Thursday, September 15, 2016

මම දොස්තර කෙනෙක් වෙමි

මම දොස්තර කෙනෙක්ය.
පට්ට රස්නෙ උනත් Tie දාන්නේ ඒ නිසාය
පොඩිකාලේ හැමෝම Docter වෙන්ඩ හීන මැව්වාය
ඒත් උනේ මං විතරය
ඒ සර්ව රාත්‍රිකව පාඩම් කරපු නිසාය
Bio,commerce ,maths උන් පාඩම් කරන්නේ නැතිය
ඒ නිසා උන්ට Car permit ඕනෑ නැතිය
අපිට විතරක් තිබුණම ඇතිය
සල්ලි මහ ජනතාව ගෙවනවා ඇතිය
Private campus ඕනෑම නැතිය
Private practice කරන එක අදාලම නැතිය
Private government ගැන අපි worry  වෙන්නේ නැතිය
අපි ජනතා සේවකයෝය
අපේ ළමයි අනෙක් ළමයි වගේ නෙවේය
උන්ට සැළකීම ඔහෙලගෙ යුතුකමය
මොකද උගෙ තාත්තා ඩොකාය
උෟ වෙන්ඩ ඩොකාය
කොන්දොස්තරගේද කොන් කැපිය යුතුය
Sorry දොස්තර කැපිය යුතුය
කොන්දාස්තර නම දාපු එකාට
මැලේරියා පෙති දිය යුතුය
අපි කාලා බීල ඉන්නවට ඔහෙලා අකමැතිය
වෙනම පාසල්,වෙනම මංතීරැ අපි හදා ගන්නවය
අන්තිමට වෙනම රටක් ද හදාගන්නවය
එය ඩොකාලන්තය වන්නේය
එතකොට ඔහෙලට ගොඩාක් රිදේය

දොස්තර දැක හැකිළෙන්නේ
වෙද්දුන් දැක පුප්පන්න‍ේ
ආතල් බව සිතමින්නේ
වෙන්ඩ ඩොකා ලොකු වෙන්නේ

3 comments:

  1. ලොකු සටහනකින් කියන්න ඕනා දෙයක් අපූරුවට කෙටි කරලා ලියලා.

    ජයවේවා!!!

    ReplyDelete