Saturday, February 27, 2016

දළඳා මැදුර ඉදිරිපිට පාර ඇරියම බුදුසාදු තරහා වෙනවද?

            



     මහනුවර දළඳා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම පිළිබඳ සංවාදයක් ඇතිව තිබේ,පිරිසක් මාර්ගය විවෘත කිරීමට පක්ෂපාතී වන අතර තවත් පිරිසක් විරුද්ධය.නමුත් පැහැදිලි වන කාරණය නම් මේ බෙදුම් රේඛාව ටොයි බයි ලෙස විභේදනය වී තිබීමයි. ආණ්ඩුව කරනා සෑම දෙයකටම විරුද්ධ වීමේ 'කෝකටත් තෛලය' තියරිය මත වීරවංශ,ගම්මන්පිළ ආදීන්ගේ විරෝධයන් මෙයට සාක්ෂි සපයයි.
 1998 වසරේ සිදුවූ LTTE බෝම්බ ප්‍රහාරය හේතුකොට ගෙන මෙම මාර්ගය වාහන සඳහා වසා දමන්නට යෙදුනි.පැවති කලබලකාරී වාතාවරණය හා දළඳා මන්දිරයෙහි ආරක්ශාව වෙනුවෙන් එවකට කිසිවෙකු විරුද්ධ වූයේ නැත.පසුව 2002 වසරේ ඇතිවූ සටන් විරාමය හේතුවෙන් මෙම මාර්ගය නැවත විවෘත කෙරුණි.
       නමුත් මෙම මාර්ගය වසා දැමීමත් සමඟ වැව රවුම වටේ ඇතිවන වාහන තදබදය අනිවාර්ය ප්‍රතිඵලය විය.පාසල් කාලය තුල මෙය දෙගුණ වේ.ගෝතමී බාලිකාව,හිල්වුඩ් බාලිකාව,මහමායා බාලිකාව,ධර්මරාජය වැව රවුම වටා ඇති ප්‍රධාන පාසල් කීපයකි.වාහන තදබදයට අමතරව මහනුවරින් ශ්වසන රෝගින් අධිකව බිහිවන්නට විය.අදටද ලංකාවේ වායු දූෂණය ඉහළම නගරය කොළඹ නොව කුඩා වපසරියක පිහිට ඇති, කර්මාන්තශාලා නොමැති මහනුවර නගරයයි. භූ විෂමතාවයට අනුව මහනුවර නගරය සනුවක පිහිටා ඇත්තේ.එබැවින් නගරය වටකරගෙන ඇති කඳු නිසා නගරයට ඉඅහළ අහස දඩි වායූ දූෂණයකට ලක්ව තිබේ.
 මෙයට ප්‍රධානම හේතුව දළඳාව ඉදිරිපිට ඇති මාර්ගය වසා තැබීමයි,එබැවින් මීටර් 300කින් යායුතු දුර ගෙවීමට ඈසන්න වශයෙන් කි.මි.2 ක දුරක් යයුතුව තිබේ.බැලූබැල්මට මෙම දුර එක තැන කැරකිවීමකි.තවද සටන් විරාමය පැවති කාලය තුල එවකට වයූ දූෂණය ක්‍රමිකව අඩුවූ බව පරීක්ශන වාර්තා වලින් හෙලිවිය (මේ සම්බන්දව ලිපියක් කලකට පෙර රාවය පුවත්පතේ පලවිය )

*දළඳා මැදුර ඉදිරිපිට මාර්ගය විවෘත කිරිම දළඳා මැදුරට අගෞරවයක්ද?
 සැබවින්ම නැත.එසේ නම් දළඳ මාලිගාවට 1998 වසරේ බෝම්බ ප්‍රහාරය එල්ලවන තෙක්ම ජාතියක් හැටියට අප පුදුමාකාර අගෞරවයකි කර ඇත්තේ.එසේනම් අප වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ස්තුති කල යුතුය.ඔහු නොවන්නට එම මාර්ගය කිසිදා වැසෙන්නේ නැත. එසේනම් ඊනියා දේශප්‍රේමින් ටිකද එම මාර්ගය අපූරුවට භාවිතා කරනු ඇත,98 ට පෙරද ඔවුන්ට එලෙස අගෞරවයක් දැනුනේ නැත.එම මාවත විවෘත කර නාමල් බේබි තිරික්කල රේස් යද්දීද ඔවුන්ට එලෙස අගෞරවයක් නොදැනුණි.

Friday, February 26, 2016

PHONE එකේ PORN හොයන POLICE

නිමිත්ත:
 මහනුවර නගරය භාවිතා කරන්නන් ඔරලෝසු කණුව ආසන්නයේ සිට ගුඩ්ෂෙඩ් බස් නැවතුම දක්වා පැමිණීමට රේල් පාර භාවිතා කරයි.(දැන් රේල් පාරට සමාන්තරව පදික වේදිකාවක් ඇත.)
 මා කිහිප වරක් දැක ඇති පරිදි සිවිල් ඇඳුමින් සැරසුනු පොලීසියේ යැයි කියාගන්නා දෙපළක් ටියුෂන් යන තරුණ කොලු ගැටව්න්ගේ ජංගම දුරකථන පරීක්ෂා කරනු ලැබේ. 





අදහස:

 අදාල පුද්ගලයින් දෙදෙනා සැබැවටම පොලිසියෙන් විය හැක( පොලිසියේ කල්ක්‍රියාවට අනුවා. නමුත් මොවුන් සොයන්නේ ඉහත තරුණයින්ගේ ජංගම දුරකථනයේ අඩංගු අසැබි යැයි සම්මත් දෑයි,
  *උසාවි නියෝගයකින් තොරව පොලිසියට එසේ ජංගම දුරකථන පරීක්ෂා කළ හැකිද?
  මා දන්නා පරිදි එසේ කළ නොහැකිය. ජංගම දුරකතනය යනු අතිශය පුද්ගලික භාණ්ඩයකි.බහුවිධ කාර්‍ය්යන් සඳහා වර්ථමානයේ ජංගම දුරකථන භාවිතා කෙරේ, පුදිගලිකව ලේඛකයාගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ බැංකු ගිණුම් කටයුතු කළ හැක,මුදල් හුවමාරු කිරීම් කළ හැක,ඔහුගේ ආයතනයෙන් ඒවනා ඊ මේල් ලැබෙන්නේද ජංගම දුරකථනයටයි, තව මෙයට පුද්ගලික චැට් කිරීම් ෆේස්බුක් ආදියද ඇතුළත් වූ විට තමන්ගේ ජංගම දුරකථනය යනු දිවිහිමියෙන්  රැක ගතයුතු අයිටමයක් බවට පත් වේ.

*පොලිසියෙන් හොයන්නේ මොනවාද?

  ජීවිතේට වැලක් නොබැලූ පොලිසිය මේ හොයන්නේ රටේ ඉන්න කොල්ලො වැල බලනවද නැද්ද කියලයි,පොලීසියට වෙන වැඩක් නැත,දැන් ඉස්සර වගේ වැල වීඩීයෝ බාගෙන බැලිය යුතු නැත,අවශ‍ය වෙලාවට ඔන්ලයින් බැලිය හැක.තමන්ගේ ෆෝන් එකෙන් වැලක් බලනවද බණක් අහනවද තීරණය කිරිමට පොලිසියට අයිතියක් නැත, අනෙක ජංගම දුරකථනයේ පිරිත් තිබුණා කියා පොලිසියෙන් තෑගී දෙන්නේද නැත.කරන්නට වැඩ දාහක් තිබියදී පොලිසියෙන් මේ කරන්නේ ආතල් කුඩු කිරීමයි,

 මගේ මුහුණේ ෆොටෝ එකක් දුරකථනයේ තිබිම කවුරුවත් ප්‍රශ්නයක් කරගත යුතු නැත,එය මුහුණේ සිට බෙල්ල අතපයේ සිට ලිඟුව දක්වාම අදාළ වේ.දුරකථනයත් මගේ නම් ශරීරයත් මගේ නම් කාටවත් අදාල නැත.මා ගැහැණියක් සමඟ ලිංගිකව එකතු වීම වීඩීයෝ කරන්නේනම් (ගැහැණියට හොරෙන් නොවේ,පසුව ලීක් වීමත් වෙනම කාරණයකී) එයද පුද්ගලික කාරණයකී,පොලීසියට එයට විරුද්ධ විමට මා දන්නා පරිදි නීතීමය අවකාශයක් නැත

පසුවදන:
 අනුන්ගේ නිදන කාමර වලට එබීමට පොලීසියට හෝ වෙන කාටවත් අයිතියක් නැත.

Friday, February 19, 2016

වී ගොවියා හස්ති පශ්චාත්භාගයෙන් ද?








මුන්ට බිත්තර වී ටික දෙන්ඩ ඕනෙ
වැවේ වතුර ටික වෙලාවට දෙන්ඩ ඕනෙ
පොහොර සහනාධාරෙ දෙන්ඩ ඕනෙ
අස්වැන්න මිළදී ගන්ඩ ඕනෙ
සහතික මිළක් දෙන්ඩත් ඕනෙ
යකෝ වී ගොවියො කියන්නෙ පට්ට Dial  ටිකක් නේ
මුන් රාජ‍ය්‍ය සේවකයින්ට වඩා හපන්............

Thursday, February 18, 2016

අලි පැටියෝ ඔයයි මමයි





ඉතින් උඩුවේ හාන්දුරුවනේ
කොහොමද සැප සනීප?
අලි පැටියා දානේ ගත්තැයි?
බලන්ඩකෝ හාන්දුරුවනේ යමපාලනෙන් දෙන වදයක්
අමතක වෙලා දාලාගිය අලි පැටියෙක්වත් හදාගන්ඩ දෙන්නැනේ
ඔබතුමාට, Sorry ඔබවහන්සේට
බලුපැටියෙක් වගේ ලොකු සතෙක් නම් කමක් නැ
Lipstick ගාන,Makeup දාන
ලස්සන හාන්දුරුවෝ කිව්වට කොල්ලො කුරුට්ටෝ
සැලෙන්ඩ එපා හාන්දුරුවනේ
නරකද හාන්දුරුවනේ අලි පාටියට වගේ සෙට් වුනොත්
එයාලත් බොහොම මනාප වෙයි......
     ........ ඔබතුමාට..........