Monday, July 17, 2017

ආගම සහ කෑම

  කලින් සටහනක ලිව්වා  වගේම ආගමක් කියන්නෙ lifestyle එකක්. එතකොට එහෙම ආගම් එක්ක බැඳුණු ආහාර රටාවකුත් තියෙනවා. කිරිබත්, මුංකැවුම්, වටලප්පන් , ඉට්ලි කිව්වම අපට නිරායාසයෙන්ම සමහර සංස්කෘතික ලක්ෂණ මතක් වෙන්නෙ ඒකයි. වැඩේ තියෙන්නෙ ආගමික, සංස්කෘතික වෙනස්කම් එක්ක තියෙන ආහාර රටා වලින් අපිට set වෙන එ්වා අපි පිළිගත්තට අනෙක් ඒවා මාරාන්තික විදියට බැහැර කරන එක තව විදියකට බැලුවොත් joke එකක්.
  හැම ආගමක්ම හැදෙන්නේ ඒ අවට පරිසරයට අනුරෑපව. ඒ නිසයි ආගම් වලින් යම් පරිසර තත්වයක් ගැන කතිකාවතක් හැදෙන්නෙ. ඉස්ලාමය ගත්තොත් ඒ ආගමේ නිර්මාතෘට අනුව මුලු පෘථිවියම කාන්තාරයක්. බුද්ධාගම,ජෛන ,හින්දු බැලුවත් ඔවුනට අනුව මුලු පෘථිවියම හැදිල තියෙන්නෙ වර්තමාන ඉන්දියානු පරිසර තත්වයට අනුව. ඒකනේ බෞද්ධ හාමුදුරුවරු වස් වසනවා කියල බොරුවක් කරන්නේ.ඇමෙරිකාවේ ,එංගලන්තයේ ,කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න හාමුදුරුවෝත් වස් වසනවා. ඒ රටවල් වලට අපට තියෙන මෝසම් කාළගුණයක් ඇත්තෙත් නෑ. සිවුර ගත්තත් එච්චරයි. ඒක අර කියපු රටවල් වලට ගැලපෙන්නෙ නෑ. ආයෙත් ඉස්ලාමය පැත්තට හැරුනොත් ඔවුන් ඔය අඳින සාම්ප්‍රදායික ඇඳුම් නිර්මාණය වෙලා තියෙන්නෙත් දූවිලි පිරුණු කාන්තාර තත්ව⁣වලට, දූවිල්ලෙන් බේරගන්න. ගැහැනුන්ට කාන්තාරෙ දූවිල්ලෙන් බේරෙන්න තියෙන හොඳ විදියක් කොණ්ඩය වැහෙන්න රෙදි කඩක් දාගන්න එක. හැබැයි ඒක කාන්තාරෙට match වුනාට අනෙක් තැන් වලට ගැලපෙන්නේ නෑ.
  ආයෙත් ආහාර පැත්තට  ආවොත් අපට හොඳට පේන කාරණයක් තමයි ඉන්දියාව මූලික කරගෙන බිහිවුණු හැම ආගමකම වගේ vegetarian ල පැත්තට බරයි. අදටත් ඉන්දියාවෙ බහුතරයක් vegetarians ලා. ඉන්දියාවේ බිස්නස් කරන mcdonald කාරයට වුනත් මේ තත්වෙට අනුගත වෙන්ඩ වෙනවා. කො⁣හෙම වුනත් ඉන්දියන් කාරයන්ට උන්ගෙ තියෙන ආහාර රටාව එක්ක pure vegetarian වෙලා අවුලක් නැතිව ඉන්ඩ පුලුවන්. හැබැයි මෙහෙ ඉන්න උන්දැලත් පරිප්පුයි සම්බෝලයි කන ගමන් vegetarian  වෙන්ඩ ගියාම නතර වෙන්නෙ අන්තිමට ලෙඩ්ඩු ටිකක් වෙලා.

   බුද්ධාගම පැත්තට බැලුවොත් මාංශ අනුභවය එපා කියල නෑ. ප්‍රාණගාතය එපා කියනවා.ප්‍රාණගාතය එපා කියන ගමන් තමන් වෙනුවෙන් නොමරපු එකෙක් කෑවට කමක් නෑ කිව්වම එතන තියෙන්නෙ පරස්පරයක්.මරන් නැතිව කන්නත් බෑ. කන්නැත්නම් මරන්නනෙත් නෑ නේ. ඉතින් මේ අර්බුදය වහගන්ඩ බෞද්ධ ඈයෝ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරත් ඇත්ත කතාව එතන තියෙන්නෙ පරස්පරයක්.
  කෑම බීම එක්ක හරිම නිදහස් ආගමක් තමයි ක්‍රිස්තියානිය. එයාලට ඒ හැටි අවුලක් නෑ. මේ මාතෘකාව වුනත් කතෝලිකයකුට ක්‍රිස්තියානි කෙනෙක්ට බෝරිං ඇති.
  දැන් ආයෙත් ඉස්ලාමයට. ආහාර එක්ක පට්ට ඇරියස් එකක් තියෙන ආගමක්. ඔවුන් ආහාර එක්ක තියෙන්නෙ නබිතුමා හිටපු කාලේ තියෙන සම්බන්ධයම තමයි. Halal ක්‍රමයට සත්තු මරන් කන එක ඇත්තටම ඒ කාලේ තිබුණ ප්‍රශ්නවලට උත්තර  දීමක්. දැන් ඒ ප්‍රශ්න පත්තරේ වෙනස්. හැබැයි තාමත් දෙන්නෙ පරන උත්තරමයි. හලාල් ක්‍රමයට සත්තු මරන්නෙ සෙමෙන් සෙමෙන් ලේ ගලා යන්න සලසලා. මේකට හේතුවක් තිබුණා, ඒ කාලේ ශීතකරණ නෑනේ. අරාබියේ මිනිස්සු අත්දැකීමෙන් දැන ගත්තා එහෙම ලේ ඉවත් වුන මස් වැඩි කාලයක් තියාගන්න පුලුවන් බව සාමාන්‍ය මැරිල්ලට වඩා. ඉතින් අද කාලයට මේක ගැලපෙන් නෑ. මැරුන සත්තු කන්නෙත් නෑ. ඒකටත් හේතුව කාන්තාර වල ඉන්න විෂ සහිත ශාක කෑමෙන්, විෂ සත්ව ප්‍රහාර නිසාත් සත්තු මැරෙන නිසා. හලාල් ක්‍රමය දිහා බැලුවම තියෙන්නෙ ඒ කාලේ තිබුණ ප්‍රශ්න වලට උත්තර දීමක් මිස අද කාලෙට ඔබින දෙයක් නෙවෙයි.
    ආගම් අදහන අය හිතනවනේ තමන්ගෙ ආගම තමයි හොඳම සහ සත්‍යය කියලා. මෙහෙම ඈයෝ තමය් තමන්ගෙ කෑමට බීමට සීමාවන් දා ගන්නෙ. හින්දු අයට හරක් මස්, මුස්ලිම් අයට උෟරු මස්, ලංකාවෙ බෞද්ධයන්ටත් කුකුලෝ ,මාළු, හාල්මැස්සන් කෑවට හරක එක්ක මොකක්දෝ අනියම් සම්බන්ධයක් තියෙනවා. සමහර විට ඒ ගෞතම බුදුන්ට වැඩිය ධර්මපාල සමීප නිසාද දන්නෑ. සෞඛ්‍යමය කාරණා හැරෙන්නට කෑම බීම වලට ආගම්නිසා සීමා දා ගන්න එක මට අනුව නම් පට්ට මෝඩ කමක්. එහෙම දා ගන්න හදන ආගම් ගැනත් කවර කතාද. කාන්තාරේ ජීවත් වෙන උන්ට හරි ශීත දේශගුණික පැතිවල ඉන්න එස්කිමෝවරුන්ට vegetatian වෙන්න බෑ කියන එක අපි දැනගෙන කිරිබතේ වගේම වටලප්පමෙත් කුකුල් මසේ වගේම හරක් මසේත් රස විඳින්න පුලුවන් නම් එතනයි ලස්සන.

4 comments:

  1. වස් වැසීමට හේතු උනේ එවකට තිබුණු පරිසර තත්වයක්. නමුත් එය දිගටම සිදුකරන්න බුදුන් වහන්සේ අනුදැන වදාළේ හේතු කිහිපයක් නිසා.
    1. එම කාලය ඇතුලත භික්ෂුන්ගේ භාවනාව සහ ප්‍රතිපත්ති පුජාවන්ට තැනක් ලැබෙන නිසා
    2. එම වස්සාන කාලයේදී සංචාරය කරනකොට ඇත්තටම ඇතිවන ප්‍රයෝගික ගැටළු නිසා.

    ඔව්... මේවා රටක් අනුව ගත්තහම වෙනස් වෙනවා. හිම මිදෙන රටවල්වල ඒවායේ වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් මුලික අරමුණු වෙනස් කරන්න නරකයි. මොකද ඒකෙ හරයක් තියෙන නිසා.

    කෑම ගැනනම් - ඇත්තටම බුද්ධ ධර්මය කියන්නේ මිනිස්සු කනබොන හැටි, අඳින පළඳින හැටි, ඇවිදින හැටි වගේ සරල කාරනා වලට තියෙන ධර්මයක් නෙවෙයි. එයට ඕනෑම 'හොඳ පුරුදු' ටිකක් හොඳටම ප්‍රමාණවත්. නමුත් ඒ කාලෙත් මේ වගේම පිස්සෝ හිටපු නිසා බුදුහාමුදුරුවන්ටත් ඒවාට උත්තද දෙන්න උනා. එතැනදී 'යහපත්' යයි කළා මිසක් 'බෞද්ධ නම් මෙසේ විය යුතුයි' කියා ගිහියන්ට නීති පනවලා නැහැ. පැවිද්දන්ට ඒ සඳහා නීති පැනෙව්වේ නිකන් ලැබෙන දානමය වස්තු ගැන කෑදර නොවෙන්නයි. ඊට අමතරව ඒ කාලේ සමාජයේ තිබුණු පොදු අදහස් වලට ගරුකිරීමක් විදියට එපා කියපු කෑමත් තිබුන. ඒ වගේ එකක් තමයි ගවමස් කියන්නේ. ඊට අමතරව මස් ජාති කිහිපයක්ම 'එපා' කියා අවවාද කරලා තියෙන්නේ විවිද හේතු නිසා. ඒවා කෑවා කියලා බෞද්ධකම අහෝසිවෙනවා කියලා ගිහියන්ට කියලා නැහැ.

    දැන් තියෙන්නේ මිනිස්සු විසින් හදාගත්ත තලේබාන් බුද්ධාගමක්. බුද්ධ ධර්මයේ තරම් නිදහසක් වෙන කිසි ආගමක නැහැ. එය තේරෙන්නේ ධර්මය හොඳින් හදාරනකොට පමණයි. මතුපිටින් බලනකොට දේවල් විකෘති වගේ.

    ReplyDelete
    Replies
    1. මතක තබාගත යුතු තව දෙයක්.
      ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආකල්ප තිබුනේ, වැඩියෙන් පින් ලැබෙන්නේ දානය ලබන්නා වැඩියෙන් (රාමතෙල් හරිමින්, ඇඟිල්ල උගුරට දමා කාපු කොටස වමනය කර ; තව කමින්) බුදිනවා නම් කියයි. එවන් පසුබිමක බුදුන් වහන්සේ කෑම අඩුවෙන් කන්න කිව්වේ. ඒවා ඒ කාලෙයේ සමාජ පෙරලි වගේ දේවල්.

      Delete
  2. https://en.wikipedia.org/wiki/Kashrut

    ReplyDelete