් එකත් marry කරල නම් ටිකක් වැඩේ ෂේප්. නැත්නම් ඉතින් Gypsies  සුනිල් කියනවා වගේ "බැඳලා බැඳලා මං දැන් බැඳලා , ඉස්සර සෙල්ලම් තහනම් කරලා" තමයි. කොහොමත් නිවාඩුවක් ආපු ගමන්
බිරිඳ කියයි එයාගේ අම්මා බලන්ඩ ඕනෙ කියලා. ඉතින් නෑගම් යන එකයි තියෙන්නේ .
බය හිතුනද, ඒක තමයි ජීවිතේ හැටි සහෝදරවරුනි. හැමදාම tv series , cricket matches බලලා හරි යන්නෙත් නෑනේ . වගකීමක් ගන්න වෙනවා. ඒ අතරතුර තමන්ගනේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට වගේම සමාජයට වෙන්න ඕනෙ යුතුකම් කොටස අමතක කරන්ඩත් එපා. මිනිහා කියන්නෙ සමාජයීය සත්වයෙක් නේ, ඉතින් අපිට ජීවත් වෙන්න සමාජයක් අවශ්‍යයි.(දෙන්නටම මොංගල් වගේ නම් අවුලක් නෑ)
ශුභ මංගලම්  එහෙනම්!

Friday, December 16, 2016

ඩොලර් මිලියන 25ක් හොයන්න ඔබටත් වරම්

ඔබ අඳුන බලන්නෙක්ද
අංජනම් බලන්නෙක්ද
සාස්තර අහන්නෙක්ද
පිල්ලි යවන්නෙක්ද
හූනියම් කරන්නෙක්ද
වස් කවි කියන්නෙක්ද
රටේ නායකයා මැරෙන දවස කියන්නෙක්ද
අනාවැකි කරුවෙක්ද
කොටින්ම ඔබ ජ්‍යොතිෂය කරැවෙක්ද.....
 
ලත වූ කාලය ඉවරයි
මෙන්න One shot , knockout වැඩක්
ඔබත් අදම IS ' අබු බකර් ' සිටින තැන පවසන්න
ඇත් ගාලක්  තරමට වස්තුව දිනන්න.
කොන්දේසි අදාලම නැත.

Monday, December 12, 2016

ශක්‍ර වරම (පෝදා පණිවිඩය /ඇම්ඩන්ගෙ කතාවක්/18+)

තවද එක් භීම සමයක් උදාවිය. එසඳ අං ඇති ගැරඬිහු ගොදුරු සොයමින් තැන තැන සරන්නාහ. දලු ලූ මෝල්ගස් මුදුණෙහි කැදලි තනාගත් ධවල කපුටෝ නිති නින්දටම හැරුණාහ. පිහාටු ලද ඉබ්බෝ පියාසර කිරීමෙන් ලද තෙහෙට්ටුව සන්සිඳුණු රිසියෙන් මෝල්ගස් සෙවණෙහි ගිමන් හැරියාහ.
    මෙලොව බිහිවන්නට අකනිටා බඔලොවට වී නිමිති බැලූ ඇම්ඩනයානෝ මේ සිය අභිනව භවයට අභිමත කාලය යැයි සිතූහ.තවත් පමාවීම භීම සමයේ නිමාවට හේතුවක් බැව් කල් තියා දැනගත් ඇම්ඩනයානෝ සදෙවුන් මුණ ගැසී මෙපවත් සැල කර සිටියෝය.

    "මෙතුවක් නිමිති බලමින් සිටි තා මේ මොහොතේ අප හැර යන්නට සිතන්නේ කවර නම් හේතුවක් නිසාවෙන්ද?"

  " ශක්‍ර දේවයෙණි, අභිනව භවයට මා සොයමින් සිටි සියල්ල දැන් සැපරී තිබේ.එසේ හෙයින් තවත් නම් පමා වීම අකැප වන්නේය ."

  " තාගේ තීරණය එය නම් මම ඊට එරෙහි වන්නට යත්න නොදරමි. මෙතුවක් අප සමඟ වෙසෙමින් මගේ භවන පිනවූ ඇම්ඩනයානෙනි තට යහපතක්ම වේවා....බඔලොවින් මිදී නරලොවට පා තබන්නට පෙර මම තට වරයක් දෙන්නෙමි. තට ඇවැසි යමක් වෙත්නම් ඉල්ලව.....

    ඇම්ඩනයානෝ කල්පනා සයුරේ ගිලුණාහ.

" කිම පුත තා තවත් කල්පනා කරන්නට කාරණය?"

  " නැත . දේවයන් වහන්ස දෙවියෝ වන අපි සකල සිරියෙන් ආඨ්‍යව වෙසෙන්නෙමු. එසේ හෙයින් අපට අවශ්‍ය කිනම් දෙයක්දැයි එකවර මතකයට නැඟීම දුෂ්කර ක්‍රියාවක්ම වන්නේය. එනමුදු දේවයන් වහන්ස දෙවියෝ වන අපි එක් අඩුවකින් පෙළෙන්නෙමු.

    " ඒ කුමක්ද ?"

   "අවසර දේවයන් වහන්ස , දෙවියෝ වන අපි ලිඟු නැති නිසාවෙන් මහත් චිත්තපීඩාවෙන් වෙසෙන්නෙමු. අකනිට බඔලොවෙහි සකල සම්පත් ආඨ්‍යව ඇති නිසාවෙන් එම පීඩාව මහත්කොට නොදැනේ. එනමුදු ලිඟුවක් අහිමිව නරලොව නම් වෙසෙන්නට බැරිය. එසේ හෙයින් මා ඔබවහන්සේගෙන් මා ඉල්ලා සිටින්නේ පුරුෂ ප්‍රාණයක් පතා නරලොවට යන මට දෙව්ලොවත් නරලොවත් වෙන්වන සීමාවෙදි පුරිස් ලිඟුවක් ලබාදෙන ලෙසය.

  " බිය වන්නට කාරණාවක් නොමැත ඇම්ඩනයානෙනි ,තාගේ අවශ්‍යතාව මට වැටහේ. මෙතුවක් තා කළ මෙහෙයට කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගන්නෙමි. දෙව්ලොවත් නරලොවත් වෙන්වන සීමාවෙදි තට පුරිස් ලිඟුවක් ලැබෙනු නියතය.මතක තබා ගනුව , එය නරයන් අතර තිබෙන්නා වූ බලගතුම පුරිස් ලිඟුව වනු නියතය ."

   ශක්‍ර දේවෙන්දයාගේ ආශිර්වාදය ලබා ගත් ඇම්ඩනයානෝ අකනිටා බඹලොවින් නික්මී නරලොවට එන ගමන ඇරඹුවෝය. දෙව්ලොවත් නරලොවත් වෙන්වන සීමාවට පැමිණි හෙතෙම අවසන් වතාවට දෙව්ලොව දෙස බලා සීමාවෙන් එපිටට දකුණු පාදය තැබීය. එකනෙහිම කේශාන්තයේ සිට පාදාන්තය දක්වා මහා විදුලි සැරයක් ගමන් කරනු ඇම්ඩන්යාට දැනිණි . කලබල වූ හෙතෙම වහා සිය යටබඩ දෙස බැලීය. අහෝ පුදුමයකි. යටිබඩට පහළින් දෙවටොර ඉම අසාහය පුරිස් ලිඟුවකි. සතුටින් පිනාගිය ඇම්ඩනයා 'යුරේකා' කියා කෑ ගැසීය. නරලොවට එක් පාදයකුත් දෙව්ලොවට අනෙක් පාදයත් යොමා සිට මෙලෙස දෙවියන්ට අකැප වචනයෙන් කෑ ගැසූ ඇම්ඩනයා කෙරෙහි කිපුණු ඊශ්වරයා සිය ලලාට නයනය හැර ඇම්ඩනයාගේ මුව දෙස බැලීය .එකනෙහිම මහා ගිනි ජාලාවක් මැවී ඇම්ඩනයාගේ මුව දැවෙන්නට පටන් ගත්තේය.සිදුවන්නට යන විපත දුටු ශක්‍රදේවෙනදයේා ඇම්ඩනයා කෙරෙහි මහත් අනුකම්පා උපදී ඊශ්වරයා අවුළන ගිනි නිවනු පිණිස සීතල දිය ධාරාවක් ඇම්ඩන්ගෙ මුව තුළට එවූහ.එසේ හෙයින් මුලු මුඛයම දැවී අළුවීයාමෙන් බේරා ගැනීමට ඇම්ඩන්යාට හැකි විය . එතෙකුදු මඳක් දැවුණූ මුව ඇති හෙයින් ඇම්ඩනයාගේ මුවින් ඉනික්බිතිව නිති පිටවූයේ නොසරුප්වදන්මය.වහා දෙව්ලොව සීමාවෙන් වම් පාදය ඉවතට ගත් ඇම්ඩනයානෝ දෙව්ලොව දෙස බලා තමාට මේ විපත කළ ඊශ්වරයා අමතා මෙසේ කීය.

" එම්බා ලිඟු නැති පාදඩය, තාගේ තෙවන ඇසට වඩා මාගේ තෙවන ඇස බලවත් බව දැනගනුව, තාගේ තෙවන ඇසින් මාගේ මුව දැවුණූ බව සැබවි. එතෙකුදු මාගේ තෙවන ඇස හැරියේ නම් තාගේ බිරිය ගැබ්බර වන බව මතකයේ තබා ගනුව........

උපුටා ගත්තේ :
     ඇම්ඩන් නූතන ජනකතා
  කතෘ; අසංක සායක්කාර

Friday, December 9, 2016

Sex හරියට search කරමු

ආයෙත් පාරක් Sex search  කිරීමෙන් ලොකේ අංක එක වෙන්ඩ අපේ අන්තර්ජාල පාරිභෝගිකයො ටික සමත් වෙලා, ඒ කියන්නෙ මේක දැන් අන්තර්ජංජාලයක්. අඩුම තරමේ Pornography හරියට search කරන්නවත් දන්නැතිකම තමයි ඒ.ස්වභාවයෙන් හම්බවෙන ලිංගික කුතුහලයයි අඩු ඉංග්‍රීසි දැනුමයි එකතු උනාම නතර වෙන්නෙ වෙන්නෙ ඔතන.දැන් හෝමාගම උන් ටික ඕකට Bite උනාට අපි රටක් හැටියට ඉන්නෙ එතනනම් අපේ රටේ ලිංගිකත්වය ගැන දැනුම සහ ලිංගික හැසිරීමෙන් ලබන සංතෘප්තිය  ගැන දෙපාරක් හිතන්න වෙනවා.හැබැයි සමාජෙට ගියාම නම් අපේ පිරිමි තරම් සැප දෙන්ඩ දක්ෂ උන් ලොවෙත් නෑ. එහෙව් රටක ගැහැනුන්ගෙන් 90% ක් විතර ජීවිතේ කවමදාකවත් climax වෙන්නෑ කිව්වොත්? (පත්තරයක දැක්කෙ හොඳේ)
මට හිතෙන්නේ මෙතන තියෙන්නේ ලිංගික දැනුම ලබා ගන්න එක පිළිබඳ ප්‍රශ්නයක්. සාපේක්ෂව බුද්ධිමත් කැම්පස් කොල්ලෙක්ගෙන් කෙල්ලෙක්ගෙන් ඇහුවොත් කොන්ඩම් එකක් use කරන්නේ කොහෙමද කියල අපිට බලා ගන්ඩ පුලුවන් අපි ඉන්නෙ කොතනද කියලා. 9 වසරෙ සෞඛ්‍ය පොතෙන් ප්‍රජනනය පාඩම ඉගැන්නුවා තමයි.ඒක ඒ වයසට ගැළපුනාත් තමයි . හැබැයි ඊට පස්සෙ practically ඕව කරද්දී අදාල දැනුම ගන්නෙ කොහෙන්ද?  වැඩේ තියෙන්නේ සමහර පාසල්වල ඔය පාඩම හරියට උගන්නන්නෙත් නෑ. විශේෂයෙන්ම මිශ්‍ර පාසල්වල .
අපි 9 වසරෙ හිටියෙ 2002 අවුරද්දෙ. සහ අපිට ‍සෞඛ්‍ය විෂය කරේ කළුගම්පිටිය සර්.දැන්නම් එතුමා Trinity එකේ මං හිතෙන්නේ.සර් ඒ කාලේ කොල්ලා, ඒ නිසාම අදාළ පාඩම සුපිරියටම ඉගැන්නුවා ,කොල්ලන්ට chit යවන්ඩ ඕනෙ මඟුලක් අහන්ඩ chance  එකත් තිබුණ එකේ පාඩම boring නැතිව ගලාගෙන ගියා.ඒ පාඩම වෙනුවෙන් සර්ට වගේම අපි කොල්ලො ටිකටත් නිවාඩු කාලෙන් දවසක් කැප කරා.(අන්න ගුරැවරු). පාසල් නිවාඩුව නිසා ගුරැවරියොත් නැති එකේ 9 වසරේ පන්ති 5ම එකට එකතු වෙලා Notes මොකුත් නැතිව Seminar එකක් විදියට දවසම ගතවුනා.
  ඒ තමයි අපි ඉගෙනගත්තු විදිය.පිරිමි පාසලක් නිසා කිසිම අවුලකුත් නෑ.මේ විදියටම බාලිකා පාසල්වලත් උගන්නන්න පුලුවන්. අද කාලෙටනම් Multimedia එහෙමත් use කරන්නත් පුලුවන් .ප්‍රශ්නෙ බලපාන්නෙ මිශ්‍ර පාසල් වලටනේ. ඒවාටත් ඕනෙනම් පිරිමි දරුවො ටික වෙනමයි ගැහැනු දැරිවියො ටික වෙනමයි අරන් උගන්නන්නක් පුලුවන්.බැරිකමකුත් නෑ.

  මෙතනින් එහාට තියෙන්නේ මගේ යෝජනාව.සා.පෙළ කරන කාලෙට ඒ දැනුම ඇති කියමුකො .ඒත් ඊට පස්සෙ AL කරලා එළියට යන ළමයටත් තියෙන්නේ ඒ ලිංගික දැනුමනම් එතන ප්‍රශ්නයක්.එතනින් එහාට මිනිස්සු විවාහ වෙනවා,විවාහයට පෙර ලිංගික සබඳතා ඇති වෙනවා. හැබැයි ඒ කොල්ලා කෙල්ලට විධිමත් දැනුමක් නෑ. ඉතින් අනිවාර්ය ප්‍රතිඵලය තමයි අවිධිමත් දැනුමක් ලබන්න Sex search  කරන එක,(එකම හේතුව නෙවෙයි.) නැතත් මේ බැලිල්ලෙන් වෙන්නේ අස්වාභාවික වගේම විකෘති හැසිරීම් ටිකකුත් නොමිලේම ඔලුවට වැටෙන එක.
ඉතින් නරකද දියුණු සෞඛ්‍ය ‍සේවයක් තියෙන රටක් වෙලා ඒකෙන් ප්‍රයොජනයක් ගන්න එක.හිතමුකො මෙහෙම.(දන්න කියන නුවරම ගන්නම්). AL ලං වෙලා ඉස්කෝලෙ හැර යන්න ඉන්න ළමයි ටික තමයි ඉලක්කය.නුවර Town එකේ පිරිමි පාසල් ලමයි ටික ගෙන්නනවා ධර්මරාජෙ හරි ඇන්තනිස් එකේ හරි Auditorium එකකට. නුවර hospital   එකෙන් ගෙන්නනවා  doctorsla nurse ලා සෙට් එකක්. Multimedia ද, අරකද මේකද හැමදේම පාව්ච්චි කරලා හොඳ seminar එකක් දෙනවා තරුණ ළමයි ටිකට.ලිංගිකත්වය මොකක්ද, අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් වැළකෙන්නෙ කොහොමද , උපත් පාලන ක්‍රම මොනවද, ලිංගික රෝග මොනවද වගේ දේවල් . මේ විදියටම ගැහැනු ළමයි ටිකටත් ඒ දැනුම දෙන්න පුලුවන් . ඉතින් අඩුම තරමේ පාසලෙන් එලියට එද්දි හරිහමන් ලිංගික දැනුමක් තියෙන උන් ටිකක් වත් එළියට එයි. සරල අදහසක්.(ප්‍රායෝගික නැද්ද මංදා.)
  ඔය මොනවා කරත් රටේ බහුතරයක් sex  search කරන්නේ ලිංගික දැනුම හොයන්ඩ නෙවේ. එතන තියෙන්නේ අසහනය , වගේම ලිංගික පීඩනය වගේ දේවල්. ගැහැනියක් එක්ක sex කරන්න බැරිනම් හෝ පිරිමියෙක් එක්ක sex කරන්න බැරිනම් අවස්ථාවක් නැත්නම් අනුන් කරන එකක් හරි බලන එක. ඒක රටේ ප්‍රශ්නයක් , සංස්කෘතියේ ප්‍රශ්නයක්.

Monday, December 5, 2016

ජයලලිතා වෙත,

ලලිතක්කේ
ආරංචියි උඹ ගියා කියලා
නොඑන්නම
හැමෝටම යන්න වෙනවා
ලලිතක්කේ දවසක
උඹ වගේම .....
මහඇමතිකම අත්නොහැරපු උඹ
ජීවිතේ අත්හැරපු අපූරුව
උඹටත් පුදුම ඇති නේද
යන්නෑ වගේ හිටපු හැටි විතරක්
බතලි වගේ...

නාඩුවෙ උන්ට කන්ට නැතත්
උන් උඹ දිහා බැලුවා බං
බලලා සතුටු උනා
උඹ අම්මා උනා
තමිල්නාඩුවටම
උඹ යන්ඩ කලින් හිතුවද
ලලිතක්කේ
කලදසාව උන්ට යන
ගිනි දෙයියන්ටවත් පෙනියන් බං
උන්ගෙ දුක...

අපිටත් ඉන්නවා අප්පුච්චෙක්
ලලිතක්කේ
උන් හිනාවෙනවා උඹගෙ උන්ට
මී හරක්ලු මැට්ටොලු
ඇත්ත වෙන්ඩැති බන්
උනුත් මෙහේ මැරෙන්න හදනවා
අප්පුච්චෙක් වෙනුවෙන්
මරලවත් ගත්තේ නැත්තේ ඇයි?
අහනවා බං එහෙමත්
එකවගේ ‍නේද බං
අපි ඔක්කොම 
ලලිතක්කේ ........

Friday, December 2, 2016

බස් වර්ජනයට පසුවදනක්...

පැය 24ක් තිබුණ පුද්ගලික බස් රථ වර්ජනය හිතුවටත් වඩා ඉක්මනින් අවසන් වුනා. ජයග්‍රහණය කාටද කියන එකනම් තාමත් ප්‍රශ්නයක්. හැමදාම වගේ අන්තිමට මහජනයා පරදින එකනම් වෙන්ඩ පුලුවන්. ඇත්තටම වර්ජනය මෙච්චර ඉක්මනින් ඉවර වෙනවා කියන්නෙම ඔය තග දාන බස් සංගම්වලට කල් අල්ලන වර්ජනයකට යෑමේ නොහැකියාව.
   ඊයේ දවස පුරාවටම සමාජ මාධ්‍ය වල වීරයා වුනේ CTB සේවකයින්.බොහෝ පිරිසක් ඔවුන්ට ස්තූති පළකරලා තිබුණා.මං හිතන්නේ අපේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාර, දේශපාලන පක්ෂ වගේම ඊටත් වඩා පට්ට අවස්ථාවාදී පිරිසක් තමයි සාමාන්‍ය ජනතාව. ඊයේ  පුද්ගලික බස් ව්‍යාපාරයට බැන්න වගේම හෙට අනිද්දට ලංගම වර්ජනයක් ආවොත් ඔය විදියටම ඔවුන්ට හොඳ කියන්නෙත් ඔය කට්ටියමයි.
   හැම මඟුලකටම වීරයොයි, දුෂ්ඨයොයි, දේශප්‍රේමීයෝ වගේ කොණ වලින් බැලුවම වෙන්නේ අපට තියෙන සිරා ප්‍රශ්නේ අමතක වෙලා වෙන රෙද්දවල් කතා කරන එක. හැමෝම දඩේ ගැන කතා කරා මිසක් දඩේ ක්‍රියාත්මක වුනාම වෙන්න පුලුවන් දේවල් කතා කරා අඩුයි.
සමහරු කියනවා දඩේ වැඩි හින්දා අන්තිමට පොලිසිය ගොඩ යනඑකනම් අනිවා වෙයි කියලා. ඔව් ඒ ප්‍රශ්නේ තියෙයි තමයි ඒත් පගාව ගන්නවටත් වඩා වැරැද්දක් උනාම පගාව දෙන්න බලන් ඉන්න එවුනුත් ඕනේ තරම් ඉන්නවා. උන් බලන් ඉන්නේ පොලිසිය පැත්තෙන් වචනෙ එනකල්.ඒකනම් හැබැයි win-win situation එකක්.ඉතින් පොලිසියටම වරද පටවනවට වඩා තමන්ගෙ පැත්තෙන් ඒ දුර්වලකම හදා ගත්තනම් නරකද?
  අනෙක් කාරණය තමයි 30000ක් පඩි ගන්න එකා 25000ක් ගෙව්වම ඌ ජීවත් වෙන්නේ කොහොමද කියන එක.ඔව් ගාන සැරයි තමයි. හැබැයි මිනිස් ජීවිතයක වටිනාකම කියන එක අසීමාන්තිකයි කියලත් අපි තේරැම් ගත යුතුයි.25000ක් දඩ ගෙව්වම ජීවත් වෙන්න අමාරැයි කියන එක තේරේනවනම් තමන්ගේ අතින් මිනිහෙක් අබ්බගාත වුනොත් ඒ යකා ජීවත් වෙන්නෙ කොහොමද,ගෘහ මූලිකයෙක් මැරුණොත්  පවුලකට යන කලදසාව මොකක්ද කියලත් තේරෙනන ඕනෙ. ඕක තේරැම් ගත්තොත් නම් වාහනයක් එලවද්දි වගකීම විරහිත ගතිය ඉබේම අඩුවේවි .
   අනෙක් කාරණය තමයි මෙහේ මෙලෝ රහක් නැතිව වාහන පදවන අයියලාම වෙන රටකට ගියාම අගේට විනීතව වාහන පදවන්නේ ඇයි කියන එක. ඒ රටවල වාහන වැරදි වලට පෙනල්ටිය දරුණුයි. මෙහේ වගේ බේරිලා යන්නත් බෑ. ගිහින් තියෙන්නේ job එකකට.අවුලක් උනොත් මොනවත් නැතිව ලංකාවට එන්න වෙනවා.ඉතින් අපේ අයියලා Gulf  ගියාම හෙන නීතිගරුකයි.
   මට හිතෙන්නේ ආණ්ඩුව පරක්කු වෙලාහරි ගත්ත තීරණය හොඳයි.ටික දවසකින් අකුල ගන්ඩ බැරිකමකුත් නෑ.මොකෝ මේ ලෝකෙන් උතුම් රට හන්දා. ඒ වගේම ආණ්ඩුව ඔය තීරණය ගත්තේ උඹ මම ගැන හිතලා නෙවෙයි බදු ආදායම් වැඩි කර ගන්ඩ කියලත් අපි නොදන්නව නෙවෙයි.අවුලක් නෑ.මොනව හරි දේක ප්‍රතිඵල කීපයක් තියෙනවා නම් අපි ඒකෙ හොඳ නරක කියන්ඩ ඕනෙ සම්ප්‍රයුක්තය බලලා කියනවනේ. ඔව් මේ තීරණය හරියට ක්‍රියාත්මක උනොත් තව අවුරුදු 5-6ක් යද්දි අපිට හොන් එක උඩ වාඩිවෙලා වාහන පදවන්නේ නැති, විනයගරුක මහපාරක් උරුම වෙලා තියේවි .....

Thursday, December 1, 2016

Bus strike ආතල්

Private bus strike කරාවි
පාරේ වාහන අඩුවේවි
ඒත් Traffic තියෙනවා සත්තයි....

Wednesday, November 23, 2016

ජ්‍යොතිෂයවේදියා හෙවත් තක්කඩියා

ජ්‍යොතිෂය විශාරද, ජාත්‍යන්තර උපදේශක(යකෝ මූ ජාත්‍යන්තරේටත් ගිහිල්ලා. අන්න පොරවල්ලා), දේශමාන්‍ය, සාමවිනිසුරැ(ජාතික වස්තුවක් නේ අම්මපා)  K.A.U සරත්චන්ද්‍ර මහත්තයා කියන විදිහට උඹලා කාටහරි පිලිකාවක් හරි චර්ම රෝගයක් තියෙනවා නම් මුන්දෑ ගාවට ගියාම නිට්ටාවටම හොඳ කරනවලු ඕන්.
  ආණ්ඩුවටත් මාර පල්ලම  මේ වගේ දහයක් පහළවක් හොයා ගත්තා නම් ඉස්පිරිතාල ටික වහලා දාලා ජ්‍යොතිෂයතාලේ වගේ එකක් දාන්න පුලුවන ඉස්පිරිතාලෙ වෙනුවට . අනුරුද්ධ පාදෙණිය මහත්තයෝ Retire වෙන්න කාලේ හරි.ඉන්දියාවේ Ambulance ටිකත් දෙමු උන්දැලාට පස් අදින්ඩ.
    සරත්චන්ද්‍ර මහත්තයෝ බෙහෙත් කරන ගමන්ම මැණිකකුත් පැළඳුවම කොහොමද යකෝ අපි  දැනගන්නේ බෙහෙත් වලටද මැණිකටද පිලිකාව හොඳ උනේ කියලා .තොපි හිතෙන්නේ මිනිස්සු රටහරක් කියලද. දොස්තරලා ඉරාගෙන බෙහෙත් කරන්ඩ, උඹලට credit  එක ගන්ඩ. මුලින්ම කියපන් උඹේ අම්මට තාත්තාට හරි ළමයෙක්ට හරි ඔහොම ලෙඩක් හැදුනම මැණිකක් දාලා උගුඩුවා වගේ බලන්  ඉන්නවද කියලා.
  මේ වගේ හොරුන්ට තද නීති තිබිය යුතුයි මෙහෙම අසරණ රෝගීන් වංචාකිරීමට එරෙහිව.මිනිස්සු අවුරුදු ගනන් කැප කරලා දොස්තරවරු වෙන්ඩත් මුන් එක රැයෙන් superstar ලා වෙන්ඩත් මාධ්‍ය වගේම විචාර බුද්ධියක් නැති මෝඩයෝ ටිකත් වගකිවයුතුයි.

Monday, November 21, 2016

ශිෂ්ණ කෙලින් කරන Hiru FM

ඔබත් බොහෝවිට හිරු fm facebook page එකට දැනටමත් like එකක් දමා තිබෙන්නට පුළුවන .නැත්නම් ඔබගේ හිතවතුන් දරැවන් එසේ කරනනට පුලුවන්. මේ තියෙන්නේ ඔවුන්ගේ news headings කීපයක්,

*බීලා බීලා ඇඟේ සරමක්වත් නැතිව ලෑලි කාමරේ මැද්දේ නිදියගෙන ඉන්න පියදාස දැකපු මට මාව පාලනය කරගන්න බැරි වුණා - Hiru Gossip

*ගණිකා වෘත්තියේ නියැලුනු ටෙලි නිළියක් අත්අඩංගුවට - වීඩියෝ - Hiru Gossi

*පොඩි අක්කගෙ මහත්තයා අක්කා නැති වෙලාවට මට කරදර කරන්න ගත්තා, ටික දවසක් යනකොට මමත් එයාට අවනත වුණා - Hiru Gossip
සම්පූර්ණ විස්තරය පහතින්..

*HIRU FM
96.1 FM or 96.3 FM Island wide.
---------------------------------------
සැමියා විසින් බිරිඳට පුරුදු කළ අමුතු වැඩක් අත්හැරගන්න බැරිවෙලා
සම්පූර්ණ විස්තරය පහතින

සිතන්න,ඔවුන් හදන්නේ ඉතාමත් පහත් බාල අශ්ලීල රසයක් සමාජය මත වපුරන්නට නොවේද, බාල රසයක් වපුරමින් page views වැඩි කර ගැනීමට නොවෙද.
  හිරැ fm, වගකිවයුතු මාධ්‍ය ආයතනයක වගකීම වනුයේ සමාජය ට දැනුම ,විනොදාස්වාදයක් ලබාදීම මිස ශිෂ්ණ කෙළින් කිරීම නොවේ.සමාජය මත  අශ්ලීල අදහස් බලෙන් පැටවීම ඔබ ආයතනය විසින් නතර කළයුතුය .

Wednesday, November 16, 2016

පිටිදූවේ සිරිධම්ම ට බය ඇයි?

  කොටින්ම මම නම් සිරිධම්ම ට පට්ට ලයික්ය. මොකෝ පොර සම්ප්‍රදායික සිංහල බෞද්ධ සමාජය උඩු යටිකුරු කරනවා පමණක් නොව උස්සා පොළවෙ ගසනා බැවින් ය.
     දැන් පොර තමන්ගේම පිළිමයක් සාදාගෙන ඇත.(අප දන්නා ගෞතම බුදුන් නම් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන ලදි, නමුත් සිංහල බෞද්ධයන් පිළිම වෙනුවෙන් මරා ගනිති.) නැවතත් සති දෙක තුනකට සිරිධම්ම  මෙගා හිට් එකක් වනු ඇත.නමුත්  දෙයක් පැහැදිලිය.  බුද්ධාගමට වින කරන උන් චුත කරන්න දඟලන ගලබොඩ අත්තෙලා, අම්පිටියෙ සුමනලා, ඉත්තෑකන්දෙලා කටක් නොඅරිනු ඇත. මොකද  ඔය උන්දැලාට කට තිබුණට බුද්ධාගම Theory part එක හරියට බැරිය. සිරිධම්ම Theory  දෙක තුනක් වැනූ ගමන් උන් වහන්සේලා කැලේය. නොදන්නා දෙමළක් කතා කරන්නට ගොස් වරිගෙ නසා ගැනීමට උන්වහන්සේලා කැමති නැතිය. දමිළයට මරක්කලයට ගේම ඉල්ලන එක ඊට වඩා සිම්පල්ය.
    අවසානයට අප මෙසේ කියන්නෙමු. මැටි ගොඩකින් හෝ කොන්ක්‍රීට් ගොඩකට වැඳීමේ නිස්සාරකම තේරැම් ගැනීමට ඔබට අවස්ථාව උදා වී ඇත. එයින් ප්‍රයොජන ගැනීම ඔබට භාරය.

Thursday, November 3, 2016

ලැගුම්හල් සදාචාරය හා පොලීසියේ භූමීකාව

(2012 පෙබරවාරි සමබිම කලාපයෙන් උපුටා ගන්නා ලද්දකි)

  දඹුල්ල ප්‍රදේශයේ පුද්ගලික ලැගුම්හල් සම්බන්ධයෙන් දියත් කරන ලද සෝදිසි මෙහෙයුමක් පිළිබඳව ප්‍රශංසනාත්මක ලිපියක් 2011 දෙසැම්බර් 11 වැනිදා ඉරිදා ලංකාදීප පුවත්පතේ දඹුල්ලේ කාංචන කුමාර අාරියදාස නම් පුද්ගලයකු පළ කොට තිබුණි.දඔුල්ල පොලිසිය විිසින් අදාළ මෙහෙයුම දියත් කරන ලද්දේ ඔවුන් විසින්ම පසුගිය ඉරිදාවක එම පුවත්පතේම පළ කරන ලද යම්කිසි හෙළිදරව් කිරීමක් පාදක කරගෙන බව ලියුම්කරු සඳහන් කරන්නේ යම්කිසි ආඩම්බරයකින් බවද පෙනුණි. ඊට අමතරව පසුගිය ඉරිදා (2011/12/18) දිනද ලැගුම්හල් හා වෙනත් රහසිගත ස්ථාන කරා යන පෙම්වතුන් හා අනෙකුත් ලිංගික සතුට සොයන්නන් පිළිබඳව දීර්ඝ ගවේෂණාත්මක ලිපියක් පළකර තිබුණි. මෙහිදී මෙම ලිපිවල ලියුම්කරුවන් විසින් ඉස්මතු කරන ලද්දාවූ කාරණා සුචරිතවාදී දෘෂ්ටියකෝණයෙන් සාධාරණ බව පෙනී ගියද මේ සම්බන්ධයෙන් නෛතික දෘෂ්ටියකෝණයෙන් ද විග්‍රහයක් ඉදිරිපත් කිරීම උචිත යැයි මට හැඟුණි.

    මෙහිදී මෙම ලිපි දෙකම සම්පාදනය වී ඇත්තේ ලැගුම්හල් කරා ලිංගිකත්වය සෙවීමේ අරමුණෙන් යන සියල්ලන් කෙරෙහිම විරෝධාකල්පයකින් බව පැහැදිලිය.මූලික වශයෙන් මෙහි අරමුණ වී ඇති මෙම අපචාර වලට ගොදුරු වන්නාවූ පාසල් දරු දැරියන් ගලවා ගැනීම ඉතා උතුම්  අරමුණක් බවට මෙම  ලියුම්කරුට විවාදයක් නැත. සදාචාරමය වශයෙන් ගත්කළ අනාචාරයේ හැසිරෙන්නන් බාලවයස්කාර පෙම්වතුන්  සාකච්ඡාවෙන් බැහැර කරන්නේ නම් ඉහත කී කාණ්ඩ දෙකටම අයත් නොවෙන පෙම්වතුන්ට මෙහිදී යම් අසාධාරණයක් සිදුවී ඇත. පෙම්වතුන්ට පෙම් කිරීමට අයිතියක් ඇත. එසේම බාලවයස්කරුවකු නොවන ඕනෑම අයෙකුට තමා කැමති අයෙකු සමඟ ලිංගිකව හැසිරීමටද අයිතියක් ඇත.

     මෙම පෞද්ගලික ලැගුම්හල් සහ ඒවායේ  ලැගුම් ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසියට ක්‍රියාත්මක විය හැකි යම් වපසරියක් ඇත. සමාජයේ ආරක්ෂාව උදෙසා එම වපසරිය තුළ ක්‍රියාත්මක වන පොලිසිය සමාජයේ ආරක්ෂාව උදෙසාම එම වපසරිය ඉක්මවා යෑමෙන් වැළකිය යුතු බව අපගේ හැඟීමයි. සදාචාරය වැනි කාරණා සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකාරිත්වයට යම් බුරුලක් දිය යුතු බවද ඇතැම්හු විශ්වාස කරති.පොලිසිය ඇතැම් අවස්ථාවලදී තම සීමාවන් ඉක්මවා ක්‍රියාකිරීමට පෙළඹෙන්නේ ඇතැමුන් සාධාරිණීකරණය කරන මේ 'බුරුල' ප්‍රයෝජනයට ගනිමිනි. අඟුලාන සිදුවීම , දොම්පේ සිදුවීම හා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිදුවීම වැනි අවාසනාවන්ත තත්වයන් පොලිසිය එකී 'බුරුලෙන්' ප්‍රයෝජන ගත් අවස්ථා සඳහා මෑත කාලීන උදාහරණ වේ.

     මෙහිදී ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක්‍රියාත්මක වියහැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතීරීති මඟිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ  පුරවැසියන්ට පමණක් නොව ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම්  ආශ්‍රයෙන් ප්‍රත්‍යක්ෂ වේ.එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යුතුය.

    ප්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම , කළමනාකරණය කිරීම , කළමනාකරණය සඳහා ක්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය. ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේනම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ්‍රී ලංකා නව නීතී වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.

      යම් පුද්ගලයකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟ රැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරි පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත.එහිදී එම පුද්ගලයාට චෝදනාව එල්ල වන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක් කිරීම හේතුවෙනි.ඉහත කී පාසල් සිසුසිසුවියන් සම්බන්ධ තත්ත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල්වලට පුද්ගලයන් ඇතුළු කර ගැනීමේදී  හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18ට අඩු පුද්ගලයන් දෙමව්පියන් හා තම පවුල සමඟ නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපිවල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප්‍රයොජන හා වාසි අරභයා  බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ප්‍රමාණවත් නීතීරීති පවතී.

      යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැඳී සිටියදී සිදුකරන ලබන පරීක්ෂා කිරීමකදි තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොනුකළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණි.ලැගුම්හල තුළ ලිංගික ක්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමයි. හදිසි නීතීය ක්‍රියාත්මක වූ සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද ඒවායේ රැඳී සිටි "ජෝඩු" අත්අඩංගුවට ගත්තේද පසුව "දැඩි සේ අවවාද කොට" මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය.කෙසේ වෙතත් හදිසි නීතීය හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප්‍රශ්න කළ හැකි තත්වයකි.

     යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැනිව නම් දණ්ඩ නීතී සංග්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත.මෙහිදී ප්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත්‍රීයගේ කැමැත්තයි. ඇගේ් කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක ,එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ  කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි. 

      විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රීයක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රීයක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ්‍රී ලාංකායේ අපරාධ නීතීය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයදෙි නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිදු අවස්ථාවක අනාචාරයේ හැසිරීම  හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.

     එබැවින් යම් පුද්ගලයන් දෙදෙනකු ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු  හෝ බාලවයස්කරුවකු නොවෙන අවස්ථාවකදී , අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී ,දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු  නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.

     වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුළු ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහියෝමය. පෙම් යුවළක් ආසන්නයේ සිටිනවිට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත.අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක්‍රියාවක් දෙස පවා ඇතැමුන් බලන්නේ වපරැසිනි. ප්‍රසිද්ධ සමාජයේ ප්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුළදී පමණක් නොව අනෙකුත් සෑම සියළු සමාජ ක්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.

  කුරුණෑගල නගරයේ වර්තමාන තත්ත්වය මෙය වටහා ගැනීමට මනා උදාහරණයකි. කුරුණෑගල නගරයේ වර්තමානයේ පෙම්වතුන්ට නිදහසේ කතාබහ කිරීමට හෝ ස්ථානයක් නොමැත. රජපිහිල්ල උද්‍යානයේ පෙම්වතුන්ට රැඳී සිටීමට ඉඩ නොදෙයි. වැව රවුමේ බංකු වෙන්ව ඇත්තේ විශ්‍රාමික වයෝවෘද්ධ මහත්වරුන්ට හා රාජකාරිය කටයුතු සඳහා නගරයට පැමිණෙන්නන්ට කල් මැරීමටය. ඇතුගල ප්‍රදේශය දැන් පෙම්වතුන්ට සපුරා තහනම් කලාපයකි. කුරුණෑගල බස් නැවතුම්පොළේ හෝ වෙළෙඳ සංකීර්ණයේ හෝ පෙම් පිළිසඳරක යෙදී සිටීමට කිසිදු පෙම් යුවළකට ඉඩක් නැත. කුරුණෑගලදී නිදහසේ පෙම් පිළිසඳරක යෙදීමට නම් එක්කෝ ඇවිද ඇවිද කතා කළ යුතුය. නැත්නම් තමාගෙම කියා වාහනයක් තිබිය යුතුය. එවිට එය මඟ නවත්වා සුළු වේලාවක් නිදහසේ කතා කළ හැකිය. තමාගෙම කියා වාහනයක් ඇත්තේ තරුණ පෙම්වතුන්ගෙන් කීයෙන් කී දෙනාටද? ඉදින් එසේ සදාචාරවත් ලෙස තම පෙම් සබඳතාවය පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ අවුරා ඇති කළ පෙම්වතුන් ඉබේම තල්ලු වන්නේ කාගෙන්වත් කරදරයක් නැති, කාටවත් කරදරයක් නැති,පෞද්ගලිකත්වය උපරිමයෙන් රැකෙන ලැගුම්හල් කරා නොවෙද ?

   සමාජයක පැවැත්මට හා අනන්‍යතාවයන් අාරක්ෂා කර ගැනීමට සදාචාරවත් බව සහ සංස්කෘතිය වැදගත් සාධකයක් වන බව සත්‍යයකි. එසේ වුවද සංස්කෘතිය , සදාචාරය වැනි පුද්ගලබද්ධ කාරණාවන් සම්බන්ධයෙන් නීතීයට ක්‍රියාත්මක විය හැකි යම් සීමාවන් පවතී. එසේ සීමාවන් පනවා ඇත්තේද මානව සමාජයේ සුබසිද්ධිය උදෙසා බව අමතක නොකළ යුතුය. එබැවින් සදාචාරය සුරක්ෂිත කිරීමෙහිලා ආගමික හා සිවිල් සංවිධාන සතු වගකීම පොලිසිය වෙත ආරෝපණය කොට පොලිසියේ යකඩ අතින් සදාචාරය සුරක්ෂිත කරවාගන්නට යාම ආනුශාංගික ගැටලු රාශියකට අත වැනීමක් වන්නේය .

(කාංචන බණ්ඩාර ආතාවුද)